Kala Wewa

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඛණ්ඩාංක: 8°01′N 80°31′E / 8.017°N 80.517°E / 8.017; 80.517

කලා වැවේ සාමාන්‍ය පෙනුම

කලා වැව ( English:Kala Wewa ) යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත අනුරාධපුර දිස්ත්‍රීකයේ පිහිටා තිබෙණ පුරාණ ජලාශයක්.

යටගියව[සංස්කරණය]

මෙම ජලාශය ඉදිකරනු ලැබුවෙ පස්වන ශතවර්ශයේ ක්‍රි:ව 455- ක්‍රි:ව 473 රට පාලනය කරනු ලැබූ ධාතුසේන රජතුමා විසිනි.[1]

දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ආක්රිමණිකයන් විසින් ක්රි:ව 429 - ක්රි:ව 455 දක්වා රට පාලනය කරනු ලැබීය. ධාතුසේන රජතුමා විසින් ඔවුන් රාජ්යෙන් පහ කර රට එක්සේසත් කරනු ලබූ අතර අනුරාධපුර රාජධානිය වටා වාරිමාර්ග පද්ධතියක් ඇති කිරිමට ඔහුට අවශ්යක විය.මේ සදහා ඔහු විසින් වැව්, ඇල මාර්ග කිහිපයක්ම සාදනු ලැබීය.

කලා වැවේ ඉදිකිරීමේ කටයුතු අවසන් උ පසු රජතුමා විසින් ඊට ආසන්නම්ව බලලු වැව නමින් තවත් වැවක් ඉදිකරනු ලබීය.ඉන්පසු එම වැව් දෙක එක්කර ශ්‍රී ලංකාවේ විශාලතම වැව නිර්මාණය කරනු ලබීය.ඔහුගෙ පුත් වන 2 වන මහින්ද රජු ක්‍රි:ව 777 - ක්‍රි:ව 797 දක්වා රට පාලනය කරනු ලබූ අතර ඔහු විසින් තවදුරටත් වැව පුථල් කරනු ලැබීය. මෙම වැවේ වතුර අනුරාධපුර යේම පිහිටි තිසා වැවට මාරු කරනු ලබන්නේ සැතපුම් 54 (86.9 කි.මි) පමන දිග පුරාණ ඇලමර්ගයක් වන "ජය ගග" (English: Jaya Ganga) නොහොත් "යෝද ඇල" මගිනි. එයට සැතපුමට අඩියක් පමණ ඉතා සියුම් බැස්මක් පවතී.නමුත් සමහර ඉතිහාසඥයන් ට අනුව එය සැතපුමට අගලක් පමන වෙනවා.[2]

ජනප්‍රවාදය[සංස්කරණය]

ධාතුසේන රජතුමා ඉතා උනන්දු වුණා ලංකාවේ විශාලතම වැව සැදීමට වඩාත් සුදුසු බිම පිළිබද තොරතුරු සොයා ගැනීමට.රජු තමන්ට අවශ්යා වු වැව ඉදිකිරීමට සුදුසු බිමක් සෙවු ආකාරය පිළිබද විවිද ජනප්‍රවාද පවතී.බිරිදගෙන් නැවත නැවත සිදුවන දරාගත නොහකි නිග්‍රහ කිරීම් සහ ඔහුට ගරු නොකිරීම යන හේතු මත නිවසෙන් ඉවත්ව කැලයේ ජීවත් වු කඩවර නම් පුද්ගලයෙක් සිටියා. අවුරුදු කීපයක් කැලයේ වාසය කල පසු ඔහු කැලෑ සතුන්ට හොදින් හුරුවී සිටි අතර මුව රැලක් සමග ජීවත් වුණා.ඒත් දිනක් දඩයක්කරුවෙක් දුටුවා නාදුනන මිනිසෙක් කැලයේ සතුන් සමග ජීවත් වෙමින් සිටින බව. ඔහු රජමාලිගයට ගොස් රජුට සිටියා නාදුනන මිනිසෙක් නිධානයක් රැකවල්ලා කැලයේ ජීවත් වන බව,ඉන් පසු රජු ඔහුගේ හමුදාව පිටත් කරා ඔහු අල්ලා ගෙන ඒමට.ඔවුන් විසින් කඩවර අල්ලාගනු ලැබූ අතර ඔහු රජමලිගයට රැගෙන ආවා.රජු ඔහුගෙන් නිධානය සම්බන්දව ප්‍රශ්න කරන විට කඩවර ඔහුගේ සත්‍ය කථාව හෙලිකරමින් කියා සිටියා ඔහු නගරයෙන් බැහරව කැලයේ ජීවත් වීමට හේතුව. ඉන්පසු රජු කියා සිටියා කැලයේ ජීවත් වන විට ඔහු දුටු කුමක් හෝ සිත්ගන්නා සුළු සිද්ධියක් පවසන ලෙස.කඩවර පවසුවා,"නැත ස්වාමීනී, මම කිසිදු සිත්ගන්නා සුළු දෙයක් දුටුවේ නැත නමුත් කලයේ තිබෙන දියපාරක ජලය ආවෘත කරල තිබෙනවා කැලයේ තිබෙන කාලා නම් වෘක්ෂලතා වලින්.ඒවා දියපාර හරහා වැඩෙනවා".මේ පුරවෘතයට අනුව එම ස්ථානයේ රජතුමා විසින් කලා වැව ඉදිකරනු ලැබුවේය.

පිළිසකර කිරීම[සංස්කරණය]

මෙම වැව පලමු පිළිසකර කිරීම 12 වන ශතවර්ෂයේ සිටි පරාක්රමබාහු රජු විසින් සිදු කරනු ලබ ඇත.[3]පුරාණයේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් වන සර් විලියම් හෙන්රි ගෙග්‍රරි (1872-1877)[1] සහ සර් අරතුර් හැමිල්ටන් - ගෝඩන් (1883-1890) [4]කාලයේ මෙම වැව කිහිපවරක්ම පිලිසකර කර ඇත.රට තුල බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව 1958 දී, වැව් බම්ම බලලු වැව හා සම්බන්ද කර නැවත ගොඩනගා තිබේ.[5]

ප්‍රමාණය[සංස්කරණය]

එහි වට ප්‍රමාණය සැතපුම් 40ක් (64.4 කි .මි.) පමණ වන අතර මුළු වර්ගඵලය වර්ග සැතපුම් 7 ක් (18.1 කි.මි.2) පමණ සම්පූර්ණ ධාරිතාවක් පවතී.[1]අමුණේ දිග අඩි 22,572 ක් (6,879.9 මි) පමණ වන අතර, උස අඩි 48 ක් (14.6 මී) පමණ වේ.[6]

කලා වැවේ ආකර්ශණීය බව

ආකර්ශණීය බව[සංස්කරණය]

එම පාලකයා විසින්ම ඉදිකල ගෞතම බුදුරජාණන් වහන්සේගේ මීටර 12 ක් පමණ උස හිටි පිළිමයක් තිබේ මෙම පිළිමය අවුකන බුදු පිළිමය (සිංහල අව්කන බුදු පිලිමය) නම් වන අතර වැව ආසන්නයේ සිට බැලූ විට එය ඉහලින් දක්නට ලැබේ.[7]

අරමුණ[සංස්කරණය]

කලා වැවේ පිහිටීම

මෙම ජලාශය පුරාණයේ තිබූ විශාලම වැව ලෙස සලකණු ලබනවා.ඒ මාර්ගයේ පිහිටි පිටිසර පලාත්වල කුඩා වැව් සදහාද මෙමගින් ජලය සපයා තිබේ.අනුරාධපුර අගනගරයේ පිහිටි ජනතාවට ජලය සැපයීමට කලා වැව් සිට ජලය ජය ගග හරහා ජලය රැගෙන ගොස් ප්රේමාණවත් තරමට ජලය තිසා වැවට රැස් කර ඇත. මහවැලි ජලාප්‍රයවාහන යොජනා ක්‍රමයේ ප්‍රනධාන රැදවුම් ස්ථානයක් වන මෙම වැව 1976 සිට ශ්‍රී ලංකාවේ[5]උතුරු මැද පළාතේ ජනතාවට ජලය සපයා ඇත.මෙම වැව ප්‍රයෝජනයට ගනු ලබන්නේ මිරිදිය මාළු ඇල්ලීමට,වෘක්ෂලතා සදහා විශෙෂයෙන්ම මිටියාවත් පිහිටි තණකොළ සදහා ජලය සැපයීමට,ඉන් පසු ඒවා එම ප්‍රදේශයේ ගවපට්ටි සදහා බාවිතා කරයි.[1]

ගමන් මාර්ගය[සංස්කරණය]

දඹුල්ල හරහා අනුරාධපුර මාර්ගයේ කැකිරාව ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අයත් කැකිරාව නගරයේ සිට සැත්පුම් 6 ක් (9.7 කි.මි.) දුරින් මෙම වැව පිහිටා ඇත.[7]

නිර්දේශය (යොමුව)[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "Things To Do - Excursions: Kala Wewa". The Elephant Corridor. සම්ප්‍රවේශය 5 April 2012. 
  2. Senevirathna, Wasantha (4 Apr. 2012). "Kalawewa" (in Sinhala). Divaina. Upali Newspapers Limited (Colombo 13, Sri Lanka): p. 1. "..සැතපුමකට අගලක් වැනි බැස්මක් සහිත.." 
  3. "Kurunegala, Yapahuwa and Kalawewa". TourismSriLanka.org. සම්ප්‍රවේශය 2 April 2012. 
  4. "Ancient Sinhalese Irrigation". mysrilankaholidays.com. සම්ප්‍රවේශය 5 April 2012. 
  5. 5.0 5.1 "Kala Wewa". Mahaweli Authority of Sri Lanka. සම්ප්‍රවේශය 5 April 2012. 
  6. LankaLibrary Forum :: View topic - Kala Wewa (Reservoir) - 470 AD
  7. 7.0 7.1 "Kala Wewa". KirigalPoththa. සම්ප්‍රවේශය 5 April 2012. 
"http://si.wikipedia.org/w/index.php?title=Kala_Wewa&oldid=291861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි