2018 ෆීෆා ලෝක කුසලාන තරගාවලියෙහි අවසන් තරගය

විකිපීඩියා වෙතින්
2018 ෆීෆා ලෝක කුසලාන අවසන් තරගය
මොස්කව් හී ලුෂ්නිකි ක්‍රීඩාංගණය විසින් සත්කාරකත්වය සපයන ලදි.
සිදුවීම2018 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය
දිනය15 ජූලි 2018 (2018-07-15)
ස්ථානයලුෂ්නිකි ක්‍රීඩාංගණය, මොස්කව්
තරගයේ වීරයාඅන්ට්වන් රියෙස්මාන් (ප්‍රංශය)[1]
තරග විනිසුරුනෙස්ටර් පිටන්යා (ආර්ජන්ටිනියාව)[2]
පැමිණි පිරිස78,011[3]
කාලගුණයපාර්ශවික ලෙසින් වළාකුලෙන් වැසී
27 °C (81 °F)
51% ආර්ද්‍රතාවය[4]
2014
2022

2018 ෆීෆා ලෝක කුසලාන තරගාවලියෙහි අවසන් තරගය යනු 2018 ෆීෆා ලෝක කුසලාන තරගාවලියෙහි අවසන් තරගය විය. ෆීෆා සාමාජික සම්මේලනයන්හී පිරිමි ජාතික කණ්ඩායම් විසින් තරග වදින වසර සතරකට වරක් පැවැත්වෙන සම්මේලන පාපන්දු තරගාවලියක් වන ෆීෆා ලෝක කුසලාන තරගාවලියෙහි, එය 21වන අවසන් තරගය විය. මෙම තරගය සඳහා ක්‍රීඩා කලේ ප්‍රංශය සහ ක්‍රොඒෂියාව වූ අතර එය රුසියාවෙහි, මොස්කව් හී, ලුෂ්නිකි ක්‍රීඩාංගණයෙහිදී පැවැත්වුනේ 2018 ජූලි 15 දිනදීය.

2018 වසරට පෙර, ප්‍රංශයෙහි එකම ලෝක කුසලාන ජයග්‍රහණය වූයේ 1998 වසරෙහිදී වන අතර– 2006 වසරෙහිදී ඔවුන් අවසන් තරගයට එළඹියද– ක්‍රොඒෂියාව විසින් ඔවුන්ගේ පළමු ලෝක කුසලාන අවසන් තරගය මෙවර ක්‍රීඩා කරන ලදි. අවසන් තරගය කරා පැමිණි ගමනෙහිදී කණ්ඩායම් දෙකම විසින්ම පූර්ව ලෝක කුසලාන ශූරයන් පරාජය කෙරිණි: ප්‍රංශය විසින් 1930 සහ 1950 ජයග්‍රාහකයන්වූ උරුගුවේ කණ්ඩායමද, ක්‍රොඒෂියාව විසින් 1966 ජයග්‍රාහකයන්වූ එංගලන්ත කණ්ඩායමද සහ කණ්ඩායම් දෙකම විසින් 1978 සහ 1986 ජයග්‍රාහකයන්වූ ආර්ජන්ටිනියානු කණ්ඩායමද පරාජය කෙරිණි. ලෝක කුසලාන අවසන් තරගය දක්වා එළැඹි තුන්වන නැගෙනහිර යුරෝපියානු දේශය බවට ක්‍රොඒෂියාව පත්වූ අතර, 1962 වසරෙහිදී බ්‍රසීල කණ්ඩායම වෙතින් චෙකොස්ලොවේකියානු කණ්ඩායම අවසන් තරගය පරාජය වීමෙන් පසුව අවසන් තරගයට එළැඹි පළමුවන නැගෙනහිර යුරෝපියානු කණ්ඩායම විය.

තරගයෙහි පළමු භාගය තුලදී ඕන් ගෝලයක් තුලින් සහ ලෝක කුසලාන අවසන් තරගයකදී පළමු වරට භාවිතා කෙරුණු වීඩියෝ සහාය විනිසුරු වෙතින් ප්‍රදානය කෙරුණු දඩුවම් පහරක් වෙතින් 2–1 යනුවෙන් පෙරමුණ ගත් ප්‍රංශය, 4–2 ලෙසින් තරගය ජයග්‍රහණය කලහ. ලෝක කුසලාන අවසන් තරගයකදී ඕන් ගෝලයක් තුලින් ලකුණු ලබා ගත් පළමුවන අවස්ථාව මෙය විය. කණ්ඩායම්-32 ක් තරග වදින ලෝක කුසලාන තුලදී, බ්‍රසීලියානු කණ්ඩායම විසින් 2002 වසරෙහිදී එම දස්කම සිදුකිරීමෙන් අනතුරුව, අතිරේක කාලය වෙත යමින් හෝ දඩුවම් පහර එල්ල කිරීමෙන් හෝ තොරව ප්‍රතිමල්ලවයන් අබිබවීමෙහි සියළු තරග ජයග්‍රහණය කල දෙවන කණ්ඩායම බවට ප්‍රංශය පත් විය. ජයග්‍රාහකයින් ලෙසින්, 2021 ෆීෆා කොන්ෆෙඩරේෂන්ස් කුසලාන තුල තරග වැදීමට ප්‍රංශය සුදුසුකම් ලැබීය.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; MOTM නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; officials නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; match report නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. "ස්ටාට් ලිස්ට් – ෆයිනල් – ෆ්‍රාන්ස් වර්සස් ක්‍රොඒෂියා" (PDF). FIFA.com. ෆෙඩරෙෂියෝන ඇන්ටර්නැෂියනොල් ඩි ෆුට්බොල් ඇෂොසියැෂොන්. 15 ජූලි 2018. සම්ප්‍රවේශය 15 ජූලි 2018.