ෆේස්බුක්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ෆේස්බුක්, සංස්ථාපිත.
Type පෞද්ගලික
Founded කේම්බි‍්‍රජ්, මැසාචුටෙස් (2004 (2004))
Founder
Headquarters පාලෝ ඇල්ටෝ, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. will be moved to මෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. . in June 2011
Area served ලෝකව්‍යාප්ත
Key people
Revenue ඇ.ඩො. බිලියන 3.71 (2011)
Net income N/A
Employees 3000+(2011)
Website facebook.com
IPv6 support www.v6.facebook.com
Alexa rank Steady 2 (2012 අප්‍රේල්)
Type of site සමාජ ජාල සේවා
Advertising Banner ads, referral marketing, casual games
Registration ඇවැසි
Users මිලියන 845 (ක්‍රියාකාරි, 2011 දෙසැම්බර් 31)
Available in බහු භාෂා
Launched 2004 පෙබරවාරි 4
Current status ක්‍රියාකාරි

ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි මාසයේදී අරඹනු ලැබූ අතර 2012 පෙබරවාරි මාසය වන විට මිලියන 845 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. මෙහි ලියා පදිංචි විය හැක්කේ අඩුම වශයෙන් අවුරුදු 13ක් වයසැති පරිශිලකයන්ට පමණ.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.

ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.

2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ද ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය.2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවියයි.

"http://si.wikipedia.org/w/index.php?title=ෆේස්බුක්&oldid=265974" වෙතින් නැවත ලබාගන්නා ලදි