ෆෙලිස් බීටෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ෆෙලිස් බීටෝ
A head-and-shoulders photograph of Felice Beato in profile. He is facing towards the left of the frame and has a full beard.
ෆෙලිස් බීටෝ, නාඳුනන ඡායාරූප ශිල්පියෙක් මගින් (තමා විසින්ම ගන්න ලද ඡායාරූපයක් වියහෙකි වේ.), c. 1866
උපත 1832
වැනීසිය
මරණය 29 ජනවාරි 1909
ෆ්ලොරන්ස්
ජාතිකත්වය බ්‍රිතාන්‍ය
අනෙකුත් නම් ෆෙලික්ස් බීටෝ
වෘත්තිය ඡායාරූප ශිල්පී.
ප්‍රසිද්ධ වන්නේ පෙරදිග ආසියාව ප්‍රථමයෙන් ඡායාරූප ගතකල පිරිස අතරින් කෙනෙක්ද වන අතර ප්‍රථම යුධ ඡායාරූප ශිල්පීන් අතුරින් කෙනෙක්ද වනවා.
නෑයන් ඇන්ටෝනියෝ බීටෝ(සොහොයුරා)

ෆෙලිස් බීටෝ (1832-29 ජනවාරි 1909),ෆෙලික්ස් බීටෝ,[සටහන 1]ලෙසින්ද හඳුන්වන මොහු ඉතාලි-බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියෙක් වුවේය.ඔහු පෙරදිග ආසියාව ඡායාරූපකරණය සහ යුධ ඡායාරූපකරණය කරන ලද ප්‍රථම පුද්ගල පිරස අතුරින් කෙනෙක්ද වේ. ඔහු ඔහුගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු සඳහා ආසියාවේ සහ මද්‍යධරණී ප්‍රදේශවල භූ දර්ශණ සහ පුද්ගලයෙකුගේ දේහ ලක්ෂණ(චිත්‍රය),දර්ශණ සහ සර්ව දිශා දර්ශණ ඡායාරූපකරණය මූලික කරගන්නා ලදී. බීටෝගේ චාරිකාවන් යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ බහුතරයක් පුදගලියින්ට නුහුරු සහ සමීප නොවෙන රටවල්,ඒවායේ පුද්ගලයන් සහ ඒවායේ වැදගත් සිදුවීම් පිළිබඳව ප්‍රතිරූපයක් ගොඩනගා දීමට අවස්ථාවක් ලබාදෙන ලදී. ඡායාරූපපත්‍ර කලාවේ ප්‍රථම හරවත් කෘතිපෙළ අතර මොහු විසින් ඡායාරූපගත කරණ ලද ක්‍රි.ව.1857 1857 ඉන්දියානු විප්ලවයේ සහ දෙවන ලෝක යුද්ධ අවස්ථාවන්හි ඡායාරූප නිරූපණය කරයි. ප්‍රධාන වශයෙන්ම ඔහු ජපානයේ ඉගැන්වීමෙන්ද ඡායාරූප ශිල්පීන් සහ කළා ශිල්පීන් විශාල ප්‍රමාණයක් සමග වැඩ කිරීම මගින්ද ලබගත්තාවූ ආභාෂය අනෙකුත් ඡායාරූප ශිල්පීන් මත බලපෑමක් එල්ල කිරීමට සමත් වන ලදී.

උත්පත්තිය සහ අනන්‍යතාවය[සංස්කරණය]

වර්ෂ 2009 දී සොයාගත් මරණ සහතිකයෙන් කියවෙන්නේ ෆෙලිස් බීටෝ 1832 වැනීසියේ උපත ලබා 1909 ජනවාරි මස 29 වන දින ෆ්ලොරන්ස්හි මියගිය බවයි. තවද මරණ සහතිකයෙන් ඔහු බ්‍රිතාන්‍ය යටත් වැසියෙකු බවත් (1949 ට පෙර බ්‍රිතාන්‍යයේ උපත ලද පුද්ගලයින් 1981 බ්‍රිතාන්‍ය පුරවැසි පනත යටතේ මෙසේ අර්ථ දක්වයි.) අවිවහකයෙකු බවත් අනාවරණය විය.[2][සටහන 2]මන්දයත් බීටෝගේ ජීවිතයේ ප්‍රථම අවදියේ බීටෝ ඇතුළු ඔහුගේ පවුල බ්‍රිතාන්‍යයේ ආරක්‍ෂිත රාජ්‍යක් වූ ග්‍රීසියේ ලෝනියන් දුපත් වලට සංක්‍රමණය වීම හේතුවෙන් ඔහු බ්‍රිතාන්‍යයේ යටත් වැසියෙකු ලෙස හඳුන්වා දී ඇත.[2]

එය කෙසේ වෙතත් මෙම කල වකවානුවේදී ෆෙලිස් ඇන්ටෝනියෝ බීටෝ ලෙස අත්සන් තබන ලද ඡායාරූප ගණනාවක් ඊජිප්තුවෙන් සහ ජපානයෙන් සොයාගන්නා ලදී.[3] 1983 චාන්ටල් ඉඩ්ල් විසින් ෆෙලිස් ඇන්ටෝනියෝ බීටෝනමින් ෆෙලිස් බීටෝ සහ ඇන්ටෝනියෝ බීටෝ නම් සහෝදරයින් දෙදෙනාම පෙනීසිටින බවත් මොවුන් දෙදෙනා ඇතැම් අවස්ථාවන්හි එකට වැඩ කරන බවත් සහ ඔවුන්ගේ අත්සන හුවමාරු කරගන්නා බවත් පෙන්වාදෙන ලදී. මෙසේ එකම අත්සනින් සහෝදරයින් දෙදෙනාම පෙනී සිටීම හේතුවෙන් මොවුන්ගේ ඡායාරූපයන්හි සත්‍ය හිමිකරු නිරාවරණය කරගැනීමට විශාල ගැටළුවක් බවට පත්වී ඇත.

මධ්‍යධරණිය, ක්‍රයිමියාව සහ ඉන්දියාව[සංස්කරණය]

ෆෙලිස් බීටෝ ගේ දියුණුවේ ගමන් මග පිළිබඳව නිශ්චිත කරුණක් නම් ඔහුගේ ප්‍රථම සහ එකම කාචය 1850 පැරීසියෙන් මිලදී ගත්තක් බවයි. වර්ෂ 1850දී බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියෙකු වූ ජේම්ස් රොබර්ට්ස්න් මොල්ටාවේදී මුණ ගෙසුනු අතර වර්ෂ 1851 කොන්ස්ටැන්ටිනෝපෝල්හි බීටෝ ඔහුට අනුබද්ධ වී වැඩ කරනු ලැබුවේය. වර්ෂ 1855 දී ජේම්ස් රොබර්ට්ස්න් (1813–88) ඔහුගේ මස්සිනා බවට පත් විය. වර්ෂ 1854-1856 කාලය තුලදී රොබර්ට්ස්න් ප්‍රධාන නගර මධ්‍යයේ ඡායාරූපාගාරයක් ආරම්භ කරන ලදී. මෙය ප්‍රථම වාණිජ්‍ය ඡායාරූපාගාර අතුරින් එකක් ලෙසද පිළිගැනේ.

A photograph of the ruins of a palace with human skeletal remains in the foreground
කැරලි කරුවන් විසින් අවශේෂ කරන ලද සිකන්ධර් මාලිගාවේ ඇටසැකිල්ලක් බඳු වූ ඉදිරිපස කොටසෙහි නටබුන්.(වර්ෂ 1858 ලක්නව්, ඉන්දියාව)

වර්ෂ 1854 හෝ වර්ෂ 1855 ට පෙර ජේම්ස් රොබර්ට්ස්න් විසින් ෆෙලිස් බීටෝගේ සහෝදරිය වන ලියෝනිල්ඩා මරියා මැටිල්ඩා බීටෝ විවාහ කරගන්නා ලදී. ඔවුන්ට කැතරින් ග්‍රේස් (උපත 1856), එඩිත් මාර්කොන් ව්ර්ජෙන්ස් (උපත 1859) සහ හෙලන් බීට්රුක් (උපත 1861) යන නම් වලින් දියණියන් තිදෙනෙක් විය.[3]

වර්ෂ 1855දී ක්‍රයිමියානු යුද්ධය සම්බන්දයෙන් පුවත් වාර්තාවක් සඳහා රොජර් ෆෙන්ටන් ගේ අනුගාමිකයන් ලෙස ෆෙලිස් බීටෝ සහ රොබර්ට්ස්න් පිටව යන ලදී. ෆෙන්ටන්ගේ යුද්ධය පිළිබඳව දර්ශණය මනාව පැහැදිලි කිරීමට බීටෝ සහ රොබර්ට්ස්න් ගේ යුධ විනාශයන් පිළිබඳ ඡායාරූප ඉතා විශාල රුකුලක් විය.[4] ඔවුන් ඡායාරූප 60ක් පමණ ඡායාරූපගත කිරීමෙන් වර්ෂ 1855 සැප්තැම්බර් මාසයෙහි සෙවැස්ටපෝල් හි සිදුවූ පරිහාණිය පෙන්නුම් කරන ලදී.[5]

වර්ෂ 1858දි ෆෙලිස් බීටෝ කල්කටාවට පැමිණ දකුණු ඉන්දියාවේ සිට සංචාරය ආරම්භ කරමින් 1857 කැරැල්ලෙන් පසු ඉන්දියාව පිළිබඳව ලිපියක් සකස් කිරීමට කටයුතු ආරම්භ කරන ලදී.[6][සටහන 3] මෙම කල වකවානුවේදී කවන්දය පෙන්නුම් කරණ ලොව ප්‍රථම ඡායාරූපය ඡායාරූප ගත කිරීමට මොහුට හැකි විය.[8] ඒ අතරතුර ඔහු විසින් ඡායාරූප ගත කරණ ලද ලක්නව් හි පිහිටි සිකන්ධර් මාලිගාවේ ඇටසැකිල්ලක් බඳු වූ නටබුන් ඔහුගේ ඡායාරූප කලාවේ විශ්මය ජනක බව වැඩිකොට දැක්වීමට සමත් විය.[9]ඔහු ඉන්දියාවේ දිල්ලි, කව්න්පුර්, මීර්ට්, බරණැසය, අම්රිට්සර්, අග්‍රා, ශිම්ලාසහ ලාහෝර් යන නගරද සංචාරය කරන ලදී. බීටෝගේ සෞඛ්‍ය තත්වයේ ඇතිවූ දුර්වලතාවයක් හේතුවෙන් වර්ෂ 1859 දෙසැම්බර් මස ඔහුගේ සහෝදරයා හට මෙම සංචාරය අවසන් කිරීමට ඉන්දියාවට ආරාධනා කර බීටෝ ඉන්දියාවෙන් පිටමන් වූ අතර බීටෝගේ සොහොයුරා වන ඇන්ටෝනියෝ මෙම සංචාරය 1860දි ඊජිප්තුවෙන් අවසන් කරන ලදී. මෙම සංචාරයේ ප්‍රථිපලයක් ලෙස වර්ෂ 1862 ඊජිප්තුවේ තේබ්ස් නගරයේ ඡයරූපගාරයක් ආරම්භ කරන ලදී.

චීනය[සංස්කරණය]

වර්ෂ 1860 දී ෆෙලිස් බීටෝ ඔහුගේ සොහොයුරා වන ඇන්ටෝනියෝ සමඟ සහ රොබර්ට්ස්න් සමඟ පවත්වාගෙන යන ලද හවුල් ව්‍යාපාරය නවතා දමන ලදී. එනමුත් රොබර්ට්ස්න් වර්ෂ 1867 වනතුරුම ඔවුන් භාවිතා කරන ලද පොදු නාමය භාවිතා කරන ලදී.

බීටෝ හොංග් කොංග් හි වාසය කරන සමයෙහි ඉලස්ට්‍රේටඩ් ලන්ඩන් නිවුස් පුවත්පතේ වාර්තාකරුවෙකු වන චාර්ල්ස් ව'ග්මන් මුණ ගැසීමට අවස්ථාවක් එළැඹිණි. ඉන් පසු මෙම දෙපලම ඇන්ග්ලෝ විසින් සංචාරය සඳහා ටැලියන් බොක්ක, බීටන්ග්,ටකු බලකොටුවට, පෙහියෝ මෝය කටට සහ සබර්බන් ගිම්හාන මාළිගයට රැගෙන යන ලදී. පසු කාලීනව මෙම චාරිකාවේදී බීටෝ විසින් ඡායාරූපගත කරන ලද ඡායාරූප සන්නිදර්ෂිත එංගලන්ත පුවත් පතේ පළවිණි.[සටහන 4]

ටකු බලකොටුව[සංස්කරණය]

The interior of an earthen and wooden fort with dead bodies scattered around it
වර්ෂ 1860 අගෝස්තු මස 21 වන දින ටකු බලකොටුව අත්පත් කරගත් වහාම එහි අභ්‍යන්තරයේ ගත් ඡායාරූපයක්

බීටෝගේ දෙවන ලෝක යුද්ධයේ ඡායාරූප ප්‍රථම සවිස්තරාත්මක යුද්ධ ව්‍යාපාර පිළිබඳ වූ ලිපිය බවට පත්වන්නේ එහි දින වකවානු සහිතව පිළිවෙලට ගන්න ලද ඉතාමත් සත්‍ය ඡායාරූප අඩංගු කර තිබීම නිසාවෙනි. ටකු බලකොටුව මනාව යුද්ධයේ පටු විෂය පථය විග්‍රහ කරනවා. බීටෝගේ ඡායාරූප පිළිවෙලින් බලකොටුවට ඇතුලත්වන අවස්ථාව, බෝම්බ හෙලු පිටත බිත්ති, ආරක්ෂාව සලසා තිබු ආකාර සහ අවසාන වශයෙන් බලකොටුව ඇතුලත වනසා ඇති ආකාරයද, චීන ජාතික මැරුණ සෙබලුන්ගේ මළකඳන් සහිත ඇතුලත ඡායාරූපද වේ.ඔහුගේ ඡායාරූප මෙහි සඳහන් පිළිවෙලට ඡායාරූප ගත කර නොමැත. මන්දයත් ප්‍රථමයෙන් සෙබලුන්ගේ මළකඳන් සහිත ඡායාරූපය තිබිය යුතු අතර ඉන්පසු සෙබලුන්ගේ මල කඳන් ඉවත් කිරීමෙන් පසුව කැමරාවට හසු කරගන්නා ලද ඡායාරූප විය යුතු වේ.

චීන ජනතාවගේ මරණ සහ ඒවා පිලිවෙලින් ඡායාරූප ලේඛන කලාව මගින් හෙළි කල ආකාරය මතවාදයන් ගොඩ නැගීමට හේතු විය. ගවේෂණයේ සාමාජිකයෙකු වූ දොස්තර ඩේවිඩ් එෆ්. රෙනියි යුද්ධ ව්‍යාපාරය පිළිබඳව ඔහු විසින් රචිත කෘතියෙහි මෙසේ සටහන් කර ඇත. ”මම බලකොටුවේ බටහිර පෙදෙසෙහි බලකොටු ප්‍රාකාරය මත ඇවිදමින් සිටියා. මෘත දේහ බලකොටුවෙහි වයඹ දෙසට වන්නට එක උද එක උද වැටී තිබුණු අතර තුවක්කු සෑම තැනකම විසිරී තිබිණි. බීටෝ මෙහි වටිනාකම සහ අලංකාර බව අදුනාගෙන අ සිඇල්ල ඡායාරූප ගත කරගන්න තුරු ඉතාමත් නොඉවසිල්ලෙන් එතන සිටියා."

ගිම්හාන මාළිගය[සංස්කරණය]

A four-storey palace with oriental architecture
ගිම්හාන මාළිගයෙහි ගෙවියන් වෙනුවෙන් නිමවූ සඳලු තලය විනාශ වීමට පෙර දිස්වූ අයුරු

බීටෝ විසින් ගන්නා ලද ඡායාරූප අතර ගිම්හාන මාළිගය, පෞද්ගලික දේපළ සහ මාලිගා,පන්සල්,විශාල කෘතීම වැව් සහ උද්‍යාන වනවා.මේ අතර තිබු ඇතැම් ඡායාරූප වර්ෂ 1860 ඔක්තෝම්බර් 6ත් 8ත් අතර කාලය තුල ගන්න ලද ඒවා විනි. ඒවාහි ඒවාටම සුවිශේෂී ලක්ෂණ දැක ගත හැකිය ඒ මන්දයත් ඔක්තෝම්බර් 6 වන දිනෙන් පසු රුසියානු හමුදා කණ්ඩායම් විසින් මේවා මංකොල්ල කෑම් වලට ලක් වූ නිසාවෙනි.බ්‍රිතාන්‍යයේ ප්‍රථම හමුදංශය මඟින් ලෝර්ඩ් එල්ගින්ගේ විධානයට යටත්ව ඔක්තෝම්බර් මස 18 සහ 19 දිනයන්හිදී එකට එක කර පලි ගැනීමක් වශයෙන් මෙහි ගොඩනැගිලි වලට බෝම්බ හෙලන ලදී. මෙහිදී එක්සත් රාජ්‍යතාන්ත්‍රවාදී පක්ෂයේ 20 දෙනෙකු පමණ වැඩ හිංසා පමුණුවා මරණයට පත්කොට ඇත. එබැවින් බීටෝ විසින් මෙම විනාශයන්ට පෙර ගන්නා ලද ඡායාරූපයන්හි විශාල ඉතිහාස මෙම සංස්කෘතික වටිනාකමක් ඇත.

බීටෝ වසින් චීනයේදී ගන්න ලද අවසන් ඡායාරූප පෙළ අතර ලෝර්ඩ් එල්ගින් ගේත්, පීකිං භාෂාවෙන් ලියවුණු පීකිං සම්මුතියත්,සයින් ෆෙන්ග් අධිරාජ්‍යයා වෙනුවට අත්සන් තබන කුන්ග් කුමරුගේ ඡායාරූපද තිබේ.

වර්ෂ 1861 ඔක්තෝම්බර් මස බීටෝ ආපසු එංගලන්තය බල පැමිණි අතර එම ශීත ඍතුවේදී ඔහු විසින් ඡායාරූපයට නගන ලද ඉන්දියාවේ සහ චීනයේ දර්ශණ 400ක් පමණ එංගලන්තයේ වාණිජ්‍යය ඡායාරූප ශිල්පියෙකු වූ හෙන්රි හෙරින්ග් හට විකුණන ලදී.

ජපානය[සංස්කරණය]

බෝෂින් යුධ සමයෙහි(වර්ෂ 1868-1869) සට්සුමා කුලයෙහි සමුරායි වරුන්

වර්ෂ 1863දී බීටෝ ඉන්දියාවේ බොම්බේ සිට ආපසු හොංග් කොංග් බලා යන ගමනේදී මුණ ගැසුණු චාර්ල්ස් වර්ග්මන් සමඟ ජපානයේ යොකහාමා නගරයට පැමිණියේය. මොවුන් දෙදෙනාගේ හවුල බීටෝ සහ වර්ග්මන් කලාකරුවෝ සහ ඡායාරූප කරුවෝ ලෙස වර්ෂ 1864–1867 යන කාලය අතරතුරදී මොවුන් දෙදෙනා විසින් නම් කරණ ලදී. මොවුන් දෙදෙනා විසින් එසේ ආරම්භ කරන ලද ඡායරූපාගාරය ජපානයේ වැදගත් සහ ප්‍රථම වාණිජ්‍යය ඡායරූපාගාර අතුරින් එකක්ද වෙනවා. මෙහිදී වර්ග්මන්, බීටෝ විසින් ගන්න ලද ඡායාරූප සිතුවමට නැගූ අතර බීටෝ වර්ග්මන් ගේ සිතුවම් ඡායාරූපයට නගන ලදී. බීටෝගේ ජපන් ඡායාරූප අතර එක් එක් පුද්ගලයන්ගේ පිලිරුවන්,ජපානයේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු, භුදර්ෂණ, එක් එක් නගර ඈතට දිස්වෙන ආකාරය ඇතුලත් වන අතර ටොකයිඩෝ මාර්ගය දිගේ ගන්නා ලද විශාල ඡායාරූප පෙළක් ඇතුලත් කරමින් බීටෝ විසින් ග්‍රන්ථයක්ද එලි දක්වන ලදී. වර්තමානයේ එම ග්‍රන්ථය උකියෝ ඊ ගේ හිරෝශිගේ සහ හොකුසායි ලෙස නම් කර තිබේ. මෙම කල වකවානුවේදී ශොගුන්ගේට් රට තුලට විදේශිකයන් පැමිණීමසම්පූර්ණයෙන් තහනම්කරන ලද අතර රට තුල එම අවස්ථාව වන විටා ජීවත් වූ විදෙශිකයන්ටද එහි ජීවත් වීමට අපහසු වන තරම් තහංචි දමන ලදී. එසමයෙහි තානාපති වරුන් පත් කිරීම ඔවුනට බලය පැවරීම වැනි කටයුතු ශොගුන්ගේට් ගේ ස්ව කැමැත්ත සහ ඔහුට හිතවාදී බ්‍රිතාන්‍ය හමුදාවට අයත් පුද්ගලයන්ට ලබා දෙන ලදී.මේ හේතුවෙන් බීටෝ ඉතා සුළු වශයෙන් බටහිර මිනිසුන් ජීවත් වෙන දුෂ්කර ප්‍රදේශයකට සංක්‍රමණය කරන ලදී. එම ප්‍රදේශය සම්ප්‍රදායික වශයෙන් දරුණු ආවේගකාරී සුළු හෝ වරදකට බෙල්ල ශරීරයෙන් වෙන කිරීමට සමත් පුද්ගලයින් දැකගත හැක විය. ඔහුගේ ඡායාරූප විශිෂ්ට ගණයේ ඒවා වනුයේ ඒවායෙහි තිබෙන්නාවූ ගුණාත්මකභාවය පමණක් නිසාම නොව ඒවාහි තිබෙන්නාවූ දුර්ලභ බවයත් ඓතිහාසික වටිනාකමත් නිසාවෙනි.

බීටෝ ජපානයෙහි ඉන්නා අවදියෙහි ඉතා කාර්යක්‍ෂමව වැඩ කටයුතු කළේය. වර්ෂ 1865දි ඔහු නාගසාකි සහ ඒ අවට පරිසරය ඇසුරින් ගන්නා ලද ඡායාරූප විශාල ප්‍රමාණයක් විය. වර්ෂ 18666 සිට වර්ග්මන් විසින් සොයා ගන්න ලද සහ සංස්කරණය කරන ලද ජපාන පන්ච් නමැති විකට රූප චිත්‍රයට නැගීම සිදු කරන ලදී. වර්ෂ 1866 හි ඔක්තෝම්බර් මස යෝකහමා හි වැඩි ප්‍රදේශයට ගිනි තැබීම හේතුවෙන් බීටෝගේ ඡායරූපගරයත් දල සේයා පට සහ තවත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් විනාශයට පත් වුන ලදී. බීටෝ ජපානයෙහි පෞද්ගලික ඡායාරූප ඇතුලත් කර සකසන ලද ඇල්බමයන් අලෙවි කරන ප්‍රථම පුද්ගලයා බවට පත්වීමත් සමග ජපන් වැසියන්ගේ පූර්ණ වාණිජ්‍යය හැකියාවන් අදුන ගන්නා ලදී. වර්ෂ 1870 වන විටා මෙම වෙළදාම බීටෝගේ ජීවිතයේ ප්‍රධානතම අංගය බවට පත් විය. ඒවගේම පාරිභෝගිකයාට කල් තියාම තමන්ට අවශ්‍ය ඡායාරූප ඇනවුම් කිරීමට හැකියාව ලබා දුන් අතර ඇතැම් විටා බීටෝ තමන්ට සුදුසු යැයි හැඟෙන ඡායාරූපද දැක ගත හැකි වේ.

ඡායාරූප කලාවට ද්විත්ව සංකල්පය වන ඇඳුම් පැළඳුම් /ආචාර විධි හඳුන්වා දෙනු ලැබුවේ බීටෝ විසිනි.මෙය වර්තමානයේ මද්‍යධරණී කලාපයේ ඉතාමත් ප්‍රසිද්ධ සංකල්පයක් බවට පත්වී ඇත. වර්ෂ 1868දි බීටෝ ඡායාරූප වෙළුම් 2ක් සම්පාදනය කරන ලදී.ඉන් එක් වෙළුමක් වන “උරුම වර්ග”යන්නෙහි 100ක් පමණ වූ චිත්‍ර සහ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු යන තේමාව යටතේ වූ ඡායාරූපද, අනෙක් වෙළුම වූ”ජපානෙහි දර්ශණ” යන්නෙහි 98ක් පමණ වූ භුදර්ෂණ සහ නගර දර්ශණ ඇතුලත්විය.

බීටෝගේ ඡායාරූප අතරින් බහුතරයක් පාහේ අතින් වර්ණ ගන්වන ලද ඡායාරූප වේ. යුරෝපානු ඉතිහාසයේ ඉතා දක්ෂ ලෙස මෙම ශිල්පය යොදාගනු ලැබුවේ බීටෝය.

වර්ෂ 1869 දී වර්ග්මන් සමඟ තිබූ සම්බන්දය අවසන්වීමත් සමාගම බීටෝ ඡායාරූප ශිල්පියෙකු ලෙස සිදු කරන ලද සේවාව සහ කාර්යය අවසන් කර අනෙකුත් භයානක සහ අවධානම් කාර්යයන් සිදු කිරීමට පෙලබුණු අතර යොකහාමා හි පිහිටා බීටෝ විසින් පවත්වාගෙන යන ලද එච්. වොලට් නමැති සහයකයෙකු සහ ජපාන ජාතික ඡායාරූප ශිල්පීන් 4 දෙනකුගෙන් සමන්විත එෆ්.බීටෝ සහ සමාගම නැමති ඡායාරූපාගාරයෙහි පාලන කටයුතු එහි සේවය කරන පිරිසට පවරන ලදී.කුසකබේ කිම්බෙයි යනු පුද්ගලිකව කලා ශිල්පෙයෙකු බවට පත්වීමට පෙර බීටෝගේ කලාකටයුතු සඳහා බීටෝ යටතේ සහකරුවෙකු ලෙස සේවය කල කලාශිල්පියෙකි. බීටෝ යොමු වූ වෙනත් භයානක ව්‍යාපාර සියල්ල අසාර්ථක වීමත් සමඟ ඔහුගේ පුද්ගලික හැකියාව සහ ප්‍රසිද්ධ තාවය ඡායාරූප කලාවටම ඔබින්නක් බව ඔහුට ඒත්තු යන ලදී.

ෆෙලිස් බීටෝ සමඟ සයිගෝ සුගුමිචි(ඉදිරිපස පෙළ)සහ අනෙකුත් විදේශීය යහළුවන්.වර්ෂ 1882හිදි හියුගෙස් ක්‍රාෆ්ට් විසින් ගන්නා ලද ඡායාරූපයකි.

බීටෝ නැවතත් යුඑනමෝ හිකොමෝ සමඟ එක්ව ඡායාරූප කලාවෙහි නිරත වූ අතර රයිමන්ඩ් වොන් ස්ටිල්ෆ්රයිඩ් හට ඡායාරූප කලාව උගන්වන ලදී.

වර්ෂ 1871 හිදී බීටෝ නිල ඡායාරූපකරු ලෙස ඇමෙරිකානු නාවික ගවේෂක අද්මිරාල් රොජර්ස් සමඟ කොරියාවට පිටත්ව යන ලදී.වර්ෂ 1866දි කොරියාවේ ගන්ඝාව දුපත ආක්‍රමණය හඳුනානොගත් ප්‍රංශ ජාතිකයෙකු විසින් ඡායාරූප ගතකර ඇති නමුත් කොරියාවේ ඡායාරූප අතර හිමිකම ඔප්පු කල හැකි ඡායාරූප බීටෝගේ ඡායාරූප ලෙස පැහැදිලිව හැදින්විය හැකිය.

ජපානයේ බීටෝ වෙනත් ව්‍යාපාර ගණනාවක්ම සිදු කරන ලදී. ඔහුට එහි ඉඩම් සහ ඡායරූපාගාර කිහිපයක්ද , දේපළ උපදේශකවරයෙකු වශයෙන්ද,යොකහාමා හි තිබු ප්‍රධාන හෝටලයක මුල්‍යමය හිමිකමක්ද, කාන්තා අත්බෑග සහ බුම්තුරුණු ගෙන්වා බෙදාහරින්නෙක් ලෙසද කටයුතු කිරීම මුහු සිදු කල වෙනත් ව්‍යාපාර අතුරින් කිහිපයක් වේ. බීටෝ කිහිප වතාවක්ම පැමිනිලිකරුවෙකු ලෙසත් විත්තිකරුවෙකු ලෙසත් සාක්ෂි කරුවෙකු ලෙසත් උසාවි යන ලදී. වර්ෂ 1873 අගෝස්තු මස 6 වෙනි දින බීටෝ ජපානයේ ග්‍රීස තානාපති ලෙස පත් කරන ලදී.

වර්ෂ 1877හිදි බීටෝ තමන්ගේ ඡායාරූපගාරය මිලදීගත් පිරිස වන ජපාන ඡායාරූප සංගමයක් වූ ස්ටිල්ෆ්‍රයිඩ් සහ ඇන්ඩර්සන් සමාගමට ඔහුගේ ඡායාරූපකරණයට අවශ්‍ය බඩු බාහිර අදින් විශාල ප්‍රමාණයක් විකුණා දැමුවේය. මෙම සමාගම එම භාණ්ඩ තොගය 1885දි ඇඩොල්ෆෝ ෆර්සාරි හට විකුණන ලදී. ස්ටිල්ෆ්‍රයිඩ් සහ ඇන්ඩර්සන් සමාගමට බඩු තොගය විකුණා දැමීමෙන් පසු බීටෝගේ මුල්‍ය සමපේක්ෂක සහ වෙළඳ කටයුතු පිළිබඳව වැඩි අවදානයක් යොමු කලයුතු නිසාවෙන් තාවකාලිකව ඡායාරූපකරණයෙන් විශ්‍රාම ගත්තේය.වර්ෂ 1884 නොවැම්බර් මස 29 වන දින බීටෝ ජපානය අතහැර ගිය අතර ඊජිප්තුවට ගොඩ බසින ලදී. ජපානයේ පුවත් පත් වල මොහු ජපානය හැර යාමට හේතුව වශයෙන්, රිදී වෙළඳ පොලේදී ඔහුගේ සියළුම මුදල් අහිමි කරගැනීම යැයි පෙන්වාදෙන ලදී.

බුරුමය සහ පසු වර්ෂයන්[සංස්කරණය]

රැජිනගේ රිදී ස්ථුපය,මැන්ඩලය, වර්ෂ 1889

වර්ෂ 1884 සිට 1885 දක්වා ජනරාල් චාර්ල්ස් ගෝර්ඩ්න් ගේ මිදීමෙන් පසුව වන්ශාදිපතින්(පසුව උසස් වන්ශාදිපතින්)වන ජී.ජේ.වොල්ස්ලි විසින් සුඩානයේ පාලනය කරන ලද කාර්ය සාධක බලකායේ නිළලත් ඡායාරූප ශිල්පියා වුයේ බීටෝය.

1886දී එංගලන්තයට ගිය කෙටි සංචාරයකදී බ්‍රිතාන්‍ය සහ පළාත් ඡායාරූප සමාජයේ ඡායාරූප තාක්ෂණය පිළිබඳව බීටෝ විසින් දේශණ පවත්වන ලදී.

1885ඒ අවසාන බාගයේදී බුරුමයේ ඉහල ප්‍රදේශ බ්‍රිතාන්‍යන් විසින් ඒකාබද්ධ කල පසු,1866 දෙසැම්බර් කාලය වන විට ෆෙලිස් බීටෝ බුරුමයට පැමිණියේය.මැන්ඩලය යටත් වීමෙන් පසු තිබව් මින් රජු විසින් අත්පත් කිරීමට 1825 ආරම්භ වී, 1885 උච්ච අවස්ථාවට පත් ඇන්ග්ලෝ බුර්මෙස් යුද්ධයේ සටන් ත්‍රිත්වය සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය පුවත් පත් විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී.

බීටෝ විසින් ඉන්දියාවේ සහ චීනයේ යුද ක්‍රියාකාරකම් පිළිබඳව ගන්නා ලද ඡායාරූප පුවත් පත්වලපල කිරීමෙන් මිනිසුන් ඒවාට ආකර්ෂණය විය.ප්‍රධාන යුද ක්‍රියාකාරකම් අවසානයේදී ඔහු බුරුමයට පැමිණෙන අතරතුර, ඔහුට තවමත් බ්‍රිතාන්‍ය විසින් මෙහෙයවන ලදඅත්පත් කර ගැනීම සම්බන්ද තවත් කැරළි ක්‍රියාකාරකම් රැසක් දක්නට ලැබුණි.මෙය අවසර දීමක් වුණ බීටෝට බ්‍රිතාන්‍ය හමුදාවේ ක්‍රියාකාරකම්, රාජකීය මාලිගාව, මන්ඩාලි වගේම කැරලි හමුදා හා සිරකරුවන් පිළිබඳව ඡායාරූප විශාල ප්‍රමාණයක් ගැනීමේ අවස්ථාව උදාවුනි.

ෆෙලිස් බීටෝ මැන්ඩලය හිදී 1894දි ඡායරූපාගාරයක් පිහිටුවද ,අරුම පුදුම පුරාවස්තු වෙළදාමද සමාන්තරව සාර්ථකව සිදුකල බව සඳහන් වෙයි.

ජපානයේදී ඔහු ලද අත්දැකීම් සහ විශ්වාසනීයත්වය හේතුවෙන් ඉතා ධනවත් දේශීය අනුග්‍රාහක පිරිසක් සාම්ප්‍රදායික ඇදුම් ආයිත්තම් වලින් සැරසී නිල ඡායාරූප වලට පෙනී සිටින ලදී. ඔහු චායාරූප ගත කල අනෙකුත් ඡායාරූප වන බුදුරජාණන් වහන්සේගේ පිළිරුව, භුමිදර්ෂණ, ගොඩනැගිලි ආදිය ඇතුලත් ප්‍රධාන ඇල්බමයන් බුරුමයේ සහ යුරෝපයේ අළෙවි කරන ලදී.

එසමයෙහි බීටෝ විසින් බුරුමයේ ගත් විවිද ඡායාරූප වර්ථමානයේ ලෝකයේ බුරුමය නියෝජනය කිරීමට සමත් වී ඇත. තවද ශතවර්ෂ ගණනාවක් එම ඡායාරූප පවතින බවට විශ්වාස කරයි.

මරණය සහ උරුමය[සංස්කරණය]

බිටෝ මියගියේ 1905 හෝ 1906 දී රැන්ගූන් හෝ මැන්ඩලදී බව විශ්වාස කලද ඔහු මියගියේ 1909 ජනවාරි 29 දින ඉතාලියේ ෆ්ලොරන්ස් වල බව 2009 දී සොයාගන්න ලද ඔහුගේ මරණ සහතිකයේ සටහන් වී ඇත.

ඔහුගේම වැඩ ලෙස පිළිගත්තද ඔහු ඒවා අළෙවි කරන ලද්දේ ස්ටිල්ෆ්‍රයිඩ් හා ඇන්ඩර්සන් හෝ නිර්නාමිකව ඒවා හමුවන ලෙසය.එය බීටෝගේ වැඩ සඳහා ලොකු බලපෑමක් සිදු කරන ලදී.

විසි වෙනි ශතවර්ශයේ මුල් කාලයේ වසර පනහකටත් වඩාබීටෝගේ ආසියාවපිලිබඳ ඡායාරූප, දින පොත් වල පිළිගත් සංකල්ප රූප විදියටත් , පුවත්පත් වල නිරූපනයටත්, අනෙකුත් ප්‍රකාශිත ගිනුම් වලත් සංස්ථාපිත කල ඇති අතර, එය ආසියානු සමාජයේ බටහිර අදහස් ඔප් නැංවීමට උදව් වෙන ලදී.

ඡායාරූප ශිල්පීය තාක්ෂණය[සංස්කරණය]

දහ නව වැනි ශත වර්ශයේ ඡායරූප වලට භවිතා කල තාක්ෂණයේ අඩුපාඩු පෙන්නුවද ෆෙලිස් බීටෝ එම අඩුපාඩු කම් මග හරවා මෙන්ම පහු ඒවා අභිබවා ද සාර්ථකව වැඩ කටයුතු කර ඇත. බීටෝ හට අතිසාර්ථක ලෙස කොලෝඩියන් විදුරු තහඩු අනුඡායා වලින් ඇල්බියුමින් රිදී මුද්‍රිතයන් නිපදවා ඇත.

බීටෝපුරොගාමී වී ඡායරූපඅතින් පාට කිරීමේ තාක්ෂණය රසාත්මික කිරීම මගින් පරිදර්ශන නිර්මාණය කරන ලදී.ඔහු ඇතැම්විට අතින් පාට කිරීමේ තාක්ෂණය ආරම්භ කරන ලද්දේ විග්මන්ගේ අදහසකට හෝ ඔහුගේ හවුල් කරුවන් වන චාල්ස් පාකර් සහ විලියම් පාර්ක් ඇන්ඩ්‍රව් ගේ අතින් පාට කරන ලද ඡායාරූප දැකීමෙන් විය හැක.සිත් තුලට කුමන ආකාරයේ කා වැද්දීම් තිබුනත් බීටෝ ගේ වර්ණවත් භූ දර්ශන සියුම් සහ ස්වාභාවිත්මක වන අතර ඔහුගේ වර්ණවත් චිත්‍ර භු දර්ශන වලට වඩා තදින් වර්ණවත් කර ඇති අතර එවායේ අනර්ඝ බව තක්සේරු කල හැක.ඔහුගේ වර්ණ භාවිතය තුලින් දර්ශණයේ විශාලත්වය සහ ගැඹුර ආදිය මනාව පැහැදිලි වේ.බීටෝගේ වෘත්තීය කාලය තුල ඔහු විශිෂ්ට පරිදර්ශන/සර්ව දිශා දර්ශණ නිර්මාණය කරන්නට විය.මොහු එම පරිදර්ශන හෙවත් සර්ව දිශා දර්ශණ නිර්මාණය කරනු ලැබුවේ විශාල දර්ශනයක් ඉතාමත් සුපරීක්ෂා කාරීව යාබද කොටසින් කොටස ඡායාරූපයට ගෙන අවසානයේ ඒවා අතින් එකට එක් කිරීම මඟිනි.එසේ නිමවූ සර්ව දිශා දර්ශණ තුලින් පැතිරුණු දර්ශණ ඉතා අලංකාරව විද්‍යමාන කල හැකි විය.මෙසේ සකස් කරන ලද සර්ව දිශා දර්ශනයක අවසාන මුළු දිග මීටර් 2ක් (අඩි හය හමාරක්) පමණ වේ.

යෙදෝහි අටගොයමා සංචාරක වාසස්ථානයේ සිට  : ඉඩෝ (වර්තමාන ටෝකියෝව) සිට රැගත් සර්ව දිශා දර්ශණයට (ඇල්බියුමින් මුද්‍රණ 5ක් අඩංගු කරමින් ) වර්ෂ 1865 හෝ 1866දි දයිම්යෝ වාසය කල මන්දිරය දිස්වෙන අයුරු


සටහන[සංස්කරණය]

අධෝලිපි[සංස්කරණය]

  1. මෙහි සඳහන් පරිදි ෆෙලිස් යනු ඔහුගේ නිවැරදි නම වේ,කෙසේ වෙතත් ඔහු වැඩි වශයෙන් ප්‍රිය කර ඇත්තේ ෆෙලික්ස් නම භාවිතා කිරීමටයි.ඔහුගේ ජීවන කාලය අතරතුරදී ඔහු “බීටෝ සිඤ්ඤෝ” ලෙස තමන්ගේ නම මුද්‍රණය කල අතර නමේ බීටෝ යන කොටස නිතරම පාහේ වැරදි ආකාරයට ඇතැමුන් මුද්‍රණය කර ඇත.” ” Beat", "Beatto” Etc..”).[1]
  2. කොෆු රජයේ ගමනා ගමනා බලපත්‍රය සඳහා බීටෝගේ උපන් දිනය ලෙස 1833 හෝ 1834 දක්වා තිබුනද ඊට පෙර දක්වන ලද දත්තයක ඔහුගේ උපන් වර්ෂය ලෙස සටහන් වී ඇත්තේ 1825 හෝ ඒ ආසන්නම වර්ෂයකි.නමුත් එහිදී සහෝදරයාගේ උපන් වර්ෂයත් සමග සැසදීමේදී ගැටළුවක් පැන නගින ලදී.නමුත් අවසානයේදී 2009 වර්ෂයේ සොයාගන්නා ලද මොහුගේ මරණ සහතිකයෙන් නිවැරදි උපන් වර්ෂය සහ උපන් නගරය සහ මිය ගිය දින වක වනු නිවැරදි ලෙස දක්වා ඇත.
  3. වර්ෂ 1857දි බීටෝ සහ රොබට්සන් යන දෙදෙනාම ඉන්දියාවට ගිය බව කියවුනද,වර්තමානයේදී සැලකෙන්නේ බීටෝ ඉන්දියාවට තනියම සංචාරය කල බවයි.[7]
  4. කාව්‍යමය සිතුවම් (අකුරු ඇතුලත් වූ අතර ඒවා ජපන් භාෂාවෙන් පමණක් ලිය වී තිබුණි) Illustrated London News(ඉලස් ට්‍රේඩඩ් ලන්ඩන් පුවත්) නමැති පුවත් ජපාන පුවත් පතේ ඇතුලත් විය, කානි බලන්න.

සඳහන[සංස්කරණය]

  1. Clark, Fraser, and Osman, passim.
  2. 2.0 2.1 Bennett, History of Photography in China, 1842–1860, p. 241.
  3. 3.0 3.1 Clark, Fraser, and Osman, p. 90.
  4. Greenough, p. 21; Pare, "Roger Fenton", p. 226.
  5. Broecker, p. 58.
  6. Harris, p. 23; Dehejia, p. 121; Masselos and Gupta, p. 1.
  7. Gernsheim, p. 96.
  8. Zannier, "Beato", p. 447.
  9. Gartlan, "Felice Beato", p. 128.

ආශ්‍රිත[සංස්කරණය]

  • Bakumatsu Nihon no fūkei to hitobito: Ferikkusu Beato shashinshū (සැකිල්ල:Nihongo2). Yokohama: Akashi Shoten, 1987. සැකිල්ල:Ja icon OCLC 18743438.
  • Baldwin, Gordon, Malcolm Daniel, and Sarah Greenough. All the Mighty World: The Photographs of Roger Fenton, 1852–1860. New Haven: Yale University Press, 2004. ISBN 1-58839-128-0; ISBN 1-58839-129-9.
  • Banta, Melissa, and Susan Taylor, eds. A Timely Encounter: Nineteenth-Century Photographs of Japan. Cambridge, Mass.: Peabody Museum Press, 1988. ISBN 0-87365-810-8.
  • Bennett, Terry. Early Japanese Images. Rutland, Vermont: Charles E. Tuttle, 1996. ISBN 0-8048-2029-5; ISBN 0-8048-2033-3.
  • Bennett, Terry. "Felice Beato and the United States Expedition to Korea of 1871". Old Japan. Accessed 3 April 2006.
  • Bennett, Terry. History of Photography in China, 1842–1860. London: Bernard Quaritch, 2009. ISBN 0-9563012-0-7.
  • Bennett, Terry. Korea. In Encyclopedia of Nineteenth-Century Photography, 2: pp. 804–806. New York: Routledge, 2008. ISBN 978-0-415-97235-2.
  • Bennett, Terry. Photography in Japan, 1853–1912. North Clarendon, Vermont: Tuttle, 2006. ISBN 0-8048-3633-7.
  • Bird, George W. Wanderings in Burma, Simpkin, Marshall, Hamilton, Kent & Co., London 1897.
  • Broecker, William L., ed. International Center of Photography Encyclopedia of Photography. New York: Pound Press; Crown, 1984. ISBN 0-517-55271-X.
  • Choi Injin and Park Juseok. The Century of Korean Photography: Images from the Land of the Morning Calm. Seoul: RIHP, 2001. OCLC 71135623.
  • Clark, John. A chronology of Charles Wirgman (1832?–1891). In Clark, Japanese Exchanges in Art, 1850s to 1930s with Britain, Continental Europe, and the USA, pp. 25–58. Sydney: Power Publications, 2001. ISBN 978-1-86487-303-0
  • Clark, John. Japanese Exchanges in Art, 1850s to 1930s with Britain, Continental Europe, and the USA: Papers and Research Materials. Sydney: Power Publications, 2001. ISBN 1-86487-303-5.
  • Clark, John, John Fraser, and Colin Osman. A revised chronology of Felice (Felix) Beato (1825/34?–1908?). In Clark, Japanese Exchanges in Art, 1850s to 1930s with Britain, Continental Europe, and the USA. Sydney: Power Publications, 2001. ISBN 978-1-86487-303-0
  • Dehejia, Vidya, et al. India through the Lens: Photography 1840–1911. Washington, D.C.: Freer Gallery of Art and Arthur M. Sackler Gallery; Ahmedabad: Mapin; Munich, Prestel, 2000. ISBN 81-85822-73-5; ISBN 3-7913-2408-X.
  • Dobson, Sebastian. "'I been to keep up my position': Felice Beato in Japan, 1863–1877". In Rousmaniere and Hirayama, eds, Reflecting Truth: Japanese Photography in the Nineteenth Century, pp. 30–39. Amsterdam : Hotei, 2004. ISBN 978-90-74822-76-3.
  • Dobson, Sebastian. "Japan." In Encyclopedia of Nineteenth-Century Photography, 2: pp. 769–773.
  • Encyclopedia of Nineteenth-Century Photography. 2 vols. New York: Routledge, 2008. ISBN 0-415-97235-3.
  • "Felice Beato." Luminous Lint. Accessed 19 August 2011.
  • Gartlan, Luke. "A chronology of Baron Raimund von Stillfried-Ratenicz (1839–1911)." In Clark, Japanese Exchanges in Art, 1850s to 1930s with Britain, Continental Europe, and the USA, pp. 121–178. Sydney: Power Publications, 2001. ISBN 978-1-86487-303-0
  • Gartlan, Luke. Felix Beato. In Encyclopedia of Nineteenth-Century Photography, 2: pp. 128–131.
  • Gernsheim, Helmut. The Rise of Photography: 1850–1880: The Age of Collodion. London: Thames and Hudson, 1988. ISBN 0-500-97349-0.
  • Gray, Ezio. Le terre nostre ritornano... Malta, Corsica, Nizza. Novara: De Agostini Editoriale, 1943. සැකිල්ල:It icon OCLC 22249643.
  • Greenough, Sarah. 'A new starting point': Roger Fenton's life. In Baldwin, Daniel, and Greenough, All the Mighty World, pp. 2–31. New York: Metropolitan Museum of Art; New Haven: Yale University Press, 2004. ISBN 978-1-58839-128-5.
  • Griffiths, Alan. "Second Chinese Opium War (1856–1860)". Luminous-Lint. Accessed 3 April 2006.
  • Handy, Ellen. Tradition, novelty and invention: Portrait and landscape photography in Japan, 1860s–1880s. In Banta and Taylor, eds, A Timely Encounter : Nineteenth Century Photographs of Japan, pp. 53–71. Cambridge, Mass.: Peabody Museum, 1988. ISBN 978-0-87365-810-2.
  • Harris, David. Of Battle and Beauty: Felice Beato's Photographs of China. Santa Barbara: Santa Barbara Museum of Art, 1999. ISBN 0-89951-101-5; ISBN 0-89951-100-7.
  • Hart, Mrs Ernest. Picturesque Burma, J.M. Dent & Co., London 1897.
  • Himeno, Junichi. Encounters with foreign photographers: The introduction and spread of photography in Kyūshū. In Rousmaniere and Hirayama, eds, Reflecting Truth: Japanese Photography in the Nineteenth Century, pp. 18–29. Amsterdam : Hotei, 2004. ISBN 978-90-74822-76-3.
  • Hockley, Allen. Photo albums and their implications for the study of early Japanese photography. In Rousmaniere and Hirayama, eds, Reflecting Truth: Japanese Photography in the Nineteenth Century, pp. 66–85. Amsterdam : Hotei, 2004. ISBN 978-90-74822-76-3.
  • Kanai Madoka (සැකිල්ල:Nihongo2), ed. Egakareta Bakumatsu Meiji: Irasutoreiteddo Rondon Nyūsu Nihon tsūshin 1853–1902 (සැකිල්ල:Nihongo2). Tokyo: Yushodo, 1973. සැකිල්ල:Ja icon
  • Lacoste, Anne. Felice Beato: A Photographer on the Eastern Road. Los Angeles: J. Paul Getty Museum, 2010. ISBN 1-60606-035-X.
  • Lowry, John. Victorian Burma by Post: Felice Beato's Mail-Order Business, Country Life, March 13, 1975, pp. 659-660.
  • Masselos, Jim, and Narayani Gupta. Beato's Delhi 1857, 1957. Delhi: Ravi Dayal, 2000. ISBN 81-7530-028-0.
  • Pare, Richard. Photography and Architecture: 1839–1939. Montréal: Centre Canadien d'Architecture/Canadian Centre for Architecture; New York: Callaway, 1982. ISBN 0-935112-06-5; ISBN 0-935112-07-3.
  • O'Connor, Scott & Clarence, Vincent. The Silken East, Volume I & II. Hutchinson & Co. Paternoster Row, London 1904.
  • O'Connor, Scott & Clarence, Vincent. Mandalay and Other Cities of the Past in Burma, Hutchinson & Co. Paternoster Row, London 1907.
  • Pare, Richard. Roger Fenton: The artist's eye. In Baldwin, Daniel, and Greenough, All the Mighty World: The Photographs of Roger Fenton, 1852–1860, pp. 221–230. New Haven: Yale University Press, 2004. ISBN 1-58839-128-0; ISBN 1-58839-129-9.
  • Peres, Michael R. Focal Encyclopedia of Photography: Digital Imaging, Theory and Applications. 4th ed. Amsterdam: Focal Press, 2007. ISBN 0-240-80740-5. S.v. "Copying".
  • Rennie, David Field. The British Arms in Northern China and Japan: Pekin 1860; Kagoshima 1862. London: John Murray, 1864. Available here at Google Books.
  • Robinson, Bonnell D. Transition and the Quest for Permanence: Photographer and Photographic Technology in Japan, 1854–1880s. In Banta and Taylor, eds, A Timely Encounter: Nineteenth-Century Photographs of Japan, pp. 39–52. Cambridge, Mass.: Peabody Museum Press, 1988. ISBN 0-87365-810-8.
  • Rosenblum, Naomi. A World History of Photography. 3rd ed. New York: Abbeville Press, 1997. ISBN 0-7892-0028-7; ISBN 0-7892-0329-4.
  • Rousmaniere, Nicole Coolidge, and Mikiko Hirayama, eds. Reflecting Truth: Japanese Photography in the Nineteenth Century. Amsterdam: Hotei, 2004. ISBN 90-74822-76-2.
  • Thacker's Indian Directory. Thacker, Spink & Co. 3 Esplanade East, Calcutta, India. Issues from 1863 to 1915.
  • Trench Gascoigne, Gwendolen. Among Pagodas and Fair Ladies, A. D. Innes & Co. Bedford Street, London 1896.
  • Vaczek, Louis, and Gail Buckland. Travelers in Ancient Lands: A Portrait of the Middle East, 1839–1919. Boston: NYGS, 1981. ISBN 0-8212-1130-7.
  • Zannier, Italo. "Beato." In The Dictionary of Art (34 vols; New York: Grove, 1996; ISBN 1-884446-00-0), 3:446–447.
  • Zannier, Italo. Antonio e Felice Beato. Venice: Ikona Photo Gallery, 1983. සැකිල්ල:It icon OCLC 27711779.

භාහිර ඇමුණුම්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ෆෙලිස්_බීටෝ&oldid=301709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි