ෆිබොනාච්චි සංඛ්‍යා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ගොනුව:1062.png
පාදවල දිග අනුයාත ෆිබොනාච්චි සංඛ්‍යාවලට අනුරූප වන ආකාරයේ සමචතුරස්‍ර ඇසුරින් කළ ඇතිරුමක් ඉහත දැක්වේ

ගණිතයේ දී ෆිබොනාච්චි සංඛ්‍යා ලෙස හැඳින්වෙන්නේ ෆිබොනාච්චි ලෙස ප්‍රසිද්ධියට පත් පිසා හී ලියනාඩෝ සිහිවීම සඳහා නම් කර ඇති සංඛ්‍යා අනුක්‍රමයකි. 1202 දී ෆි‍බොනාච්චි ලියූ “Liber Abaci” නම් ග්‍රන්ථය ඔස්සේ ඔහු බටහිර යුරෝපීය ගණිතයට මෙම අනුක්‍රමය හඳුන්වාදෙන ලද නමුත් ඊට පෙර ඉන්දියානු ගණිතයේ මෙම අනුක්‍රමය විස්තර කර තිබුණි. අනුක්‍රමයේ පළමු සංඛ්‍යාව 0 වන අතර දෙවැනි සංඛ්‍යාව 1 වේ. අනුක්‍රමයේ අනෙක් සියලු සංඛ්‍යා ඊට පෙර අනුක්‍රමයේ වූ සංඛ්‍යා දෙකේ ඓක්‍යයට සම‍වේ. පහත සමාවර්තී සම්බන්ධතාව ඔස්සේ ගණිතමය වශයෙන් මෙම අනුක්‍රමය අර්ථ දැක්වේ.

ගොනුව:1062-4.jpg

එනම් ආරම්භක අගයයන් දෙකෙන් අනතුරුව ඇති සංඛ්‍යා ඊට පෙර සංඛ්‍යාවල ඓක්‍යය මඟින් ලැබේ. Fn, ලෙස ද හැඳින්වෙන පළමු ෆිබොනාච්චි සංඛ්‍යා පහත දැක්වේ. මෙහි n = 0, 1, 2, … ,20 වේ. (A000045 අනුක්‍රමය OEIS)

ගොනුව:1062-2.jpg

ගොනුව:1062-1.png
ඉහත දක්වා ඇති ඇතිරුමෙහි සමචතුරස්‍රයන්හි ප්‍රතිවිරුද්ධ ශීර්ෂ යා කරමින් චාප ඇඳීම මඟින් නිර්මාණය කරගත් ෆිබොනාච්චි සර්පිලය මෙහි දැක්වේ. - රන්මය සර්පිලය බලන්න.
ගොනුව:1062-5.png
0 සිට 1597 දක්වා ෆිබොනාච්චි අනුක්‍රමයේ සටන


අනුක්‍රමයේ සංඛ්‍යා තුනට වරක් ඇති සෑම සංඛ්‍යාවක්ම ඉරට්ටේ වේ. වඩාත් පොදුවේ කියතොත් අනුක්‍රමයේ සංඛ්‍යා k ප්‍රමාණයකට වරක් ඇති සෑම සංඛ්‍යාවක්ම Fk‍ හි ගුණාකාරයක් වේ. n සෘණ දර්ශකය දක්වා විස්තෘත කළ විට අනුක්‍රමය සියළු n නිඛිල සඳහා ගොනුව:1062-7.jpg ද සහගොනුව:1062-6.jpg යන්න ද තෘප්ත කරයි.



[සංස්කරණය] සටහන්

Fibonacci number

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්