හුණු ගල්

විකිපීඩියා වෙතින්
හුණු ගල්
අවසාදිත පාෂාණ
නවසීලන්තයේ, වයිටොමෝ දිස්ත්‍රික්කයේ හුණු ගල්
සංයුතිය
කැල්සියම් කාබනේට්: අකාබනික ස්ඵටිකරූපී කැල්සයිට් සහ/හෝ කාබනික චූර්ණමය ද්‍රව්‍යය

හුණු ගල් යනු කැල්සියම් කාබනේට් (CaCO3)හි විවිධ ස්ඵටිකරූපී ආකාර වන කැල්සයිට් සහ ඇරගනයිට් ඛනිජයන්ගෙන් විශාල වශයෙන් සමන්විත වන අවසාදිත පාෂාණ විශේෂයකි. බොහෝ හුණු ගල් සෑදී ඇත්තේ කොරල් හෝ ෆොරමිනිෆරා වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වලිනි.

සමස්ත අවසාදිත පාෂාණ ඝන ප්‍රමාණයෙන් 10% පමණ හුණු ගල් වේ. The solubility of limestone in water and weak acid solutions leads to karst landscapes, in which water erodes the limestone over thousands to millions of years. බොහෝ ගුහා සංකීර්ණ පිහිටා ඇත්තේ හුණු ගල්හි පිහිටි පාෂාණ හරහා ය.

හුණු ගල්හි බොහෝ භාවිතයන් පවතී: ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස, මාර්ගයන්හි පාදම් සඳහා සමූහනකාරකයක් ලෙස, සුදු වර්ණකයක් ලෙස හෝ දන්තාලේප හෝ තීන්ත වැනි නිෂ්පාදනයන්හි පිරවුම් ද්‍රව්‍යයක් ලෙස සහ as a chemical feedstock.

1778 දී හුණු ගල් වලින් ඩොලමයිට් ප්‍රභේදනය කර හඳුනා ගත් ප්‍රථම භූ විද්‍යාඥයා Belsazar Hacquet වේ. [1]

විස්තරය[සංස්කරණය]

Limestone quarry at Cedar Creek, Virginia, USA
La Zaplaz formations in the Piatra Craiului Mountains, Romania.

අනෙකුත් බොහෝ අවසාදිත පාෂාණ මෙන්ම, හුණු ගල් බොහොමයක් කණිකා වලින් සැදුම් ලත් වේ. හුණු ගල්හි ඇති බොහෝ කණිකා කොරල් හෝ ෆොරමිනිෆරා වැනි මුහුදු ජීවීන්ගේ අස්ථි කොටස් වේ. හුණු ගල් වල අඩංගු වන අනෙකුත් කාබනේට කණිකා වනුයේ ooids, peloids, intraclasts, සහ extraclasts වේ. මෙම ජීවීන් ඇරගනයිට් හෝ කැල්සයිට් වලින් සැදුම් ලත් කවච ශ්‍රාවය කරන අතර, එම ජීවීන්ගේ මරණයෙන් පසු මෙම කවච පසෙකලනු ලැබේ.

References[සංස්කරණය]

  1. Kranjc, Andrej (2006). "Balthasar Hacquet (1739/40-1815), the Pionneer of Karst Geomorphologists". Acta Carsologica. Institute for the Karst Research, Scientific Research Centre, Slovenian Academy of Sciences and Arts. 35 (2). ISSN 0583-6050.
"https://si.wikipedia.org/w/index.php?title=හුණු_ගල්&oldid=514823" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි