හැමිල්ටන්, ඔන්ටාරියෝ

විකිපීඩියා වෙතින්

හැමිල්ටන්
නුවර
හැමිල්ටන් නුවර
පහළ හැමිල්ටන් නුවර ගුවනේ සිට
පහළ හැමිල්ටන් නුවර ගුවනේ සිට
අපනාමය(න්): Ambitious City,[1] Steeltown,[2] The Hammer[3]
ඔන්ටාරියෝ දිස්ත්‍රික්කයේ පිහිටීම
ඔන්ටාරියෝ දිස්ත්‍රික්කයේ පිහිටීම
රට කැනඩාව
ප්‍රාන්තය ඔන්ටේරියෝ
සංස්ථාපනය කළේJune 9, 1846[4]
රජය
 • නගරාධිපතිBob Bratina
 • නගර කවුන්සිලයHamilton, Ontario City Council
 • MPs
 • MPPs
සරිය[5]
 • නුවර1,138.11 කිමී2 (439.43 සතරැස් සැත)
 • භූමිය1,117.11 කිමී2 (431.32 සතරැස් සැත)
 • ජලය21 කිමී2 (8 සතරැස් සැත)
 • නාගරික227.70 කිමී2 (87.92 සතරැස් සැත)
 • පුරවර1,371.76 කිමී2 (529.64 සතරැස් සැත)
වැඩිම උස324 මී (1,063 අඩි)
අඩුම උස75 මී (246 අඩි)
ජනගහණය(2011)[5][6]
 • නුවර519,949 (10th)
 • ඝණත්වය465.4/කිමී2 (1,205/වර්ග සැත)
 • පුරවර721,053 (9th)
 • ගුප්ත නාමයHamiltonian
 [7]
වේලා කලාපEST (UTC−5)
 • ගිම්හානය (DST)EDT (UTC−4)
තැපැල් අංක විහිදීමL0R, L8E to L8W, L9A to L9C, L9G to L9H, L9K
දුරකථන කේතය(න්)226, 289, 519 and 905
වෙබ් අඩවියwww.hamilton.ca

හැමිල්ටන් (/ˈhæməltən/; 2011 ජනගහනය 519,949; නාගරික ජනගහනය population 670,580; සංගනනය කළ නගරබද ජනගහනය population 721,053)යනු කනේඩියානු ප්‍රන්තයේ ඔන්ටරියොහි පිහිට වරාය නගරයකි. 1982 යුද්ධයෙන් පසු ජොර්ජ් හැමිල්ටන් විසින් ඩුරන්ඩ් ගොවිපල මිලදි ගත් පසු බටහිර ඔන්ටාරියෝ විලෙහි බිහිවූ ජනාකිර්ණ සහ කර්මික කලාපය පසුව ගොල්ඩන් හෝස්ශොර් විය. 2001 ජනවාරි පලමු වෙනිදා හැමිල්ටන් නගරය, පෙර වූ පැරණි නගරය, ප්‍රාදේශීය පළාත්බද මහ නගර සභාවේ පහළ ස්තරය සහ ප්‍රාදේශීය රජයේ ඉහළ ස්තරය ඒකාබද්ධ කර පිහිටුවන ලදී. එහිදී පරණ නගරයේ පදිංචිව සිටි පදිංචිකරුවන් හමිල්ටෝනියන්ස්වරු ලෙස නම් කෙරුණි. 1981 සිට මෙම පුරවරය කැනඩාවේ 9වෙනි විශාලතම සහ ඔන්ටාරියෝහි 3වන විශාලතම නගරය වේ.

රාජකීය උද්භිත උද්‍යානය, කැනේඩියානු වොප්ලේන් හෙරිටජ් කෞතුකාගාරය, බෘස් මාවත, මැක්මාස්ටර් විශ්වවිද්‍යාලය සහ මොහැව්ක් විද්‍යාලය හැමිල්ටන් තම නිවහන කරගෙන සීටී. කැනේඩියානු පාපන්දු ජයග්‍රහණයේ මැදුර, පහල හැමිල්ටන් නුවර හැමිල්ටන් නුවර ශාලාවට දකුණු පසින් දිස්වන අතර, ඊට විරුද්ධ පැත්තේ නැගෙනහිර දෙසින් කැනේඩියානු පාපන්දු ලීගයේ හැමිල්ටන් ටිය්ගර්-කැට්ස් නව ටීම් හොර්ටන්ස් පිටියේ ක්‍රීඩා කරමින් සිටිනු ඇත. ටිම් හොර්ටන්ස් පිටිය 2015 පැවැත්වෙන පැන් ඇමරිකානු තරග සඳහා ඉදි කළ ක්‍රීඩාංගනයකි.

වෙනස් වූ පරිසර පද්ධතිය නිසා විවිධ රුපවාහිනී සහ චිත්‍රපටි නිෂ්පාදන රැසක් හැමිල්ටන් නගරයේ දර්ශන ගත කර තිබේ. හැමිල්ටන් රුපවාහිනී සහ චිත්‍රපට කාර්‍යන්ශය මෙම නිෂ්පාදන අධීක්ෂණය කරයි. 2006 වසරේ නිකුත් වූ ග්ලෝබ් සහ මේල් පුවත් ලිපියෙහි ගෝ වෙස්ට්, යන් ආටිස්ට් ශීර්ෂය යටතේ අවධානයට ලක් කළ හැමිල්ටන් නගරයේ කලා සහ සංස්කෘතික පිබිදීම විශාල අවධානයක් දිනා ගත්තේය. මෙම ලිපිය තුලින් නගරයේ වූ කළා ගැලරි, සැටලීම් මැදිරි සහ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව අවධානය යොමු කර තිබුණි.

ඉතිහාසය[සංස්කරණය]

එක්සත් වූ රාජ්‍ය පාක්ෂිකයෝ

පෙර- යටත් විජිත යුගයේ දුබල රතු ඉන්දියානුවන්හට මෙහි මුල් බිම්හි බහුතරයක් හිමිව තිබුණද, ක්‍රම ක්‍රමයෙන් විදේශීය ජාතීන් 5හකට(පසුව 6කට)(ඉරොකියුසිස්වරු) යටත් වෙමින් සිට අවසානයේ හුරෝන්වරුන්ට සහ ප්‍රංශ ජාතීන්ට එරෙහිව බ්‍රිතාන්‍යයන්ට සහය දැක්වීය. පහල නගරයේ රජ විදිය ලෙස පෙර හදුන්වන ලද ඉරොකිඔඉස් හවුලෙහි සාමාජිකයෙකු විසින් මොහැව්ක් මාවත ලෙස නම් කරන ලදි. 1784දී 10,000ක් එක්සත් වූ රාජ්‍ය පාක්ෂිකයෝ උතුරු කැනඩාවේ(වර්තමානයේ දකුණු ඔන්ටාරියෝ)හි කුඉන්ටේ බොක්ක අවට සහ ඔන්ටාරියෝ ඇළ සහ මොන්ට්‍රියල් අතර වූ ශාන්ත ලෝරන්ස් ගඟ අවට පදිංචි වුහ. එතරම් තද රාජ්‍ය පාක්ෂිකයන් නොවුවත් පසුව මිල පහසුව සහ ඉඩම් සඳහා ඇමරිකනුවන්ද පසුව පදිංචි වුහ. ඒ සමගම බ්‍රිතාන්‍යයට පාක්ෂික ඉරොකිඔසිස්වරුද ඇමරිකාවේ සිට පැමිණ ඔන්ටාරියෝ ඇල අසල පදිංචි වුහ.[9]


ජෝර්ජ් හැමිල්ටන් විසින් හැමිල්ටන් නගරය නිර්මාණය කරන ලද අතර 1812 යුද්ධය අවසන් වීමත් සමගම බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික ජේම්ස් ධුරෑන්ඩ් විසින් ගොවිපල ඉඩම් මිලට ගත්තේය. [10] උතුරුකරයේ ඉඩම් හිමි නතානියෙල් හෝසන්, ජෝර්ජ් හැමිල්ටන් සමග එක්ව හැමිල්ටන් නුවර සඳහා උසාවි පරිශ්‍රයක් සහ බන්දනාගාරයක් සදහා වූ යෝජනාවලිය ඉදිරිපත් කරන ලදී. හැමිල්ටන් විසින් ඒ සදහා අවශ්‍ය ඉඩම සැපයීය. හොසන් සහ හැමිල්ටන් විසින් පසු කාලීනව නාගරික භුමිය බවට පත් වූ විකුණන ලද ඉඩම් ධුරන්ද්ට පැවරුහ.[4]


මුල් යුගයේ මෙම නගරය ගෝ දිස්ත්‍රික්කයේ තිබු සුවිශේෂම නගරය නොවේ.[10] 1832 වන තුරුම ස්ථිර බන්ධනාගාරයක් ඉදිනොකල අතර 1833 [11]පෙබරවාරි 13 දින නගරසීමා සහ නගර පොලීසිය පිහිටු වීය. 1846 ජුනි 6 දින පාර්ලිමේන්තු පනතකින් නගරය රාජකාරී නගරයක් ලෙස ස්ථාපිත කරන ලදී. නගරය කාලයත් සමග සංවර්ධනය වූ අතර ප්‍රමුඛ ගොඩනැගිලි කීපයක් ඒ සමග ඉදි විය. ඒ අතර කැනේඩියානු ග්‍රෑන්ඩ් ලොජ් (1985)[12], බටහිර ෆ්ලට්බෝරා මෙතෝදිස්ත පල්ලිය (1879), පොදු පුස්තකාලය (1890) සහ රය්ට් හවුස් දෙපාර්තමේන්තු කොටුව (1893) වේ. 1877-1878 වසර තුළ කැනේඩියානු පළමු වානිජ්‍ය දුරකතන සේවාව, ප්‍රථම බ්‍රිතාන්‍ය දුරකථන හුවමාරුව සහ දෙවන උතුරු ඇමරිකානු දුරකථන හුවමාරුව පිහිටුවන ලදී. නගරයෙහි කැට්රැන්ට් පවර් සමාගම සතු වූ අන්තර් නාගරික ඉලෙක්ට්‍රොනික දුම්රිය මාර්ගයද මෙකල ඉදි විය. [13]

ස්චොට්ලන්ත අදහුම් මාලිගය


කාර්මික වෙළඳ කටයුතු පුළුල් වීම සමග 1906දි ඇතිවූ හැමිල්ටන් වීදි දුම්රිය වර්ජනය හමුවේ වුවද හැමිල්ටන් ජනගහනය 1900 සිට 1914 දක්වා දෙගුණ විය. තවද 1910දි ස්ටේල්කෝ සහ 1912දි ඩොෆස්කෝ ලෙස යකඩ කම්හල් දෙකක්ද, 1914 සහ 1922 පිලිවෙලින් ප්‍රොක්ටර් සහ ගැම්බල් සහ බීච්-නට් අසුරන කම්හල නමින් නිෂ්පාදන කම්හලද ස්ථාපිත විය. 1960 වන තුරු ජනගහනය සමග ආර්ථික වර්ධනය හමුවේ 1929දි පිගට් ගොඩනැගිල්ල ඉදිකර ටොරොන්ටෝහි වූ මැක්මාස්ටර් සරසවිය හැමිල්ටන් දක්වා ගෙන ආ අතර, දෙවන කැනේඩියානු ටයර් ඉස්ටෝරුව 1940දි ගුවන් තොටුපලද, ස්ටඩ්බ්‍රේකර් එකලස් කිරීමේ ඒකකය 1948ද [14] 1934ද, පළමු ටීම් ටොරන්ට්ස් වෙළඳසැල 1964දීද පිහිටුවන ලදී. පසු කාලීනව විශාල වශයෙන් කාර්මික කම්හල් පාඩු ලබමින් වැසි යන තත්වයකට පත්වූ අතර ආර්ථිකය ප්‍රවාහනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි සේවා අංශ කෙරේ යොමුවිණි.[15]

2001 ජනවාරි 01දින නව හැමිල්ටන් නගරය හැමිල්ටන් පළාත්බද නාගරිකය සහ අන්කාස්ටර්, ඩුන්ඩාස්, හැම්බ්‍රෝ, ග්ලැන්බ්රූක් සහ ස්ටෝනි ක්‍රීක්[16] යන නගර එක්කර පිහිටු වීය. ඊට පෙර පැවති හැමිල්ටන් නගරයෙහි 331,121ක්වූ හමිල්ටෝනියන්වරු සමග 100ක් අසල්වැසි ප්‍රදේශ වූ අතර පසුව, 519,947 ලෙස ජනගහනය වර්ධනය විය.[17]

1997දි ප්ලාස්ටිමට් ප්ලාස්ටික් කම්හලේ ඇති වූ ගින්න සමග නගරය කලැබීමට පත් වූ අතර, මේ නිසා ජීවිත සහ දේපල හානි සිදු විය.[18] රසායනික පිළිස්සුම් සහ කාබනික ද්‍රව්‍ය වාතයට මුසුවීමද ඊට අමතරව ටොන් 400ක් PVC ප්ලාස්ටික් විනාශවිණි.[19]

භූගෝලය[සංස්කරණය]

හැමිල්ටන් පිහිටා තිබෙන්නේ දකුණු ඔන්ටාරියෝහි, නයගරා පෙනින්සුලා බටහිරදිග සහ ඔන්ටාරියෝ ඇළට බටහිරට වන්නටය. නගරයේ බොහෝ ප්‍රදේශයක් දකුණු නගරයද ඇතුලත්ව පිහිටා තිබෙන්නේ දකුණු වෙරලාසන්නවය. භුගොලියව ගෝල්ඩ් හොස්ශෝව්ට වඩා ආසන්නව හා ටොරොන්ටෝ සහ බෆලෝ, නිව්යෝක් මධ්‍යයේ හැමිල්ටන් නුවර පිහිටා ඇත. භෞතිකව හදුනා ගතහැකි ස්ථාන අතර උතුරු කෙලවරේ හැමිල්ටන් වරාය සහ නගරය හරහා ගලායන නයගරා මොහොර නගරය ඉහළ සහ පහල කොටස්වලට නගරය වෙන් කරයි. නගරයේ උසම ස්ථානය ඔන්ටරියෝ ඇළ මට්ටමේ සිට මීටර් 250 (820')ක් උසක් පවතී.[20]

දේශීය ඉතිහාස මත පල කරන්නවුන්ගේ සියලුම වාර්තා වලට අනුව මෙම දිස්ත්‍රික්කය ස්වදේශීය උදාසීන ජාතික මිනිසුන් විසින් අටිවන්දරෝනියා ලෙස හදුන්වා ඇත. [21] මුල්ම හැමිල්ටන් පදිංචිකරුවන් වුයේ බේ මෙකස්සා(අලංකාර ජලය[17]) අබෝජියන්වරුය. හැමිල්ටන්, කියුබානු රචක මේරි සෝඩර්ස්ටෝම් විසින් රචනා කරන ලද "Green City" කෘතියේ "People Nature and Urban Places" විස්තර කරන නගර 11න් එකකි. එම කෘතියේ සෝඩර්ස්ටෝම් විසින් 1930හිදී විසු තෝමස් සොඩශෝම් [22] සහ එම පවුල පිළිබඳව වර්ණනා මුඛයෙන් විස්තර කර ඇත්තේ ඔවුන් විසින් ගොඩනගන ලද උද්‍යාන, හරිත බිම් සහ මං මාවත් නිසාය.[23]

හැමිල්ටන් වරාය Beachstrip නම් විශාල වැලි පරයකින් යුක්ත ස්වභාවික වරායකි. මෙම වැලි පරය හිම යුගයේ ගඟේ ජලය උස් පහත් වීම නිසා ඇති වුවක් ලෙස සලකන අතර එය ගිනිකොන දිග සිට මධ්‍යම පහළ නගරය හරහා මොහොර දක්වා දිවෙයි. හැමිල්ටන් ගැඹුරු මුහුදු තොටුපලට පටු නැව් ඇල මාර්ගයක් වැටි ඇති අතර එය හරහා යන QEW's Burlington Bay James N. Allan Skyway සහ Lower Canal Lift පාලම් වැටි ඇත.[24]

හාවී උයන අසල T.B. McQuesten High Level Bridge සිට හැමිල්ටන් වරායේ හාත්පස දර්ශනය


1788 සහ 1793 අතර කාලයේ ඉහල ඇල නියම්ගම් මිනුම්කර නම්කරන ලදි. මෙම ප්‍රදේශය මුලදී හදුන්වා ඇත්තේ Head-of-the-Lake ලෙසය.[25] Barton(දැන් Downtown හැමිල්ටන්) නින්ද ගමෙහි උපන් John Ryckman විස්තර කරන පරිදි 1803දී මෙම නුවර ගන කැලැවකි. වෙරළ අන්තයට ලඟා විය නොහෙකි තරම් ගණව වැවී තිබු මෙහි මිනිසුන් ඇති කල ඌරන් වලසුන් විසින් දඩයම් කරන ලදී. එම නිසා මුල් පදිංචි කරුවන්ට වලසුන් සමග පොර බැදීමට සිදුවිය. වෘකයන් පාත්තයන් සහ බැටළුවන් ආහාරයට ගත් නිසා පදිංචිකරුවෝ ඔවුන්ටද උගුල් ඇටවීය.[26]

Spencer Gorge / Webster's Falls Conservation Areaහි Webster's Falls

මුල් පදිංචි කරුවකු සහ දේශපාලන නායකයෙකු වූ ජෝර්ජ් හැමිල්ටන් බර්ටෝන් ගමේ උතුරු කොටසේ භුමිභාගය 1815දී පිහිටුවීය. නැගෙනහිර-බටහිර යා කෙරෙන ඉන්දියානුවන් විසින් ගොඩ නංවන ලද අඩි පාරවල් ඔහු විසින්ද පවත්වාගෙන ගිය අතර උතුරු දකුණු මාවත් ජාලාකාරව ඔහු ගොඩ නැගීය. නැගෙනහිර-බටහිර මාර්ග James Street සහ Highway 6 හමුවන ලෙස වීය. තවද උතුරු-දකුණු මාවත් King Street සහ Highway 8[27] හමු වන ලෙස විය. 1816දී මුළු නගර සැලැස්මම ප්‍රසිද්ද කරනලදී. ජෝර්ජ් හැමිල්ටන් විසින් ඇමෙරිකානු දේශ සීමාවල භාවිත කල සහ ඉහල කැනඩාවේ යොදා ගත් කොටු සැළැස්ම උපයෝගී කරගත්තේය.[28]

හැමිල්ටන් Conservation Authorityයට හෙක්ටයාර 4500(අක්කර 11100)ක ඉඩම් සමග 310ක් ස්ථාන වල වූ හෙක්ටයාර 1077(අක්කර 2661)ක පතන බිම් අයත් විය.[29][30] උයන් සියල්ලම පාහේ නයගරා මොහොර හා සමගාමිව ඉදි වී ඇති අතර, පයින් ගමන් කල හැකි බ්රුස් ට්‍රෛල්ද නයගරා මොහොර හරහා වැටි ඇත.[31] තවද හැමිල්ටන් නුවර 100කට අධික දියඇලි සහ කඳුරැලි වලට නිවහන වෙයි. ඉන් විශාල ප්‍රමාණයක් ද ඇත්තේ බ්රුස් ට්‍රෛල් සහ නයගරා මොහොර ආසන්නවය.

දේශගුනය[සංස්කරණය]

හමිල්ටන්හි වෙනස්වන සුළු මහද්වීපික තෙත් දේශගුණයක් පවතී. නමුත් මෙම දේශගුණය කැනඩාවේ අනෙක් ප්‍රදේශ හා සසදන විට මධ්‍යම සෞම්‍ය දේශගුණයකි. හමිල්ටන්හි ඔන්ටාරියෝ ඇල සමග ඇති මොහොර නගරය ප්‍රධානව කොටස් දෙකකට වෙන් කරන අතරම වෙන් කර හඳුනාගත හැකි දේශගුණ වෙනස්කම් පෙන්වයි. ඒ අතරම පරිසර දුෂණය සහ කර්මාන්ත වර්ධනය මේ සදහා තවත් හේතුවකි. වානේ කර්මාන්තය සහ රථවාහන මගින් වායු දුෂණය මෙයට බලපා ඇත. පහළ නගරය ඔන්ටාරියෝ විලෙහි ගිනිකොන දිග Dfa climate zoneයට අයත් අතර, ඉහල නගරය Dfb climate zoneයට අයත්ය.

මුල් වසන්ත දිනයන්හි සවස් යාමයේ ඇළවල උෂ්ණත්වය පහළ යන අතර වෙරළ ප්‍රදේශ විශේෂයෙන් සිසිල් වෙයි. ඒ සඳහා බලපාන්නේ ඊසානදිග වඩදියයි.

සැකිල්ල:Hamilton, Ontario weatherbox

ජනවිකසනය[සංස්කරණය]

නගර ජනගහනය (1816 සිට 2006 දක්වා)[27][32][33]

2006 කැනේඩියානු සංගණනයට අනුව පදිංචිකරුවන්ගෙන් 20%කට වැඩි පිරිසක් කැනඩාවේ උපන්නවුන් නොවේ. කැනඩාවේ නගර අතරින් හමිල්ටන්හි තෙවනුව වැඩිම ජනගහනයක් වෙසෙන අතර දෙවෙනි වන්නේ ටොරොන්ටෝ 49% සහ වැන්කුවර් 39% වලට පමණි.

2001 සිට 2006 දක්වා සමයේ විදේශික උපත් ජනගහනය 7%කින් ඉහල ගොස් ඇති අතර හැමිල්ටන් නුවර මුළු ජනගහනයද(CMA) 4.3%කින් ඉහල ගොස් ඇත. නමුත් 2001දී හැමිල්ටන් වෙත පැමිණෙන සංක්‍රමණික පදින්ච්කරුවන්ගේ ප්‍රතිශතය 1.9% ලෙසම විය. 20800ක් ලෙස ඉහල ගිය සංක්‍රමණිකයන්ට හැමිල්ටන් නිවහන විය. ඉන් අඩක්ම ආසියානු සහ මැදපෙරදිග විසුවන් වේ. තවද 23%ක ප්‍රමාණයක් යුරෝපියන් වේ. හමිල්ටන්හි වෙසෙන්නවුන්ගෙන් විශාල ප්‍රමාණයක් ඉතාලි, ඉංග්‍රීසි, ස්කොට්ලන්ත, ජර්මානු සහ අයර්ලන්ත පරම්පරා වලින් පවත එන්නවුන්ය. පුද්ගලයන් 10දෙනෙකුගෙන් 3දෙනෙකු පවසන පරිදි ඔවුන්ගේ මුල් ජනවර්ගය ඉංග්‍රීසි වේ. එලෙසම සෑම ස්කොට්ලන්ත ජාතිකයන් 5දෙනෙකුගෙන් එක්අයකු පවසන පරිදි ඔහු හෝ ඇය තනිව හෝ වෙනත් ජනවර්ගයක පුද්ගලයන් සමග වාසය කරයි.[34]

2011 කැනේඩියානු සංගණනය ජනවාර්ගිකත්වය පිළිබඳව සමීක්ෂණය නොකළ අතර 2011දී පැවති NHS-National Household Servay මෙම දත්ත හෙළි කළේය.

  • සමීක්ෂණයට දායක වූ 509,635න් 125,010 (හෝ 24.5%)ක් දෙනා සංක්‍රමණිකයන්ය.
  • 27,750ක් දෙනා(5.4%) සංක්‍රමණය වී ඇත්තේ 2001 සහ 2011 අතර කාලයේය.
  • සංක්‍රමණය වූ රටවල් අනුව පහත අනුපිළිවෙලින් දක්වා ඇත:
    1. ඉතාලිය: 11,610 (9.3%)
    2. පෝලන්තය: 5,950 (4.8%)
    3. ඉන්දියාව: 5,930 (4.7%)
    4. පෘතුගාලය: 5,775 (4.6%)
    5. පිලිපීනය: 5,285 (4.2%)
    6. ක්‍රොඑශියාව: 4,840 (3.9%)
    7. ඇමරිකා එක්සත් ජනපදය: 4,290 (3.4%)
    8. ඉරාකය: 3,855 (3.1%)
    9. චීනය (හොං-කොං සහ මැකාවු ඇතුළුව): 3,740 (3.0%)
    10. ජර්මනිය: 3,345 (2.7%)

2014 පෙබරවාරි නගර කවුන්සිලය මගින් හැමිල්ටන් නුවර නාගරික සේවාහි ලැයිස්තුගත නොවූ සංක්‍රමණිකයන්ට තම පදිංචිය ගැන අවදානමක් එක් කරමින් හැමිල්ටන් නුවර ආරක්‍ෂිත පුරවරයක් යනුවෙන් නම් කළේය.[35][36]

හැමිල්ටන් නගරය සතුව විශාල ප්‍රංශ ජාතිකයන් පිරිසක් වෙසෙන අතර ඔවුන්ට ප්‍රංශ බසින් ප්‍රාදේශීය සේවා ලබා දෙයි. ඔන්ටාරියෝහි නගර කාර්යාලයෙහි අවම වශයෙන් 5000ක් ප්‍රන්ශවරු සිටින බැවින් ද්වි භාෂාමය සේවා සැපයීම වැදගත්ය. ප්‍රංශ පාසල් සහ පල්ලි දැකිය හැකි අතර 1971දී ඉදි කල සංස්කෘතික සහ සමාජ මධ්‍යස්ථානයක්ද හමිල්ටන්හි තිබේ.

හැමිල්ටන් පදිංචියට පැමිණි පිටස්තර ජාතීන් අතර පෙර යුගොස්ලෝවියව, පෝලන්තය, ඉන්දියාව, චීනය, පිලිපීනය, සහ ඉරාකය ප්‍රධාන වේ.[37]

වයස අවුරුදු 14 හෝ ඊට අඩු ජනගහනය 17.8%ක් වන අතර අවුරුදු 65ට වැඩි 14.9%ක්ද වෙසෙන හැමිල්ටන් නුවර සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 39.6කි.[38]

විශාල වශයෙන් භාවිතා වන ආගම ක්‍රිස්තු ධර්මය වන අතර සංක්‍රමණික ආගම්ද වර්ධනය වෙමින් පවතී. 67.6%ක් ක්‍රිස්තු ධර්මයද, 6.5%ක් එක්සත් පල්ලි භක්තිකයන්ද, 6.4%ක් අන්ග්ලිකන්වරුද, 3.1%ක් ප්රෙස්බෙටෙරියන්වරුද, 2.9%ක් ක්‍රිස්තියානු ඔතොඩොක්ස්වරුද, 3.7%ක් ඉස්ලාම්වරුද, 0.9ක් බෞද්ධයන්ද, 0.8ක් සික්වරුද සහ 0.7ක් යුදෙව්වන්ද වශයෙන් හැමිල්ටන්හි වෙසේ.[39]

වාර්තාගත ජනවර්ග ප්‍රභව , 2006
ජනවර්ගය ජනගහනය[40] ප්‍රතිශතය[note 1]
ඉංග්‍රීසි 138,125 27.9
කැනේඩියානු 107,780 21.7
ස්කොට්ලන්ත 98,375 19.8
අයර්ලන්ත 80,740 16.2
ඉතාලි 58,800 11.8
ජර්මානු 47,960 9.6
වාර්තාගත ජනවර්ග ප්‍රභව, 2006
ජනවර්ගය ජනගහනය ප්‍රතිශතය
ප්‍රංශ 42,070 8.5
පොලන්තවරු 27,775 5.6
නෙදර්ලන්තවරු 25,720 5.2
යුක්රිනජාතීන්] 18,730 3.8
පෘතුග්‍රීසීන් 14,115 2.8
ඉන්දීය උතුරු ඇමරිකානුවන් 11,970 2.4
  1. එක පුද්ගලයකු ජනවර්ග කිහිපයකට අයත් විය හැක.

පහත තොරතුරු 2011 NHS සමීක්ෂණ ප්‍රතිපල වේ:

Reported ethnic origins, 2011
ජනවර්ගය ප්‍රතිචාර දැක්වූ ප්‍රමාණය[note 1][41] %[note 2]
ඉංග්‍රීසි 134,925 26.5
කැනේඩියානු 122,150 24.0
ස්කොට්ලන්ත 98,955 19.4
අයර්ලන්ත 85,650 16.8
ඉතාලි 60,535 11.9
ජර්මානු 46,905 9.2
Reported ethnic origins, 2011
ජනවර්ගය ප්‍රතිචාර දැක්වූ ප්‍රමාණය %
ප්‍රංශ 42,740 8.4
පෝලන්ත 27,465 5.4
නෙදර්ලන්ත 26,370 5.2
යුක්රේන 17,770 3.5
පෘතුගීසි 14,610 2.9
උතුරු ඇමරිකානු ඉන්දියන් 13,720 2.7
  1. සමීක්ෂණයට දායක වූ ප්‍රමාණය 509,635කි
  2. එක පුද්ගලයකු ජනවර්ග කිහිපයකට අයත් විය හැක.

ආර්ථිකය[සංස්කරණය]

Lloyd D. Jackson Squareහි , Commerce Place Complex

ගොඩනැගිල්ල

ගොනුව:The Linc.jpg
The Red Hill Valley Parkway near the Lincoln M. Alexander Parkway interchange.

ඔන්ටාරියෝහි ප්‍රධානම නිෂ්පාදන කටයුත්ත නිෂ්පාදනයයි. තවද ටොරොන්ටෝ-හැමිල්ටන් ප්‍රදේශය කැනඩාවේ වැඩියෙන්ම කාර්මීකරණය වූ නගරයයි. ඔශාවා ප්‍රදේශයේ සිට ඔන්ටාරියෝ ඇළෙහි බටහිරදිග සිට නයගරා ඇල්ල දක්වා ප්‍රදේශය හදුන්වන්නේ ගෝල්ඩන් හෝස්ෂු ලෙසය. එහි ජනගහනය ආසන්නව 2006දී මිලියන 8.1ක් විය. [42] වෙස්ටර්න් හවුස් ජනාධිපති හර්බට් එච්. රොජ් විසින් හැමිල්ටන් 1954 ජනවාරි 12 දින වානිජ්‍ය මණ්ඩලයේදී පැවැත්වූ කතාවේදී සදහන් කලේ "හැමිල්ටන් පසුගිය වසර 50 තුලදී පමණක් අත් කරගෙන ඇති සංවර්ධනය හැමිල්ටන්, ටොරොන්ටෝ නගර ඇතුළුව මෙම ප්‍රදේශයේ ඇති පුරවර ප්‍රමාණයෙන් පෙනීයයි."[43]

60%ක් වානේ නිෂ්පාදනය කරන්නේ කැනඩාවේ Stelco සහ Dofasco කර්මාන්තශාලා වලය. තවද හැමිල්ටන් නුවර කැනඩාවේ වානේ අගනගරය ලෙසද හඳුන්වයි. [44] 2004 වසරේ Stelco බංකොලොත් වීම සමග [45] 2007 අගෝස්තු 26 දින United States Steel Corporation විසින් Stelco C$38.50ක කොටස් අගයකට මිලදී ගන්නාලද අතර එය සමස්ත වශයෙන් 76%ක Stelcoහි කොටස් හිමිකමකි.

1999දි කැනඩාව තුල වඩාත් ලාභ උපයන වානේ කම්හලවූ Dofasco 2000 වසරේදී උතුරු ඇමරිකාව තුලද ලභාදායිම වානේ නිෂ්පාදකයා විය. එය සතුව 7300ක් සේවක පිරිසක් වාර්ෂිකව වානේ ටොන් මිලියන 4ක වානේ ප්‍රමාණයක් නිෂ්පාදනය සදහා දායක විය. කැනඩාවේ සමස්ත පැතලි රෝල් කළ ශීට් වානේ නිෂ්පාදනයෙන් 30%ක් වූ Dofasco වර්තමානයේ ලොව විශාලතම වානේ නිෂ්පාදන Arcelor Mittal මවු සමාගම පවතියි.

1940දි John C. Munro Hamilton International Airport භාවිත කරන ලද්දේ යුධ සමයේ ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසය. දැන් එය TradePort International Corporation විසින් පරිපාලන කටයුතු මෙහෙය වේ. එම සමාගම 1996 තිබු 90,000ක් වූ මගී ධාරිතාව වසර 2002 වන විට 900,000 දක්වා සීග්‍ර ලෙස වර්ධනය කර ගන්නා ලදී. ගුවන් තොටුපලෙහි මාධ්‍ය කාලීන අරමුණු අතර මගී ධාරිතාව මිලියන 5ක් දක්වා සේවා සැපයීම කැපී පෙනෙයි.

Hemson Consulting මගින් පලකෙරුනු වාර්තාවට අනුව 2031 වන විට රැකියා 90,000ක් ගොඩ නැගිය හැකි අතර ඒ සදහා අවශ්‍ය හෙක්ටයාර 1000ක තරම් ඉඩම්ද හැමිල්ටන් නුවර සතු වේ. නමුත් විරුද්ධ මත දරන පාර්ශවයන්ගේ අදහසට අනුව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම බදු ගෙවන ජනතාවගේ පහසුව සැලසීමට කටයුතු කිරීම වැදගත්ය.[46]

අපරාධ[සංස්කරණය]

"සමස්ත දරුණු අපරාධ දර්ශකය"ට අනුව කැනඩාවේ 2001 වසර වන විට හැමිල්ටන් නුවර 21 වන ස්ථානයේ පසු විය. නමුත් 2010[47] පොලිස් වාර්තා වලට අනුව හැමිල්ටන් 21වන ස්ථානයේ සිට දෙවන ස්ථානයට පත්ව ඇත.[48]

පරිපාලනය[සංස්කරණය]

[[File:Federal Building Hamilton.JPG|left|thumb|බේ ස්ට්‍රීට්හි Federal Buildingගොඩනැගිල්ල හැමිල්ටන් වැසියන් අයත් වන තුන් ආකාර වූ පරිපාලන ව්‍යුහයක් පවතී. ෆෙඩරල් නියෝජනය යටතේ සාමාජිකයන් 5දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර එම සාමාජිකයන් 5දෙනා Ancaster—Dundas—Flamborough—Westdale, Hamilton Centre, Hamilton East—Stoney Creek, Hamilton Mountain, සහ Niagara West—Glanbrook කොට්ටාශ වලින් තෝරා පත් කර ගැනේ. දිස්ත්‍රික් මට්ටමෙන් තෝරා ගන්නා සාමාජිකයන් 5දෙනා ඔන්ටාරියෝහි මෙම පංච ප්‍රදේශයන්හි නීති සම්පාදනය සදහා දායක වෙති. නාගරික මට්ටමේදී එක නගරාධිපතිවරයකු කොට්ටාශ 5හටම පත් වන අතර හැමිල්ටන් නුවර ප්‍රාදේශික 15ට වෙන වෙනම නාගරික මන්ත්‍රීවරු හැමිල්ටන් නුවර කවුන්සිලයට තෝරා පත් කර ගැනේ. එයට අමතරව සැම ප්‍රදෙශිකයකම පාසල් කටයුතු අධීක්ෂණය සදහා පාසල් මණ්ඩල භාරකරුවකුද මෙහිදී තෝරා ගැනේ.

[[File:Hamilton city hall.jpg|right|thumb|හැමිල්ටන් නගර ශාලාව.]] නගර සභා ඡන්දය සැම වසර 4කටම වරක්ම පවත්වන අතර අවසන් වරට 2010 ඔක්තෝම්බර් 25 දින පවත්වන ලදී. ඒ අනුව මීලග මැතිවරණය 2014 ඔක්තෝම්බර් 27 දිනට යෙදි ඇත.

හැමිල්ටන් නගර කවුන්සිලයට පාලන බලතල ලබාදි ඇත්තේ ඔන්ටාරියෝ නාගරික මණ්ඩලය මගිනි.[49] ඔන්ටාරියෝ දිස්ත්රික්කයේ අපරාධ සංග්‍රහය මුලිකවම අපරාධ සහ දඬුවම් සම්බන්දව විස්තර ඇතුලත් අතර හැමිල්ටන් පොලිස් සේවය සාමුහික සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කිරීමේ ලා බැඳී සිටියි.[50] තවද හැමිල්ටන් නුවර සැලකිය යුතු තරම් හමුදා බලයක් පවතින අතර එයට හේතුව වන්නේ John Weir Foote Armoury පිහිටා ඇත්තේ Royal Hamilton Light Infantry නිවහන, 11th Field Hamilton-Wentworth Battery සහ Argyll and Sutherland Highlanders නිවහන කරගනිමින් පහල නගරයේ James Street Northහි මධ්‍යයේ වීමයි.

අධ්‍යාපනය[සංස්කරණය]

හැමිල්ටන් නුවර තැපැල් ඉගෙනුම් ද්විතීක අධ්‍යාපන මධ්‍යස්ථාන කීපයක්ම පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථාන මගින් සෘජු සහ වක්‍ර රැකියා රැසක්ම අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේස්ත්‍රයන්හි ජනිත කර ඇත. 1930දී හැමිල්ටන් වෙත ගෙන ආ McMaster විශ්ව විද්යාලය වර්තමානයේ 22,000ක් සිසුන් ඉගෙනුම ලබන සේම ඉන් 3න් 2ක්ම හැමිල්ටන් නුවරට පිටින් පැමිණි ශිෂ්‍යයෝය. [51][52] ඔන්ටාරියෝහි පිහිටි Brock University] of St. Catherines මුලිකවම ගුරු පුහුණුව සදහා පිහිටුවන ලද්දකි.[53]

හැමිල්ටන්හි විද්යාල අතර,

  • McMaster Divinity College, 1957දි ඇරඹි Baptist Convention of Ontario and Quebec අනුබද්ධිත ක්‍රිස්තියානි පුජක විද්‍යාලයකි.
  • Mohawk College,1967 ඇරඹි ව්‍යවහාරික කලා සහ තාක්ෂණය පුර්ණකාලීන සිසුන් 10,000ක්, අර්ධකාලීන සිසුන් 40,000ක් සහ පුහුණු සිසුන් 3000කින් යුක්ත වේ.[54]
  • Columbia International College කැනඩාවේ විශාලතම පෞද්ගලික නවාතැන් සහිත පාසලයි. රටවල් 73කින් පැමිණි සිසුන් 1700ක් මෙහි ඉගෙනුම ලබයි.[55]
  • Redeemer University College, 1982දි ඇරඹි නිදහස් කලාව සහ විද්යාව පිලිබඳ පෞද්ගලික විශ්ව විද්‍යාලයකි.[56]
McMaster සරසවි වෛද්‍ය ඒකකය

හැමිල්ටන් කලා සංරක්ෂනාගාරය ප්‍රදේශයේ තරුණ නළු නිළියනට, නැටුම් කරුවනට, සංගීතඥයන්ට, ගායකයන්ට සහ දෘශ්‍ය කලාකරුවන්ට විවිධ අවස්ථා ගෙන එයි. මෙම පාසැල යතුරු පුවරු චිත්‍රාගාරයක්, විශාල නර්තන චිත්‍රාගාර කීපයකින්, නුර්තන ශාලා සහ 300 දෙනෙකුට ආසන පහසුකම් ඇති සංගීත ශාලාවකින් යුක්ත වෙයි. මෙහිදී HCA වැඩසටහන් 90කින් අවුරුදු 3-93ත් අතර ඕනෑම කෙනෙකුට තම කලා කුසලතා සංවර්ධනය සදහා එකම වහලක් යටින් සේවා ලබා ගත හැක.[57]

1973දි ඇරඹි හැමිල්ටන් සාහිත්‍ය කවුන්සිලය ලාභ උපයීම අරමුණු කර නොගත් ආයතනයක් වන අතර එමගින් මුලික කියවීම, ලිවීම, ඉංග්‍රීසි කතාකරන අය සදහා ගණිතය ලෙස විවිධ විෂය ඉගැන්වේ. මෙහිදී ඒක පුද්ගල ගුරු-ගෝල ආකාරයට නොමිලේ ඉගෙනුම් කටයුතු සිදු කෙරෙයි.


හමිලන්හි Centre for Cultural Renewal and Cardus ද්වි බුද්ධි මණ්ඩලයක් ලෙස ක්‍රියා කරයි. සංස්කෘතික මධ්‍යස්ථානය,සමාජීය, සංස්කෘතික, ආර්ථික, අධ්‍යාපනය වැනි ක්ෂේස්ත්‍ර වල ක්‍රියාකාරීත්වයට සෘජුව දායක වන අතරම, LexView Policy Journal සහ Comment Magazine ප්‍රකාශයටපත් කරයි.[58]

සංස්කෘතිය[සංස්කරණය]

ඩුන්ඩර්න් මාලිගය

හැමිල්ටන් නුවර සතු ඓතිහාසික සහ සාමාජීය පසුබිම විදහා දැක්වෙන ස්ථාන රාශියක් පවතියි. ඒ අතර Canadian Warplane Heritage Museum, සැකිල්ල:HMCS National Historic Site (කැනඩාවේ වඩාත් ප්‍රකට වන්දනාමාන කරන ස්ථානයකි),[59] Dundurn Castle (Upper Canadaහි අගමැති වෙසෙන නිල නිවසයි),[60] Royal Botanical Gardens, Canadian Football Hall of Fame, African Lion Safari Park, Cathedral of Christ the King සහ Workers' Arts and Heritage Centre.[61] වේ.

1914දි අරඹන ලද හමිල්ටන්හි කලා ගැලරිය ඔන්ටාරියෝහි තෙවන විශාලතම පොදු කලා ගැලරිය වේ.[62]

McMaster Museum of Art (MMA), 1967දි අරඹන ලද අතර මෙහි 7000කට අධික ප්‍රදර්ශන භාණ්ඩ එකතුවක් පවතී.[63] ඒ අතර ඓතිහාසික, නවීන මෙන්ම අධ්‍යතන යුගයේ කලා ඇතුලත්ය.

හැමිල්ටන් නුවර සතුව නාට්‍ය සංස්කෘතියද පවතී. වෘත්තීය සමාගමක් වන Theatre Aquarius සහ නවක සමාගම් Players' Guild of Hamilton සහ Hamilton Theatre Inc.හි ක්‍රියාකාරීන් වේ. Woody Harrelson රහස් පරීක්ෂකයකු ලෙස රංගනයේ යෙදුනු 2009 තිර ගත වූ Defendor චිත්‍රපටය රූ ගත කර ඇත්තේ මෙහිය. එහි "Hammer Town" ලෙස කිහිපවරක්ම යොදා ගෙන ඇත්තේ හැමිල්ටන් සහ ටොරොන්ටෝ ප්‍රදේශයි.

විශිෂ්ට පුද්ගලයන්[සංස්කරණය]

සහෝදරි නගර[සංස්කරණය]

හැමිල්ටන් නුවර Flint, Michigan නුවර සහෝදරි නුවරක් ලෙස Canusa Gamesහිදී 1958දී එක්ව කටයුතු කර ඇති අතර එහිදී නවක ක්‍රීඩකයන් සදහා විශාල අවස්ථාවක් සැලසී ඇත.[64] 1957 සිට පවත එන මෙම නුවර අතර සම්බන්ධය කැනඩාවේ මෙන්ම ඇමරිකාවේද පැරණිම සම්බන්ධතාවයි.[65]

මෙම නගරද හැමිල්ටන් නුවර හා සහෝදරි නගර ලෙස සැලකේ:[66]

Other city relationships:[66]

මේවාද බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. Bailey, Thomas Melville (1991). Dictionary of Hamilton Biography (Vol II, 1876–1924). W.L. Griffin Ltd.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; memproj56-68 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. "Don't put The Hammer down; Hamilton's had lots of nicknames, but this one's like the city—no pretence," Paul Wilson, Hamilton Spectator, December 6, 2006, p. G2.
  4. 4.0 4.1 Provincial Statutes of Canada 1846 9° vict. pg 981 Chapter LXXIII. An Act to amend the Act incorporating the Town of Hamilton, and to erect the same into a City.
  5. 5.0 5.1 "Community Highlights for Hamilton (City)". 2001 Canadian Census. Statistics Canada. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  6. "Stats Canada 2006 Canadian Census: Hamilton, Ontario". Statistics Canada.
  7. Census Profile. 2.statcan.gc.ca. Retrieved on 2013-07-26.
  8. Minimum is Lake Ontario, maximum in Flamborough near Mountsberg Reservoir as per City of Hamilton GIS
  9. Mackenzie, Ann. "A Short History of the United Empire Loyalists" (PDF). United Empire Loyalists' Association of Canada. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  10. 10.0 10.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; WEAVER1985 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. "Dufferin Masonic Lodge No. 291 A.F. & A.M." සම්ප්‍රවේශය ජනවාරි 4, 2009.
  12. "A Brief History of Grand Lodge of Canada in the Province of Ontario:1855 ~ 2005 Then and Now". Grand Lodge of Canada in the Province of Ontario. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.(Requires navigation to article).
  13. "Cataract Traction," by John M. Mills (Canadian Traction Series, Volume 2)(1971).
  14. "The Hamilton Memory Project; STUDEBAKER" (Press release). The Hamilton Spectator–Souvenir Edition. ජූනි 10, 2006. p. MP45.
  15. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; HISINDI නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  16. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; amalgprovles නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  17. 17.0 17.1 Manson, Bill (2003). Footsteps in Time: Exploring Hamilton's heritage neighbourhoods. North Shore Publishing Inc. ISBN 1-896899-22-6.
  18. Full text of "Plastimet Inc. fire Hamilton, Ontario : July 9-12, 1997 /". Archive.org. Retrieved on 2013-10-31.
  19. Deadly legacy: Is Plastimet killing firefighters?. Thespec.com. Retrieved on 2013-10-31.
  20. Seward, Carrie. "About Hamilton; Physical features". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  21. Watson, Milton (1938). Saga of a City. The Hamilton Spectator.
  22. Soderstrom, Mary (2006). Green City: People, Nature & Urban Places. Independent Pub Group. ISBN 1-55065-207-9.
  23. Lawson, B. (ජනවාරි 26, 2007). "Green City". The Hamilton Spectator. p. Go-7.
  24. "Burlington Bay/ Beach strip, Hamilton harbour, Skyway Bridge". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008. (Requires navigation to relevant articles.)
  25. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; headlake නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  26. "A History of the city of Hamilton". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  27. 27.0 27.1 Bailey, Thomas Melville (1981). Dictionary of Hamilton Biography (Vol I, 1791–1875). W.L. Griffin Ltd. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "HAMBIO1" defined multiple times with different content
  28. Weaver, John C. "Dictionary of Canadian Biography: George Hamilton". University of Toronto. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  29. Hamilton Conservation Authority. "HCH History: A Long History ..." ජූනි 7, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූනි 21, 2007.
  30. City of Hamilton. "Hamilton Conservation Authority: City Parks". myhamilton.ca. සැප්තැම්බර් 26, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  31. "Bruce Trail Association". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  32. "The Hamilton Memory Project" (Press release). The Hamilton Spectator- Souvenir Edition. ජූනි 10, 2006. p. MP38.
  33. Township of Barton. "Barton township population: 1816". Hamilton Public Library. සැප්තැම්බර් 26, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  34. "Hamilton: Third highest proportion of foreign-born in Canada at 24.4%". 2006 Canadian Census. Statistics Canada. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  35. Van Dongen, Matthew (පෙබරවාරි 12, 2014). "Hamilton to become 'sanctuary city' for newcomers who fear deportation". The Hamilton Spectator. පෙබරවාරි 25, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අප්‍රේල් 4, 2014.
  36. Nursall, Kim (පෙබරවාරි 12, 2014). "Hamilton declares itself 'sanctuary city' for undocumented immigrants". Toronto Star.
  37. "Hamilton: The top countries of birth for the newcomers arriving in Hamilton in the 1990s". 2001 Canadian Census. Statistics Canada. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  38. 2006 Community Profiles – Census Subdivision, http://www12.statcan.ca/english/census06/data/profiles/community/Details/Page.cfm?Lang=E&Geo1=CSD&Code1=3525005&Geo2=PR&Code2=35&Data=Count&SearchText=Hamilton&SearchType=Begins&SearchPR=01&B1=All&GeoLevel=&GeoCode=3525005, ප්‍රතිෂ්ඨාපනය April 4, 2014 
  39. http://www12.statcan.gc.ca/nhs-enm/2011/dp-pd/prof/details/page.cfm?Lang=E&Geo1=CSD&Code1=3525005&Data=Count&SearchText=Hamilton&SearchType=Begins&SearchPR=01&A1=All&B1=All&GeoLevel=PR&GeoCode=3525005&TABID=1
  40. StatCan06, http://www12.statcan.ca/english/census06/data/highlights/ethnic/pages/Page.cfm?Lang=E&Geo=CSD&Code=3525005&Data=Count&Table=2&StartRec=1&Sort=3&Display=All&CSDFilter=5000, ප්‍රතිෂ්ඨාපනය April 4, 2014 
  41. "NHS Profile, Hamilton, C, Ontario, 2011". Statistics Canada.
  42. "Portrait of the Canadian Population in 2006: Sub-provincial population dynamics, Greater Golden Horseshoe". Statistics Canada, 2006 Census of Population. මාර්තු 13, 2007. සම්ප්‍රවේශය අගෝස්තු 20, 2008.
  43. "Fast Facts from Hamilton's Past (www.myhamilton.ca)". Hamilton Public Library. සැප්තැම්බර් 29, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  44. Schneider, Joe (ජනවාරි 24, 2006). "Hamilton Steel capital of Canada". International Herald Tribune. ඔක්තෝබර් 15, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  45. Wines, Leslie (දෙසැම්බර් 24, 2004). "Stelco has returned to profitability". CBS Market Watch. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  46. McacIntyre, Nicole (අප්‍රේල් 16, 2007). "Airport land 'key to future'". The Hamilton Spectator.
  47. Brennan, Shannon (ජූලි 24, 2012). "Police-reported crime statistics in Canada, 2011" (PDF). Statistics Canada.
  48. Allen, Mary (ජූලි 11, 2013). "Police-reported hate crime in Canada, 2011" (PDF). Statistics Canada.
  49. "Municipal Act, 2001 (Requires navigation to article)". Ontario. ජූනි 21, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  50. "Provincial Offences Act (Requires navigation to article)". Ontario. ජූලි 4, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  51. "McMaster's Economic Impact on the Hamilton Community". McMaster University. ඔක්තෝබර් 16, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  52. "McMaster University Office of Public Relations". සම්ප්‍රවේශය සැප්තැම්බර් 9, 2008.
  53. "Brock University: Official web site". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  54. "Mohawk College of Applied Arts & Technology". මැයි 16, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  55. "Columbia International College: At a glance". සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2013.
  56. "About Redeemer". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  57. "Hamilton Conservatory for the Arts". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  58. [1]
  59. "Parks Canada HMCS Haida website". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  60. "Dundurn Castle". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  61. [2] Workers Arts and Heritage Centre Website
  62. "Art Gallery of Hamilton". සම්ප්‍රවේශය ජූලි 21, 2008.
  63. "McMaster University Fact Book 2009–2010" (PDF). International Research & Analysis, McMaster University. නොවැම්බර් 2010. සම්ප්‍රවේශය අගෝස්තු 2, 2011.
  64. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; memproj56 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  65. "About Sister Cities of Flint Michigan". ඔක්තෝබර් 19, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  66. 66.0 66.1 "Hamilton Ontario Sister Cities". සැප්තැම්බර් 26, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 4, 2008. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  67. "Hamilton Ontario Sister Cities". සැප්තැම්බර් 26, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජනවාරි 24, 2008.
  68. "Maanshan, China". The Hamilton Mundialization Committee.
  69. "Mangalore, India". The Hamilton Mundialization Committee.
  70. "Monterrey, Mexico". The Hamilton Mundialization Committee.
  71. "Racalmuto, Sicily Italy". The Hamilton Mundialization Committee.
  72. "Sarasota Sister Cities". සම්ප්‍රවේශය ජනවාරි 4, 2008.
  73. "Shawinigan, Quebec Canada". The Hamilton Mundialization Committee.
  74. "Valle Peligna, Abruzzo Region Italy". The Hamilton Mundialization Committee.

බාහිර සම්බන්දක[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හැමිල්ටන්,_ඔන්ටාරියෝ&oldid=602302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි