සොරඹුව

විකිපීඩියා වෙතින්
ඇල්සිබියාඩ්ස් අනියම් බිරිඳ ඉදිරියේ ඔහුගේ දණ නමමින් (c.1781)
ඇල්සිබියාඩ්ස් අනියම් බිරිඳ ඉදිරියේ ඔහුගේ දණ නමමින් (c.1781)

අනියම් බිරිඳක යනු විවාහ වී සිටින පිරිමියකු සමග දීර්ඝ කාලීන ව ආදර සම්බන්ධතා මෙන් ම ලිංගික සම්බන්ධතා ද​​ පවත්වන කාන්තාවකි.

විස්තර[සංස්කරණය]

අතීත රාජකීයන් එක් ස්ත්‍රියක් පමණක් නොව මුළු අන්තඃපුරයක් ම ඇසුරු කළ බව ප්‍රසිද්ධ කරුණකි. කෙසේ වෙතත් අතීතයේ පටන් ඇතැම් පුරුශයින් එක් ස්ත්‍රියකට පමණක් සීමා වූයේ නැත​. ඔවුහු බහුස්ත්‍රී සේවනයෙහි යෙදුනෝ ය​. එකල බොහෝ විට ස්ත්‍රීන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් සමඞ විවාහ වීම ද දක්නට ලැබිණ​. කෙසේ වෙතත් මෙලෙස පුරුශයා තවත් ස්ත්‍රියක් හා විවාහ වීම තම බිරිඳගේ ද අභිමතය අනුව සිදු වූ අතර එයට ඇගේ විරුද්ධත්වයක් නොතිබිණ​.කෙසේ වෙතත් එයට විරුද්ධත්වයක් ඇති විට දී සොරඹුවකගේ අවශ්‍යතාව පැන නැගිණ​.

මධ්‍ය කාලීන යුරෝපයේ පුනරුදයත් සමඞ විශාල ධනවතුන් බිහි වී සිටියහ​. මෙලෙස බිහි වූ ධනවතුන් හට තවත් පවුලක් නඩත්තු කිරීමට පවා හැකියාව ලැබිණ​. එබැවින් ඔවුන් තවත් කාන්තාවක් නඩත්තු කළහ​​. මෙම කාන්තාව බොහෝ විට සුන්දර යුවතියක් විය​. ඇගේ වගකීම වූයේ තම ස්වාමියාගේ ලිංගික අවශ්‍යතා ඉටු කිරීමයි. කෙසේ වෙතත් මෙම සම්බන්ධය රහසිගත ස්වභාවයක් ගන්නා නමුදු දීර්ඝ කාලීන වේ.

වර්තමානයෙහි බොහෝ විට තම නීත්‍යානුකූල බිරිඳ හැරුණු විට වෙනත් ස්ත්‍රියක් ලිංගික ව ඇසුරු කිරීම නීතියෙන් තහනම් වේ. මෙලෙස සම්බන්ධයන් පවත්වාගෙන යෑම පංච ශීලයට සහ වෙනත් බොහෝ ආගමික න්‍යාන් වලට විරුද්ධ වන අතර එය පාපී ක්‍රියාවක් ලෙස ද දැක්වේ. තවද මෙලෙස පරඹුවන් ඇසුරු කිරීම දැඩි ලෙස විරුද්ධත්වයක් දැක්වෙන අතර කිසිසේත් අනුමත නොකෙරේ. තවද සොරඹුවන් ඇසුරු කරන පුද්ගලයින් මානසිකව මෙන් ම විවිධාකාර ලෙස පිරිහෙන බවට ද හෙළි වී ඇත​.

Jacopo Tintoretto 018සැමියෙකු තම බිරිදට තම අනෙක් බිරිද පෙන්වමින්Falstaff Wooing Mistress Ford

"https://si.wikipedia.org/w/index.php?title=සොරඹුව&oldid=588362" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි