සුමෙයාර්

විකිපීඩියා වෙතින්

සුමෙයාර් යනු, කැල්කෝශිලා සහ මුල් ලෝකඩ යුගය තුලදී, දකුණු මෙසපොටේමියාවේ, වර්තමාන දකුණු ඉරාකයේ සහ කුවේටයේ, පැවති පුරාතන ශිෂ්ටාදාරයක් සහ ඓතිහාසික භූමි ප්‍රදේශයකි. ප්‍රදේශයේ පැරණිතම ලේඛන ක්‍රම ක්‍රිපූ 3500 පමණ ඉක්මවා නොගියද, සුමේරියානු භාෂාව කථා කල හෝ එසේ නොකල හෝ සෙමිටික්-නොවන ජන කොටසක් විසින්, ක්‍රිපූ 5500 සහ 4000 පමණ අතර කාලයේ, සුමෙයාර් පෙදෙස මුලින්ම ස්ථීර වශයෙන් ජනාවාස වූබව නූතන ඉතිහාසඥයින් විසින් (නගර වල, ගංගා වල, මූලික වෘත්තීන්ගේ ආදියෙහි නම් අනුව සාක්ෂ්‍ය ඉදිරිපත් කරමින්) යෝජනා කෙරෙයි.[1][2][3][4]මෙම අනුමානය කෙරෙන, ප්‍රාග්‍-ඓතිහාසික ජනයා දැන් හැඳින්වෙන්නේ "ප්‍රාක්-යුප්‍රේටියානුවෝ" හෝ "උබේඩියානුවෝ" ලෙසින් වන අතර,[5] උතුරු මෙසපොටේමියාවේ (ඇසිරියාවේ) සමර්රා සංස්කෘතිය වෙතින් විකාශනය වූ බවට අනුමාන වශයෙන් සැලකෙයි .[6][7][8][9] කෘෂිකර්මය සඳහා ගොහොරු බිම් වල දිය බස්වමින්, වෙළෙඳාම ප්‍රවර්ධනය කරමින් සහ, වීවීම, හම් කර්මාන්තය, ලෝහ කර්මාන්තය, මේසන් වැඩ සහ කුඹල් කර්මාන්තය ඇතුළු කර්මාන්ත පිහිටුවමින්, සු‍මෙයාර් ප්‍රදේශයේ ශිෂ්ටාචාරය ඇතිකරලීමේ පළමු බලවේගය වූයේ උබේඩියානුවෝ වූහ.[5] කෙසේවෙතත්, පියා්ටර් මිකෝලෝස්කි සහ ගර්ඩ් සිටයිනර් වැනි සමහරක් ප්‍රාඥයෝ, ප්‍රාක්-යුප්‍රේටියානු භාෂාවක් හෝ එක් උපස්තර භාෂාවක් පැවැති බව දක්වන අදහස හා විසංවාද කරති. ඔවුන් සහ අනෙකුන් විසින් යෝජනා කර සිටිනුයේ, සුමේරියානු භාෂාව මුලින්ම කතා කරනු ලැබුවේ, ගොහොරු බිම්හී සහ නැගෙනහිර අරාබියානු සමුද්‍රාශිත භූමි ප්‍රදේශයේ ජීවත්වූ දඩයක්කාර සහ ධීවර ජනතාව විසින් බවත්, ඔවුන් අරාබියානු ද්විමුඛ සංස්කෘතියෙහි කොටසක් වූ බවත්ය.[10] විශ්වසනීය ඓතිහාසික වාර්තා එළිදැක්වුනේ මින් බොහෝ කලකට පසුවය; එන්මෙන්බරාජ්සිට (ක්‍රිපූ 26වන සියවස පමණ) පෙරාතුව දින දැක්වෙන එවන් කිසිදු සාක්ෂ්‍යයක් සු‍මෙයාර් පිළිබඳ නොමැත.

සටහන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "http://oi.uchicago.edu/OI/MUS/ED/TRC/MESO/writing.html සංරක්ෂණය කළ පිටපත 2013-11-05 at the Wayback Machine"
  2. "http://www.metmuseum.org/toah/hd/ubai/hd_ubai.htm"
  3. "https://www.britishmuseum.org/explore/highlights/articles/u/ubaid_culture.aspx"
  4. "http://oi.uchicago.edu/pdf/saoc63.pdf සංරක්ෂණය කළ පිටපත 2014-03-21 at the Wayback Machine"
  5. 5.0 5.1 "සුමෙයාර් (එන්ෂන්ට් රීජන්, ඉරාක්)". බ්‍රිටැනිකා ඔන්ලයින් එන්සයික්ලොෆීඩියා. Britannica.com. සම්ප්‍රවේශය 2012-03-29.
  6. ක්ලෙනිව්ස්කි, නැන්සි; තෝමස්, ඇලෙක්සැන්ඩර් ආර් (2010-03-26). "සිටීස්, චේන්ජ්, ඇන්ඩ් කන්ෆ්ලික්ට්: අ පොලිටිකල් ඉකොනමි ඔෆ් අර්බන් ලයිෆ්". ISBN 978-0-495-81222-7. {{cite journal}}: Cite journal requires |journal= (help)
  7. මෙයිසල්ස්, චාල්ස් කීත් (1993). "ද නියර් ඊස්ට්: ආකියෝලොජි ඉන් ද "ක්‍රේඩ්ල් ඔෆ් සිවිලිෂේෂන්"". ISBN 978-0-415-04742-5. {{cite journal}}: Cite journal requires |journal= (help)
  8. මෙයිසල්ස්, චාල්ස් කීත් (2001). "අර්ලි සිවිලිෂේෂන්ස් ඔෆ් දි ඕල්ඩ් වර්ල්ඩ්: ච ෆෝර්මේටිව් හිස්ට්‍රීස් ඔෆ් ඊජිප්ට්, ද ලෙවෑන්ට්, මෙසපොටේමියා, ඉන්ඩියා ඇන්ඩ් චයිනා". ISBN 978-0-415-10976-5. {{cite journal}}: Cite journal requires |journal= (help)
  9. ෂෝ, ඉයන්; ජේම්සන්, රොබර්ට් (2002). "අ ඩික්ෂනරි ඔෆ් ආකියෝලොජි". ISBN 978-0-631-23583-5. {{cite journal}}: Cite journal requires |journal= (help)
  10. මාගාරීතෙ උයිපර්මාන් (2007), "ස්ට්‍රක්චරින් ද ලේට් ස්ටෝන් ඒජ් ඔෆ් සවුත්ඊස්ටර්න් අැරේබියා" (අරාබියානු පුරාවිද්‍යාව සහ අභිලේඛ විද්‍යාව අරාබියානු පුරාවිද්‍යාව සහ අභිලේඛ විද්‍යාව වෙළුම 3, නිකුතුව 2, පිටු 65–109)
"https://si.wikipedia.org/w/index.php?title=සුමෙයාර්&oldid=593834" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි