සුපිරි සන්නායකතාව
Wikipedia වෙතින්
සුපිරි සන්නායකතාව යනු සමහරක් ද්‍රව්‍යයවල, සාමාන්‍යයෙන් අතිශයින්ම පහළ උෂ්ණත්වලදී පමණක් හටගන්නා, තථ්‍ය ලෙසින් ශූන්‍ය විද්‍යුත් ප්‍රතිරෝධයක් සහ අභ්‍යන්තර චුම්භක ක්ෂේත්‍රයේ නිෂේධනය (මෙයිස්නර් ආචරණය) මගින් ලාක්ෂණික වන සංසිද්ධියකි. හෙයික් කැමලිං ඔනෙස් විසින් 1911 දී මෙය සොයාගන්නා ලදි. අයස්චුම්කත්වය හා පරමාණුක වර්ණාවලී රේඛාවන් සේම, සුපිරි සන්නායකතාවය යනු ක්වොන්ටම් යාන්ත්‍රික සංසිද්ධියකි. මෙය සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි "පරිපූර්ණ සන්නායකතාවය"ක් ලෙසින් සලකා ලුහු කොට සරළව අවබෝධ කර ගත නොහැක.
උෂ්ණත්වය පහළ බැසීමත් සමගම ලෝහ සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධතතාව ක්‍රමයෙන් අඩුවේ. කෙසේ නමුත් තඹ හා රිදී වැනි සාමාන්‍ය සන්නායකයන් විෂයයෙහිදී, අපද්‍රව්‍ය හා වෙනත් දෝෂ පැවතීම හේතුවෙන් ප්‍රතිරෝධකතාව පහළ බැසීම කෙරෙහි අවම සීමාකාරී අගයක් පැනවේ. නිරපේක්ෂ ශූන්‍යය ආසන්නයේ දී පවා සැබෑ තඹ සාම්පලයක් ශූන්‍ය නොවන ප්‍රතිරෝධයක් පෙන්වයි. අනෙක් අතට සුපිරි සන්නායකයකදී, ඉහත දෝෂ තිබියදී පවා, "අවධි උෂ්නත්වය"ට පහළ අගයක් දක්වා සිසිල් කල වහාම, එහි ප්‍රතිරෝධය එක්වරම ශූන්‍යය අගයක් දක්වා පහත වැටේ. සුපිරි සන්නායක කම්බි පුඩුවක් තුළින් ගලන විදුලි ධාරාවකට බල සැපයුමක් නොමැතිව අත්‍යන්තව නොනැසී පැවතිය හැකිය. [1]
ටින් හා ඇලුමිනියම් වැනි සරළ මූලද්‍රව්‍යයන්, බොහෝ ලෝහමය මිශ්‍රණයන් සහ සමහරක් අධි-මාත්‍රිත අර්ධ සන්නායකයන් ඇතුළු, පුළුල් පරාසයකට අයත් ද්‍රව්‍ය සමූහයක සුපිරි සන්නායකත්වය ඇතිවේ. රන් හා රිදී වැනි උච්ච ලෝහයන් හී මෙන්ම අයශ් චුම්බකිත ලෝහයන් හි ශ්‍රද්ධ සාම්පලයන් තුලදීද, සුපිරි සන්නායකතාවය ඇති නොවේ.
අධි-උෂ්නත්ව සුපිරි සන්නායකයන් ලෙසින් හැඳින්වෙන, කෙල්වින් 90 කට වැඩි අවධි උෂ්නත්වයන් සහිත, කියුප්‍රේට්-පෙරොව්ස්කයිට් සෙරමික් ද්‍රව්‍යයන් කුලයක්, 1986 දී සොයාගැනීමත් සමගම, විවිධ හේතූන් නිසා, සුපිරිසන්නාකතාවය පිළිබඳ උනන්දුව සහ පර්යේෂණ ක්‍රියාවලිය ප්‍රාණවත් පෙළඹවීමකට ලක් විය. ශුද්ධ පර්යේෂණ මාතෘකාවක් ලෙස ගත් කල, මෙම ද්‍රව්‍යයන් නියෝජනය කලේ වත්මන් මත වාදයන් විසින් පැහැදිලි නොකෙරුනු නව සංසිද්ධියකි. ආර්ථික වශයෙන්-වැදගත් ද්‍රව නයිට්‍රජන් හි තාපාංකය (කෙල්වින් 77) අභිබවන්නාවූ හා, එබැවින්ම සාක්ෂාත් කරගැනුම පහසුවන උෂ්ණත්වයන් හි පවා, සුපිරි සන්නායක තත්ත්වය ළඟා කර ගැනුමට ඇති හැකියාව නිසාවෙන්, විශේෂයෙන් දැනට වඩා අධික අවධි උෂ්ණත්වයක් සහිත ද්‍රව්‍යයන් සොයාගතහොත්, සාධ්‍ය වාණිජමය නියැලුම් බොහෝ සංඛ්‍යාවක් භාවයක් ඉස්මතු වී දිස්වන්නට විය.
[සංස්කරණය] ආශ්‍රිත
- ↑ SQUIDS, the Josephson Effects and Superconducting Electronics, John C. Gallop, CRC Press, 1990, pg. 20. ISBN 0750300515
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
මෙම ලිපියේ මූලික පරිවර්තනය, ඉංග්‍රීසි විකිපීඩියාව වෙතින් සිදුකර ඇත්තේ, ෆෙලිඩේ සංවිධානය http://www.felidae.lk විසිනි. මෙසේ පරිවර්තනය කෙරුණු මූලික අනුවාදය, එහි නිරවද්‍යතාවය හා තත්ත්වය පිළිබඳව, ප්‍රවීණයන් මඬුල්ලකගේ පරිශීලනයට ලක්ව ඇත. මෙම කටයුත්තට මුලපුරා අනුග්‍රහය දක්වන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය, http://www.icta.lk විසිනි. ග්‍රාමීය ප්‍රජාවන් වෙත මෙහි ප්‍රවේශය ලබා දීම හා අනුග්‍රහය, ප්‍රැක්ටිකල් ඇක්ෂන් (පූර්වයේ ITDG), http://practicalaction.org/?id=region_south_asia විසිනි.