සිලාචේතිය

විකිපීඩියා වෙතින්
සිලාචේතිය

ශ්‍රී ලංකාවේ අනුරාධපුර රුවන්වැලිසෑ පුදබිමට ආසන්නව සිලාචේතිය ඉදිකොට තිබේ. මෙම දාගැබ කුජ්ජ තිස්ස යන නමින්ද හඳුන්වයි.

ඉතිහාසය[සංස්කරණය]

සිලාචේතිය, සද්ධාතිස්ස රජ සමය (ක්‍රි. පූ. 137-119) වන විටද නිර්මාණය වී තිබූ ථූපයක් ලෙස සැළකේ. මහාවංශයට සහ මනෝරථපුරණියට අනූව මෙම ථූපය සිලාචේතිය ලෙස හඳුන්වා ඇත. මනෝරථපුරණියේ දැක්වෙන ආකාරයට, සද්ධාතිස්ස රජු දවස කුජ්ජතිස්ස මහ රහතන් වහන්සේගේ දේහය අහසින් ගමන් කොට මෙම ශිලාචේතිය අසල මහා ප්‍රාතිහාර්යයක් පෑ බව සඳහන් වේ.

වර්ථමාන ඉදිකිරීම අනුරාධපුර යුගයේ අවසාන භාගයට අයත් නිර්මාණ ලක්ෂණ වලින් යුක්ත වේ. 19 වන සියවසේදී ස්කිනර් මහතා විසින් නිර්මාණය කරන ලද සිතියම්හීද මෙම ථූපය ශිලා චේතිය ලෙස දක්වා ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සිලාචේතිය&oldid=399941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි