සැප්තැම්බර් 11 ප්‍රහාර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සැප්තැම්බර් 11 ප්‍රහාර

From top to bottom: the World Trade Center burning; the Pentagon collapses; Flight 175 crashes into WTC 2; a fireman requests help at Ground Zero; an engine from Flight 93 is recovered; Flight 77 crashes into the Pentagon.
ස්ථානය New York City; Arlington County, Virginia; and near Shanksville, Pennsylvania.
දිනය Tuesday, September 11, 2001
Tuesday, September 11, 2001 8:46 am (Tuesday, September 11, 2001 8:46 am-8:46 am) – 10:28 am (2001-09-11UTC10:29) (UTC-4)
ප්‍රහාර මාදිලිය Aircraft hijacking, mass murder, suicide attack, terrorism
මරණ Approximately 3,000 (including 19 hijackers)
තුවාලකරුවන් More than 6,000
අපරාධකරුවෝ Al-Qaeda led by Osama bin Laden
(see also Responsibility and Hijackers)

සැප්තැම්බර් 11 වනදා උදෑසනම ත්‍රස්තවාදීන් 19 ලොගන් ජ්‍යාතන්තර ඩල්ස් ජ්‍යාතන්ත රසහ හෙවාර්ක් ගුවන් තොටුපලවල් වල සිට කැලිෆෝනියා වෙත ගමන් කරමින් සිටි වෙළද ගුවන් යානා හතරක් පැහැර ගන්නා ලදී. ත්‍රස්තවාදීන් ඇමරිකන් එයාර් ලයින්ස් ෆ්පයිට් 11 සහ යුනයිටඩ් එයාර්ලයින්ස් ෆ්ලයිට් 175 යන යානා දෙක උතුරැ හා දකුණු කුළු‍ණ වෙත පියාසර කරවන ලදී. තවත් ගුවන් කොල්ලකරැවන් පිරිසක් ඇමරිකන් එයාර්ලයින් ෆ්ලයිට් 77 පෙන්ටගනයත් 4වන යානාව වන යුනයිටඩ් එයාර්ලයින් ෆ්ලයිට් 93 ඇ.එ.ජ මහ මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ හැපීමට ප්‍රථම පෙනිසිල්වේනියා හී හැන්ක්ස්විල් හිදී අනතුරට පත් විය.

යානා පැහැර ගන්නා අතරතුර සමහර මගින් හා ගුවන් සේවකයන්ට ගුවන් දුරකතන හා පෞද්ගලික දුරකතන මගින් ඇමතුම් ලබා ගැනීමට හැකිවී ඇත. ඔවුන් පවසා ඇත්තේ ගුවන් යානය තුල ගුවන් කොල්ලකරුවන් කිහිපදෙනෙක් ඇති බවයි. ත්‍රස්තවාදින් විසින් පිහි සහ බොක්ස් කටර් නිවී පිහි යොදාගෙන ගුවන් යානා සේවකයන් සහ අවම වශයෙන්, යානා 11 හි නියමු ජෝන් ඔගොනොවිස්කිද ඇතුළුව, එක් මගියෙක් හෝ එක් නියමුවෙක් මරා දමන්නට ඇතැයි සැළකේ. පළමු පංතියේ මැදිරියෙන් මගින් ඇත්ව තැබිම පිණිස ත්‍රස්තවාදීන් විසින් ඇමරිකන් 11 හා යුනයිටඩ් 175 යානාවන් හිදි කදුළු ගෑස් හෝ ගම්මිරිස් ඉසිනයක් යොදා ගෙන ඇතැයි හෙළිදරව් වී ඇත. 9/11 කොමිසමේ වාර්තාවට අනුව බෝම්බ ඇත්ත ඒවා නොවේ. එම 9/11 වාර්තාවට අනුව යානා පැහැරගත් අය අතරින් දෙදෙනෙකු ලේදර්මන් බහු කාර්ය අත් ආයුධය මිලදී ගෙන ඇත.

2001 සැප්තැම්බර් 11 වනදා ප්‍රහාරයට පිළිතුරක් වශයෙන් ඇ.එ.ජනපදය දියත් කරන ලද හමුදාමය, දේශපාලණමය සහ නිතීමය ක්‍රියාමාර්ග පොදුවේ ˝ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය˝ යනුවෙන් හැදින්වේ. ඇ.එ.ජ ජනපදයට අනුව මෙම ක්‍රියාමාර්ගයේ ප්‍රධාන අභිලාෂ වන්නේ ත්‍රස්තවාදී තර්ජන මැඩපැවැත්වීම, ත්‍රස්තවාදී ක්‍රියාවන් වැළැක්වීම සහ අල්-කයිඩා වැනි සංවිධානවල බලපෑමඅවම කිරිමයි. මෙම යුද්ධය සහ එහිදී භාවිතා වන ප්‍රතිපත්තීන් නිරන්තර විවාදයට ත්‍රඩු දෙන කාරනා බවට පත්ව ඇත. විවේචකයින් තර්ක කරන පරිදි ඒකපාර්ශවීය‍ව සතුරන් නිෂ්ක්‍රීය කරන යුද්ධයක්, මානව අයිතිවාසිකම් උල්ලංගණය සහ වෙනත් ජ්‍යාතන්තර නීති උල්ලංගණය සාධාරණීකරණය කිරිමට මෙය යොදා ගෙන ඇත.

බලන්න: ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ලැයිස්තුව 20වන ශතවර්ෂයේ අග භාගය පුරා ත්‍රස්තවාදී සංවිධාන විසින් ඇ.එ.ජට සහ එහි මිත්‍ර රටවල් වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන ලදී. 1998 කෙන්යා හා ටැන්සානියා තානාපති කාර්්‍යාල වලට එල්ල වු ප්‍රහාර වලට පසුව බිල් ක්ලින්ටන් විසින් සුඩාන හා ඇෆ්ගනිස්ථාන අල්කයිඩා ඉලක්කවලට එරෙහිව බෝම්බ ප්‍රහාර එල්ල කරමින් අසීමාන්තික මෙහෙයුම ආරම්භ කරන ලදී. මෙම ඉලක්ක අතරට සුඩානයේ 90% වන මැලේරියා මර්දන ඖෂධ නිපදවන ඖෂධ කර්මාන්ත ශාලාවක් ද විය. 2000 ඔක්තෝම්බර් වන විට 2001 සැප්තැම්බර් ප්‍රහාරයට ප්‍රතිඋත්තරයක් ලෙස ඇ.එ.ජ Cole බෝම්බ ප්‍රහාර දියත් කරන ලදී. පසුව සදහන් කළ ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපදය පුරා ¨තීරණාත්මක ප්‍රතිචාර ¨ මගින් සිවිල් වැසියන් තවදුරටත් ඝාතනය වන බවට තර්ක ඉදිරිපත් වියි. බුෂ් පරිපාලනය මගින් ඉරාක ආක්‍රමණය සාධාරණීකරණය කිරිමට ¨ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය¨ යොදා ගැනීම ප්‍රධාන වශයෙන් මතබේදයට තුඩු දුන් කාරණයකි. අල්කයිඩා හා සදාම් හුසේන් අතර සෘජු සම්බන්ධයක් තිබුනේ යැයි ඉදිරිපත් වු මත මෙම සිද්ධිය විමර්ෂණයට ලක් කරන සියළු පරික්ෂණ කන්ඩායම් බැහැර කර ඇත. වර්ෂ 2001දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කළ 1373 යෝජනාවට අනුව සියළු රටවල් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සහය නොදැක්වීම, මුල්‍ය ආධාර සහ රැකවරණය ලබා නොදීඹ මෙන්ම ත්‍රස්කවාදී ක්‍රියා සැළසුම් කරන කණ්ඩායම් සදහා තොරතුරැ ලබා දීම වැළැක්වීමට රටවල් කටයුතු කළ යුතු වේ. වර්ෂ 2005 දී ආරක්ෂක මණ්ඩලය විසින් 1624 යෝජනාවට අන්ව රටවල් ජ්‍යාතන්තර මානව අයිතිවාසිකම් නිතීන්ට අනුකූලව ක්‍රියා කිරිමේ අවශ්‍යතාවය සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරිම පෙළඹවීම යන කාරනා අන්තර්ගත වේ.කෙසේ වුවත් මෙම යෝජනා 2න්ම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම පිළිබදව අනිවාර්‍යය වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වුවද ඇ.එ.ජ. හා ඊශ්‍රාලය යන රටවල් 2 විසන්ම එම වාර්තාව ඉදිරිපත් කිරිම පැහැර හැර ඇත.

ප්‍රහාර[සංස්කරණය]

අංක 175 දරණ ගුවන් යානය ලෝක වෙළඳ මධ්යවස්ථාන දකුණු කුළුණේ ගැටීමේ සිද්ධිය

2001 සැප්තැම්බර් 11 වන දා උදෑසන ත්ර ස්තාවාදීන් 19 ක් විසින් ලෝගන්, ඩලස් හා නෙවාක් ගුවන් තොටුපලවලින් කැලිෆෝනියා දක්වා ගමන් ගත් ගුවන් යානා 4ක් පැහැර ගන්නා ලදී. ඇමරිකානු ගුවන් සේවාවට අයත් අංක 11 දරණ ගුවන් යානය හා එක්සත් ගුවන් සේවයට අයත් අංක 175 දරණ ගුවන් යානය යන ද්විත්වය ලෝක වෙළඳ මධ්යනස්ථානයේ උතුරු හා දකුණු කුළුණු වෙත ගොස් ගැටිණ. තවත් ගුවන් කොල්ලකරුවන් පිරිසක් අංක 77 දරණ ඇමරිකානු ගුවන් සේවාවට අයත් අංක 93 දරණ ගුවන් යානාවේ ඉලක්කය ඇමරිකාවේ මහා මන්ත්රහණ සභා ‍ගොඩනැඟිල්ල වුවත් එය පෙනිසිල්වේනියාවේ ශක්ස්විල් පෙදෙසට කඩා වැටිණි.

ගුවන් යානා පැහැර ගැනීම සිදුවන අතරෙහි සමහර මඟීන් සහ ගුවන් සේවකයන් ගුවන් යානාවල දුරකතන හා ජංගම දුරකථන නාවිකයෙන් ඇමතුම් ලබා දීමට සමත් විය. ඔවුන් කියා සිටියේ තම ගුවන් යානා පැහැර ගැනීමකට ලක්ව ඇති බවයි. පිහි යොදා ගනිමින් කොල්ලකරුවන් ගුවන් යානාවන්හි බලය තම කණ්ඩායම වෙතට ලබා ගත් අතර එයට විරුද්ධ වන අයෙක් මරා දැමීමටත් ඔවුන් පසුබට නොවූහ. අංක 11 දරණ ගුවන් යානාවේ කපිතාන් “ජෝන් ඔගොනොව්ස්කි” ද එසේ මිය ගිය අයෙකි. අංක 11 සහ 175 දරණ ගුවන්වල මගින් පළමු පෙළ මැදිරිවලින් පලවා හැරීමට සැර විසිරණ වර්ග හා කඳුළු ගෑස් වැනි විෂ ද්ර ව්ය යොදා ගෙන ද ඇත. 9/11 ප්රරහාරයේ කොමිසමට අනුව කොල්ලකරුවන් විසින් බෝම්බ භාවිතා කළා යැයි ඇති ප්ර.කාශය අසථ්යට එකක් බවට ඔප්පු කර ඇත. කොල්ලකරුවන් දෙදෙනෙක් ප්රකහාරයට ආසන්න දිනක දී “ලෙදර්මෑන්” වර්ගයේ බහු කාර්ය පිහි මිළට ගෙන ඇති බව කොමිසම විසින් අනාවරණය කර ගෙන ඇත.

අංක 93 දරණ ගුවන් යානාවේ “කළු පෙට්ටියේ” පටිගත වී ඇති ආකාරයට කාර්යය මණ්ඩලය හා මඟීන් ගුවන් යානාවේ බලය කොල්ලකරුවන්ගෙන් ලබා ගැනීමට ක්රිරයා කළේ තවත් ගුවන් යානා පැහැර ගෙන ඒවා ගොඩනැඟිලිවලට ගැටීමට සලස්වා ඇති බවට දුරකථන මාර්ගවලින් ගුවන් යානා අංක 93 ට ලැබුණු තොරතුරු හේතුවෙනි. එම පටිගතවීම්වලට අනුව එක් කොල්ලකරුවකු ගුවන් යානාය එක් වරක් කරකවන ලෙසට උපදෙස් දී ඇති අතර එහි දී ඔවුන් ගෙන් ‍පාලනය ගිලිහෙන්නට ඇතැයි සැලකේ. ඉන් අනතුරුව අංක 93 දරණ ගුවන් යානය උදෑසන 10:03:11 ට පෙන්සිල්වේනියාවේ ශේන්ක්ස්විල් වෙතට කඩා වැටිණි. “අල්කයිඩා”හි නායක “කාල්ඩ් ෂේක් මොහොමඩ්” “අල් ප්සීරා” නිවේදන “යොස්රිෆවුඩා” සමඟ කළ සාකච්ඡාවක දී ප්රඩකාශ කළේ ගුවන් අංක 93 හි ඉලක්ක වූයේ ඇමරිකානු මහා මන්ත්රිණ සභාව බවත් ඔවුන් එය හැඳින්වූ කේත නාමය “නීති පීඨය” ලෙසය.

ලෝක වෙළඳ මධ්ය ස්ථාන පරිශ්රමයේ පිහිටි ගොඩනැඟිලි 3ක් එදින මුළුමනින්ම කඩා වැටිණි. දකුණු කුළුණ 9.59ට ආසන්නව කඩා වැටුණු එයට ගුවන් යානා අංක 175 එහි ගැටීමෙන් ඇති වූ ගිනි ගැනීම හේතු විය. ගිනි ගැනීම මිනිත්තු 56 පුරා පැවතුණි. 10.28 ට පමණ උතුරු කුළුණ කඩා වැටුණේ විනාඩි 102 ක් පමණ වන ගිනි ගැනීමෙන් පසුවය. උතුරු කුළුණේ කඩා වැටී‍මත් සමඟ ඇති වූ සුන්බුන් ඒ අසල වූ 7 වන ලෝක වෙළඳ මධ්යෙස්ථාන ගොඩනැඟිල්ලට දරුණු හානි පමුණුවාලීය. ඉන් අනතුරුව හට ගත් ගින්නෙන් ‍ගොඩනැඟිලි ව්යුිහයට සිදු වූ හානි නිසා එය ද කඩා වැටුණේ සැප්තැම්බර් 12 දා ප.ව. 5.20ට පමණය.

ජාතික තත්ව හා තාක්ෂණ ආයතනය විසින් ගොඩනැඟිලි කඩා වැටීම්වලට හේතු සෙවීම පිණිස පරීක්ෂණ ඇරඹූ අතර එහිදී ඔවුන් නිගමන ලෙස ගින්නට ඔරොත්තු දෙන ආකාරයේ සැලැස්මක් හා ව්යු හය යකඩින් නිම කළ යුතු බවට තීරණය කෙ‍රිණි. 2005 ඔක්තෝබර් වන විට උතුරු සහ දකුණු කුළුණු පිළිබඳ වාර්තාවක් එළි දැක්විණි. වාර්තාවට අනුව ගොඩනැඟිලි ද්විත්වය කඩා වැටුණේ ගිනි ගැනීම් සහ සුන්බුන්වලින් හානි නිසාවෙනි.

මෙම ප්රගහාරයන් ඇමරිකාව පුරා භීතිය වැපිරීමට සමත් විය. දින 3ක් ගතවන තුරු අන්තර්ජාතික මගී ගුවන් යානා ගොඩ බැස්වීම තහනම් කළ අතර පැමිණෙමින් තිබූ යානා කැනඩාවට හෝ මෙක්සිකෝවට ගොඩ බාන ලදී. ප්රළහාරය හා ඒ සම්බන්ධය අසත්ය ප්ර්චාර සහ අසත්යත ප්රකවෘත්ති දිනය පුරාවට පළ විණි. එක්සත් ජනපද රාජ්යහ දෙපාර්තමේන්තුව අසල දී කාර් බෝම්බයක් පුපුරා ගිය බව තිබූ ප්රඩවෘත්තිය ද එවැන්නකි. නමුත් CNN හා අනෙක් මාධ්යියන් වහාම වාර්තා ‍කළේ වොෂින්ටන් වෙළඳ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමක් මෙලෙස විකෘති ආකාරයෙන් වාර්තා කළ ඇති බවයි. තවත් එවැනි අසත්යී ප්රකචාරයක් වූයේ ඩෙල්ටා 767 දරණ යානාව ද පැහැර ගැනීමට ලක් වී ඇති බවයි. නමුත් මෙය ද අසත්ය ප්රචචාරයක් වූයේ ගුවන් යානා පැහැර ගැනීම් නිසා එම ගුවන් යානය “ඔහායෝ” හි ක්ලේව්ලෑන්ඩ් වෙත ආරක්ෂිතව ගොඩ බැස් වූ බව වාර්තා වීමත් සමඟය.

ආපතිකයන්[සංස්කරණය]

මෙයද බලන්න: සැප්තැම්බර් 11 ප්‍රහාරයන්හී ආපතිකයන් සහ සැප්තැම්බර් 11 ප්‍රහාරයන්හී නිව්යෝර්ක් ගිනිනිවීම් දෙපාර්තමේන්තුවෙහි ආපතිකයන්

අංක 175 දරන ගුවන් යානය දකුණු කුළුණේ ගැටීමෙන් පසුව ඇති වූ ගින්නෙන් කුළුණු ද්විත්වයටම හානි සිදු වීම. මෙම සිදු වීමෙන් කොල්ලකරුවන් 19 දෙනා හැර 2,974 දෙනෙකු හට මාරක විපත් අත්වීය. ගුවන්යානා 04 තුළ 246 ක් සිටි අතර [ සිටි කිසිවෙකුගේ ජීවිත බේරී නැත] වෙළඳ මධ්යරස්ථාන ගොඩනැගිලි හා ඒ ආශ්රීලත නිව් යෝර්ක් නගර පරිශ්ර ය තුළ 2603 ක්ද පෙන්ටගනයේ 125 ක් හටද මාරක විපත් අත් විය. තවද, පුද්ගලයින් 24 දෙනෙකු අතුරුදහන් වී ඇති බවට සඳහන්ය. ප්රතහාරය සිදුවනවිටත් ලෝක වෙළඳ මධ්ය්ස්ථානය තුළ 17,400 ක් පමණ වන සිවිල් ජනතාවක් සිටි බවට ඇස්තමේන්තු ගත කර ඇත. තවද, වරකට එක් අයෙකුට පමණක් යා හැකි කැරකෙන ඇතුළුවීමේ දොරටුව වාර ගණනට අනුව පෙ.ව.8.45 වන විට මෙම ගොඩනැගිලි ද්විත්වයේ 17,400 කට ආසන්න සිවිල් ජනතාවක් සිටි බවට වරාය අධිකාරිය විසින් ගණනය කොට ඇත. ගුවන් ය‍ානා ගැටුණු මහල්වලට පහළ මහල්වල සිටියවුන්ගෙන් බහුතරයක් නිරුපද්රිණතව බේරී ඇතත් දකුණු කුළුණේ ගුවන්යානය ගැටුණු ස්ථානයේ 18 ක් පමණ සිටි බවට වාර්තා වේ. උතුරු කුළුණේ ගුවන්යානය ගැටීමෙන් 1366 ක් පමණ මියගොස් ඇත. කොමිෂන් වාර්තාවට අනුව ගැටීම සිදු වූ මොහොතේම සිය ගණනක් මිය ගොස් ඇතත් ගැටීමෙන් පසුව ගොඩනැගිල්ල කඩා වැටීමෙන් බොහෝ ප්රනමාණයකට මරණය ඇති විය. තවද, දකුණූ කුළුණේ ගුවන්යානය පැමිණ ගැටුණ මොහොතේ 600 පමණ මිය ගිය බවට වාර්තාව තුළ වැඩි දුරටත් සඳහන්ය. ගොඩනැගිලි තුළ ඇති වූ ගින්නෙන් බේරීම පිණිස තවත් 200 ක් පමණ අඩි සිය ගණනක් ඉහළ සිට පැනීමෙන් මරණයට පත්ව ඇත. ඇසින් දුටු සාක්ෂි අනුව බොහෝ දෙනෙක් හානි වූ ජනෙල්වලින් පිටතට වැටුණු බව සඳහන්ය. මෙම ගොඩනැගිලි තුළ සේවයේ නිරත සමහරෙක් ඇති වූ ඝට්ටනයෙන් අනතුරුව ඉහළට ගමන් කර ඇත්තේ ගුවන් ආධාර මගින් බේරීමටය. නමුත් එසේකිරීමට සැළසුමක් කර නොතිබුණේ ගොඩනැගිලිවලින් නැගුණූ දුමාරය සහ තාපය නිසා හෙළිකොප්ටර්යානාවලට ගොඩනැගිලි අසලට ගමන් කිරීම‍ට නොහැකි වූ නිසාවෙනි. මුදාගැනීම්වලට එක් වූ හදිසි සහන සේවකයන්ගේ 411 ගේ ප්රොමාණයක් මිය ගොස් ඇති අතර නිව් යෝර්ක් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ගිනි භටයන් 311 ක් හා එම දෙපාර්තමේන්තුවට අනුයුක්ත වෛද්ය්වරු දෙදෙනෙක්ද දිවි පිදූහ. තවද, නිව්යෝර්ක් පොලිස් නිළධාරීන් 23 ක් සහ වරාය අධිකාරී පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් භටයන් 37 ක් සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් විය. පෞද්ගලික හදිසි වෛද්ය් සේවාවන්හි සේවකයන් එම සේවාවන්හි වෛද්ය වරු ඇතුළුව 8 දෙනෙක් මිය ගියහ. කැන්ටර් ෆිට්ස්ගෙරල්ඩ් (Cantor Fitzgerald) නම් ආයෝජන බැංකුව එක් කුළුණක 101 සිට 105 දක්වාම මහල්වල පවත්වාගෙන ගිය අතර මෙම ප්රeහාරයෙන් එහි සේවය කළ 658 ක් මිය ගිය අතර එම ප්රවමාණය මෙම සිද්ධියෙන් ආයතනයකට අහිමි වූ වැඩිම සේවක ප්රෙමාණයයි. මාර්ෂ් ඉන්කෝපර්රේෂන් ආයතනය 93 සිට 101 දක්වා මහල්වල පවත්වාගෙන ගියේය. අංක 11 දරන ගුවන්යානය ගැටුණේ එම මහල්වලට වන අතර ඒ නිසා එම ආයතනයේ සේවකයන් 295 ක් මිය ගිය අතර තවද, AON කෝපර්රේෂන්හි 175 ක් ද ජීවිතක්ෂයට පත් විය. පෙන්ටගනයට එල්ල වූ ප්රදහාරය හේතුවෙන් මිය ගිය ලුතිනන් ජනරල් තිමති මවුඩෙ එම සිද්ධියෙන් මිය ගිය හමුදාවේ ඉහළම නිළයක් දැරූ පුද්ගලයා වේ. තවද, දකුණු කුළුණේ බේරා ගැනීම්හි නිරතව සිටියදී මිය ගිය ජෝන් ඕ . ජී . නේල් FBI හි හිටපු සහාය අධ්යණක්ෂකවරයෙකු වන අතර ඔහු ‘රම්සි යුසෙෆ්’ අල්ලා ගැනීමට සහාය වූවෙකුද වන අතර මිය යන විට ඒ මහතා ලෝක වෙළඳ මධ්යපස්ථානයේ ආරක්ෂක ප්රමධානියා වශයෙන්ද කටයුතු කරමින් සිටියේය. සිද්ධියෙන් ළමුන් 8 දෙනෙකු මිය ගිය අතර ඒ අතුරින්5 දෙනෙකු ගුවන්යානා අංක 77 තුළ සිටියවුන්වන අතර ඔවුන් අවරුදු 03 සිට 11 දක්වා වයස් පරාසයට අයත්ය. මියගිය අනෙක් ළමුන් තිදෙනා ගුවන්යානා අංක 175 තුළ සිටි අතර ඔවුන්ගේ වයස අවුරුදු 02,03 හා 04 වශයෙන් සටහන්ය. මියගිය ළමුන් අතර බාලම ළමයාට අවුරුදු 02 ක් වන අතර ඒ අංක 175 දරන ගුවන් යානය තුළ ගමන් කරමින් සිටියදීය. තවද, සිද්ධියෙන් මියගිය වයස්ගතම පුද්ගලයා වන්නේ අංක 11 දරන ගුවන්යානාවේ ගමන් කළ වයස්ගත අයෙකි. නිව් යෝර්ක් නගරයට පසුව වැඩිම හානි ලැබුවේ නිව් ජර්සි ප්රගදේශයයි. පෙන්ටගනයට එල්ල වූ ප්රවහාරයෙන් 125 ක් පමණ වූ පිරිසකට විපත් අත් විය. ඇසෝසියේටඩ් ප්රෙවස් වාර්තාවලට අනුව 1600 ක පමණ මළසිරුරු ප්රයමාණයක් හඳුනාගත්තද ඉතිරිය හඳුනාගත් අතර ඉතිරිය එනම් සිරුරු 1100ක් පමණ හඳුනාගෙන නැත. වාර්තා වන ආකාරයට 10000ක් පමණ වන අස්ථි සහ පටක කොටස් මිය ගිය ලැයිස්තුවේ සිටින්නන්ගේ නොවන ඒවා ලෙසට ප්ර කාශ වී ඇත. එසේම 2006 වර්ෂයේ දී Deustche බැංකු පරිශ්ර්යේ සුන්බුන් විනාශ කිරීමේ කටයුතුවල නිරත වූවන්ට ද අස්ථි කොටස් හමු වී ඇත. තවද නිව් යෝර්ක් නඟරයේ මියගිය පුද්ගලයන්ගේ වයස්වල සාමාන්යදය වයස අවුරුදු 40ක් පමණ වේ.

දේශීය ප්‍රතිචාර[සංස්කරණය]

President Bush delivering a speech in front of the American flag
2001 සැප්තැම්බර් මස 20 දිනදී ජනාධිපති බුෂ් කොංග්‍රස් ඒකාබද්ධ සැසියක් අමතයි

2001 සැප්තැම්බර් මස 20 වැනි දින ජනාධිපති බුෂ්, ජාතිය සහ එක්සත් ජනපද කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිය අමතා එදින සිදු වූ දේවල්ද, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරුනු දින 9 ක කාලය පිළිබඳවද, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඔහුගේ අභිලාෂයන් ගැනද කථා කළේය. ඊට අතිරේකව නිව් යෝර්ක් නගරාධිපති රූඩි ගුයිලියානිගේ අති විශිෂ්ඨ කාර්ය භාරය මුලු ජාතියේම සහ නිව් යෝර්ක් වැසියන්ගේ මහත් ප්‍රසාදයට ලක් විය. ප්‍රහාරයෙන් හානි සිදු වූ පුද්ගලයින්ට සහන සැලසීමටද, ඒ සමග ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අයට සහ ප්‍රහාරයට ගොදුරු වූ අයගේ පවුල් වලට මූල්‍ය පහසුකම් සැලසීමේ භාරදූර කාර්යය සඳහාද බොහෝ අරමුදල් සපයන සංවිධාන බිහි විය. පීඩාවට පත් වූ අයට වන්දි ගෙවීම සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීමේ අවසාන දිනය වූ 2003 සැප්තැම්බර් මස 11 වැනි දින මිය ගිය අයගේ පවුල් වලින් ලැබුනු ඉල්ලුම්පත් සංඛ්‍යාව 2833 ක් විය.

රජයේ තිර පැවැත්ම සඳහා හදිසි අවස්ථානුකූල සැලසුම්, නායකයින්ගේ හිඟය සම්පූර්ණ කිරීම් ආදිය ප්‍රහාරයෙන් පසු කඩිනමින් සිදු විය. රජයේ තිර පැවැත්ම යටතේ එක්සත් ජනපදය පවතින බව 2002 පෙබරවාරි දක්වා කොංග්‍රසයට දන්වනු නොලැබුනි.

එක්සත් ජනපදය තුල, 2002 මාතෘ භූමි ආරක්ෂක පනත කොංග්‍රසයෙන් සම්මත වූ අතර ජනාධිපති බුෂ් එයට අත්සන් කළේය. එය සමකාලීන ඉතිහාසය තුල එක්සත් ජනපදය නැවත ගොඩනැංවීමේ මහා වැඩ පිළිවෙල මූර්තිමත් කිරීමක් හා සමාන විය. කොංග්‍රසය එක්සත් ජනපද ස්වදේශාභිමානී පනත යනුවෙන්ද පනතක් සම්මත කළ අතර ත්‍රස්තවාදය හා වෙනත් අපරාධ ගැන සෙවීම හා නීතිමය කටයුතු කරගෙන යාමට එය උපකාර වන බව විස්තර විය. මහජන නියෝජිත කණඩායම් මෙම පනත විවේචනය කළහ. එයට හේතුව වූයේ ඒ මගින් රටවාසීන‍්ගේ පෞද්ගලිකත්වය හාරා අවුස්සා බැලීමට නීතිය මගින් ඉඩ ලැබෙන බවත්, නීතිය ක්‍රියාත්මක කිරිමට තිබෙන අධිකරණ බලය සහ දේශීය බුද්ධි සේවා තොරතුරු රැස් කිරීම ඉවත් වන බවත් ඔව්හු ප්‍රකාශ කිරීමයි. බලපත්‍රයක් නොමැතිව එක්සත් ජනපදය සහ පිටරට සිටින ජනතාව අතර ඊ-මේල් සම්බන්ධතා සෙවිම, සහ දුරකථන සංවාදයන්ට හොරෙන් සවන් දීමට ජාතික රහස් ආරක්ෂක නියෝජන මෙහෙයුමක් ආරම්භ කිරීමට කාරණයක් ලෙස බුෂ් පාලනය 9/11 සිද්ධිය උපකාර කර ගත්තේය.

අන්තර් ජාතික ප්‍රතිචාර[සංස්කරණය]

2001 සැප්තැම්බර් 13 නිවුයෝර්ක් නගරයේ දකුණු කුළුනයේ සුන්බුන් දෙස බලාසිටියි.

ප්‍රහාර ප්‍රධාන ගෝලිය දේශපාලන අතුවිහිදීමක් දක්වයි. ඒවා ලෝකය පුරා රාජ්‍යයන් හා මාධ්‍යයන් ප්‍රධාන ප්‍රවාහය මගින් හෙලා දකිණු ලැබීය. ප්‍රංශයේ Le Monde පුවත් පත අන්තර් ජාතික අනුකම්පා මුහුණුවර සම්පින්ඩනය කරමින් ප්‍රකාශ කළේ අපි සියල්ලන්ම ඇමරිකානුවන් බවයි. මැද පෙරදිග රටවල් වල නායකයන් ඇෆ්ගනිස්ථානයද ඇතුළුව ප්‍රහාරය හෙලා දැකිය යුතුය. ඉරාකය පැහැදිලි විරුද්ධත්වයක් දැක්වු අතර එය ඔවුන් ඇමරිකානු ගෝපල්ලන් මානුෂිකත්වයට එරෙහි ඔවුනගේ අපරාධ වල ඵල නෙලමින් සිටී යන බව නිළ ප්‍රකාශය ප්‍රකාශයට පත් කළේය. තවත් ප්‍රසිද්ධ විරුද්ධත්වය දැක්වීමක් නම් ඇතැම් පලස්තිනුවන්ගේ සැමරීම්ය.

ප්‍රහාරයෙන් මසකට පමණ පසුව අල්කයිඩා සංවිධානයට වාසස්ථාන සපයන තලේබාන් සංවිධානයේ අධි රාජ්‍ය ඇෆ්ගනිස්තානයෙන් අතුගාදැමීමේ අන්තර් ජාතික බලවේග වල සහයෝගිතාවකට එක්සත් ජනපදය නායකත්වය සැපයීය. පකිස්ථානු අධිකාරීන් තීරණාත්මකව තලේබානුවන් හා අල්කයිඩානුවන්ට එරෙහිව ඇමරිකාවට සහයෝගය ලබාදුන් අතර ඇමරිකාවට ගුවන් තොටු පොළ වල් හා මුලස්ථාන තලේබාන් අධිකාරීයට එරෙහි කටයුතු සදහා සැපයු අතර 600 කට වැඩි අල්කයිඩා උදවු කරුවන් අත් අඩංගුවට ගෙන එක්සත් ජනපදයට මාරු කළේය.

එක්සත් රාජධානිය ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ඉන්දුනිසියාව, චීනය, කැනඩාව, රුසියාව , පකිස්ථානය, මුරුසිය, උගන්ඩාව හා සිම්බාබ්වේ අල්කයිඩා සම්බන්ධයක් යැයි සැක කෙරුණු පුද්ගලයන්ගේ හා ව්‍යාපාර වල බැංකු ගිණුම් අත්හිටවු අතර ත්‍රස්ථ වීරුද්ධ නීතියක් හඳුන්වා දුනී. ඉතාලිය මලයාසියාව, ඉන්දුනිසියාව හා පිලිපීනය ඇතුළු රටවල් ගණනාවක් බුද්ධ ඒජන්සි වල නීතිය ක්‍රියාත්මක කිරීම් හා ලෝකය පුරා මිලිටරි කදවුරු පවත්වා ගෙන යන ත්‍රස්ථවාදි සැක කරුවන් අත් අඩංගුවට ගැනීම සිදු කළේය. එක්සත් ජනපදයේ මෙය යම් මතභේදාත්මක තත්වයක් ඇති කළ අතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කොමිටි පනත වැනි විවේචකයන් හා ෆෙඩරල් ආරක්ෂක අධිකාරීයේ සාම්ප්‍රදායික ප්‍රතිරෝදයන් එක්සත් ජනපද දේශප්‍රේමීන් පනත මගින් ඉවත් කරන ලදී. ඇමෙරිකානු සිවිල් විමුක්ති සංවිධානය හා විමුක්තිය වැනි සංවිධානය තර්ක කළේ සිවිල් අයිතිවාසිකම් සමහරක් කඩ වන බවයි. Guantanamo බොක්ක අසල එක්සත් ජනපදය නීති විරෝධි සතුරු සටන් කරුවන් ලෙස හඳුනාගත් අය සිර අඩස්සි සංකිර්ණයක රඳවා ගනු ලැබීය. යුරෝපා පාර්ලිමේන්තුව ඇමරිකානු ජනපද සංගමය හා ඇමිනෙස්ටි ජ්‍යාත්‍යන්තර වැනි ඇතැම් ආයතන විසින් මෙම ප්‍රයත්නයන්හි නිත්‍යානුකූල බව ප්‍රශ්න කළේය.

අරමුණ[සංස්කරණය]

යුනයිටඩ් එයාර් ලයින්ස් 93 ගුවන් යානය කඩා වැටුනු ස්ථානය.

9/11 කොමිෂමෙන් හෙළි වූ, අරමුණට අදාළ කරුණු බොහොමයක් අනෙකුත් විශේෂඥයින් විසින්ද තහවුරු කරන ලදි. “ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් මැදිහත්වීම, පර්සියානු කලාපයට එක්සත් ජනපද හමුදා ඇතුලු වීම, ඇතුලු විදේශ ප්‍රතිපත්ති තීරණ සහ සෝවියට් වරුනට එරෙහිව දකුණේ අංශයක් ලෙස ඊශ්‍රායලය ශක්තිමත් කිරීම යනාදී කරුණු අල්ඛයිඩා අරමුණු වලට දායකත්වය සැපයූ බව ත්‍රස්ත ක්‍රියා විරෝධී විශේෂඥයෙකු වූ රිචර්ඩ් ඒ. ක්ලාර්ක් පැහැදිළි කළේය. “බින් ලාඩන් යනු ඔහුට අවශ්‍ය දේ සහ එය ලබා ගන්නේ කෙසේද යන කරුණු ගැන ඉතා පැහැදිළි අවබෝධයක් තිබෙන පුද්ගලයෙකි. මෙම උපක්‍රම දේශපාලන ක්‍රියා මාර්ගයකට වඩා බොහෝ දුරස්ථ එකක් විය හැකිය. එහෙත් ඔහුගේ න්‍යාය පත්‍රය පැහැදිළිවම දේශපාලනික කරුණකි” යනුවෙන් ඔහු කීවේය.

A variety of scholarship has also focused on Bin Laden’s overall strategy as a motive for the attacks. උදාහරණයක් වශයෙන් පීටර් බර්ජන් ඒ සම්බන්ධයෙන් මෙසේ තම තර්ක ඉදිරිපත් කරයි. “මෙම ප්‍රහාරය එක්සත් ජනපදයේ යුද බලය, සංස්කෘතික ආධිපත්‍යය, මැද පෙරදිග කලාපය තුළ පැතිරවීමට කරන ලද එක්තරා සැලසුමක කොටසකි. එයින් මුස්ලිම් නොවන රාජ්‍යයකින් ඇතිවන අයහපත මුස්ලිම්වරුනට පෙනෙන්නට සලස්වා, පැරණි මතධාරී මධ්‍යස්ථ ඉස්ලාමීය රාජ්‍යයක් කලාපය තුල බිහි කිරීම එයින් බලාපොරොත්තු විය”. ප්‍රහාරයන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට බින් ලාඩන් උපයෝගී කර ගත් ‘spectacular’ යන ගුප්ත යෙදුම මයිකල් ස්කොට් ඩොරන් තවදුරටත් අවධාදාරණයකරමින් කියා සිටියේ මැද පෙරදිග කලාපය තුළ ඉතා දරුණු ප්‍රතික්‍රියාවක් ඇතිකිරීමට ඔහු (බින් ලාඩන්) උත්සාහ දරමින් සිටින බවයි. එමෙන්ම මැද පෙරදිග කලාපය තුළ එක්සත් ජනපද මැදිහත් වීම් වැඩි කිරීමට මුස්ලිම් පුරවැසියන් ඔවුනට හැකි තාක් දුරට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සහතික කිරීමද ඔහුගේ අභිප්‍රාය විය.

ප්‍රථිඵලය

ජනාධිපති බුෂ්ට ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහර දීම ගැන පවසන අවස්ථාව.

ක්ෂණික ජාතික ප්‍රතිචාරය[සංස්කරණය]

09 – 11 ප්‍රහාරය ක්ෂණික සහ ප්‍රබල බලපෑම් එක්සත් ජනපදයේ මහජනයා වෙත එල්ල කළේය. ගලවා ගැනීමේ සේවකයන් හා පොලිස් නිළධාරීන් රැසක් රටේ සෑම ප්‍රදේශයකින්ම ද්විත්ව කුළුණු වල සුන්බුන් අතරින් සිරවී සිටින පිරිස් ගලවා ගැනීමේ ක්‍රියාවට සහයෝගය දැක්වීමට නිවුයෝක් නගරය කරා ඇදී එන්නට විය. 9 – 11 ට පසුව සති ගණනාවක් මුළුල්ලේ ඇ.එ.ජ. පුරා ලේ දන්දීමේ කදවුරු වර්ෂාවක් මෙන් දක්නට ලැබුණි. ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපදයේ හා තවත් කැනඩාව ඇතුළු රටවල් කිහිපයක‍්‍හදිසි නොවන සිවිල් ගුවන් යානා සියල්ල එක්සත් ජනපදයට ක්ෂණිකව ගොඩ බස්වන ල්‍දී. ඒ දහස් ගණන් ලෝකය පුරා මගීන්ද සමගය. ඇමරිකානු ගුවන් අවකාශයට වෙනත් ජ්‍යාත්‍යන්තර ගුවන් යානා ගොඩ බැස්වීම අත්හිටු වන ලදී. ඒ ෆේඩරල් අභ්‍යවකාශ අදිකාරිය මගිනි. ඒ නිසා ගුවන් යානා වෙනත් රටවල් වලට යලි හැර විය. කහ රිබන් පටි මෙහෙයුමේ නිරත වුණු කැනඩාව හැරවුණු ගුවන් යානා වල ප්‍රධාන භාර කරුවෙකු වු අතර විශාල ප්‍රමාණයේ ගොඩ බැස්වු ගුවන්යානා හා ඒවායේ මගින් සමග කටයුතු කරන්නට විය.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ප්‍රහාර වල ක්ෂණික විපාකයන්ගෙන් පසු බුෂ් අධිකාරීය ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයක් ප්‍රකාශයට පත් කරන ලදී. එහි අරමුණ වුයේ අල්කයිඩා සංවිධානය හා ඔසාමා බින් ලාඩන් නීතිය ඉදිරියට පැමිණීම හා වෙනත් ත්‍රස්ථවාදි ජාලයන්හි හට ගැනීම වැළැක් වීමයි. මෙම අරමුණු මුදුන් පමුණුවා ගන්නේ ආර්ථික හා හමුදාමය අනුදැනීම යටතේ ත්‍රස්ථවාදීන් ලැගුම් ගැනීම වැළැක්වීම හා ගෝලිය ආරක්සාව හා බුද්ධිමය හුවමාරුව තුලිනි. සැප්තැම්බර් 11 ප්‍රහාරයට වහාම පසුව එක්සත් ජනපද නිළධාරීන් සදාම් හුසේන්ගේ දායකත්වයක් මීට තිබිය හැකි බව අනුමාන කළේය. සොයා නොගත්ත ද මෙම සංයෝජනය 2003 ඉරාක ආක්‍රමණයට මහජන කැමැත්ත ලබා ගැනීමට හේතු විය. එක්සත් ජනපදයෙන් පිටත ත්‍රස්ථවාදයට එරෙහිව දෙවන විශාලතම එක්සත් ජනපද ගෝලීය යුද්ධය සහ ත්‍රස්ථවාදයට සෘජුවම සම්බන්ධ විශාලතම ප්‍රයත්නය වුයේ ඇෆ්ගනිස්ථානයෙන් තලෙයිබාන් පාලනය අතුගා දැමීමයි. එක්සත් ජනපදය ප්‍රධාන වුවත් හමුදාමය පෙරසුදානම ඉහළ නැංවීමට සෙසු රටවල්ද ක්‍රියා කළේය. පිලිපීනය හා ඉන්දුනීසියාව වැනි රටවල් ඒවායේ අභ්‍යන්තර ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් පීඩා විදියි.

එක්සත් ජනපදයට එල්ල කල ප්‍රහාර නිසා අවසර පත්‍රයේ රාමුව තුළ නෙටෝ ආයතනය ලේඛනය 5 ප්‍රකාශයට පත් කල අතර 2001 සැප්තැම්බර් 12 දින නේටෝ සම්මුතිය සම්මත විය. ජනාධිපති ජෝර්ජ් බුෂ් ලෝක වෙළද මධ්‍යස්ථානයට එරෙහි ප්‍රහාරය පිළිබදව දැනුවත් කිරීම.

ජාත්‍ය්නන්තර හමුදා සහයෝගය[සංස්කරණය]

පළමු ප්‍රහාර රැල්ල ආරම්භ කරනු ලැබුවේ ඇ.එ.ජ හා බ්‍රිතාන්‍යය හමුදාවන් ය. ආක්‍රමණ පැවැති මුල් කාල පරිච්ජේදයෙන් පසුව මෙම හමුදාවත් සමග ඔස්ට්‍රේලියා, කැනඩා, ඩෙන්මාර්ක්, ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත, නවසීලන්ත හා නෝ(ර්)වේ හමුදා හා ගුවන්යානා ඇතුළු විය. 2006 වන විට ඇෆ්ගනිස්ථානය තුළ 30,000 පමණ හමුදාවක් රැදි සිටියහ.

2001 සැප්තැම්බර් 12වන දින එනම් නිව්යෝර්ක් හා වොෂින්ටන් ප්‍රහාරයෙන් පැය 24ක් යාමටත් මත්තෙන් නේටෝ විසින් උතුරැ අත්ලාන්තික් ප්‍රඥප්තියේ 05වන වගන්තියේ පිහිට පතමින් සැප්තැම්බර් ප්‍රහාරය 19වන සියළු නේටෝ සාමාජිකයන්ට විරැද්ධව එල්ල වු ප්‍රහාරයක් බවට ප්‍රකාශ කරන ලදි. ඕස්ට්‍රේලියානු අගමැති ජෝන් හෝවාර්ඩ් විසින් ඕස්ට්‍රේලියාව එම මාර්ගයේම යෑම සදහා ඇන්සස් (ANZUS) ප්‍රඥප්තිය යොදා ගැනීමට හැකි බව ප්‍රකාශ කරන ලදි. ඊළග මාසයේදී නේටෝ විසින් ත්‍රස්තවාදය මැඩලීම සදහා පුළුල් ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නා ලදී. 2002 නොවැම්බර් 22 වනදා EAPC හි සාමාජික රටවල් විසින් ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතා ක්‍රියාමාර්ග සැලැස්මකට එකගත්වය පළකරන ලදී. මෙමගින් සාමාජික රාජ්‍යයක් ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී මුලික අයිතිවාසිකම් හා මානව හිමිකම් මෙන්ම ආරක්ෂා කිරිමත් ඒවා ප්‍රවර්ධනය කිරිමත් සදහා සියළු සාමාජික රටවල් එකගත්වය ප්‍රකාශ කරනු ලැබීය. පොදුවේ නාවික ගමනාගමනය ආරක්ෂා කිරිමටත් ත්‍රස්තවාදීන් එහා මෙහා ගමන් කිරිම වැලැක්වීමටත් සංහාරක අවි ප්‍රවාහනය වැළැක්වීමත් නේටෝ විසින් මධ්‍යධරණි මුහුදේ නාවික මෙහෙයුම් ස්ථාපනය කළ අතර එය සජිවි (Operation Active Endeavour) ප්‍රයත්න ක්‍රියාන්විතය යන නමින් හැදින්වේ. මෙම යුද්ධයේ ප්‍රථම පියවර ව්‍රයේ ඇමරිකා හා බ්‍රිතාන්‍යය හමුදා ඇෆ්ගනිස්ථාන උතුරැ සංවිදානයේ හමුදා එක්ව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණයයි.

ජිවිත හානි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී මියගිය පිරිස ඇෆ්ගනිස්ථාන යුද්ධය, ඉරාක යුද්ධය, ඊට පිටත ත්‍රස්තවාදයට එරෙහි යුද්ධ වැනි "ත්‍රස්තවාදය පිටු දැකීමේ යුද්ධයේ දී" මිය ගිය පිරිස කොතරම් දැයියන්නට නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකිය.


සමහර තක්සේරැවන් අනුකූලව නම් ඉරාකය තුළ 950,000 – 1,124,000 අතර ප්‍රමාණයක් මිය ගොස් ඇත. · 2007- අගොස්තු 12-19 දිනවල පැවැත්වු ජනමත පර්යේෂණ ව්‍යාපාරික මත විමසුම (ORB) මගින් හෙළිදරවු කරන ලද්දේ 1,033,000 අතර මරණ ප්‍රමාණයක් ඉරාක යුද්ධයෙන් සිදුවී ඇති බවයි. එම ප්‍රමාණය 946,000 – 1,120,000 අතර වේ. ජාතික වශයෙන් නියෝජනය වන 2000ක් පමණ නියැදිවකින් සමන්විත ඉරාක වැඩිහිටි පිරිස් වෙතින් ලබා ගත් තොරතුරැ අනුව ඉන් 22% ක්ගේ පවුලේ සාමාජිකයන් කෙනෙකු හෝ ඔවුන් සමග එක වහළක් යට ජිවත් වන පුද්ගලයන් එක් අයෙකුවත් යුද්ධය නිසා මිය ගොස් ඇත. ORB වාර්තාවට අනුව ප්‍රතිචාර ඇක්වුවන්ගෙන් 48%ක් මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරට ලක් වීමෙනි. 20% කාර් බෝම්බවලට හසු වීමෙනි. 9%ක් ගුවන් බෝම්බ පතිත වීමෙන්, 6%ක් හදිසි අනතුරැ සහ 6%ක් වෙනත් පිපිරිම් සහ අටවන ලද තුවක්කු පත්තු වීමෙන් මිය ගොස් ඇත.

· 392,979 – 942, 636 අතර තක්සේරැ කරන ඉරාක සිවිල් ජනතාව හා සොල්දාදුවන්, පිරිසක් මරණ පිළිබද වෙැනි ලැන්සෙට් වාර්තාවෙන් මියගිය බවට සනාත කරයි.

· Iraq Body Count මගින් අනාවරණය කර ඇති අන්දමට විදි්‍යුත් මාධ්‍ය වෙත වාර්තා වී ඇති සාමාන්‍යය ජනතා මරණ ප්‍රමාණය 62,570කි.


2002 අගභාගයේදී ඇ.එ.ජ විසින් ඉරාකය ආක්‍රමණය කළ හේතු දැක්වීමෙන් පසු ඊට ලැබුනු සහයෝගය උදාසීන විය. කෙසේ වෙතත් "මනාප රටවල් වල එකතුව" (සහය දක්වන රටවල් වල එකතුව මෙම සටනේදී කොන්දේසියකින් තොරව සහය දැක්වු අතර ඇෆ්ගනිස්තානයට හමුදා යැවීමක් විශේෂයෙන් තලේබාන් වරැන්ට සහය දැක්වු පකිස්තානයත් දහස් ගණන් සෙබළුන් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය සදහා යැවීමත් දැකගත හැකිය. පක්ස්තානය වසිරිස්තාන යුද්ධයටද සහභාගී විය. ඇමරිකා සහය ලබා ගනිමින් උතුරැ ග්‍රෝතික ප්‍රදේශ වලින් තලේබාන් හා අල්කයිඩා තර්ජන තුරන් කිරිමට පකිස්තානය උත්සුක විය.

ජ්‍යාත්නතර ආරක්ෂක සහයෝගීතා බළකාය නේටෝ සංවිධානය‍ට අනුබද්ධව ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා බළකාය පිහිටුවා ගනු ලැබුවේ ඇෆ්ගනිස්තාන තාවකාලික පරිපාලනයට සහයෝගය දැක්වීමටත් සහ තලේබාන් පාලනයෙන් පසු බලයට පත් රජයට සහය දැක්වීමටත් ය.

තුවාල කරුවන්[සංස්කරණය]

අංක 175 දරන ගුවන් යානය දකුණු කුළුණේ ගැටීමෙන් පසුව ඇති වූ ගින්නෙන් කුළුණු ද්විත්වයටම හානි සිදු වීම. මෙම සිදු වීමෙන් කොල්ලකරුවන් 19 දෙනා හැර 2,974 දෙනෙකු හට මාරක විපත් අත්වීය. ගුවන්යානා 04 තුළ 246 ක් සිටි අතර [ සිටි කිසිවෙකුගේ ජීවිත බේරී නැත] වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි හා ඒ ආශ්‍රීත නිව් යෝර්ක් නගර පරිශ්‍රය තුළ 2603 ක්ද පෙන්ටගනයේ 125 ක් හටද මාරක විපත් අත් විය. තවද, පුද්ගලයින් 24 දෙනෙකු අතුරුදහන් වී ඇති බවට සඳහන්ය. ප්‍රහාරය සිදුවනවිටත් ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළ 17,400 ක් පමණ වන සිවිල් ජනතාවක් සිටි බවට ඇස්තමේන්තු ගත කර ඇත. තවද, වරකට එක් අයෙකුට පමණක් යා හැකි කැරකෙන ඇතුළුවීමේ දොරටුව වාර ගණනට අනුව පෙ.ව.8.45 වන විට මෙම ගොඩනැගිලි ද්විත්වයේ 17,400 කට ආසන්න සිවිල් ජනතාවක් සිටි බවට වරාය අධිකාරිය විසින් ගණනය කොට ඇත. ගුවන් ය‍ානා ගැටුණු මහල්වලට පහළ මහල්වල සිටියවුන්ගෙන් බහුතරයක් නිරුපද්‍රිතව බේරී ඇතත් දකුණු කුළුණේ ගුවන්යානය ගැටුණු ස්ථානයේ 18 ක් පමණ සිටි බවට වාර්තා වේ. උතුරු කුළුණේ ගුවන්යානය ගැටීමෙන් 1366 ක් පමණ මියගොස් ඇත. කොමිෂන් වාර්තාවට අනුව ගැටීම සිදු වූ මොහොතේම සිය ගණනක් මිය ගොස් ඇතත් ගැටීමෙන් පසුව ගොඩනැගිල්ල කඩා වැටීමෙන් බොහෝ ප්‍රමාණයකට මරණය ඇති විය. තවද, දකුණූ කුළුණේ ගුවන්යානය පැමිණ ගැටුණ මොහොතේ 600 පමණ මිය ගිය බවට වාර්තාව තුළ වැඩි දුරටත් සඳහන්ය. ගොඩනැගිලි තුළ ඇති වූ ගින්නෙන් බේරීම පිණිස තවත් 200 ක් පමණ අඩි සිය ගණනක් ඉහළ සිට පැනීමෙන් මරණයට පත්ව ඇත. ඇසින් දුටු සාක්ෂි අනුව බොහෝ දෙනෙක් හානි වූ ජනෙල්වලින් පිටතට වැටුණු බව සඳහන්ය. මෙම ගොඩනැගිලි තුළ සේවයේ නිරත සමහරෙක් ඇති වූ ඝට්ටනයෙන් අනතුරුව ඉහළට ගමන් කර ඇත්තේ ගුවන් ආධාර මගින් බේරීමටය. නමුත් එසේකිරීමට සැළසුමක් කර නොතිබුණේ ගොඩනැගිලිවලින් නැගුණූ දුමාරය සහ තාපය නිසා හෙළිකොප්ටර්යානාවලට ගොඩනැගිලි අසලට ගමන් කිරීම‍ට නොහැකි වූ නිසාවෙනි. මුදාගැනීම්වලට එක් වූ හදිසි සහන සේවකයන්ගේ 411 ගේ ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර නිව් යෝර්ක් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ගිනි භටයන් 311 ක් හා එම දෙපාර්තමේන්තුවට අනුයුක්ත වෛද්‍යවරු දෙදෙනෙක්ද දිවි පිදූහ. තවද, නිව්යෝර්ක් පොලිස් නිළධාරීන් 23 ක් සහ වරාය අධිකාරී පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් භටයන් 37 ක් සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් විය. පෞද්ගලික හදිසි වෛද්‍ය සේවාවන්හි සේවකයන් එම සේවාවන්හි වෛද්‍යවරු ඇතුළුව 8 දෙනෙක් මිය ගියහ. කැන්ටර් ෆිට්ස්ගෙරල්ඩ් (Cantor Fitzgerald) නම් ආයෝජන බැංකුව එක් කුළුණක 101 සිට 105 දක්වාම මහල්වල පවත්වාගෙන ගිය අතර මෙම ප්‍රහාරයෙන් එහි සේවය කළ 658 ක් මිය ගිය අතර එම ප්‍රමාණය මෙම සිද්ධියෙන් ආයතනයකට අහිමි වූ වැඩිම සේවක ප්‍රමාණයයි. මාර්ෂ් ඉන්කෝපර්රේෂන් ආයතනය 93 සිට 101 දක්වා මහල්වල පවත්වාගෙන ගියේය. අංක 11 දරන ගුවන්යානය ගැටුණේ එම මහල්වලට වන අතර ඒ නිසා එම ආයතනයේ සේවකයන් 295 ක් මිය ගිය අතර තවද, AON කෝපර්රේෂන්හි 175 ක් ද ජීවිතක්ෂයට පත් විය. පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් මිය ගිය ලුතිනන් ජනරල් තිමති මවුඩෙ එම සිද්ධියෙන් මිය ගිය හමුදාවේ ඉහළම නිළයක් දැරූ පුද්ගලයා වේ. තවද, දකුණු කුළුණේ බේරා ගැනීම්හි නිරතව සිටියදී මිය ගිය ජෝන් ඕ . ජී . නේල් FBI හි හිටපු සහාය අධ්‍යක්ෂකවරයෙකු වන අතර ඔහු ‘රම්සි යුසෙෆ්’ අල්ලා ගැනීමට සහාය වූවෙකුද වන අතර මිය යන විට ඒ මහතා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ආරක්ෂක ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරමින් සිටියේය. සිද්ධියෙන් ළමුන් 8 දෙනෙකු මිය ගිය අතර ඒ අතුරින්5 දෙනෙකු ගුවන්යානා අංක 77 තුළ සිටියවුන්වන අතර ඔවුන් අවරුදු 03 සිට 11 දක්වා වයස් පරාසයට අයත්ය. මියගිය අනෙක් ළමුන් තිදෙනා ගුවන්යානා අංක 175 තුළ සිටි අතර ඔවුන්ගේ වයස අවුරුදු 02,03 හා 04 වශයෙන් සටහන්ය. මියගිය ළමුන් අතර බාලම ළමයාට අවුරුදු 02 ක් වන අතර ඒ අංක 175 දරන ගුවන් යානය තුළ ගමන් කරමින් සිටියදීය. තවද, සිද්ධියෙන් මියගිය වයස්ගතම පුද්ගලයා වන්නේ අංක 11 දරන ගුවන්යානාවේ ගමන් කළ වයස්ගත අයෙකි. නිව් යෝර්ක් නගරයට පසුව වැඩිම හානි ලැබුවේ නිව් ජර්සි ප්‍රදේශයයි. පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයෙන් 125 ක් පමණ වූ පිරිසකට විපත් අත් විය. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවලට අනුව 1600 ක පමණ මළසිරුරු ප්‍රමාණයක් හඳුනාගත්තද ඉතිරිය හඳුනාගත් අතර ඉතිරිය එනම් සිරුරු 1100ක් පමණ හඳුනාගෙන නැත. වාර්තා වන ආකාරයට 10000ක් පමණ වන අස්ථි සහ පටක කොටස් මිය ගිය ලැයිස්තුවේ සිටින්නන්ගේ නොවන ඒවා ලෙසට ප්‍රකාශ වී ඇත. එසේම 2006 වර්ෂයේ දී Deustche බැංකු පරිශ්‍රයේ සුන්බුන් විනාශ කිරීමේ කටයුතුවල නිරත වූවන්ට ද අස්ථි කොටස් හමු වී ඇත. තවද නිව් යෝර්ක් නඟරයේ මියගිය පුද්ගලයන්ගේ වයස්වල සාමාන්‍යය වයස අවුරුදු 40ක් පමණ වේ.

නැවත ගොඩනැංවීම[සංස්කරණය]

ප්‍රහාරය සිදු වූ දිනයේ ගුයිලියානි (Giuliana) මෙසේ ප්‍රකාශ කළේය. “අපි නැවත ගොඩ නගමු අපි මෙම තත්වයෙන් පෙරට වඩා ශක්තිමත්ව දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් බලවත් ලෙස යථා තත්වයට පත් වීම සඳහා ගමන් කරමින් සිටිමු. අහස නැවතත් සම්පූර්ණ වනු ඇත. 2001 මැයි වන විට සුන් බුන් අස් කිරීම නිල වශයෙන් අවසාන විය. නැවත ගොඩ නැංවීමේ කාර්යය සඳහා ලැබුණු අති මහත් ප්‍රතිපාදනවලින් කෙරෙන්නේ ඉතා සුලු ප්‍රමා‍ණයක වැඩ කොටසක්ය කියමින් නැවත ගොඩ නැංවීමේ කාර්යය භාරව සිටි ‘ද ලවර් මෑන් හැට්න් ඩිවලොප්මන්ට් කොපරේෂන්’ නමැති ආයතනය දෝෂ දර්ශනයට ලක් විය. සම්පූර්ණයෙන්ම විනාශ වූ ගොඩනැගිලි තිබුනු බිමෙහි එකක්, එනම් 7 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අලුත් කාර්යාල කුළුණක් තිබුනේය. මෙය 2006 දී සම්පූර්ණ කරන ලදි. නිදහස් කුලුණ (Freedom Tower) මේ වන විට ගොඩනංවමින් තිබෙන අතර එය 2010 දී සම්පූර්ණ කළ විට උසින් අඩි 1776 (මී 541) වෙයි. එය ඇමෙරිකාවේ උසම ගොඩනැගිල්ල වන අතර ලෝකයේ තිබෙන උසම ගොඩනැගිලිවලින් එකක් විය.

ස්මාරක 2004 වර්ෂයේ සිද්ධිය සැමරීමේ සංවත්සරයේදි - ආලෝක උපහාරයක් - ජර්සි නගරයේ සිට පෙනෙන අයුරු.

ප්‍රහාරය සිදු වූ මුල් දිනවල ලෝකය පුරාම සැමරුම් පැවැත්වුනි. ඊට අමතරව ග්‍රවුන්ඩ් සීරෝ (Gruond Zero) ප්‍රදේශය පුරාම ඡායාරූප තබා තිබුනි. මාක් සිග්මන් එය විස්තර කළේ “අහල පහළ ප්‍රදේශයේ මිය ගිය අහිංසක මිනිසුන්ගේ මුහුණු දෙස බලමින් ඉවත් වී යාමට නොහැක. ටෙලිෆෝන් කුටි වල, වීදි පහන් වල, උමං දුම්රිය පොල වල් වල බිත්ති වල ආදි සෑම තැනකම ඔවුන්ගේ පින්තූර ති‍බේ. මේ හැම දෙයකින්ම මට මැවී පෙනෙන්නේ විශාල අවමගුලකි. ජනතාව නිශ්ශබ්දය. ඔවුන් දුකෙනි. මීට කලින් නිව් යෝර්ක් මට ගෙන දුන් හැඟීම උණුසුම් නොවේ. දැන් එසේ නොවේ. මිනිසුන් එකිනෙකාට උදව් කිරීමට ඉදිරියට එති” යනුවෙනි.

පළමු ස්මාරකයන්ගෙන් එකක් වූයේ ආලෝකයෙන් කෙරෙන උපහාරයකි. මෙය ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පාමුල පිහිටුවන ලද සෝදිසි එළි 88 කින් යුක්ත විය. ඒවායින් විහිදෙන ආලෝකය කුලුණු දෙකක් නිරූපනය කරමින් අහසට විහිදුනේය. ලෝක වෙළඳ මධ්‍යස්ථාන පෙදෙස සැමරීම සඳහා යෝග්‍ය ස්මාරකයන් සැලසුම් කිරීමට තරඟයක් නිව් යෝර්ක් නගරයේදි පවත්වන ලද 2006 අගෝස්තුවේදි ජයග්‍රාහි සැලසුම රිෆ්ලෙක්ටින් ඇබ්සන්ස් (Reflecting Absence) නම් විය. ප්‍රහාරයට ගොදුරු වූ අයගේ නෑදෑයින්ගේ නොයෙකුත් විවේචන හමුවේ අන්තර් ජාතික නිදහස් මධ්‍යස්ථානය අතහැර දැමීමට සිදු වීමෙන් පසුව කෞතුකාගාරයක් තැනීමේ අදහසද ක්‍රියාත්මක නොවී ඇණ හිටියේය.

පෙන්ටගනයෙහි එළිමහනේ ස්මාරකයක් ගොඩනැංවෙමින් පවති. එය සැලසුම් කරන ලද උද්‍යානයකින් යුක්තය. එම උද්‍යානයේ පෙන්ටගනයට මුහුණ ලා අසුන් 184 ක් තබා ඇත. 2001 – 2002 වකවානුවේ පෙන්ටගනය නැවත ගොඩනැගීම ආරම්භ කළ විට පෞද්ගලික පල්ලියක් සහ ගෘහස්ත ස්මාරකයක් ද ඊට ඇතුලත් විය. එය සෑදීමට නියමිතව තිබුනේ ගුවන් යානය පෙන්ටගන් ගොඩනැගිල්ලට කඩා වැදුණු ස්ථානයේය. ෂැන්ක්විල් හි පියාසර අංක 93 ජාතික ස්මාරකය ගොඩනැගීම සැලසුම් තත්වයේ පවතී. එහි කවයක් නිර්මාණය වන අයුරින් අඹන ලද රුක් ගොන්නක් ඇතුළත්වේ. ගුවන් යානය පතිත වූ ස්ථානය වට කරමින් එය නිර්මාණය වෙයි. පියාසර අංක 93 ගුවන් යානය ෂැන්ක්විල් හි පතිත වූ ස්ථානයේ සිට මීටර් 450 ක් ඈතින් තාවකාලික ස්මාරකයක් පිහිටුවා තිබේ. තවත් බොහෝ ස්ථිර ස්මාරකයන් ලෝකය පුරාම ඉදි වෙමින් පවතී. මෙම ස්මාරක ගොන්නට දිනපතා තව තවත් එකතු වෙමින් පවතී. මෙම ගොඩනැංවෙන (භෞතික) ස්මාරකවලට අමතරව ශිෂ්‍යත්ව, පුණ්‍යාධාර වැනි ක්‍රියාකාරකම්ද මිය ගිය අයගේ ඥාතීන් විසින් සංවිධානය කර තිබේ. මේවාට තවත් බොහෝ පෞද්ගලික සංවිධාන මෙන්ම පුද්ගලයින්ද සම්බන්ධ වී ඇත.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කඩා වැටීම[සංස්කරණය]

දකුණු කුළුණ කඩා වැටීමෙන් පසුව පහළ මැන් හැටන් ප්‍රදේශය

ෆෙඩරල් තාක්ෂණික ගොඩනැගිල්ල හා ද්විත්ව කුළුණු කඩා වැටීම් හා අදාල ගිනි ආරක්ෂක පරීක්ෂණය හා WTC 7 අදාල ගිනි ආරක්ෂක පරීක්ෂණය මෙහෙයවනු ලැබුවේ එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව හා ගුණාත්මක භාවය හා තාක්ෂණය පිළිබඳ ජාතික ආයතනයයි. (NIST) මෙම පරීක්ෂණයේ අරමුණ වූයේ ගොඩනැගිලි කඩා වැටීමට හේතුව,මරණ හා තුවාල කරුවන්ගේ සංඛ්‍යාව , ලෝක වෙළඳ මධ්‍යස්ථානය සැලසුම් කිරීමේදී හා කළමනාකරණයේදී අඩංගු වූ ක්‍රියාපටිපාටීන් පිළිබඳ සෙවීමයි.

වාර්තා හුවා දක්වන පරිදි ද්විත්ව කුළුණුවල වානේ ආකෘතීන්හි ගිනි ප්‍රතිරෝධී බව ගුවන්යානාවල ක්ෂණික ඝට්ටනය නිසා ඇති වූ අතර එසේ නොමැති වූයේ නම් කුළුණු ඍජුව පවතිනු ඇති බවයි. ප්‍රධාන පරීක්ෂණයේ අධ්‍යක්ෂකවරයාවන ජීන් කෝලි විසින් විචාරය කළ පරිදි “කුළුණු පුදුමාකාර ලෙස නිවැරදිව ක්‍රියා කළේය. ගොඩනැගිලි කඩා වැටීමට හේතුව වූයේ ත්‍රස්තවාදීන් ගුවන්යානා නොව ඉන් අනතුරුව ඇති වූ ගින්නයි. එයින් පසුව ද කුළුණුවලින් තුනෙන් දෙකක් ඍජුව පවතින ආකාරය ඔප්පු විය” . ගින්න මගින් මහල්වලට ආධාරවන බැමි දුර්වල කළ අතර ඒ බැමි කඩා වැටීමට හේතු වේ. කඩාවැටෙන මහල් පිටත වානේ රාමු ඉදිරියට නැවෙන ලක්ෂ කරා යොමු කළේය. හර රාමූන්‍ට හානිවීමෙන් පසුව ආධාරක බාහිර රාමුවලට ගොඩනැගිල්ල දරා සිටිය නොහැකි වූ අතර එය කඩා වැටීමට හේතු විය. මීට අමතරව කුළුණුවල සෝපානයන් බලපෑම් ඇති වූ ප්‍රදේශවල ජනතාවට ඉක්මණින් ඉවත්වීමට උචිත පරිදි සවිගන්වා නොමැති බව වාර්තා විය. NIST ප්‍රකාශ කළ පරිදි WTC 7 කඩා වැටීම පිළිබඳ අවසාන වාර්තාව වෙනමම වාර්තාවක් ලෙස නිකුත්වනු ඇත. මෙය Purdue විශ්ව විද්‍යාලය මගින් කළ ස්වාධීන අධ්‍යයනයන් මගින් තහවුරු කෙරිණි.

සිදු වූ හානි[සංස්කරණය]

ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි බොහෝ අනෙක් ගොඩනැගිලි විනාශ හෝ දරුණු ලෙස හානි හෝ වී ඇත. ඒ අතරට ලෝක වෙළඳ මධ්‍යස්ථානය, මැරියට් මධ්‍යස්ථානය සහ ශාන්ත නිකලස් පල්ලියද ඇත. ලිබර්ට් වීදියේ පිහිටි බැංකු ගොඩනැගිල්ල ද භාවිතයට නුසුදුසු යැයි තීරණය වූයේ ප්‍රහාරයෙන් එයට ඇති වූ දැඩි බලපෑම් නිසාවෙනි. මෑන් හැටන් සමාජ විද්‍යාල පරිශ්‍රයද ප්‍රහාරයෙන් දැඩි අලාභ සිදු වූ අතර එයද භාවිතයට නුසුදුසු යැයි තීරණය විය. තවත් අසළ පිහිටි ගොඩනැගිලි අතර 90 වැනි බටහිර වීදිය හා වෙරිසෝන් ගොඩනැගිල්ලටද තදබල හානිවලට ලක් වී ඇත. ඒවා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමටද කටයුතු යොදා තිබේ. ලෝක මූල්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ල, ලිබර්ටි ප්ලාසා, මිලේනියම් හිල්ටන් සහ 90 වැනි පල්ලවීදිය නම් ස්ථානවල ද හානි සිදු වී ඇතත් එම හානි තදබල ඒවා නොවේ.සන්නිවේදන උපාංගවන සම්ප්‍රේෂණ රේඩියෝ, රූපවාහිනී, රේඩියෝ කුළුණු ආදියටද හානි ගෙන දී ඇති අතර එම කොටස ආසන්නව ගිනි ගැනීම් හටගත් නිසා තවත් කොටසකට හානි සිදු වී ඇත.

බේරා ගැනීම් පෙන්ටගන් ප්‍රහාරයේදී තුවාල ලද ප්‍රහාරකයකු බේරා ගනී.

නිව්යෝර්ක් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ක්ෂණිකව ඒකක 200 ක් ( දෙපාර්තමේන්තුවෙන් අඩක්) ප්‍රහාරය සිදු වූ පරිශ්‍රයට අන්යුක්ත කළ බවත් ඔවුන් තම රාජකාරීවලට අමතරව තවත් විශාල උපකාර රැසකට සහභාගී වූ බවත් සඳහන්ය. නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් හදිසි සේවා ඒකක හා අනෙකුත් පොලිස් නිළධාරීන් සිද්ධිය වූ ස්ථානයට එවන ලදී‍. සීමිත හැකියාවක් මත තොරතුරු සන්නිවේදනය කරමින් පොලිස් දෙපාර්තමේන්තුව, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව හා වරාය අධිකාරී පොලීසිය තම ප්‍රයත්නය සාර්ථක කරගනු වස් මෙම හදිසි අවස්ථාවේදී රාජකාරී ඉටුකර ඇත. ඉහත පාර්ෂව තම ර‍ාජකාරීවලට වඩා සිවිල් ජනතාව අතුරින් බේරා ගැනීමට මහන්සි වූහ. තත්වය නරක අතට හැරෙද්දී නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු එම දෙපාර්තමේන්තු හෙළිකොප්ටර් විසින් ලබා දුන් අතර එය ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර බේරා ගැනීම් සිදු කිරීමට මහත් උපකාරී විය. කෙසේ වෙතත් පොලීසිය හා ගිනි නිවීමේ ඒකක අතර සන්නිවේදන කටයුතු අඩාල වූ අතර ගිනි නිවීමේ ඒකක ප්‍රධානීන් හට අවශ්‍ය දත්ත නොලැබීමෙන් දුෂ්කරතා රැසක් උද්ගත විය. පළමු ගොඩනැගිල්ල ඇද වැටීමත් සමග ගිනි නිවීමේ ඒකක ප්‍රධානීන් හට මෙම සන්නිවේදන දුෂ්කරතා අත්විඳිය හැකි වූයේ තම භටයන් මෙහෙයවීමට නියෝග ලබා දිය නොහැකි වීමෙනි.එම තත්වයට හේතු වූයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළ ඇති සන්නිවේදන පද්ධති අඩාල වීමයි. තවද 911 හදිසි ඇමතුම් අංශයටද ලැබුණු තොරතුරු අදාල අංශවලට ලබාදිය නොහැකි විය.අති විශාල මෙහෙයුම් රැසක් පැය කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක වූ අතර සමහර මෙහෙයුම් මාස ගණනක් ක්‍රියාත්මක විය.

සෞඛ්‍ය ගැටලු[සංස්කරණය]

ගිණි නිවන භටයෙකු ‘නිව්යෝර්ක් සිටි’ හි සුන් බුන් හා දුම් වලා මැද හුදකලාව.

කුලුණු දෙක කඩා වැටීමෙන් පතිත වුනු ටොන් දහසක් පමණ සුන්බුන් වල පිළිකා කාරකයන්ද ඇතුළත් 2500 ක් පමණ විෂ සහිත ද්‍රව්‍ය ඇතුලත් විය. ගලවා ගැනීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතුවල යෙදුනු සේවකයින් බෙලහීන කරන රෝග වලට ගොදුරු වීමට බොහෝ දුරට හේතු වූයේ ඔවුන් මෙම සුන් බුන් ආශ්‍රිත වාතාවරණයට නිරාවරණය වීමයි. උදාහරණයක් වශයෙන් NYPD නිලධාරියෙකු වූ ෆ්‍රෑන්ක් මැක්රි නමැත්තා ඔහුගේ සිරුර පුරා පැතිරුණු පිළිකාවක් හේතුවෙන් 2007 සැප්තැම්බර් මස 03 වැනි දින මිය ගියේය. ඔහුගේ පවුලේ අයගේ අදහස වූයේ දිගු කලක් එම ප්‍රදේශයේ සිටීම එයට හේතුවක් වූ බවයි. සේවයේ යෙදී සිටියදී වන අනතුරු සම්බන්ධයෙන් එම පවුලේ අය කිසියම් ආධාරයක් ඉල්ලා ඇති අතර පාලක පක්ෂය තවම ඒ ගැන තීරණයක් දී නැත. පහළ මැන්හැට්න් සහ ඒ අසල වූ චයිනා ටවුන් ප්‍රදේශවල ඇතැම් පදිංචිකරුවන්ට, ශිෂ්‍යයින්ට සහ කාර්යාල සේවකයින්ටද මෙම සෞඛ්‍ය ගැටලු බලපෑවේය. ලෝක වෙළඳ මධ්‍යස්ථානය කඩා වැටීමෙන් පසු විෂ සහිත දූවිලි, මරණ කිහිපයකට හේතුවක් වූ බව හෙලි වූ අතර, එසේ මිය ගිය අයගේ නම් ලෝක වෙළඳ මධ්‍යස්ථාන අනුස්මරණ ස්මාරකයෙහි ඇතුලත් කිරීමට නියමිතය. තවද, වාතයේ ඇති විවිධාකාර විෂකාරක කොටස්වලට නිරාවරණය විම දරු ගැබ් කෙරෙහි අහිතකර ලෙස බලපාන බවට විද්‍යාත්මක අනුමානයන්ද විය. අමම අනතුරුදායක තත්වයට පෙර සූදානමක් ලෙස එක්තරා ළමා පාරිසරික සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, ලෝක වෙළඳ මධ්‍යස්ථානය බිමට සමතලා වුනු කාලයේ ඒ අසල පදිංචිව සිටි හෝ රැකියාවේ යෙදුනු ගැබ් ගත් මවුවරුන්ගේ දරුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

ප්‍රහාරයෙන් පසු ඇති වුනු ලෙඩ රෝගවලට වියදම් වූ මුදල්වලට අදාල හබයන් තවමත් අධිකරණවල විවාද වෙමින් පවතී. 2006 ඔක්තෝබර් 17 වන දින ඇල්වින් හෙලර්ස්ටීන් නම් ෆෙඩරල් විනිශ්චයකරු, ගලවා ගැනීමේ සේවකයින්ගේ ගාස්තු නොගෙවීමට නිව් යෝර්ක් (අධිකාරිය) විසින් ගන්නා ලද තීරණයකට ඉඩ නොදුන්නේය. මෙම තීන්දුව අනාගතයේ කළ හැකි එවැනි ඉල්ලීම්වලට අනුබලයක් විය. ප්‍රහාරය සිදු වීමෙන් පසු ගත වූ ආසන්න සති කිහිපය තුළ මහජනතාවට නැවතත් මැන්හැට්න් ප්‍රදේශයට පැමිණෙන්නැයි ඉල්ලීම් කළ රජයේ නිලධාරීන් මහජනයාගේ දෝෂ දර්ශනයට ලක් විය. EPA (සංවිධානයේ) පාලක ක්‍රිස්ටියන් ටොඩ් විට්මන් ප්‍රහාරයෙන් පසු බොහෝ විවේචනයන්ට ලක් වූයේ එම ප්‍රදේශය ජනතාවට ආරක්ෂාකාරී පෙදෙසක් යයි වැරදි තොරතුරු සැපයීම හේතුවෙනි. ජනාධිපති බුෂ් ද EPA අර්ථ දැක්වීමට පිළිගෙන, ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ වාතයේ තත්වය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය නිසා විවේචනයට ලක් විය. ඊට අමතරව නගරාධිපති ගුයිලියානි ද, මූල්‍ය ව්‍යාපාර ආයතනයන්ට වෝල් ස්ට්‍රීට් ප්‍රදේශයට එන්නට බල කිරීම සම්බන්ධයෙන් දෝෂ දර්ශනයන්ට ලක් විය.

කුමන්ත්‍රණ න්‍යායන්[සංස්කරණය]

පහරදීම් හෝ ආක්‍රමණ වලට අනතුරුව, එය සිදුකළේ අල් කයිඩා සංවිධානයෙන් පිටත පුද්ගලයන් බව හා එම පහරදීම් පිළිබඳව කලින් ඇතැම් පුද්ගලයන් කටයුතු නොකළ බවමට වැනි කුමන්ත්‍රණ න්‍යායන් මතු වී තිබේ. සිවිල් ඉංජිනේරු ප්‍රජාව පිළිගන්නේ පහළ ගොඩනැගිලි (Twin Towers) හි බිඳ වැටීම කෙරෙහි අධික වේගයෙන් පැමිණි ජෙට් යානාවල ඝට්ටනය නිසාවෙන් වුවක් බවත් එයට පාලිත කඩාදැමීමක් (controlled demolition) බල නොපෑ බවත්ය.

9/11 කොමිසම

ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ත්‍රස්තවාදී පහරදීම (9/11 කොමිසම) පිළිබඳ ජාතික කොමිසම නිව් ජර්සිහි (New Jersey) හි ආණ්ඩුකාර තෝමස් කීන් (Thomas Kean) ගේ මුලසුන යටතේ 2002 වසරේ අගභාගයේදී පිහිටුවන ලදී. මෙහි අරමුණ වූයේ ආක්‍රමණ මුල් කරගෙන ඇතිවන තත්ත්ව සම්පූර්ණ කිරීම හා එම ආක්‍රමණ වල මුහුණ දීමට ඒවාට වහා ප්‍රතික්‍රියා දැක්වීමට අවශ්‍ය පියවර ගැනීමයි. 2004 ජූලි මස 22 වැනි දින කොමිසම යටතේ 9/11 කොමිසම් වාර්තාව නිකුත් කරන ලදී. කොමිසම හා මෙම වාර්තාව විවිධ විවේචන වලට භාජනය වී තිබේ.

"http://si.wikipedia.org/w/index.php?title=සැප්තැම්බර්_11_ප්‍රහාර&oldid=249765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි