සාකච්ඡාව:ශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්




ශ්‍රී ලංකාවේ වර්තමාන ඒකීය රාජ්‍ය සංකල්පයට මුල පිරුණේ බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් පරිපාලන වැඩසටහන හරහාය.ජාතීන් අනුව මන්ත්‍රීවරුන් පත් කිරීම සහ භූගෝලීය හෝ සමාජ සංස්කෘතික වෙනස්කම් හෝ සැලකිල්ලට නොගෙන උඩරට සහ පහතරට ඒකාබද්ධ කොට සමස්ථ දිවයිනම පළාත් පහකට ඛෙදීම අද අප මුහුණ දී සිටින ජනවාර්ගික අර්බුදයේ මූල බීජ වැපිරීමක් ලෙස ඇතැම් විචාරකයෝ පෙන්වා දී ඇත.බ්‍රින්‍යයන්ගේ පරිපාලන ප්‍රතිපත්ති හරහා වෙන් වෙන්ව පාලනය වූ සිංහල සහ දෙමළ රාජධානි බලහත්කාරයෙන් එක්සත් කළ බව දමිල විශ්ලේෂකයිනගේ අදහසයි.බ්‍රිතාන්‍යයන්ගේ ඛෙදා පාලනය කිරීමේ උපක්‍රමයේ ප්‍රථම අවස්ථාව ලෙස බෝහෝ දෙනා පෙන්වා දෙන්නේ උඩරට සිංහල ජනතාව වෙසෙන ප්‍රදේශ වල දෙමළ වතු කම්කරුවන් විශාල වශයෙන් රැඳවීමයි.සිංහල ජාතිකවාදයේ මුල් අවස්ථාව වුයේ අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාරයයි.මේ කාලයේදී වර්ධනය වූ බෞද්ධ ප්‍රබෝධයට සහ සිංහල ජාතිකවාදී අදහස් වල වර්ධනයට අමද්‍යප ව්‍යාපාරයෙන් මනා පිටුවහලක් ලැබුණි.සිංහල සහ දෙමළ නායකත්වය අතර අසමගිය වර්ධනය වූ ආකාරය නිදහද ලබා ගැනීමට පෙර සිටම දැක ගත හැකිවිය.50 ට 50 සමාන අයිතිවාසිකම් ප්‍රශ්නය මත ජාතික සංගමයෙන් දෙමල නායකයින් ඉවත් වීම සහ උඩරට සංගමට වැනි ප්‍රාදේශීය පදනම මත සංගම් බිහි වීම වැනි සාධක විසින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඛෙදීම වර්ධනය කරනු ලැබීය.මේ අනුව ශ්‍රී ලංකාවේ බහුතර ජාතිය වන සිංහල සහ සුළුතර ජාතීන් වන සිංහල සහ මුස්ලිම් ජාතීන් අතර බලය ඛෙදා ගැනීම සම්බන්ධයෙන් මතවාදීමය අරගලය ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යුගයේ ගෙන ආ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා බව පෙන්වා දිය හැකිය.බ්‍රිතාන්‍යයන්ගේ ඛෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා ජාතීන් වශයෙන් වෙන වෙනම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ නායකයින් ප්‍රයත්න දැරූ අතර ශ්‍රී ලංකාව නිදහස ලැබුවේ එක් ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් නොව ඛෙදී වෙන් වුණු ජාතීන් කිහිපයක් වශයෙනි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම කාල වකවානුව තුළ ආරම්භ වූ ජනවාර්ගික මත ගැටුම නිදහසින් පසු කිසිදු බාධාවකින් තොරවම සන්නද්ධ අරගලයක් වශයෙන් වර්ධනය වන ආකාරය දැකිය හැකිය.ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා විසඳුම් යෝජනා රාශියක් ගෙන එනු ලැබූ නමුත් ඒවාට සාර්ථක ප්‍රතිඵල අත් පත් කර ගැනීමට හැකි වී නැත.මෙම අධ්‍යයනයෙන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය වර්ධනය වූ ආකාරය සහ එය යුද්ධයක් කරා ගමන් ගත් ආකාරය විමසා බැලීම බලාපොරොත්තු වේ

මාවිල්ලාරු[සංස්කරණය]

ආරු යනු ඔය යන්න දෙමළෙනි. ලාරු යැයි දෙමළ වචනයක් නැත. මාවිල්ආරු විය යුතුයි. ---ශ්වෙත (talk) 16:13, 26 පෙබරවාරි 2013 (යූටීසී)[reply]