ශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදය

විකිපීඩියා වෙතින්

බටහිර ජාතීන් ලක්දිව පාලනය කල යුගය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට මුල පිරුණේ බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් පාලන සහ පරිපාලන ක්‍රමයන් හරහාය. 1869දි ශල්‍ය වෛද්‍ය WG වැන්ඩොර්ට්ගේ ලංකා මලබාර් වහල් සේවකයන් පිළිබද පාලන වාර්තාව මගින් කියවෙන්නේ 1843 -1867 යන 25 වසර තුළ ගෙනෙන ලද මලබාරයේ ජනයා අතර උසස් කුල ජනයාද සිටි බවය. මෙම උගත් තමිල් පන්තිය සිවිල් පාලනය සදහා පත්ව ඇත. එමගින් යාපනයේ බිහි කරන ලද විද්‍යාල හරහා උසස් කුල වල යයි කියන පොන්නම්බලම් පවුල හා කුමාරස්වාමි පවුල් ඉස්මතුව වන්නට විය. 1910 වසරේ ව්‍යවස්ථාදායක සභාවට දොස්තර මාකස් ප්‍රනාන්දු පරදවා පොන්නමබලම් රාමනාදන් ජය ලැබීමත් සමගම සිවිල් සේවයේ ආධිපත්‍යය හා දේශපාලනය බලය රාමනාදන් වෙතට ගියේය. 1920 මැනිං ප්‍රතිසංස්කරණ මගින් ඡන්දයෙන් සිංහල මන්ත්‍රීවරු 13ක් පත්වන විට තමිල් මන්ත්‍රීවරු 3ක් පමණක් පත් වීමෙන් තමිල් මන්ත්‍රීවරු පරාජය විය. අනපේක්ෂිතව බිද වැටුණු තමිල් දේශපාලන බලය නිසා පොන්නම්බලම් සොයුරන් දෙදෙනා එතෙක් සිංහලයන් සමග සහයෝගයෙන් එක්ව සිටි ලංකා ජාතික සංගමයෙන් ඉවත්ව තමිල් මහජන සභාව පිහිටුවවිය. ජි. ජි පොන්නම්බලම් මහතා සර්වජන ජන්දය ක්‍රමය ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවට බහුතරය වූ සිංහලන් හා සුළුතරය වූ තමිල් භාෂාව කථා කරන ජනයා සදහා ව්‍යවස්ථාදායක සභාවට පත් කරන 50-50 සම නියෝජනයක් ඉල්ලිය. එම ඉල්ලීම බි්‍රතාන්‍යය පාර්ලිමේන්තුවේ දී ප්‍රතික්ෂේප විය. පසුව 1946 දී සෝල්බරි කොමිසමේ නිර්දේශ මත, පාර්ලිමේන්තු ක්‍රමයක් ලබා ගැනීමට එවකට පැවති මුස්ලිම් ලීගය එනම් සමස්ත ලංකා තමිල් කොංග්‍රසය හා සිංහල මහ සභාව එකතුවී UNP (එක්සත් ජාතික පක්ෂය) නම් සන්ධානය සැදීම නිසා, සී චෙල්වනායගම් මහතා තමිල් කොංග්‍රසයෙන් ඉවත් වී තමිල් රාජ්‍ය පක්ෂය එනම් ඉලන්කෙයි තමිල් අරුසු කච්චි˜ පිහිටවන ලදි. ජාතීන් අනුව මන්ත්‍රීවරුන් පත් කිරීම සහ භූගෝලීය හෝ සමාජ සංස්කෘතික වෙනස්කම් හෝ සැලකිල්ලට නොගෙන උඩරට සහ පහතරට ඒකාබද්ධ කොට සමස්ථ දිවයිනම පළාත් පහකට ඛෙදීම අද අප මුහුණ දී සිටින ජනවාර්ගික අර්බුදයේ මූල බීජ වැපිරීමක් ලෙස ඇතැම් විචාරකයෝ පෙන්වා දී ඇත. බ්‍රින්‍යයන්ගේ පරිපාලන ප්‍රතිපත්ති හරහා වෙන් වෙන්ව පාලනය වූ සිංහල සහ දෙමළ රාජධානි බලහත්කාරයෙන් එක්සත් කළ බව දමිළ විශ්ලේෂකයිනගේ අදහසයි.බ්‍රිතාන්‍යයන්ගේ ඛෙදා පාලනය කිරීමේ උපක්‍රමයේ ප්‍රථම අවස්ථාව ලෙස බෝහෝ දෙනා පෙන්වා දෙන්නේ උඩරට සිංහල ජනතාව වෙසෙන ප්‍රදේශ වල දෙමළ වතු කම්කරුවන් විශාල වශයෙන් රැඳවීමයි. සිංහල සහ දෙමළ නායකත්වය අතර අසමගිය වර්ධනය වූ ආකාරය නිදහද ලබා ගැනීමට පෙර සිටම දැක ගත හැකිවිය. 50 ට 50 සමාන අයිතිවාසිකම් ප්‍රශ්නය මත ජාතික සංගමයෙන් දෙමල නායකයින් ඉවත් වීම සහ උඩරට සංගමය වැනි ප්‍රාදේශීය පදනම මත සංගම් බිහි වීම වැනි සාධක විසින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ඛෙදීම වර්ධනය කරනු ලැබීය. මේ අනුව ශ්‍රී ලංකාවේ බහුතර ජාතිය වන සිංහල සහ සුළුතර ජාතීන් වන දෙමළ සහ මුස්ලිම් ජාතීන් අතර බලය ඛෙදා ගැනීම සම්බන්ධයෙන් මතවාදීමය අරගලය ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යුගයේ ගෙන ආ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා බව පෙන්වා දිය හැකිය.බ්‍රිතාන්‍යයන්ගේ ඛෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා ජාතීන් වශයෙන් වෙන වෙනම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ නායකයින් ප්‍රයත්න දැරීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම කාල වකවානුව තුළ ආරම්භ වූ ජනවාර්ගික මත ගැටුම නිදහසින් පසු කිසිදු බාධාවකින් තොරවම සන්නද්ධ අරගලයක් වශයෙන් වර්ධනය වන ආකාරය දැකිය හැකිය. ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා විසඳුම් යෝජනා රාශියක් ගෙන එනු ලැබූ නමුත් ඒවාට සාර්ථක ප්‍රතිඵල අත් පත් කර ගැනීමට හැකි වී නැත. මෙම අධ්‍යයනයෙන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය වර්ධනය වූ ආකාරය සහ එය යුද්ධයක් කරා ගමන් ගත් ආකාරය විමසා බැලීම බලාපොරොත්තු වේ.

මූලික සාධක[සංස්කරණය]

ජනවාර්ගික ගැටුමේ ආරම්භය සහ වර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට එයට හේතු වූ ප්‍රධාන සාධක 4ක් හඳුනා ගත හැකිය.

  • ජනවාර්ගික දේශපාලනය
  • භාෂාව තුළ දේශපාලනය
  • අධ්‍යාපනය තුළ දේශපාලනය
  • රැකියා සහ භූමියේ අයිතිය සම්බන්ධ ගැටළු

වාර්ගික සාධකය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය කෙරෙහි ප්‍රභලව බලපෑවේය. ඉහත දැක්වූ අන්දමට ඛෙදා පාලනය කිරීමෙ සංකල්පය සහ වාර්ගික අසමානතාවය වර්ධනයට තුඩු දෙන ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය යුද්ධයක් කරා තල්ලූ වීමට මඟ පෑදුවේය. 1956 භාෂා ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ වාර්ගික අසමානතාවය වර්ධනය කිරීමට මහත් සේ හේතු විය. සිංහල භාෂාවේ ආධිපත්‍ය තහවුරු කළ සිංහල පමණක් වූ ප්‍රතිපත්තිය මෙරට දෙමළ ජනතාවගේ කළකිරීමට හේතු වූ අතර එය ජාතිවාදී කෝලහල රාශියකට මුල පිරුවේය. 1970 දශකයේ සිට උසස් අධ්‍යාපනයට ඇති ඉඩ කඩ ජනවාර්ගිකත්වය මත පදනම් වීම වාර්ගික අසමගිය වර්ධනය කිරීමට එක් හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය. දෙමළ ජනයා වැඩි වශයෙන් ජීවත් වූ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සාම්ප්‍රදායික ගොවිතැන් පවත්වාගැනීම අපහසු වූ බැවින් ඔවුන් වැඩි වශයෙන් අධ්‍යාපනය හරහා රැකියා ලබා ගැනීමට යොමු විය. එම නිසා සිවිල් සේවය තුළ දෙමළ නියෝජනය ඉහළ මට්මක් දරනු ලැබීය. නමුත් සිංහල පමණක් වූ කෙටුම්පත හරහා දෙමළ ජනයාට ලැබූ තිබුණු එම තත්ත්වය අහෝසි වී ගියේය. නිහදසින් පසු 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාර්ථ ශක්තිමක් තරනු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ව්‍යුහයන් වර්ධනය කිරීමට අපොහොසත් වී ඇති අතර එමඟින් බහුතරවාදයේ පාලනය දැඩිව ස්ථාපිත කෙරුණු අතර නීති සම්පාදන ක්‍රියාවලියෙන් දෙමළ ජනයා බැහැර කර තැබූ බව සමන්සිරි ලියනගේ පෙන්වා දෙයි. ජනවාර්ගික ප්‍රශ්නය පැන නැගුණේ දෙමළ ජනයා දේශපාලන වශයෙන් ඈත් කොට තැබීම නිසා බව හෙතෙම පෙන්වා දෙයි. සිදුවීම් කිහිපයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය වර්ධනය වූ ආකාරය විමසා බැලීම මෙහිදී වැදගත් වනු ඇත.

ද්‍රවිඩ කල්පිත නිජභූමිය[සංස්කරණය]

ඊළම පිළිබඳව උතුරේ සිහිනය සඳහා පදනම වැටෙන්නේ, උතුරු පළාත සහ නැඟෙනහිර පළාත සම්ප්‍රදායික දෙමළ නිජභූමි යන සංකල්පය දෙමළ නායකයන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟය . සිංහල ජනතාව විශ්වාස නොකරන සහ දෙමළ ජනතාව විශ්වාස කරන මෙම ප්‍රවාදය එයින් ලේ විලක්‌ බවට රට පත්ව තිබිණි . සංහිඳියාවේ නාමයෙන් හෝ ත්‍රස්‌තවාදය විනාශ කළ පමණින් ඊළාම් සිහිනය බොඳ නොවී රැඳී පවතින්නේ මෙම සංකල්ප ගතවීම නිසාය . විපක්‍ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් මහතා විසින් පසුගිය 'දිවයින ඉරිදා සංග්‍රහය' ට ප්‍රකාශ කරන ලද්දේ තමන් ඉල්ලා සිටින්නේ ඓතිහාසිකව පැවැතෙන දෙමළ නිජ භූමිය බවය . මේ සඳහා වන ප්‍රතිඋත්තර බැඳීම් කිහිපයක්‌ ලැබී ඇති බැවින් මෙම මාතෘකාව සඳහා සංවාදයක්‌ ඇරඹීමට 'දිවයින' ඉඩ වෙන් කිරීමට තීරණය කළෙමු . මේ එහි පළමු වටයයි .

පසුගිය පෙබරවාරි 14 දින ඉරිදා දිවයින පුවත්පතේ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් දෙමළ රාජ්‍යයක්‌ ගැන අදහස්‌ දක්‌වා තිබිණි . එම කරුණු ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් ගොඩනැංවුණ තොරතුරු නොව ඊළාම් සාහිත්‍යය අයත් මෑත කාලයේ ප්‍රබන්ධ කළ ඒවා වෙති . පුරාණ යාපනය (Ancient Jaffna) නමැති කෘතිය 1919 දී සම්පාදනය කළ රාසනාගයම් මුදලි විසින් ප්‍රකාශ කරන්නේ යාල්පානම් වයිපවමාලෙයි, පරරාජසේකරන් උලෙයි, වයියා පඩාල්, කයිල්‍ය මාලෙයි වැනි පොත්වල ඇති උක්‌ත කතා ගැහැනුන් තම දරුවන්ට නින්ද යනතුරු කියන ලද කතා බවය . මෙම කතා උපයෝගී කරගෙන පේරාදෙණියේ ඉතිහාස කථිකාචාර්ය කේ. ඉන්ද්‍රපාලන් විසින් ලන්ඩන් විශ්වවිද්‍යාලයට 1967 දී ඉදිරිපත් කළ ආචාර්ය උපාධිය සඳහා වන නිබන්ධනය වූ Early Tamil Settlements in Jaffna කෘතිය සඳහා පී . එච් . ඩී. (ආචාර්ය) උපාධිය ලැබුණි . එහි කියෑවෙන්නේ 1215 කාලිංග මාඝ ආක්‍රමණයේ පටන් යාපනේ වෙනම දෙමළ රාජ්‍යයක්‌ ඇතිවූ බවය . ෙ -. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විශ්‍රාම සුවයෙන් පසුවන 1996 දී කීවේ මහාචාර්ය කේ. එම් . ද සිල්වා විසින් තමාට විස්‌තර කළ පරිදි උතුර - නැඟෙනහිර වෙනම දෙමළ රාජ්‍යයක්‌ තිබූ නිසා 1987 ඉන්දු - ලංකා ගිවිසුමෙන් එම භූමිය දෙමළ නිජබිම ලෙස පිළිගෙන අත්සන් කළ බවය . දැන් සම්බන්ධන් මහතා ද එම කේ. එම් . ද සිල්වාගේ ඉතිහාසය පොත බලන ලෙස අපට කියයි . එහි ඇත්තේ ඉන්ද්‍රපාලන්ගේ පී . එච් . ඩී . නිබන්ධනයේ ඇති කතන්දර ඉතිහාසයයි .

1. උතුරේ දෙමළ රාජ්‍යයක්‌ පැවතුණි නම් චෝල දේශයේ (තමිල්නාඩුවේ) බදු ගොඩනැඟිලි හා මාලිගා නටබුන්, දේවාල හා කෝවිල්, ගල් කණු , සෙල්ලිපි, මූර්ති හා කැටයම් ආදී පුරාවස්‌තු ද සාහිත්‍ය කෘති ද තිබිය යුතුය . එබඳු කිසිවක්‌ යාපනේ නැත . මන්ත්‍රී මාලිගය සපුමල් කුමරුගේය . නල්ලූර් කෝවිල ඉදිකර වූයේ හයවැනි පැරකුම්බා රජුය .

2. ජැප්නා කිංඩම් යනු පෘතුගීසීන්ට සිදුවූ වැරැද්දක්‌ පමණි . ලංකාවේ සිතියමක්‌ නැති නිසා හා රටේ අභ්‍යන්තරයේ විශාලත්වය හෝ තත්ත්වය නොදත් නිසා ලංකාව විශාල අධිරාජ්‍යයක්‌ ලෙස පරංගීහු සැලකූහ . එම්පරර් ඔෆ් කෝට්‌ටේ , කිං ඔෆ් සීතාවක , කිං ඔෆ් රයිගම , කිං ඔෆ් ගම්පල , කිං ඔෆ් ජැෆ්නා ආදී නම් භාවිතා කළේ එම කිංලාගේ කිංඩම්ස්‌ ද සඳහන් කරමිනි .

ඉංග්‍රීසීන් ගෙනවුත් පදිංචි කරවූ දෙමළ කතාකරන්නන් (දෙමළ හා මුස්‌ලිම්) බලාකියා ගැනීම ඔවුන්ගේ යුතුකමක්‌ විය . ඉතිහාසය ලිවූ ඉංග්‍රීසීහු සීතාවක , රයිගම , ගම්පල හලා දමා ජැෆ්නා කිංඩම් හා කිං ඔෆ් ජැෆ්නා පමණක්‌ ඉතිරි කළහ . ෆ්‍රන්සිස්‌කෝ නිගරෝ පියතුමා විසින් සම්පාදනය කරන ලදුව ක්‌වේරෝස්‌ පියතුමා විසින් ප්‍රසිද්ධ කළ Temporal and Spiritual Conquest of Ceylon කෘතියේ කියවෙන්නේ කිංඩම් 14 ක්‌ තිබූ බවය . ඒ ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි .

3. යාපනය පාලනය කළේ ජැෆ්නාපටම් හි සිටි මුදලි විසිනි . යාපනය වන ලැහැබ් සහිත කැලෑවක්‌ මිස රාජධානියක්‌ නොවේ . උතුරේ වැදිආරච්චි (වඩමරච්චි) නැඟෙනහිර පස්‌හෙලපාලි (පච්චලිප්පලෙයි), දකුණෙහි තෙන් ආරච්චි (තෙන්මරච්චි) හා බටහිර වැලිගම (යාපනය) යන ආරච්චි වසම් හතර වෙරළ ආසන්නයේ තිබූ කුඩා ජනාවාස හතරයි . මුදලි යනු " මුදල්" යන අර්ථයයි . යාපාපටුනේ රේගු බදු හා වරාය බදු මුදල් අය කළ නිසා ඔහු මුදලි ලෙස හැඳින් වුණ බව ක්‌වේරෝස්‌ ග්‍රන්ථය පවසයි . මාතොටද මුදලිවරයෙක්‌ විය .

4. 1619 දී සන්කිලිගෙන් පෘතුගීසීන් යාපනය අල්ලාගත් විට ගිවිසුමක්‌ අත්සන් කරන ලදී. එය සිංහල හා පෘතුගීසි දෙබසින් සැකසිණ . සංකිලිගේ බිසව බෞද්ධ කාන්තාවකි . ඔහුගේ ඇමැතිවරු දසදෙනාම සිංහලය . අගමැති ආනන්ද අමරකෝන්ය. (ක්‌වේරෝස්‌ ග්‍රන්ථයා)

5. යාපනය පාලනය කළ පෘතුගීසි කැප්ටන්ට වැඩි පැමිණිලි ගණනක්‌ ලැබුණේ පරංගි සෙබළුන් විසින් භික්‍ෂූන්ට හා විහාරස්‌ථානවලට අගෞරව හා හානි කරන බවටය . මේ බෞද්ධයන්ගේ පැමිණිලිය. (ලිස්‌බන් කෞතුකාගාර ලේඛන)

6. යාපනය මුස්‌ලිම් වෙළෙඳ නගරයක්‌ බව ක්‌aවේරෝස්‌ පවසයි . සිංහල හා දකුණු ඉන්දියානු වෙළෙඳුන්ද ඔවුන්ට සේවා සපයන්නවුන්ද මලබාර් (දෙමළ) ධීවරයන්aද, තැනින් තැන වූ ජනාවාසවල විසූහ. (ක්‌වේරෝස්‌) ගොවිතැන් ගැන සඳහන් නැත . සිංහලයන් හැරුණු විට ඉතිරි ජනගහනය වූයේ ඉඩම් අහිමි කලින් කලට එන සංක්‍රමණිකයන්ය. (ක්‌වේරෝස්‌)

7. අලිමංකඩින් දකුණෙහි සිංහල රජුගේ නිලධාරීහු පාලනය කළහ . උතුරට ගෙනගිය භාණ්‌ඩවලට බදු අයකිරීම අලිමංකඩදී සිදුවිය . යාපාපටුනින් එන දකුණු ඉන්දීය ආක්‍රමණවලට මුහුණදී පරාජය කිරීමට කිලිනොච්චි අසල රණමඩුව වැව (ඉරණමඩු) ආශ්‍රිත එම යුද ජනපදය අනුරාධපුර යුගයෙහි සිට පැවතුණි . වඩාත් උතුරේ පිහිටි සිංහලයාගේ විශාල වැව හා විශාල ජනපදය එය විය. (ක්‌වේරෝස්‌)

8. ඕලන්ද පාලනය යටතේ යාපනයේදී වෙළෙඳ බෝගයක්‌ වන දුම්කොළ වගාව අරඹන ලදී. මුලදී මේ සඳහා ඉඩම් බද්දට ලබාගත් අතර වැඩිම බදු මුදල වූ රික්‌ස්‌ ඩොලර් 4000 ගෙවන ලද්දේ රත්නසිංහ නම් අයකුටය. (හේග් කෞතුකාගාර ලිපි ලේඛන) පසුව වගාකරුවන්ට ඉඩම්වල අඛණ්‌ඩ අයිතිය ලබාදීම සඳහා 1707 දී " තේසවලමෙයි" නීතිය ඇතිකෙරිණි .

9. ඕලන්ද පාලන සමයේ නැඟෙනහිර පළාත පූර්ණ සිංහල පළාතකි . ෂෂ රාජසිංහ විසින් ත්‍රිකුණාමලයේ ත්‍රිකෝණ කොටුව (ගලේ කොටුව) බඳින ලදී. මේ අසල කොට්‌ටියාරයට ගොඩබැසි රොබට්‌ නොක්‌ස්‌ පියපුතුන් කැඳවාගෙන ගියේ මහනුවර රජු වෙතටය .

10. 1761 යාපනේ දක්‌වන ඕලන්ද සිතියමෙහි චාවාකච්ෙච්රිය අසල (තෙන් ආරච්චි ජනාවාසයේ) කුඩා වැව් 21 ක්‌ දක්‌වා ඇත . මේ තනි සිංහල ජනපදයකි . එමෙන්ම තම දේශසීමාව වූ අලිමංකඩ අසල ඕලන්ද බලකොටුව සිතියමෙහි දැක්‌වේ . ඉන් දකුණ රජුගේ පාලනයයි .

11. මහනුවරට විරුද්ධව ඕලන්දයන් කළ ආක්‍රමණ අසාර්ථකවීම නිසා ජාන් මක්‌කාර් ඕලන්ද නිලධාරියා කළේ දෙමළ අය ලවා වැරදි ඉතිහාසයක්‌ ලියවීමය . ඉල්ලීම පිළිගත් මයිල්වාතනම් පුලවර් විසින් යාල්පානම් වයිපව මාලෙයි ලියා තෑගිබෝග හා මුදලි තනතුරක්‌ද

ඕලන්දයන්ගෙන් ලබාගනී. 18 සියවසේ යාපනවාසීන් දැන සිටි කරුණු විජය කුමරුගේ පටන් දක්‌වන්නට ගොස්‌ පුලවර් තම කෘතිය මහා පැටලුම් ජාලයක්‌ කරගෙන ඇත . සම්බන්ධන් මහතා ඇතුළු ඊළාම්වාදීන් ඊට " දෙමළ මහවංශය" යනුවෙන් කියති . එහි එන සෑම කරුණක්‌ම ගොතන ලද ව්‍යාජ ඒවා බව ඔප්පු කළ හැක .

12. උතුරු හා නැඟෙනහිර පළාත්වල (ඊනියා දෙමළ නිජබිමේ) මුහුදුබඩ දිගට ගව්වක්‌ පළල ඇති බිම්පටියක්‌ 1766 දී හඟුරන්කෙත ගිවිසුම මගින් ඕලන්දයන් විසින් ලබාගත්තේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙනි .

13. බ්‍රිතාන්‍ය පෙරදිග වෙළෙඳ සමාගම 1796 දී ඕලන්දයන් සතු මුහුදුබඩ ප්‍රදේශ ලබා ගැනීමේදී යාපනය හඳුන්වන්නේ යාපනේ දිසාවනිය (Jaffna Disawani) යනුවෙනි . ඕලන්දයන් පෘතුගීසීන්ගෙන් ලබාගන්නේද යාපනේ දිසාවනියයි . මේ සිංහල රජුගේ " දිසාව" නමැති යාපනය දිසාවනිය බව පැහැදිලිය .

14. 1818 ඇතිවූ වෙල්ලස්‌ස නිදහස්‌ අරගලය යාපනයටත් මුළු ලංකාවටත් තීරණාත්මක විය . තමනට අවිශ්වාසී වූ උඩරට රදල ප්‍රභූවරුන් සම්පූර්ණයෙන් වාෂ්පකර ඔවුන් තනතුරුවලින් ඉවත් කිරීම බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාර තැන විසින් කරන ලදී, ඉදිරියට පරිපාලනයට සහභාගි කරගන්නා අලුත් පංතිය උතුරේ දෙමළ කතාකරන අය අතුරින් බිහිකර ගැනීමට (Elite class) ඇමෙරිකන් චර්ච් මිෂනාරින්ව ඉංග්‍රීසි ඉගැන්වීමට යාපනයට යෑවීය . අනාගතයේදී ලංකාවේ පාලක මධ්‍යම පන්තිය උතුරේ දෙමළ උගතුන්ගෙන් ඇති කිරීමේ එම ක්‍රියාවලිය අද ඊළාම් සටන යනුවෙන් හැඳින්වේ. 1818 අරගලය නිසා සිංහලයන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලිය එදා සිට අද දක්‌වා ක්‍රියාත්මකය .

දෙවැනි කොටස

15. 1640 ක්‌වේරෝස්‌ සඳහන් කළ යාපනේ කැලෑව 1830 ජන . 25 දිනත් එසේමය . යාපනේ කලෙක්‌ටර් (දිසාපති) කෝල්බෲක්‌ට මෙදින එය පැවසීය . ස්‌ථිර ජනගහනයක්‌ නැති රජයේ හෝ පුද්ගලික ඉඩම් නැති ගොවිතැන් නැති කැලෑවෙන් වැසුණු වාරිමාර්ග ක්‍රම නැති යාපන අර්ධද්වීපයක්‌ ගැන කලෙක්‌ට සාක්‍ෂි දී ඇත . එනිසා කෝල්බෲක්‌ යෝජනා කළේ යාපනය දෙමළ කතා කරන්නන්ගෙන් ජනාවාස කිරීම ගැනය . පාරවල් සෑදීමට දකුණු ඉන්දියාවෙන් ගෙනා දෙමළ කතාකරන අය තම 15 අවුරුදු කොන්ත්‍රාත්තුව අවසන් වූ පසු ඔවුන්ගේ රටට නොයවා යාපනේ පදිංචිකරවා ඉඩම් හිමිකම ලබාදී ගොවි උපකරණ, සතුන් හා ගොවිතැන් කිරීමේ දැනුම ලබාදීම නිර්දේශ කළේය .

ඉඩම් අයිතිය සදාකාලිකව ස්‌ථිරකර දීමට තේසවලමෙයි සම්ප්‍රදාය මෙරට නීති පද්ධතිවලට ඇතුළත් කළේ කොමිසමේ දෙවැනි කොමසාරිස්‌ කැමරන්ය . සිංහලයාගේ හිස්‌ මුදුනට මෙසේ ඇණය ගසා ඉන් නොනැවතී ලංකාව පළාත් 5 ට බෙදීය. 1833 දී ඉන් බෙදුණු උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු 3000 ක්‌ පැරණි දෙමළ නිජබිම විය . පුදුමය නම් ජයවර්ධන ජනාධිපති එය පිළිගෙන 1987 ජුලි 29 ගිවිසුමට අත්සන් කිරීමය . ජනාධිපතිවරයකුට රට ගැන දැනුමක්‌ තිබිය යුතු බව මින් පෙනේ. ලංකාවේ මුස්‌ලිමුන් දෙමළ කතාකරන්නේ ඔවුන් පාරේ වැඩට ආ අය නිසා බවත් ඔවුන්ද පාරේ භාෂාව කතාකිරීමට පටන්ගත් බවත් කැප්ටන් ස්‌නයිඩර් පවසයි .

16. උතුරේ බිහිවන නව උගත් මධ්‍යම පන්තියට දේශපාලන බලතලද ලබාදිය යුතු බව කෝල්බෲක්‌ දිටී . එබැවින් ආසියාවේ ප්‍රථම වරට ලංකාවේ ව්‍යවස්‌ථාදායක සභාවක්‌ ඇතිකිරීමට යෝජනා කළේය. 96% වූ සිංහලයන්ට හා 3% වූ දෙමළ කතාකරන අයට දේශපාලන සම තත්ත්වය ලබාදීම ඉන් අදහස්‌ කළේය . ඉංග්‍රීසි උගතුන් දෙමළ නිසා පරිපාලනයේ පහළ මට්‌ටමේ දෙමළ අයට ආනිවාර්යයෙන් හිමි විය .

17. 1880 දී පමණ ඉංග්‍රීසි උගත් සිංහල මධ්‍යම පන්තියක්‌ බිහිවන විට දෙමළ අය

දේශපාලනයේ හා පරිපාලනයේ වැජඹුණි. 1874 පී . අරුණාචලම් කේම්බ්‍රි- එම් . ඒ . සමර්ථවී ලංකාවට ආ විට කොළඹ වරාය ජැටියේ සිට ඔහුගේ නිවසට රික්‌ෂෝව ඇදගෙන ගියේ සිංහල ප්‍රභූවරුන්ය . ඉංග්‍රීසි උපාය සාර්ථකව තිබිණි .

18. 1914 දී උගත් ලාංකිකයන්ට තම ඡන්දයෙන් මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට මැකලම් ප්‍රතිසංස්‌කරණ ඉඩදුන් විට සිංහල ප්‍රභූහු තම දොස්‌තර මාකස්‌ ප්‍රනාන්දු පරදවා පී . රාමනාදන්ව ජයග්‍රහණය කරවූහ .

19. දෙමළ නායකත්වය පිළිගැනීම හේතුවෙන් සිංහල, දෙමළ, මුසිල්ම හැම දෙනාම පී . අරුණාචලම් විසින් නායකත්වය සපයමින් 1918 දී ලංකා ජාතික සංගමය පිහිටුවා සභාපතිද විය .

20. අනපේක්‍ෂිත සිදුවීමක්‌ නිසා 1920 මැනිං ප්‍රතිසංස්‌කරණ වලින් දෙමළ දේශපාලන ප්‍රමුඛත්වය බිඳවැටුණි . උගත් ලාංකිකයන්ගේ ඡන්දයෙන් මන්ත්‍රීන් 16 ක්‌ ව්‍යවස්‌ථාදායකයට පත්කර ගැනීමට ඉඩ දුන් විට සිංහල 13 ක්‌ හා දෙමළ 03 ක්‌ තේරුණි . එවිට රාමනාදන් හා අරුණාචලම් සහෝදරවරු ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී දෙමළ මහජන සභාව ඇරඹූහ .

21. 1931 සිට ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය යටතට සර්වජන ඡන්ද බලය නිසා දෙමළ දේශපාලන බලය තවත් පිරිහී ගියේය . නමුත් දෙමළ පරිපාලන බලය එසේම විය. 1931 දී සර්ව සිංහල කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ද බිහිවුණි . දැන් දෙමළ ඉල්ලීම වූයේ ලංකාවේ පාලන බලය නොව පනහට පනහේ සිංහල - දෙමළ සමතැන් බලයයි .

22. සෝල්බරී කොමිසම මගින් ලංකාවට පාර්ලිමේන්තු ආණ්‌ඩුවක්‌ නිර්දේශ කරන ලදී. එවිට 1946 ජුනිවලදී ආණ්‌ඩුකාර මේසන් මුවර් විසින් සිංහල මහ සභාව , දෙමළ කොංග්‍රසය හා මුස්‌ලිම් ලීගය කැඳවා විමසුවේ " පාර්ලිමේන්තු ආණ්‌ඩුවක්‌ දීමට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂ කෝ" යනුවෙනි . මෙම සිංහල, දෙමළ හා මුස්‌ලිම් සංවිධාන තුන එකතු වීමෙන් වුවද පක්‍ෂයක්‌ සෑදිය හැකි බවට ආණ්‌ඩුකාරයා පොඩි " අයිඩියාවක්‌" දුණි . එය පිළිගත් සිංහල මහ සභාව , ලංකා දෙමළ කොංග්‍රසය හා මුස්‌ලිම් ලීගය එකතුවී තුන්ගොල්ලට 1/3 + 1/3 + 2/3 බල ව්‍යqහයක්‌ ඇති වඅබෝධය පිට 1946.09.06 දින සංවිධාන තුන එකතුකර යුනයිටඩ් නැෂනල් පාටි ලෙස ඉංග්‍රීසීන්ගේ වුමනවාට පක්‍ෂයක්‌ සෑදූහ .

23. දෙමළ මුස්‌ලිම් (1/3 + 1/3 + 2/3) බලය නිසා සෝල්බරි ව්‍යවස්‌ථාවේ 29 වගන්තිය මගින් ලංකාව ගැන සිංහලයාට ඇති අයිතිය වක්‍ර ලෙස නැතිකර දැමිණ . දෙමළ හා මුස්‌ලිම් අයට නැති අයිතියක්‌ සිංහලයාට නැති බව ඉන් කියවුණි .

24. මෙම සිංහල, දෙමළ, මුස්‌ලිම් සම අයිතිය සහතික වීමට සංකේතයක්‌ ලෙස 1951 දී ජාතික සිංහල කොඩිය තුළට මුස්‌ලිම් හා දෙමළ වර්ගයා ද ඇතුළත් කෙරිණි .

25. 1956 දී බණ්‌ඩාරනායක විසින් Sසබය්කැse sය්කක ඉe එයෑ දබැ දසෛජස්‌ක ක්‌බටම්ටැ සබ Ceහකදබ ලෙස සිංහල එක්‌ රාජ්‍ය භාෂාවක්‌ පමණක්‌ කරන ලදී.

26. 1972 දී මැතිනියගේ ආණ්‌ඩුව විසින් රටේ නම ශ්‍රී ලංකා ලෙස වෙනස්‌ කර ජාතිය ශ්‍රී ලාංකික ලෙස වෙනස්‌ කළාය . දැන් 1/3 + 1/3 + 1/3 } 3/3 එවිට ස්‌ථිරය සිංහලයා තවදුරටත් ජාතිය නොව ජන වර්ගයකි . ශ්‍රී ලාංකික ජාතිය තුළ ඔහු 1/3 ක ජන වර්ගයක්‌ වන්නේය . එදා 1833 දී 96% හා 3% පිරිස්‌වලට ව්‍යවස්‌ථාදායකයේ සමාන නියෝජනය ලැබීමට එය සමානය . එමෙන්ම ලංකාව 19 සියවසේ යුරෝපියන් විසින් ශිෂ්ටාචාර කළ රටක්‌ නොවේ .

27. සියල්ල සැකසුණ විට 1976 වඩුක්‌කොඩේ සම්මේලනයේ සිට ඊළාම් සටන ඇරැඹුණි . දේශපාලන පෙරමුණ, සන්නද්ධ පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ (ඩයස්‌ පෝරාව) ලෙස පෙරමුණු 3 ක්‌ සටන සඳහා විය .

28. 1978 ව්‍යවස්‌ථාවෙන් බහුජාතික කොඩිය ව්‍යවස්‌ථා ගත කරන ලදී. ශ්‍රී ලාංකික ජාතියක්‌ මිස සිංහල ජාතිය හෝ සිංහල කොඩිය කතාකළ විට දඩයමට ලක්‌වේ .

29. 1987 ජුලි 29 දින එල්. ටී . ටී . ඊ . සංවිධානයට ත්‍රස්‌තවාදයෙන් බැහැර වී දේශපාලනයට අවතීර්ණ වීම සඳහා පළාත් සභා විසඳුම ලබා දුණි . ඉන්දු - ලංකා ගිවිසුම මගින් ජනාධිපති හා රජය විසින් සම්බන්ධන් මහතා පවසන බොරුව වන උතුරු - නැඟෙනහිර දෙමළ නිජබිම පිළිගෙන අත්සන් කෙරිණි. 2009 මැයි මස LTTE පරාජය වූ පසු දැන් දේශපාලන පෙරමුණ ක්‍රියාත්මකය . ඊට අර්ධ ස්‌වාධීන පාලන ක්‍රමයක්‌ උතුරේ ලබාදී ඇත . දැන් සටන වී ඇත්තේ රටේ බලය උතුරට හා නැඟෙනහිරට බෙදා ගැනීමටය .

1818 සිට 1948 දක්‌වා ඉංග්‍රීසීන් ඉටුකළ කොටස 1948 සිට මේ දක්‌වා වඩාත් හොඳින් ඉටුකිරීමට පසුගිය 68 වසර තුළ මෙරට බලයට පත්වූ එ . ජා . ප . සහ ශ්‍රීලනිප රජයන් විසින් වගබලාගෙන ඇත. 1948 දී නිදහස ලැබුණේ රටට හා ජාතියට ගැළපෙන අන්දමින් රට වෙනස්‌ කර ගැනීමට බව මේ අඳබාලයෝ නොදනිති .

1956 භාෂා ප්‍රතිපත්තියේ සිට බණ්ඩාරණායක ඝාතනය දක්වා[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් බණ්ඩාරනායක යුගය වැදගත් තැනත් උසුලයි.1956 ජනවාරි මාසය වන විට භාෂා ප්‍රශ්නය හේතු කොට ගෙන දෙමල ජනතාව සහ ඔවුන්ගේ නියෝජියන් තුළද බලවත් කැළඹිමක් වර්ධනය වී තිබුණි. 1956 ජනවාරි 20 වැනි දින කොළඹදී රැස් වූ පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව ප්‍රකාශ කළහ.ශ්‍රී ලංකාවේ සමස්ථ දෙමල භාෂාව කතා කරන ජනතාව මුහුණ දෙමින් සිටින ඉතා බරපතල තත්ත්වය හමුවේ තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් වහාම එකමුතුව එක්සත්ව පෙරමුණක් පිහිටුවා ගත යුතුව ඇත. මෙම පෙරමුණ පිහිටුවා ගැනීමේ ප්‍රධාන අරමුනු වන්නේ 1. ස්වකීය භාෂාව හා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම 2. දෙමල කතා කරන ජනතාවගේ අනන්‍යතාවය සහ නිදහස පවත්වා ගැනීම 3. ස්වකීය සාම්ප්‍රදායික නිජ භූමිය අනුලංගනීයව තබා ගැනීම. මේ අතර ජනවාරි 29 වැනිදා යාපනයේදී රැස් වූ ෆෙඩරල් පක්ෂාය ස්ව තන්ත්‍ර දෙමල රාජ්‍යයක් සදහා දිගටම සටන්කිරීමට තිරණය කළේය.මේ අනුව ශ්‍රි ලංකාවේ දමිල ජාතික ව්‍යාපාරය වෙනම රා‍ජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීම ආරම්භ වුණේ 1956 පෙරලියට සමාන්තරව බව පෙනේ.සිහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ව්‍යවස්ථා කෙටුම්පත ට විරුද්ධව ෆෙඩරල් පක්ෂයේ ද්‍රවිඩ මන්ත්‍රී වරුන් විසින් ගෙන ගිය සත්‍යග්‍රහ ව්‍යාපාරයට මැරයන් ලබා පහර දෙනු ලැබූ අතර සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවටද පහර දෙනු ලැබිණි. ජූනි මස 14 වැනිදා කෙටුම්පතේ දෙවැනි කියවීම් විවාදය අවසන් කරමින් බණ්ඩාරණායක මහතා ප්‍රකාශ කළේ භාෂා දෙකටම සම තැන් දීමෙන් රටේ අවුල් වියවුල් උග්‍ර විය හැකි බවයි. මෙම විවාදයේදී කතා කළ වාමාංශික හා ද්‍රවිඩ පක්ෂ වල මන්ත්‍රීවරු සිංහල පමණක් රාජ්‍ය භාෂාව නොකරන ලෙස ආණ්ඩුවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියහ. 1956 අගෝස්තු මාසයේදී පැවැත් වුණු ෆෙඩරග් පක්ෂයේ සිව් වන වාර්ශික සමුළුවේදී ප්‍රකාශ වුණේ ඉතිහාසය තුළ ද්‍රවිඩ ජනතාවට සිදු වූ බරපතලම අසාධාරණය සිංහල පමණක් පණත බවයි.සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුව වර්ධනය වීම සඳහා හොඳ පසුබිමක් වර්ධනය වූ බව කිව හැකිය.රටේ වර්ධනය වෙමින් පැවති දෙමල ආවේගයන් පාලනය කිරීම සඳහා බණ්ඩාරණායක ඇමතිවරයා ෆෙඩරල් නායකයන් සමඟ සාකච්ඡා කොට 1957 ජූනි අවසානයේදී දෙපාර්ශවය අතර ලිඛිත ගිවිසුමක් ඇති කර ගත්තේය.දෙල භාෂාවට නිසි තත්ත්වය ලබා දෙන නීති සම්පාදනය කිරීමටත් රට සභා කි්‍රමයක් ඇති කර ගනීමටත් ගිවිසුමෙන් එකඟ වන ලදී.

එය බණ්ඩාරණායක චෙල්වනායගම් ගිවිසුමයි.මෙම ගිවිසුම රට පාවාදීමක් ලෙස විග්‍රහ කළ ජේ.ආර් ජයවර්ධන ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහා කොළඹ සිට මහ නුවර දක්වා පා ගමනක් සංවිධානය කළේය.මේ අතර වාහන අංක තහඩු වල ශ්‍රී අකුර සඳහන් කිරීම සම්බන්ධයෙන්ද ගැටළු ඇති විය.භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ සිංහල ජාතිවාදී පිරිස් විසින් බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාර ද හේතුවෙන් රටේ අවුල් වියවුල තත්ත්වය වර්ධන විය.බණ්ඩාරණායක චෙල්වනායගම් ගිවිසුම අවලංගු වීමෙන් පසුව දිවයිනේ බොහෝ තුන් වල ජාතිවාදී කොලහ ඇති වීම ශ්‍රී ලංකාවේ පශ්චාත් නිදහස් ඉතිහාසයේ ප්‍රථම ජාතිවාදී කෝලහලයසනිටුහන් කළේය.මේ සියල්ලටම මුල් වූයේ භාෂා පණතයි.මුලින්ම සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට එරෙහිව දෙමල ජන කොටස් වලින් විරෝධය ඵල වූ අතර පසුව දෙමල ජනතාවට කිසියම් හෝ සාධාරණයක් ඉටු කිරීමට සූදානම් වූ විට සිංහල අන්තවාදීන්ගෙන් ප්‍රබල විරෝධතා ඇති විය.ද්‍රවිඩ භාෂා විශේෂ විධි විධාන කෙටුම් පත 1958 ජූලි මසදී නියොජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර සංශෝධන වලින් තොරවම සම්මත විය.මේ වන විට ආණ්ඩුව වාමාංශික හා දක්ෂිණාංශික වශයෙන් දෙපිලකට ඛෙදී තිබුණ අතර බණ්ඩාරනනායක ඝාතනය දක්වා මෙම ගැටුම්කාරී තත්ත්වයේ කිසිදු වෙනසක් නොවීය.

60 දශකය තුළ දෙමල ජාතික ව්‍යපාරයේ නැගීම[සංස්කරණය]

බණ්ඩාරනායක ඝාතනයෙන් පසු සිරිමාවෝ බණ්ඩරනායක මැතිනිය අගමැති ධූරයට පත් වූ අතර 1961 දී ඉංග්‍රීසි භාෂාව වෙනුවට සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමත් සමඟ මෙතෙක් පැවති නොසන්සුන් තාවය තීව්‍ර විය.බණාඩාරණායක විසින් එකඟ වූ කරුණු වලට ඇතුළත් අවම ඉල්ලීම් කිහිපයක් ෆෙඩරල් පක්ෂය විසින් ඉදිරිපත් කළ අතර රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කළේ එම ඉල්ලීම් වලට ඇහුම්කම් දීමේ හැකියාවක් නොමැති බවයි.මේ පසුබිම තුළ 1961 අප්‍රේල් 15 වැනි දා ෆෙඩරල් පක්ෂය විසින් සිවිල් නීති කඩ කිරීමෙ ව්‍යාපාරයක් ආරම්භ කළේය.ස්වාධීන දෙමල නිජ බිමක පිළිබඳ ප්‍රශ්ණය මේ වන විට ඉදිරිපත්ව තිබුණු අතර 1961 දී යාපනයේදී ඇරඹි සත්‍යග්‍රහය යාපනයේ පරිපාලනය අකර්මණ්‍ය කිරීමට සමත් විය. ආණ්ඩුවට නව අභියෝගයක් එල්ල කරමින් චෙල්වනායගම් විසින් තමිල් අරසු නම් වූ තැපැල් සේවාවක් ආරම්භ කළේය.තත්ත්වය උග්‍ර අතට හැරෙමින් පැවති අතර චෙල්වනායගම් ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රී වරුන්ට හය මසක සිර දඩුවමක් නියම කෙරුණි.1965 මැතිවරණයෙන් ජය ගත් එක්සත් ජතික පක්ෂය විසින් නැගී ආ දෙමල ජාතික වාදී අරගලය සධහා විසඳුමක් වශයෙන් දිස්ත්‍රිකි සභා පිහිටුවීමට යොජනා කරන ලදී.එය දෙමළුන්ට රට පාවාදීමක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් හඳුන්වනු ලැබුණි.1966 දී දෙමල බසට තුරු නැගෙනහිර පළාත්වල නිල තත්ත්වය ලබා දෙන ව්‍යවස්ථාවක් ඩඩ්ලි සේනානායක ආණ්ඩුව විසින් සම්මත කරන ලදී.වාර්ගික සමඟිය ඇති කිරීම සඳහා වූ ප්‍රයත්නයේ වැදගත් අවස්ථාවක් ලෙස 1966 ජූනි මාසයේදී ඩඩ්ලි සේනානායක විසින් කල්මුණේ පැවති ෆෙඩරලි පක්ෂයේ සමුළුව ඇමතීම දැක්විය හැකිය.

70 දශකය[සංස්කරණය]

මෙතෙක් ක්‍රියාත්මක වෙමින් පැවති සෝලිබරි ව්‍යවස්ථාව අහෝසි කොට නව ජන රජ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට සිරිමා බණ්ඩරනායක ආණ්ඩුව සමත් විය.ඒ සම්බන්ධයෙන් සුළුතර ජාතීන්ගේ දැඩි විරෝධය එල්ල වූයේ සෝල්බරි වයවස්ථාවේ ඇතුළත් වූ 29 වැනි වගන්තිය එනම් සුළු ජාතීන්ගේ ආරක්ෂාව සඳහා වූ විධි විධාන ඉවත් කොට තිබීමයි. කොල්වින් ආර් ද සිල්වා සඳහන් කළේ සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වගන්තියෙන් කළ දෙය ජනරජ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ප්‍රඥප්තියෙන් කිරීමට යෝජනා කරන බවය.කෙසේ වුවත් ජනරජ ව්‍යවස්ථාවෙන් ජාතික ගැටළුව විසඳා ගැනීම සඳහා මෙයිට වඩා වැඩි යමක් කළ යුතුව තිබුණු බව ද්‍රවිඩ නායකයෝ දිගින් දිගටම කියා සිටියහ.1972 ජනරජ ව්‍යවස්ථාවෙන් දෙමල ජනතාවගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ලබා දීමට පියවර නොලැනීමේ ප්‍රතිඵලය වශයෙන් ද්‍රවිඩ නායකයින් වඩාත් දැඩි ස්ථාවරයන්ට ගමන් කිරීමයි.මේ වන විට ද්‍රවිඩ පක්ෂ සියල්ලම එකතු වී එක්සත් ද්‍රවිඩ විමුක්ති පෙරමුණ පිහුටුවගෙන කිබූ අතර 1976 මැයි 15 වැනි වඩුක්කඩායි හිදී පැවති ප්‍රථම ජාතික සමුළුවේදී වෙනම රාජ්‍යයක් සඳහා වූ යොජනාව සම්මත කර ගත්හ.ජනරජ ව්‍යවස්ථාව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර පක්ෂය විසින් අගමැත් වරයා වෙත සය වදෑරුම් ඉල්ලීම් මත පදනම්ව දෙමල ජාතියේ අභිමතාර්ථ සපුරාලනු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අර්ථාන්විත පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. 1977 මැතිවරණයේදී ද්‍රවිඩ ඊලාම් රාජ්‍යයක් සඳහා ද්‍රවිට එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේම ජන වරමක් ඉල්ලා සිටියේය.මේ කාලය වන විට යාපනයේ ද්‍රවිඩ තරුණ කොටස් වල ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වෙමින් තිබුණි.මෙතැන් පටන් ඉදිරියට ශ්‍රී ලංකාවේ ජන වාර්ගික අර්බුදය වර්ධනය වන්නේ සන්නද්ධ අරගලයක් වශයෙනි.

1977 එජාප පාලන සමය[සංස්කරණය]

1977 මහා මැතිවරණයෙන් පසු ව නැවත වතාවක් ජාතිවාදී කොලහල පැතිරී ගියේය.යාපනය සාමාන්‍ය වැසියන් පිරිසක් හා පොලීසිය අතර ඇති වූ එම ගැටුමෙන් 150කට වැඩි පිරිසක් මරණයට පත් විය.රට පුරාම වර්ධනය වූ කොලහලයෙන් වැඩි පුරම පීඩාවට පත් වූයේ දකුණේ ජීවත් වූ දෙමළ ජනතාවයි.ආරකෂාකාරී පියවරක් ලෙස දෙමළ ජාතිකයින් 300ක් පමණ නැව් මඟින් යාපනයට පිටත් කර හැරි අතර සෙසු පිරිස ගුවන් මඟින් හා දුම්රියෙන් යාපනය බලා පිටත් විය.එසේ යා නෙහැකි වූ අය සණාගත කඳවුරු වල කොටු වූහ.මෙහිදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා කඩිනමින් සර්ව පාක්ෂික සමුළුව කැඳවන බව අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස පාර්ලිමේනතුවේදී ප්‍රකාශ කළෙAය.දමිළ සටන් කාමීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වූයේ මේ කාලයේදීය.1982 සංවර්ධන සභා මැතිවරණයේදී උතුරේ ඡන්ද පෙට්ටි අතුරුදහන් වීම මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාව තුළ පැවති විශ්වාසය බිඳී ගියේය.මෙම සිද්ධිය ද්‍රවිඩ සටන්කාමීන් ප්‍රචණ්ඩකාරී පිළිවෙතකට තල්ලූ කරනු ලැබූ අතර ප්‍රචණ්කාරී තත්ත්වය මර්දනය කිරීමට හමුදා සේනාංක උතුරට යවන ලදී.මේ අතර යාපනය පුස්තකාලයට මැරයන් විසින් ගිනි තබන ලදී.1983 දී පැවැත්වුණූ ප්‍රථම සර්ව පාක්ෂික සමුළුවද අසාර්ථක වූ අතර මෙවැනි පසුබිමක් තුළ 1983 සිංහල දෙමළ ජාතිවාදී කෝලහලය ආරම්භ විය.

කළු ජූලිය[සංස්කරණය]

රජයේ හමුදා සෙබළුන් 13දෙනෙකු යාපනයේදී ඝාතනය කරනු ලැබීම මුල් කොට ගෙන ඇති වූ කෝලහලය රට පුරා ව්‍යාප්ත වූ දෙමළ විරෝධී කැරැල්ලක් බවට පත් විය. වැලිකඩ බන්ධනාගාරයේ සිටි ද්‍රවිඩ ජාතික සිර කරුවන්ට පහර දෙනු ලැබූ අතර දමිළ කඩ සාප්පු ගිනි තබමින් සිංහල ජාතිවාදී පිරිස් විසින් ප්‍රචණ්ඩකි්‍රියා වර්ධනය කරනු ලැබිණි. කෝලහලය ආරම්භ වී දින 6කට පසුව ජාතිය ඇමතූ ‍ජේ.ආර්.ජයවර්ධන ජනාධිපති —සිංහල ජනතාව ඉවසුවා ඇති යනුවෙන් ප්‍රකාශ කිරීම දමිළ ජනයාගේ කණගාටුවට හේතු විය. 1983 ජූලි කලබළය සම්බන්ධයේන් සාකච්ඡා කිරීමට ඉන්දීය විදේශ

thumbl 1983කළු ජූලිය
thumbl 1983කළු ජූලිය

අමාත්‍ය නරසිංහ රාවෝ ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ ඍජු මැදිහත් වීම මෙතැන් පටන් ආරම්භ විය.ජනවාර්ගික ගැටළුවට විඳුමක් සෙවීම සඳහා ඉන්දියාව ඉදිරිපත් කළ ප්‍රථම වැඩ පිළිවෙළ වූයේ ඉන්දීය විශේෂ නියෝජිත ජී. පරතසාරතී විසින් ගෙන ආ යොජනාවලියයි.උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බව සහ ශ්‍රී ලංකාව රාජ්‍ය සංගමයකින් යුතු ජන රජයක් විය යුතු බව ඉන් යෝජනා විය.බලය ඛෙදීමේ යොජනාවට ජනාධිපති ජයවර්ධන සිය කැමැත්ත පෙන්වූ නමුත් සර්ව පාක්ෂික සමුළුව ප්‍රමාද කිරීමට සෑම උපායක්ම යෙදවීය.1984 දී පැවැත්වුණු සර්ව පාක්ෂික සමුළුවේදී බලය ඛෙදීම සම්බනධයෙන් ඉදිරිපත් වී තිබුණ යොජනා අතුරින් දිසුත්‍රික් සභා සහ පළාත් සභා වෙනුවෙන් පිල් ඛෙදීමට විසඳුමක් ලෙස දෙවන මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවිය යුතු යැයි ජනාධිපති ජයවර්ධන විසින් යෝජනා කළේය. බලය ඛෙදීමේ ඒකකය දිස්ත්‍රික්නය නොව පළාත් බව ඉන්දය අගමැති රජිව් ගාන්ධිගේ අදහස වූ අතර ජනාධිපති ජයවර්ධනව ඒ සඳහා කැමති කරවා ගැනීමට හෙතෙම සමත් විය.අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ශ්‍රි ලංකා රජය සහ ද්‍රවිඩ කණ්ඩායම් අතර ප්‍රථම සාකච්ඡාව පැවැත්වුණේ තිම්පු නුවරදීය.මේ සඳහා එල්ටීටීඊ සංවිධානයට අමතරව ටී.යූ.එල්.එෆ්, ප්ලෝට්, ඊ.පී.ආර්.එල්.එෆ්, ටෙලෝ සහ ඊරෝස් යන සංවිධාන එක් විය.මෙහිදී කොන්දේසි වශයෙන් මූලධර්ම 4ක් ඉදිරිපත් කරන ලදි.


  • දෙළ ජනයා ජාතියක් හැටියට පිළිගැනීම
  • දෙමළ ජනතාව සඳහා හඳුනාගන්නා ලද නිජ බිමක් ඇති බව පිළිගැනීම
  • දෙමළ ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය පිළිගැනීම
  • දිවයිනේ සියළුම දෙමල ජනතාවගේ පුරවැස අයිතිය හා මූලික අයිතිවාසිකම් පිළිගැනීම


1985 ජූනි 18 වන දා සිට මසක කාලයක් ශ්‍රී ලංකා රජය විසින් ඒක පාර්ශවීය සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ අතර 1985 වර්ෂය අවස්න වන්නට පෙර ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දමන බවට ජනාධිපති ජයවර්ධන ප්‍රකාශ කළේය.මේ කාලය වන විට දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය ත්‍රස්තවාදයක් ලෙස හැඳින්වීමට සිංහල නායකයෝ උත්සහ දැරූහ.ඉන්දියානු මැදිහත් වීමෙන් උතුරු හා නැගෙනහිර පළාත ඒකාබද්ධ කිරීමට ජනාධිපති ජයවර්ධන එකඟ වූ අතර මෙම සාකච්ඡා වටය දෙසැම්බර් 19දා යෝජනා යනුවෙන් හැදින්වීය.මෙම යෝජනා අතර උප ජනාධිපති තනතුරක් ඇති කොට එය ද්‍රවිඩ ජාතිකයෙකුට ලබා දීම, උතුරු නැගෙනහිර ආයතන යා කිරීම, නැගෙනහිර පාළාතේ සීමා සකස් කිරීම ආදී වැදගත් යෝජනා ඇතුළත් විය.මෙම යෝජනා වලට ජනාධිපති ජයවර්ධන කැමැත්ත පළ කළ නමුත් එය ක්‍රියාත්මක කිරීම අපහසු බව දැන සිටියේය.මේ ආකාරයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුවද දෙපාර්ශවයම සෑහීමකට පත් වන යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය විය.මේ සිදුවීම් වලින් පසු ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම දේශපාලන න්‍යාය පත්‍රයේ මුල් තැන ගත් අතර 80 දශකයේ සිට මේ සම්බන්ධයෙන් විවිධ යොජනා ගෙන එනු ලැබිණි.

විසඳුම්[සංස්කරණය]

13වන සංශෝධනය[සංස්කරණය]

ජනාධිපති ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි අතර අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය සම්බන්දයෙන් ගෙන ආ වඩා ඵලදායී විසඳුමක් ලෙස හඳුනාගත හැකිය. කෙසේ වුවද දකුණේ නායකියින්ට මෙන්ම එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ටද පළාතිසභා සම්බන්දයෙන් දැඩි විශ්වාසයක් පැවත් බව නොපෙනේ. ප්‍රභාකරන් යාපනයේදී ජනතාව අමතමින් ප්‍රකාශ කළේ තමන් ගිවිසුමට එකඟ වූයේ ඉන්දියාවේ බල කිරීම මත බව ප්‍රකාශ කළේය.තමන් ඊලම අත් හර්න්නට සූදානම් නැති බව කියා සිටි ඔහු ගිවිසුමට අනුව එල්.ටී.ටී.ඊ ය අවි භාර දුන්නේ සංඛේතාත්මකව පමණි. ගිවිසුමට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ දකුණේ විරෝධතා ව්‍යාපාර සංවිධානය කළේය.උතුරු නැගෙනහිර පළාත සඳහා යෝජනාවූ පරිපාලන සභාවේ සංයුතිය සම්බන්ධයෙන් ප්‍රභාකරන් එකඟතාවය පළ කළ අතර ගිවිසුමේ ප්‍රකාර උතුරු නැගෙනහිර පළාත් එකාබද්ධ කිරීමේ ව්‍යවස්ථා කෙටුම්පත් සම්මත වුවද මේ වන විට එල්.ටී.ටී.ඊ ය සාම මාවත අත හැර දැමීමට තීරණය කර තිබුණු බව පෙනී යයි. 1987දී හබරණදී බස් මඟීන් 120 දෙනෙකු ඝාතනය කරමින් එල්.ටී.ටී.ඊ ය ගිවිසුමෙන් නොනිල වශයෙන් ඉවත් විය. මේ වන විට යාපයයේ රඳවා සිටි ඉන්දීය සාම සාධක හමුදාව එල්.ටී.ටී.ඊයට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටි අතර ජනතා විමුකති පෙරමුණ සාම සාධක වඳුරු සහමුදාව පන්නා දමනු යනුවෙන් දකුණේ විරෝධතා ආරම්භ කළේය.1988 මැතිවරණයෙන් ජයගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද ඒවා අසාර්ථක විය.මේ වන විට ඉන්දීය හමුදාවන් වෙත එල්ල වූ දැඩි විරෝධය හමුවේ ප්‍රේමදාස ජනාධිපති වරයා විසින් ඉන්දීය හමුදා පරාජය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ යට ආයුධ ලබා දුන්නේය.

1994 න් පසු සාම වෑයම[සංස්කරණය]

ජනවාර්ගික අර්බුධය සම්බන්ධයෙන් පිළිගත හැකි තිරසාර විසඳුමක් වෙනුවෙන් 1994 ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග විශිෂ්ට ජන වරමක් ලබා ගත්තාය.මේ කාලයේදී එල්.ටී.ටී.ඊ නායකයා සහ ජනාධිපතිවරිය අතර ලිපි ගණනාවක් හුවමාරු වූ අතර ලබය ඛෙදා හැරීම පිළිබඳ සුබවාදී අනාගතයක් පෙනෙන්නට තිබුණි. චන්ද්‍රිකා පාලන යුගය තුළ සාමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ගත් උත්සහයයන් මෙසේය.

  • 1995 එදිරිවාදිකම් අත්හිටුවීමේ ගිවිසුම
  • දෙපාර්ශවය සාකච්ඡා මේසයට කැඳවීම

මෙම ක්‍රියාවලීන් දෙක තුළම සාමය ඇති කිරීම සම්බන්ධයෙන් දැඩි කැපවීමක් එල්.ටී.ටී.ඊ සංවිධානය පෙන්නුම් කළේ නැත. මේ වන විට දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් පැවති විශ්වාසය හීන වී ගොස් ඇති බව ප්‍රභාකරන් පැවැත් වූ කතා වලින් අවබෝධ කර ගත හැකිය. සිම සාකච්ඡා යලි ඇරඹීම සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඉදිරිපත් කළ කොන්දේසි පහත දැක්වේ.

  1. පුනරීනු යුධ හමුදා කඳවුර ඉවත් කර ගැනීම
  2. උතුරු නැගෙනහිර මුහුදේ මසුන් ඇල්ලීමේ තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම
  3. එල්.ටී.ටී.ඊ සන්නද්ධ භාටයින්ට නිදහසේ එහා මෙහා යාමට අවසර දීම
  4. භාණ්ඩ තහනම මුළුමණින්ම ඉවත් කිරීම

කෙසේ වුවද සාම සාකච්ඡා අසාර්ථක වූ අතර එල්.ටී.ටී.ඊ සංවිධානය යුද්ධය කෙරෙහිම පමණක් විශ්වාසය තබා කටයුතු කළ ආකාරයක් දැකිය හැකි විය.

2002 සටන් විරාම ගිවිසුම[සංස්කරණය]

2002 පාර්ලිමෙන්තු මැතිවරණයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂය රටේ කේන්ද්‍රීය අර්බුදය ලෙස ජනවාර්ගික ගැටළුව හඳුනාගත් අතර ඒ සඳහා විසඳුමක් සෙවීමේ අරමුණින් එල්¡ටී¡ටී¡ඊ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබුණු අතර මෙම සාම ප්‍රයත්නය මෙතෙක් ගෙන ආ විසඳුම් වලින් ඔබ්බට ගිය එකක් විය.මෙම ප්‍රයත්නය තුළ එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කෙරුණ අතර සාම සාකච්ඡා ආරම්භ විය.සාකච්ඡා අතර තුර පැවැත්වුණූ ඔස්ලෝ සමුළුව ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආධාර ලබා දීමට එකඟ විය.සාම සාකච්ඡා හරහා ෆෙඩරල් විසඳුමකට ඇති ඉඩ ප්‍රස්ථා සොයැ බැලූණු අතර ඔස්ලොහිදී පැවැත්වුණු තෙවැනි වටයේ සාකච්ඡා වලදී එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ෆෙඩරල් ව්‍යුහයක් මත පදනම්ව අභ්‍යන්තර ස්වයං නීර්ණ පදනම යටතේ දේශපාලන විසඳුමකට ඉඩකඩ සොයා බැලීම ට සියළු පාර්ශවයන් එකඟ විය. 2003 මැයි 17 වන දා ශ්‍රී ලංකා රජය විසින් එල්.ටී.ටී.ඊ ය වෙත ඉදිරිපත් කෙරුණු යෝජනා වූයේ අංශ තුනක වැඩ පිළිවෙලකි.මෙම යොජනා වලට එකඟ නොවූ එල්.ටී.ටී.ඊ සංවිධානය තමන් විසින් ඉදිරිපත් කළ අන්තර්වාර ස්වයං පාලන අධිකාරිය පිළීබඳ යෝජනාව තිචාර දක්වන්නැයි රජයෙන් ඉල්ලා සිටියේය.මේ ආකාරයෙන් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්ම වූ කාලයේදී පැවැත්වුණූ සාම සජකච්ඡාද අසාර්ථක මඟක් ගන්නා ආකාරය දක්නට හැකි විය.මේ වසරේදීම පැවැත්වුණූ ටෝකියෝ ආධාර සමුළුවට සහභාගී වීම එල්.ටී.ටී.ඊ ය ප්‍රතික්ෂේප කළේය.මේ කාලය තුළ ජනාධිපතිවරිය සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අතර මතභේද පැණ නැගීම සාම වෑයම අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වූ අතර ස්වයං නීර්ණ අයිතිය ලබා දීම තුළින් රට දෙකඩ කරන බව ප්‍රකාශ කරමින් දකුණේ සිංහල ජාතිකවාදී පිරිස් එයට විරෝධය පෑහ. මෙවැනි ව්‍යාකූල තත්ත්වයක් තුළ මෙම සාම වෑයමද අසාර්ථ එකක් බවට පත් කරමින් එල්.ටී.ටී.ඊය යුද්ධය කරා ඇදී ගියේය.

මාවිල්ලාරුවෙන් ඇරඹි මානුශික මෙහෙයුම[සංස්කරණය]

2006 ජනාධිපතිවරණයෙන් ජයගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ පොරොන්දව වූයේ තිර සාර සාමය නොවේ. මූලික වශයෙන් සිංහල බෞද්ධ ජාතික වාදී බලවේග සමඟ අත්වැල් බැඳ ගත් හෙතෙම ශ්‍රී ලංකාව තුළ බලය ඛෙදීමේ පිළිවෙත ඡන්ද ව්‍යාපාරයේදී ඉස්මතු නොකළෙAය.මේ වන විට එල්.ටී.ටී.ඊ සංවිධානය දෙමළ ජනතාවගේ විමුක්තිය ලබා ගැනීමේ එකම සහ අවසාන මාර්ගය යුද්ධය ලෙස හඳුනා ගන්නට උතසහ දරන ලද බව පෙනේ.සර්ව පාක්ෂික කමිටුවේ සාකච්ඡා දිගින් දිගටම පැවැත්වුණ අතර සටන් විරාම ගිවිසුමේ කොන්දේසි රජය විසින් සංශෝධනය කරන බවට එල්.ටී.ටී.ඊ ය චෝදනා කළේය. නොර්වේ පහසුකම් යටතේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථා තිබුණද සටන් විරාම ගිවිසු පිළිබඳව දැඩි කැවීමක් දෙපාර්ශවයෙන්ම දැකිය නොහැකි විය.මාවිල්ලාරු වේල්ල සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නය මත නැවත දෙපාර්ශවයම නැවත යුද්ධයකට එළඹියේය.ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීම අරමුණ කර ගත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එල්.ටී.ටී.ඊ පාලනය යටතේ පැවත් උතුරු නැගෙනහිර ප්‍රදේශ සියල්ලම අත් පත් කර ගත් අතර එල්.ටී.ටී.ඊ නායකයකයා ඝාතනය කිරීමත් සමඟ ත්‍රස්තවාදී යුද්ධය අවසන් විය.

පශ්චාත් යුද සමය තුළ ජනවාර්ගික අර්බුදයේ ස්වරූපය[සංස්කරණය]

ශ්‍රී ලංකාව තුළ පැවති සන්නද්ධ ගැටුම් වල උච්චතම අවස්ථාව පසුගිය වසර කිහිපය තුළ දැක ගත හැකි වූ ඊට මුල් වූ ජනවාර්ගික සාධකය ඉක්මවා ගැටුම් වර්ධනය වූ බව ධරණී රාජසිංහම් පෙන්වා දී ඇත. යුද්ධය යන්න ආර්ථීකය වෙනත් ආකාරයකින් පවත්වා ගැනීමේ මාර්ගයන් ලෙසස හ අයුතු ලෙස ලාභ, බලය සහ ආරක්ෂාව ලබා ගැනීමේ මාධ්‍යයක් බවට පත් වූ බොස්නියාවේ, ඇෆ්ගනිස්ථානයේ සහ සෝමාලියාවේ සිදු වූ පරිද්දෙන්ම ලංකාවේ 1983න් පසු කාලය තුළදී සන්නද්ධ අරගලය විසින් යුද්ධයට එහිම වූ අභ්‍යන්තර ගතික්ත්වයක් සපයන ගැවුණු ආර්ථීකයක් හා නව අනන්‍යතාවයක් සපයනු ඇති බව ඇය එහිදී පෙන්වි දෙනු ලැබිණි.


සැබවින්ම ශ්‍ර්‍රී ලංකාවේද යුද්ධය අවසන් වූයේ වාර්ගික අසමානතාවයට විසඳුමක් වෙනුවෙන් නොවන බව වර්තමාන තත්ත්වය තුළ අපට පෙනී යයි.ගැටුමේ අන්තර් ගත වුණු වාර්ගික ස්වභාවය අහෝසි වී ගොස් එය ප්‍රචණ්ඩකාරී යුද්ධයක් බවට පත් විය.1983න් ආරම්භ වුණු වාර්ගික ප්‍රචණ්ඩත්වය හුදු කෝලහල මට්ටමින් නොව සංවිධිත ක්‍රමානුකූල සහ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු විය. මෙම සන්ධර්භය තුළ යුද්ධය අවසන් වුවද සිවිල් සමාජය මිලිටරිකරණය වීමත් සමාන්තර මහුදා ව්‍යාප්ත වීමත් පොදුවේ ප්‍රචණ්ඩකි්‍රයා වර්ධනය වීමත් දැකිය හැකිය.ගැටුමට හේතු වූ වාර්ගික සාධකය ඉක්මවා බලය රඳවා ගැනීමේ උපායක් ලෙස යුද්ධය පවත්වාගෙන යාමත් ප්‍රචණ්ඩත්වය පවත්වාගෙන යාමත් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි.උදාහරණයක් වශයෙන් ඉන්දියානු හමුදා මෙරටින් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානයට අවි ලබා දීම වැනි සිදුවීම් හරහා පෙනී යන්නේ අවස්ථාවාදී දේශපාලන නායකයින් විසින් යුද්ධය තීව්‍ර කළ බව සහ ගැටුමට මුල් වූ වාර්ගික සාධකය අමතක කර දැමූ බව පැහැදිළිය. ජනවාර්ගික අර්බුදය විරෝධතාවන්ගේ සිට යුද්ධය කර ගමන් කිරීම ද්‍රවිඩ සටන්කාමීන්ගේ උද්යෝගයට හේතු වන්නට ඇති අතර රජයේ හමුදාවන් ගෙන ගිය මර්දනකාරී ප්‍රතිපත්තිය සිංහල ජාතිවාදී පිරිස් වල සතුටට හේතු විය. කේසේ වුවද අවසානයේදී සිදු වූයේ වාර්ගික අර්බුදය අති නවීන යුධ උපකරණ හරහා සිදු වන යුද්ධයක් බවට පත් වීමයි.අද වන විට යුද්ධය අවසන් වුවද ප්‍රචණ්ඩත්වය, අභ්‍යන්තර සරණාගතයින් හා නැවත පදිංචි කිරීම, සමාන්තර හමුදාවන්ගේ ව්‍යාප්තිය, සිවිල් සමාජය මිලිටරි කරණය, සහනාධාර, ආර්ථීක අර්බුද ආදී වූ ගැටළු ගණනාවක් දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇත.ඒ හරහා ගැටුමේ මුල් සාධකය තව තවත් දුරස් වන්නට පටන් ගෙන තිඛෙන අතර එක තැන පල් ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීමේ ප්‍රවේශ මාර්ගද වසා දැමෙමින් පවතින බව හඳුනාගත හැකිය.එමෙන්ම යුද්ධය වාර්ගික අසමානතාවයට පිළියමක් නොවන බවද අවබෝධ කර ගත යුතුය.වසර 30ක් පමණ පුරාවට පැවති යුද්ධය නිසා රටේ ආර්ථීකයට බිඳවැටී ඇත.ඒ හරහා සිදුවූ විනාශය සහ අහිමි වූ ජීවිත සංඛ්‍යාව අති විශාලය.ජනවාර්ගික අර්බුදයට ගෙන ආ විසඳුම් ව්‍යර්ථ වීම


එල්.ටී.ටී.ඊ සංවිධානය බිහි වූ දා පටන් ඊලාම් අරගලය ඉදිරියට ගමන් කළේ නිරන්තර සටන් ව්‍යාපාර සහ වරින් වර සිදු කෙරුණු සාම සාකච්ඡා ඔස්සේය.නිදහසින් පසු ජනවාර්ගික අර්බුදයට ලෙන ආ විසඳුම් අසාර්ථක වීමට ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ ප්‍රශ්නය විසඳීමට උත්සහ දැරූ සැම ආණ්ඩුවක්ම දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම සහ කිසියම් පාර්ශවයක් විසින් ප්‍රශ්නය විසඳීමට අවංකව උත්සහ දැරූ අවනස්ථාවලදී විපක්ෂය එයට විරුද්ධ වීමයි.විශේෂයෙන් දකුණේ සිංහල ජාතිකවාදී පිරිස් විසින් රට පාවාදීමක් ලෙස අර්ථ නිරූපණය කරමින් සාම ප්‍රයත්නයන් බිඳ හෙළු අවස්ථා එමටය. 1977 න් පසුව උතුරේ ගැටුම් උග්‍ර වූ අතර 80 දශකයේ ඇති වූ ජාතිවාදී ප්‍රචණ්ඩත්වය නිසා විසඳුම තවත් ඈතට ගියේය.ඉන්දියානු මැදිහත් වීමෙන් ප්‍රශ්නය විසඳීමට ලැබුණු අවස්ථාව දකුණේ සිංහල නායකයිනගේ වංක භාවය මත අහිමි වී ගිය අතර ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ උත්සහයද ව්‍යර්ථ වූයේ ඔහු තුළ ප්‍රශ්නය විසඳමට සබෑ වුවමනාවක් නොතිබුණ නිසාය.

1994 දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යටතේ ප්‍රශ්ණය විසඳා ගැනීමට සුදුසු පරිසරය ගොඩනැගුණද එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ සෙස ජාති වාදී කණ්ඩායම වල විරෝධතා නිසා එයද අඩාල වී ගියේය. 1997 දේශපාලන යෝජනා මාලාවද 200 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතද අසාර්ථක වූයේ එම නිසාය.2001 දෙසැම්බර් මැතිවරණයෙන් පත්වූ රනිල් වික්‍රමසිංහ ආණුඩුව හරහා පෙර නොවූ විරූ නව ඉඩ කඩක් සාමය සඳහා විවර වූ අතර 002 දී අත්සන් තැබුණු සටන් විරාම ගිවිසුම ප්‍රශ්නය විසඳීම සඳහා එතෙක් දැරුණු ප්‍රසංශනීයම වැඩපිළිවෙළ විය. එහිදී ජනාධිපතිවරියගෙන් එල්ල වූ දැඩී පීඩනය නිසා ගිවිසුමට හාන් සිදු වූ අතර ඇය විසින් අමාත්‍යංශ තුනක් පවරා ගැනීමත් සමඟ සාම වෑයම කඩාකප්පල් වී ගියේය.

2005 ජනාධිපතිවරණය ජය ලත් මහින්ද රාජපක්ෂ ට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙල උරුමය සමඟ සාමකාමී විසඳුමක් වෙත ගමන් කිරීමට නොහැකි වූ අතර සාම සාකච්ඡා අසාර්ථක වන මට්ටමට ගෙන ආවේ දකුණේ අන්තවාදී කොටස්ය. මේ අනුව සටන් විරාම ගිවිසුම නොතකා අප්‍රකාශිත යුද්ධයක් දෙපාර්ශවය විසින්ම ආරම්භ කළ අතර රජයේ ප්‍රධාන තේමාව බවට ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම පත් විය.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය න්‍යායාත්මක ප්‍රවේශයකින්[සංස්කරණය]

මෙහිදී ජෝන් ගැටොන් විසින් ඉදිරිපත් කළ ගැටුම් ත්‍රිකෝණය පිළිබඳ න්‍යාය අදාල කර ගත හැකිය. ඔහු විසින් දක්වන ගැටුමට අදාල ව්‍යුහ, ආකල්ප සහ චර්යාවන් මෙහිදී හඳුනා ගැත හැකිය.

  • ව්‍යුහ - ගැලිටෙන් විසින් ව්‍යුහ ලෙස හඳුන්වා ඇත්තේ ගැටුම හා සම්බන්ධ මූලික සාධකයි.ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට මූලික වශයෙන් බලපෑ ඛෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්ති මෙහි ව්‍යුහය ලෙස හඳුනා ගත හැකිය.අසමානතාවය පදනම් කරගත් පාලන ප්‍රතිපත්ති ගැටුමට මූලික වූ අතර ජාතීන් අතර පැවත් අසමාන අවශ්‍යතා වලට පිළීයම් නොයෙදීම ගැටුම ව්ධනය කළේය.
  • චර්යාව - කණ්ඩායම් විසින් එකිනෙකට අනතුරු කිරීම ආරම්භ වීම තුළින් පෙන්වන්නේ ගැටුමට අදාල චර්යාවයි.මෙම චර්යාව ශ්‍රී ලංකාවේ යුද්ධය කරා වර්ධනය වූ අතර එහිදී ගැටුමේ මූල සාධක ඉක්මවා ගොස් එකිනෙකා විනාශ කිරීමේ අරමුණින් යුද්ධය ක්‍රියාත්මක වූ බව පැහැදිළිය.

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • පිරිස් ජිනදාස,2007,ජාතික ගැටළුව:ගෝත්‍රික රාජ්‍යයේ සිට ගෝලීය රාජ්‍ය දක්වා,‍භාෂා අර්බුදය සහ බණ්ඩාරනායක පිළිවෙත.
  • සමාජ විද්‍යාඥයන්ගේ සංගමය,ප්‍රවාද,ජනවාර්ගික ගැටුමේ සිට ජරා යුද්ධය කරා,කලාපය15,ජනවාරි-මාර්තු 2000.
  • සමාජ විද්‍යාඥයන්ගේ සංගමය,ප්‍රවාද,බලය විමධ්‍යගත කිරිම සහ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදි කිරිම,කලාපය16,අප්‍රේල්-දෙසැම්බර්2000

සැබැඳි පිටු[සංස්කරණය]

ශී‍්‍ර ලංකා‍වේ සිවිල් යුද්ධය

මේ අ‍‍‍ඩවියත් බලන්න[සංස්කරණය]

  1. Sri Lanka Civil War
  2. The Beginning of the Ethnic Problem in Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2010-07-26 at the Wayback Machine