ශ්‍රී සුමංගල විද්‍යාලය
| ශ්‍රී සුමංගල විද්‍යාලය | |
|
සුඛෝ පඤඤාය පටිලාභො අර්ථය : "නුවණ වැඩීම සැපතකි.") |
|
| ස්ථානය | |
|---|---|
| පානදුර, ශ්‍රී ලංකාව |
|
| ඛණ්ඩාංක | 6°42′30″N 79°54′55″E / 6.70833°N 79.91528°Eඛණ්ඩාංක: 6°42′30″N 79°54′55″E / 6.70833°N 79.91528°E |
| තොරතුරු | |
| වර්ගය | ජාතික පාසලකි |
| ස්ථාපිත | 1909 |
| ආදිකර්තෘ | පූජ්‍ය ඥාණ විමලතිස්ස මහ නාහිමි සහ පූජ්‍ය වල්පිට තිස්ස ගුණරතන මහ නාහිමි |
| විදුහල්පති | එල්. ඩබ්ලිව්. සෝමතිලක |
| වර්ණය(න්) | නිල් , කහ සහ කොළ
|
| අනුබැඳිය | බෞද්ධ |
| ඉංග්‍රීසි පිටුව | en:Sri Sumangala College |
| වෙබ් අඩවිය | http://www.srisumangala.sch.lk |
1909 මාර්තු මස 3 වන දින, ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කරන ලදී. එය ලංකාවේ පැරණිම බෞද්ධ පාසල් වලින් එකකි. මෙය ජාතික පාසලකි. සිසුන් 3000කට අධික සංඛ්‍යාවක් සිටින මෙම පාසලේ ගුරුවරුන් 130 පමණ ඉගැන්වීම් කටයුතු වල නිරත වේ.
පටුන |
[සංස්කරණය] ඉතිහාසය
ඓතිහාසික පානදුරා වාදයේ බෞද්ධ ප්‍රබෝධයට සමගාමීව අති පූජ්‍ය වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේට උපහාර පිණිස පානදුර රන්කොත් විහාර වාසී පානදුර ඥාණ විමලතිස්ස ස්වාමීන් වහන්සේ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සහ ආශිර්වාදයෙන් වර්ෂ 1909 ක් වූ මාර්තු මස 03 වන දින පි. ලුවිස් දියෙස්, පි. දුමින්ද දියෙස්, මුදලිඳු තෝමස් රුදිගු, එම්. මත්තෙස් සල්ගාදු, පි. සී. එච්. දියෙස්, එම්. කොරනේලිස් පෙරේරා යනාදී සිංහල බෞද්ධ පුතුන්ගේ මුලිකත්වයෙන් රන්කොත් විහාර නම්වු පුණන්‍ය භූමියෙහි ශ්‍රී සුමංගල විද්‍යාලය නම් වූ විද්‍යාස්ථානය සිංහල දරුවන්ට උසස් ඉංග්‍රිසි අධ්‍යාපනයක් ලබා දීමට ලක් මාතාවට දායාද කෙරිණි.
[සංස්කරණය] විද්‍යාල ගීතය
සිරි සුමඟුල් විදුහලේ
යසස පතමු දින දිනේ
සුචරිත ගුණ දමි සොයා
සිසුනට දී දම් අමා
සුසිර පැතිර සුදිලෙවා
සුදිලෙවා සුදිලෙවා
සුසිර පැතිර සුදිලෙවා
හෙළ බස හෙළ ගී අපේ
ජාතික සුසිරිත් කලා
දෙවමින නිති වැඩ සැදු
සුමඟුල් මව වැජඹෙවා
වැජඹෙවා වැජඹෙවා
සුමඟුල් මව වැජඹෙවා.
[සංස්කරණය] ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු
[සංස්කරණය] නිවාස
සෑම වසරකම මුල් වාරයේ මලල ක්‍රීඩා උත්සවය පැවැත්වෙන අතර එහිදී නිවාස හතරකට බෙදී තරග කරයි. මෙම නිවාස නම් කර ඇත්තේ අතීත රජවරු සිහිවීම පිණිසය.
| නිවාසය | වර්ණය | නම් කරන ලද්දේ |
|---|---|---|
| විජය | කොළ | විජය රජු |
| ගැමුණු | කහ | දුටු ගැමුණු රජු |
| තිස්ස | රතු | තිස්ස රජු |
| පරාක්‍රම | නිල් | පරාක්‍රමබාහු රජු |
[සංස්කරණය] ක්‍රීඩා
- චෙස්
- මලල ක්‍රීඩා
- පිහිනුම්
- ක්‍රිකට්
- මේස පන්දු
- බැඩ්මින්ටන්
- හොකී
- වොලිබෝල්
- කරාතේ
- බොක්‌සින්
[සංස්කරණය] විෂය බාහිර ක්‍රීයාකාරකම්
- බෞද්ධ සංගමය
- සෞඛ්‍යදාන ඒකකය
- ශිෂ්‍ය නායක සංගමය
- බාලදක්ෂ සමාජය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාජය
- වාණිජ සංගමය
- මාධ්‍ය ඒකකය
- කථික හා විවාද සංගමය
- පරිසර සංගමය
- ඉන්ටරැක්ට් සමාජය
- සිංහ සමාජය
- ඡායාරූප සංගමය
- දැණුම මිනුම සමාජය
- නව නිපයුම් ඒකකය
- ශිෂ්‍ය භට බලකාය
[සංස්කරණය] ශ්‍රී සුමංගලයේ විදුහල්පතිවරු
|
|
|