ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශ්‍රී සුමංගල විද්‍යාලය
ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිල ලාංඡනය

සුඛෝ පඤඤාය පටිලාභො

අර්ථය : "නුවණ වැඩීම සැපතකි.")
ස්ථානය
පානදුර, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක 6°42′30″N 79°54′55″E / 6.70833°N 79.91528°E / 6.70833; 79.91528ඛණ්ඩාංක: 6°42′30″N 79°54′55″E / 6.70833°N 79.91528°E / 6.70833; 79.91528
තොරතුරු
වර්ගය ජාතික පාසලකි
ස්ථාපිත 1909
ආදිකර්තෘ පූජ්‍ය ඥාණ විමලතිස්ස මහ නාහිමි සහ පූජ්‍ය වල්පිට තිස්ස ගුණරතන මහ නාහිමි
විදුහල්පති එල්. ඩබ්ලිව්. සෝමතිලක
වර්ණය(න්) නිල් , කහ සහ කොළ

            

අනුබැඳිය බෞද්ධ
ඉංග්‍රීසි පිටුව en:Sri Sumangala College
වෙබ් අඩවිය

1909 මාර්තු මස 3 වන දින, ශ්‍රී සුමංගල විද්‍යාලය ආරම්භ කරන ලදී. එය ලංකාවේ පැරණිම බෞද්ධ පාසල් වලින් එකකි. මෙය ජාතික පාසලකි. සිසුන් 3000කට අධික සංඛ්‍යාවක් සිටින මෙම පාසලේ ගුරුවරුන් 130 පමණ ඉගැන්වීම් කටයුතු වල නිරත වේ.


ඉතිහාසය[සංස්කරණය]

ඓතිහාසික පානදුරා වාදයේ බෞද්ධ ප්‍රබෝධයට සමගාමීව අති පූජ්‍ය වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේට උපහාර පිණිස පානදුර රන්කොත් විහාර වාසී පානදුර ඥාණ විමලතිස්ස ස්වාමීන් වහන්සේ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සහ ආශිර්වාදයෙන් වර්ෂ 1909 ක් වූ මාර්තු මස 03 වන දින පි. ලුවිස් දියෙස්, පි. දුමින්ද දියෙස්, මුදලිඳු තෝමස් රුදිගු, එම්. මත්තෙස් සල්ගාදු, පි. සී. එච්. දියෙස්, එම්. කොරනේලිස් පෙරේරා යනාදී සිංහල බෞද්ධ පුතුන්ගේ මුලිකත්වයෙන් රන්කොත් විහාර නම්වු පුණන්‍ය භූමියෙහි ශ්‍රී සුමංගල විද්‍යාලය නම් වූ විද්‍යාස්ථානය සිංහල දරුවන්ට උසස් ඉංග්‍රිසි අධ්‍යාපනයක් ලබා දීමට ලක් මාතාවට දායාද කෙරිණි.

විද්‍යාල ගීතය[සංස්කරණය]

 සිරි සුමඟුල් විදුහලේ
                යසස පතමු දින දිනේ
 සුචරිත ගුණ දමි සොයා
                සිසුනට දී දම් අමා
 සුසිර පැතිර සුදිලෙවා
                සුදිලෙවා සුදිලෙවා
 සුසිර පැතිර සුදිලෙවා

                හෙළ බස හෙළ ගී අපේ
 ජාතික සුසිරිත් කලා
                දෙවමින නිති වැඩ සැදු
 සුමඟුල් මව වැජඹෙවා
                වැජඹෙවා වැජඹෙවා
 සුමඟුල් මව වැජඹෙවා.

ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු[සංස්කරණය]

නිවාස[සංස්කරණය]

සෑම වසරකම මුල් වාරයේ මලල ක්‍රීඩා උත්සවය පැවැත්වෙන අතර එහිදී නිවාස හතරකට බෙදී තරග කරයි. මෙම නිවාස නම් කර ඇත්තේ අතීත රජවරු සිහිවීම පිණිසය.

නිවාසය වර්ණය නම් කරන ලද්දේ
විජය කොළ විජය රජු
ගැමුණු කහ දුටු ගැමුණු රජු
තිස්ස රතු තිස්ස රජු
පරාක්‍රම නිල් පරාක්‍රමබාහු රජු

ක්‍රීඩා[සංස්කරණය]

  • චෙස්
  • මලල ක්‍රීඩා
  • පිහිනුම්
  • ක්‍රිකට්
  • මේස පන්දු
  • බැඩ්මින්ටන්
  • හොකී
  • වොලිබෝල්
  • කරාතේ
  • බොක්‌සින්
  • රගර් (2013 ජනවාරි මස ආරම්භ කරන ලදී)
  • මල්ලව පොර
  • ජුඩෝ
  • වුෂු

විෂය බාහිර ක්‍රීයාකාරකම්[සංස්කරණය]

  • තාරකා හා විද්‍යා සංගමය
  • බෞද්ධ සංගමය
  • සෞඛ්‍යදාන ඒකකය
  • ශිෂ්‍ය නායක සංගමය
  • බාලදක්ෂ සංගමය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාජය
  • වාණිජ සංගමය
  • මාධ්‍ය ඒකකය
  • කථික හා විවාද සංගමය
  • පරිසර සංගමය
  • ඉන්ටරැක්ට් සමාජය
  • සිංහ සමාජය
  • ඡායාරූප සංගමය
  • දැණුම මිනුම සමාජය
  • නව නිපයුම් ඒකකය
  • ශිෂ්‍ය භට බලකාය
  • සමුද්‍ර සංගමය

ශ්‍රී සුමංගලයේ විදුහල්පතිවරු[සංස්කරණය]

නම
පත්වීම ලැබූ වසර
තෝමස් ඊ. ගුණරත්න
1909
ඩබ්. චාල්ස් ද සිල්වා
1912
ටී. එස්. අනිරාවන්
1915
සී. ඊ. සෙට්‍රන්ජ්
1916
ඩී. සී. රණසිංහ
1919
ආර්. එස්. එස්. ගුණවර්ධන
1921
ඒ. ගිනිගේ
1922
ඒ. එම්. ද සිල්වා
1940
එන්. කේ. ටී. චන්දාසේකර
1941
පී. ජේ. ජයරත්න
1941
පී. ද එස්. කුලරත්න
1943
එම්. ඩබ්. කරුණානන්ද
1945
නම
පත්වීම ලැබූ වසර
ඩී. ඩබ්. ජේ. පෙරේරා
1945
ඒ. ජේ. ප්‍රනාන්දු
1947
කේ. එල්. වී. අලගියවන්න
1954
ආර්. ඒ. මාර්තස්
1962
සී. එච්. ජේ. වීරසූරිය
1963
ආතර් රණසිංහ
1969
එච්. ආර්. පෙරේරා
1970
ඩබ්. කහඳගමගේ
1972
එස්. විජේවීර
1973
එම්. ඩී. එල්. ප්‍රනාන්දු
1975
ඒ. ජී. වෙත්තසිංහ
1975
ඩී. ඩී. විජේමාන්න
1977
නම
පත්වීම ලැබූ වසර
ඒ. පී. ද සිල්වා
1979
එම්. එස්. එන්. කේ. ප්‍රනාන්දු
1987
ජී. ඩී. කේ. පෙරේරා
1990
ජේ. කේ. පී. අශෝකරත්න
1991
ඩී. ඊ. ජයනෙත්ති
1992
අයි. ඩී. පියරත්න
1996
එච්. එම්. ගුණරත්න
2000
එල්. ඩබ්ලිව්. සෝමතිලක(වර්තමාන)
2002