පූජනීය ස්ථාන - ශ්‍රී ලංකා‍

Wikipedia වෙතින්

(ශ්‍රී ලංකා‍වේ පුජනිය ස්ථාන වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, ගවේෂණය
.

පටුන

[සංස්කරණය] මහියංගනය

මහියංගනය සමන් දෙවියන් විසින් ඉදිකරන ලදැයි සැලකෙන මෙම සෑයෙහි සර්වඥ ධාතු නිදන් කර ඇතිබව සදහන් වෙයි. චුලාභය රජු විසින් තිස් ----රියන් කොට තනවන ලදි. ශ්‍රි ලංකාවේ පුථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩි.ඵස් සේනානායක මහාතාගේ මුලිකත්වයෙන්1948 දි පුතිසංස්කරන කටයුතු කරන ලදි.

[සංස්කරණය] නාගදීපය

මිණි පළගක් නිසා සටන් වැදුනු චුලෝදර මහෝදර රජවරුන්ගේ අරගලය සංසිදුවාලිම සදහා දෙවෙනවරට ලක්බිමට වැඩමකල බුදුන් වහන්සේ වැඩසිටි තැන මිනි පළඟ නිදන් කොට තැනවු ‍චෛත්‍යය වරින්වර රජ පැමිනි රජවරුන් විසින් පිළිසකර කරවන ලදි.ත්‍රස්තවාදි අරගල ‍හේතුවෙන් වසර විස්සක් පමණ වන්දනාමාන කිරිම අපහසු විය.

[සංස්කරණය] කැළණිය

බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි වස භික්ෂුන් වහන්සේලා පන්සිය නමක් සමඟ කැලණියට වැඩමකර නාග ගෝත්‍රිකයන්ට ධර්ම ‍දේශනා කළ තැන මැණික් පුටුව නිදන් කර තනවන ලදි. යටාලතිස්ස රජු විසින් මෙම චෛත්‍යය උසින් රියන්60ක් හා වට ප්‍රමාණය රියන් 120වන සේ කරවන ලද අතර මෙහි විසේසත්වයක් ගන්නේ විභිෂණ දේවාලයයි.

[සංස්කරණය] ශ්‍රී පාදය

ප්‍රධාන ලිපිය: ශ්‍රී පාදය

කැලණියට වැඩමකල බුදුන් වහන්සේ සමන් දේවියන්ගේ ආරාධනය අනුව තම වම් සිරිපා සලකුන මෙහි තැබු බව පිළිගැනෙයි. නිස්සංකමල්ල රජු විසින් සිරිපා ලකුණ තැබු ඉන්ඳනිල මාණික්‍යය ආරක්ෂා කිරිම සදහා ගල් තලාවකින් වසා සිරිපා සලකුණක් නිමවා ඇත.

[සංස්කරණය] ඳිවාගුහාව

ඳිවාගුහාව සමනලගිර සිරිපා සටහන් තබන ලඳ බුදුරඡානන් වහන්සේ සමවත් සුවයෙන් දිවා කාලය ගතකල ස්ථානයයි. වර්තමානයෙහි මේ ස්ථානය පිලිබදව නොයෙක් මතිමතාන්තර පවති.

[සංස්කරණය] දිඝවාපිය

කි.පු 137දි සද්දාතිස්ස රජු විසින් කරවන ලද මෙම චෛත්‍යය රාඡයා තෙවෙනි වරට බුදුන්වහන්සේ වැඩමකරන ලද අවස්ථාවේ සමවත් සුවයෙන් වැඩසි‍ටි ස්ථානයෙහි කරවන ලද්දකි. සර්ඥ ධාතුන් වහන්සේලා නිදන්කොට ඇත.මුතියංගනය-දෙවන පෑතිස් රජු විසින් කරවන ලද්දකි. මුද්ගලු වෙහෙර නමින් පළමුව හැදින්විනි.දෙතිස්ඵල බෝධින් වහන්සේලාගේ ඵක් නමක්මෙහි රෝපණය කර ඇත.

[සංස්කරණය] තිස්සමහාරාමය

තිස්සමහාරාමය බුදුරඡානන් වහන්සේ තුන්වැනි වරට ශ්‍රි ලංකා දිපයට වැඩමකල ගමනේදි සමවත් සුවයෙන් වැඩසිටි ස්ථානයේ කාවන්තිස්ස රජු විසින් ක්‍රි.පු 218 දි ඉදි කරවන ලද්දකි.

[සංස්කරණය] ශ්‍රි මහා ‍බෝධින් වහන්සේ

Srimaha Bodiya

අති තිලෝගුරු සම්මා සම්බුදු පියානන් වහන්සේ බුද්ධත්වය සාක්ශාත් කර ගැනිම සඳහා පිටඳුන් ‍බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. සංඝමිත්තා තෙරණිය විසින් මෙම බෝධින් වහන්සේ ශ්‍රි ලංකාවට වැඩම කරවන ලදි. ඵ් දෙවානමි පියතිස්ස රජ සමයේය.

ශ්‍රි මහා ‍බෝධිය

[සංස්කරණය] මිරිසවැටිය

දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්‍ය වු මෙහි උස අසු රියන් පමණ වන අතර සර්වඥ ධාතුන් මෙහි නිදන්කර ඇත.

[සංස්කරණය] රුවන්වැලිසෑය

දුටුගැමුණු රජතුමා මගින් ඉදිකරවන ලද මෙහි වැඩ නිමකරවන ලද්දේ සද්දාතිස්ස රජු විසිනි. සර්වඥ ධාතුන් වහන්සේලා,රන් බුදුපිළිම, රන්,රිදි, හා මුතු මැණික් මෙහි නිදන් කර ඇති බව කියවේ.
Ruwanweliseya

[සංස්කරණය] ථුපාරාමය

දේවානම්පිනතිස්ස රජු විසින් ඉදිකරවන ලදි.බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයකි.

[සංස්කරණය] අභයගිරිය

වළගම්බා රජු විසින් කරවන ලදි. ගිරිනම් නිගණ්ඨයා සිටි ස්ථානය නිසා අභයගිරි නම් වු බව සදහන්ය. සරවඥ ධාතුන්,රන්පත්වල ලියු ත්‍රිපිටකය මෙහි නිධන් කර ඇති බව කියවේ.
Ahabayagiri mahaseya

[සංස්කරණය] ඡේතවනාරාමය

මහසෙන් රජු විසින් ජෝති නම් වු උද්‍යනයක කරවන ලද හෙයින් මේ නමින් ප්‍රසිද්ධ වු බව කියවේ. බුදුන් වහන්සේගේ පටි ධාතුව සමඟ සර්වඥ ධාතුන් නිධන්කොට ඇත.

[සංස්කරණය] කිරිවෙහෙර

බුදුන්වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටි ස්ථානයකි. මහාසේන රජු විසින් කිහිරි ගසක් මුල ඉදිකරවන ලද හෙයින් මේ නමින් ප්‍රසිද්ධ බව සඳහන් වේ.

[සංස්කරණය] මිහින්තලය

ප්‍රධාන ලිපිය: මිහින්තලය

මිහින්තලය සේළ චෛත්‍යයි. ගලක් මත ඉදිකර ඇති නිසා ශෛල චෛත්‍යය නමින් හැඳින්වෙන මෙම චෛත්‍ය රාජයා ක්‍රි.ව 18 දි මහානාග රජු විසින් කරවන ලද්දකි. බුඳුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතු නිදන් කොට ඇත.

[සංස්කරණය] ඉසුරුමුණිය

දෙවන පෑතිස් රජු මගින් ක්‍රි.පු 3වන සියවසේදි කරවන ලදි. දන්ත කුමරු විසින් දළදා වහන්සේ රැගේන පළමු කොට මෙම ස්ථානයට පැමිණි බව කියවෙන අතර කලාත්මක ස්රූපයෙන් නෙත් සිත් ඇඳ ගන්නා පින් බිමක් වශයෙන් හැඳින්විය හැක.

[සංස්කරණය] ලංකාරාමය

වලගම්බා රජු ද්‍රවිඩයන් හා යුද වැදි පරාජය වි පළාගොස් සැඟව සිටි ගල් හෙබකය නම් වු ස්ථාන‍යෙහි මෙම චෛත්‍ය කරවා ඇති අතර මෙහි සර්වඥ ධාතුන් නිධන් කර ඇත.

[සංස්කරණය] ශ්‍රි දළදා මාළිගාව

සෙංකඩගල රජකල විමලධර්ම සුරිය රජු විසින් කරවන ලද දළදා මැදුර දෙවන විමලධර්මසුරිය රජතුමා විසින් තුන්මහල් කර තනවන ලදි.

[සංස්කරණය] අළු විහාරය

වළගම්බා රජු විසින් කරවන ලද්දකි. ලංකාවේ ප්‍රථම ධර්ම සංගායනාවේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලදි.

[සංස්කරණය] කුඩාගල ලෙන් විහාරය

පොළොන්නරුව, මොණරාගල අතර පිහිටා ඇති ක්‍රි .පු 3සියවසට අයත් ලෙන් විහාරයකි. මෙහි චිත්‍ර ජාතක කථා නිර්මාණ සම්ප්‍රදායට අයත් වේ.

[සංස්කරණය] හිරිගඬු සෑය

භාවනායෝගිව වැඩවිසු රහතන් වහන්සේලා සිටි ස්ථානයක් වන අතර මෙය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට සැතපුම් 30ක් දුරිනි.

[සංස්කරණය] සේරුවිල මංගල මහා විහරය

බුදුන් වහන්සේගේ ලලාට ධාතු නිධන් කර කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දකි.

[සංස්කරණය] ලෝවාමහාපාය

දුටුගැමණු රජතුමා විසින් කරවන ලද්දකි. සද්ධාතිස්ස,ගෝඨාභය වැනි රජවරුන් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු කරවන ලදී.

[සංස්කරණය] සෝමාවති සෑය

රියන් 100 කින් උස හා වට ප්‍රමාණය රියන් 150 ක් වනසේ ගිරි අභා රජු විසින් ඉදිකරවන ලදි. බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැම්පත්ව ඇති බව සැලකේ.

[සංස්කරණය] යටාල වෙහෙර

මහානාග රජු විසින් කරවන ලද්දකි. රහතන් වහන්සේලා වැඩසිටි ස්ථානයක් වු මෙය රුහුණු මාගම රාජධානිය තුල ඉදිකරන ලද ප්‍රථම චෛත්‍යය වශයෙන් සැලකෙන අතර සර්වඥ ධාතුන් නිදන් කර ඇති බව සදහන් වේ.

[සංස්කරණය] දිඹුලාගල

භාවනායෝගි භික්ෂුන් වහන්සේලා වෙසන ලෙන් සහිත පුජනිය ස්ථානයකි. දේවානම් පියතිස්ස රජතුමා මෙහි වෙහෙර ‍විහාර කටයුතු කර ඇත.

[සංස්කරණය] බෙල්ලන්විල රජමහා විහාරය

දෙතිස්ඵල බෝධින් වහන්සේලා සහ අත්‍යලංකාර වු බුදුමැදුරකින්ද, දෙවාලයකින්ද සමන්විතය.

[සංස්කරණය] සිතුල්පවුව

ගල් ලෙන් සහිත ස්ථානයක් වු මෙහි විහාර, දාගැබ් ඉදිකරවා රහතන් වහන්සේලාට පුජා කරන ලදි.

[සංස්කරණය] ගඩලාදෙණිය

හතරවෙනි බුවනෙකබාහු රජු විසින් කරවන ලද්දකි. දොලොස් රියන් බුද්ධ ප්‍රතිමාවක්, චෛත්‍ය රාජයෙක් සහ ආනන්ද බොධියද මෙහි වෙයි.

[සංස්කරණය] පඬුවස්නුවර

කුරුණෑගල හා දඹදෙනි යුගයන්හි දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂිත ස්ථානයක් වු මෙහි විහාර කර්මාන්ත කරවන ලද්දේ දෙවැනි පෑතිස් රජු විසිනි.

[සංස්කරණය] රිදී විහාරය

රුවන්වැලි සෑය ඉදිකරන සමයෙහි රිදී මතුවු ස්ථානයක් පදනම් කරගෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දක් වු මෙම විහාරය ආමණ්ඩ,ගාම්ණි,අභය,කිර්ති ශ්‍රි රාජසිංහ වැනි රජවරුන් මගින් විටින් විට ප්‍රතිසංස්කරන කටයුතු කරන ලදි.

[සංස්කරණය] කවටයමුනේ

ක්‍රි.ව 1800 දි කරවන ලද මෙම විහාරය සීවලි මහරහතන් වහන්සේගේ ධාතු නිධන් කර තැනු චෛත්‍යයකින් හා අලංකාර චිත්‍ර, මුර්ති වලින්ද සමන්විතය.

[සංස්කරණය] වට්ටාරම

පොල්ගහවෙල සිට සැතපුම් 3ක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානයෙහි මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටි බව සඳහන්ය.

[සංස්කරණය] ලංකාතිලකය

ගඩලාදෙණියේ සිට සැතපුම් 2 ක් පමණ දුරින් පිහිටි මෙම විහාරය ක්‍රි.ව 1347 දී බුවනෙකබා රජු විසින් කරවන ලදී.

[සංස්කරණය] වැවුරුකන්නල

මුල්කිරිගල සිට සැතපුම්14ක් පමණ දුරින් පිහිටියේය. සර්වඥ ධාතුන් සහ රහතන් වහන්සේලා 400ක් පමණ ධාතු නිධන් කර ඇතිඅ චෛත්‍යක් වේ.

[සංස්කරණය] වෙහෙර හේන

චෛත්‍ය, පුරාණ මහ බෝධිය,80 රියන් බුදු පිළිම වහන්සේ නිසා සුප්‍රසිද්ධ වු මාතර වෙහෙරහේනේ රජමහා විහාරය පිහිටා ඇත.

සබැඳියෙහි ශීර්ෂය

විහාරස්ථානයේ වැඩිවිස්තර වෙහෙරහේන විහාරය වෙබ් අඩවිය

[සංස්කරණය] මුල්කිරිගල

සද්ධාතිස්ස රජතුමා මගින් කරවන ලද මෙම ලෙන් විහාර 3ක් හා චෛත්‍ය රාජයෙක්ද වෙයි. මෙය පිහිටා ඇත්තේ තංගල්ලේ සිට සැතපුම් 12ක් පමණ දුරිනි.

[සංස්කරණය] බුදුරුවගල

වළගම්බා රජු විසින් කරවන ලද්දකි. වැල්ලවායේ තිස්ස පාරේ සැතපුම් 3ක් පමණ රින් පිහිටා ඇත.දේගල්දොරුව රජමහා විහාරය-කීරිති ශ්‍රි රාජසිංහ රජු විස්න් කරවන ලද්දකි.

[සංස්කරණය] දෙවිනුවර

ක්‍රි.පු.655 දී දාපුලුසෙත් රජතුමා විසින් කරවනලදී. සියලු විහාර කර්මයන්ගෙන් සම්පුර්ණ වු මෙම වෙහෙර බිමෙහි පුරාණ නටඹුන් දැකිය හැකි අතර පෙර ශීල්ප ශාස්ත්‍රයට කේන්දස්ථානයක් විය.

[සංස්කරණය] රත්නපුර සමන් දේවාලය

සබරගමුවෙහි රත්නපුර පිහිටි සමන් දේවාලය වසරක් පාසා පෙරහැර පවත්තන දේවාලයක් වන අතර 1236 දි දඹදෙණිය රාජධාණියේ රජකල පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ ඇමතියෙකු මගින් කරවන ලද්දකි.

[සංස්කරණය] කතරගම දේවාලය

දුටුගැදුණු රජතුමා කරවන ලද්දකි. ඉංදියාවේ සිට ආ කන්දසාමි නැමැත්තෙක් තමන්ගේ ශිලභාවනා ආදියෙන් බොහෝ හාස්කම් කරමින් මෙම ස්ථානයෙහි ජිවත් වු බවත්, ඔහුගේ ඈවැමෙන් ඔහු කතරගම දේවියෝ යනුවෙන් සෙසු ජනයාගේ පුද පුජාවට ලක්වු බවතු ජනප්‍රවාදයෙහි සද‍හන් වේ.

කතරගම

[සංස්කරණය] සෙල්ල කතරගම

කතරගම මැණික් ගඟ මැදිකොට පිහිටියේය.වල්ලි අම්මා කඳ කුමරුට මුණ ගැසුණු ස්ථානය වශයෙන් සැලකෙයි. දුටුවන් විශ්මයට පත්කරවමින් මෙහි පවත්වන ගිණි පෑගිමේ උස්සවය දේව භක්තිය මොනවට විදහාපායි.

[සංස්කරණය] මේ අඩවියත් බලන්න