මිහින්තලය
අම්බස්තලයල, මිහින්තලය හෙවත් “මිස්සක පබත ” අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනයේ පිහිටා ඇත. අනුරාධපුර - ත්‍රිකුණාමලය මාර්ගයේ අනුරාධපුර සිට සැතපුම් 8ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇත. මිස්සක පබ්බක අඩි 1000 උසින් යුතු කන්දකි. සේතියගිරිය එසේත් නැතහොත් සෑගිරි ලෙසද හඳුන්වන එය වඩාත් ප්‍රචලිත වන්නේ මිහින්තලය ලෙසටයි. ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස හමු වී බුදු දහම දේශනාකලේ කලේ මිහින්තලයේදීය.
පටුන |
[සංස්කරණය] ඉතිහාසය
වංශ කථාවන්හි දැක්හවෙන පරිදි ක්‍රිස්තු පූර්ව 247 දී ඵළඹෙන ඡෙමිට මුල මාසය හෙවත් පොසොන් පුර පසළොස්වක පොහොදා මිහිදු මහරහතන් වහන්සේ පුමුක ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල රහතන් වහන්සේ නිර්මල දහම් පණිව්ඩය රැගෙන දඹදිව සිට ම්ස්සක පර්වතයට වැඩිසේක.එවකට ශිලංකාවෙ රඡතුමා වු දේවානම්පියතිස්ස රජතුමා ම්හින්තලයේදිමෙම දුත පිරිසට හමුවුහ.මෙම ෛඑතිහාසික හමුවීම සිදුවූ ස්ථානය ශ්‍රි ලාංකික බෞද්ධයෝ ගෞරව බුහුමානයෙන් වැඳුම් පිඳුම් කරති.
මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදුත පිරිස දේවානම්පියතිස්ස රජතුමා සහ මෙම දුත පිරිස හමුවූයේ පොසොන් මස පසලොස්වක දිනයකදිය.මිහිදු හිමියන්ගේ ලංකා ගමනය පිළිබද සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරින් වගේම පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර තුලින් ද කරුණු රුස්කර ගත හැක.මේ අනුව වංශ කථා පවසන පරිදි ම් බුදුන් පිරිනිවි වසර දෙසිය තිස්හයක් එළඹුණදා මිහිඳු මහරහතන්වහන්සේ ප්‍රමුඛ පිරිස ලංකාවේ මිහින්තලයට වැඩිසේක.එහිදි මිහිඳු තෙරුණ්ට දේවානම් පියතිස්ස රඡු හමුවි දෙදෙනා අතර ප්‍රශ්නෝත්තර මාලාවක ස්වරුපයේන් සංවාදයක් ඇති විය.ඉන්පසු මිහිඳු හිමි රජු ගේ බුද්ධිය අවබෝධ කර ගැනිමෙන් පසු රඡතුමා ඇතුළු පිරිසට මිහින්තලා කඳු මුදුනේදි පළමු ධර්ම දේශනාව වන චුල්ලහත්තපදෝපම සුත්‍රය දේශනා කරන ලදී.
[සංස්කරණය] ආශ්‍රිත උත්සව
එදාමිහිඳුමහරහතන්වහන්සේ පොසොන් පොහොදා මිහින්තලයට වැඩම කොට සිංහල ජනයාගේ ජිවිතයට නව උදාවක් ලබා දුන්නේය.සිංහල සංස්කෘතියේ නව නැම්මක් ඇතිවුයේය.මෙම උත්තම සිද්ධිය සිහිපත් කරමින් සෑම වර්ෂයකම පොසොන් පොහොදා සිංහල බෞද්ධ ජනයා මිහින්තලය වැද පුදා ගැනිමට එක්රොක් වේ.මේ අයුරින් මිහින්තලය යනු සිංහල බෞද්ධයන් අපට ඉතා පාරිශූද්ධ වු සුවිශේෂ ස්ථානයකි. ඒ නිසාම පොසොන් මාසයේ මිහින්තලයට වන්දනා ගමන් යාමට පුරුදුව සිටිති.
[සංස්කරණය] පුරාණ ඉදිකිරීම්
පුරාණයේ සිටම මිහින්තලය නැඟීමට පියගැට විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත. එම ඉදි කිරීම් දේවානම්පියතිස්ස රජතුමා විසින් ආරම්භ කර ඇති අතර විහාර ගෙයක් ද, භික්ෂුන් වහන්සේලාට වැඩ විසීම සඳහා ගුහා 68 ක් ද කරවා ඇත. ඉන් අනතුරුව මිහින්තලය ආශිතව විහාරාරාම කීපයක් ඉදි වී ඇති අතර එවා එම යුගයට ආවේණික ලක්‍ෂණ දරණු දැකිය හැකිය. සෙල්ලිපි,මැඩපත්,ලෙන්ලිපි,කටාරම් ලිපි ආදි පුරාවිද්‍යාත්මක සාධක තුලින්ද මිහින්තලා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමුවේ.මිහිඳුහිමියන්ගේ පැමිණිම පිළිබඳ කරුණු ඇතුළත් සෙල්ලිපියක් හමු වී ඇත.මෙම සෙල්ලිපිය කැඩිබිඳි අබලන්ව ගිය එකකි.එහි එන "මහිද තෙරභව,භද්‍රසාල තෙරභ,ඉට්ටක තෙරභව,පති තෙරභව"යන පාඨය අනුව මෙම ධර්මදුත ව්‍යාපාරයට සහභාගිවුවන් පිළිබඳ තොරතුරු සඳහන් වේ.මිහිඳුහිමියානෝ ලක්දිව පැමිණ27වන දිනයෙහි වස් විසිම පිණිස මිහින්තලයට වැඩියහ.මිහින්තලයේ වස් විසිම භික්ෂුන් 60 නමක් සිටි අතර එහි වස් විසිමට ආවාස නොවුහෙයින් කණ්ඨක චේතිය අසල ලෙන් ශූද්ධ කරවා ආවාස හැටියට සකස් කරවීය.මෙම ලෙන්වල ලිපිවලින් මිහින්තලා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමුවේ.
ගෘහ නිරමාණ කේෂත්‍රය අතින් මිහින්තලය සුවිශේෂ ස්ථානයක් ගනී.මිහින්තලයේ පිහිටි ගෘහ නිර්මාණ වාස්තු විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වේ.ගෘහ නිර්මාණ අතර ආරාම ,වෙදහල දාන ශාලාව,සන්නිපාත ශාලාව,පෝය ගෙවල්,භාවනා ශාලා,ආරෝග්‍ය ශාලාව,සිමා මාලක සහ සක්මළු ආදී බොහෝ නිර්මාණ තනවා තිබුණේය.
[සංස්කරණය] රෝහල
මිහින්තලය කඳු පාමුල පැරණි රෝහලක නටඹුන් ද , බෙහෙත් ඔරුවක් ද, එම යුගයට අයත් යැයි සැලකෙන ගොඩනැගිලි වල කොටස් ද දැකිය හැකිය. රෝහල සහ කඳුමුදුනට දිවෙන පඬිපෙල අතර විශාල අසපුවක නටඹුන් දැකිය හැකිය.පැත්තක් අඩි 125 වූ හතරැස් ගොඩනැගිල්ලට පහලින් අලංකාර ගල් කැටයම් ද, ගලින් කරන ලද බරාඳි වැට වල්ද මුරගල් ද පිහිටා ඇත. මේ අංශය අධික ප්‍රපාත වූ බැවින් පඩි පිහිටා ඇත්තේ නැගෙනහිර බෑවුමට වන්නටය. එහි පඩි 1840 කඳු මුඳුන දක්වා දිවේ. පලමු පඩි කොටස අවසානයේ කුඩා කඳු මුඳුනක් හමුවේ එහි “ කණ්ඨක චේතිය” පිහිටා ඇත.
[සංස්කරණය] කණඨක චේතිය
මෙය සුරතිස්ස රජතුමා විසින් කරවන්නට ඇති බව විශ්වාස කෙරේ. එහි පේසාවළලු සහ ඉදිරි කොටස සෑහෙන තරම් තවමත් ඉතිරිව පවතී. එය බහිරව රූප හා ඇත් රූප වලින් අලංකාරව ඇත. ස්ථූපය අඩි 425.5 යුක්තය. එහි අඩි 40 ක් පමණ උස් වූ ස්ථූපයක නටඹුන් දැකිය හැක. භික්ෂුන් වහන්සේලා මෙම ස්ථූපයට ආසන්නයේ ඇති ගල් ගුහා වල වෙසෙන්නට ඇත. මෙම ස්ථූපය කරවා ඇත්තේ “ ලජ්ජිතිස්ස” රජතුමා විසින් බැවින් එය අයත් වන්නේ පලමු බුද්ධ ශතවර්ශයටය බව සැකයක් නැත.
[සංස්කරණය] භෝජන ශාලාව
මළුව පිහිටා ඇත්තේ තුන්වන පඩිපෙල අවසානයේය. මළුවෙහි වම් පැත්තට වන්නට භෝජන ශාලා පිහිටා ඇත. එය සෘජුකෝණාස්‍රාකාර වන අතර දිගින් අඩි 62ක් ද , පලලින් අඩි 25 ක් ද වේ. එය වටා ගබඩා කාමර පිහිටා ඇත. ජලවහන පද්ධතියක කොටස් ඒ අසලින් සොයා ගෙන ඇති බැවින් ඉතා ක්‍රමාණූකූල ජල සම්පාදන ක්‍රමයක් තිබෙන්නට ඇතිබව විශ්වාස කෙරේ. භෝජනාගාරය අසල ආහාර ගබඩා කර තබන්නට ඇතැයි විස්වාස කෙරෙන ගල් භාජන 2ක් දක්නට ඇත. ගොඩනැගිල්ලට ඇතුළුවන පැති දෙකකින් විශාල ශිලා ලේඛන දෙකක් පිහිටා ඇත. ආරාමයේ පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය නීති රෙගුලාසි මෙහි සටහන් කර ඇත. මෙය මිහිඳු රජතුමා විසින් කරවා ඇති අතර සේවය කරන්නන්ට ගෙවන ගෙවීම් ද සඳහන් කර ඇත. ඊට නොදුරින් තවත් තැනිතලාවක භික්ෂුන් වහන්සේලා හමුවී ධර්ම හා විනය සාකච්ඡා කරන්නට ඇතැයි සැලකේ. එය විවෘත ගොඩනැගිල්ලක් වන අතර පැත්තක් අඩි 62කි. ගල් කණු 48 ක් මත පිහිටා ඇත. ගොඩනැගිල්ල මධ්‍යයේ දොරටු 4කින් යුතු වේදිකාවක් ද පිහිටා තිබේ.
[සංස්කරණය] අම්බස්තල දාගැබ
මෙය කඳු මුදුනට ආසන්න වූ තැනිතලාවක පිහිටා ඇති අතර මාතලන්තිස්ස රජතුමා විසින් කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ.මිහිඳු මහ රහතන් වහන්සේ හා දේවානම්පියතිස්ස රජතුමා අතර අති වූ ෛඑතිහාසික හමුවේ දේවානම්පියතිස්ස රජතුමා සිටින්නට ඇතැයි සැලකෙන ස්ථානය සිහි ගැන්වීමට මෙම දාගැබ ඉදිකර ඇත.
[සංස්කරණය] මිහිඳු ගුහාව
අම්බස්තල දාගැබේ සිට කඳු බෑවුම් දෙසට දිවෙන කුඩා අඩිපාර මිහිඳු ගුහාව තෙක් විහිදේ. මිහිඳු ගුහාව මිහිඳු මහානාහිමියන් සැතපී විවේක ගත් ස්ථානයයි. සියළුම ගුහා වලින් වඩාත් ප්‍රසිද්ධ හා බෞද්ධයින්ට වඩාත් පූජනීයවන්නේ මිහිඳු ගුහාවයි.
[සංස්කරණය] මහා සෑය
මිහින්තලය කඳු මුදුනේ පිහිටා ඇති විශාල චෛත්‍යය මහා සෑයයි. එය මහදාතිත මහානාග රජතුමා විසින් කරවා ඇති අතර අඩි 136 ක විශ්කම්භයකින් යුක්තය.
[සංස්කරණය] ආරාධනා ගල
ආරාධනා ගල මහාසෑයට මුහුණලා පිහිටා ඇත.අධික සුළං සහිත කාල වලදීත් ආරාධනා ගල නැගීමට බැතිමත්හූ අමතක නොකරති.මහාවංශයේ සඳහන් වන පරිදි අහසින් වැඩිය මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස පළමුවෙන්ම ශ්‍රි ලංකා ද්වීපයෙහි පය තැබුවේ ආරාධනා ගල මුදුනටය. අම්බස්තලය දාගැබ පසුකර බටහිර දෙසට යනවිට නාග පොකුණ මුණ ගැසේ. එය අග්බෝ රජතුමා විසින් කරවා ඇත. නාග පොකුණට එම නම ලැබී ඇත්තේ එහි පසුබිමේ දක්නට ඇති පෙණය සහිත නාග රූප නිසාය.
[සංස්කරණය] පොකුණු
මිහින්තලා පුඡා භුමියේ පිහිටා ඇති මෙම පොකුණු අතර සිංහ පොකුණු,නාග පොකුණ.කළු දිය පොකුණ ප්‍රධාන තැනක් ගන්නා අතර තවත් අවශේෂ පොකුණු කිහිපයක් ද හමු වී ඇත.විනාශ වී ගිය ආරාමවලින් ගහණ ප්‍රදේශයේ සිංහ පොකුණ දක්නට ලැබේ සිංහ පොකුණ යයි ව්‍යවහාර වුවද එය පොකුණක් නොව සිංහ මුඛයෙන් ජලය පිටවන දිය පිහිල්ලකි කණ්ඨක චේතිය හා සන්නිපාත ශාලාව අසබඩ ජිවත් වු භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව පිණිස විශේෂයෙන් ස්නානය පිණිස යයි සිතිය හැකි මෙම දය පිහිල්ල සකස්කර ඇත්තේ පසු පාද දෙකින් සිට ගෙන සිටින ලෙස ගලින් නෙලන ලද ජිවමාන ප්‍රමාණයේ සිංහයකුගේ මුවින් ජලය පිටවන ආකාරයටය.
[සංස්කරණය] කළු දිය පොකුණ
මෙය මිහින්තලයේ පිහිටි ප්‍රසිද්ධ පොකුණු වලින් එකකි. පොකුණෙහි ඇති ජලය කළු පාටට පෙනෙන බැවින් එයට කළු දිය පොකුණ යන නම ලැබී ඇත.එක් පොහෝ දිනක කළු බුද්ධරක්ඛිත හිමියන් කළු දිය පොකුණු සමීපයෙහි ඇති තිඹිරිය ගසක් යටට වී කාල කර්ම සුත්‍රය දේශනා කල බවට විශ්වාස කෙරේ.


