විජයි සේතුපති

විකිපීඩියා වෙතින්
විජයි සේතුපති
විජයි සේතුපති ධර්ම දුරෛ (2016) ශ්‍රව්‍ය නිකුතුවේ දී
දේශීය නම
விஜய குருநாத சேதுபதி
උපත
විජය ගුරුනාථ සේතුපති

1978 ජනවාරි 16
ජාතිකත්වයඉන්දියානු
වෙනත් නම්මක්කල් සෙල්වන්
උගත් ශාස්ත්‍රාලයධන්රාජ් බායිද් ජයින් විද්‍යාලය (ඩීබී ජයින් විද්‍යාලය), තුරෛපක්කම්, චෙන්නායි (B.Com.)
රැකියාව
සක්‍රීය වසර2004–වර්තමානය[1]
කලත්‍රයා(යන්)ජෙසී (2003-වර්තමානය)
දරුවන්
  • සූර්යා
  • ශ්‍රීජා
දෙමව්පියන්(s)
  • කාලිමුත්තු (පියා)
  • සරස්වතී (මව)

විජය ගුරුනාථ සේතුපති (උපත 1978 ජනවාරි 16) හෙවත් වඩාත් ප්‍රකටව විජයි සේතුපති ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් දෙමළ චිත්‍රපටවල රංගනයේ යෙදෙන ඉන්දියානු චිත්‍රපට නළුවකු, නිෂ්පාදකවරයකු, පද රචකයකු සහ දෙබස් රචකයෙකි.[2] තමිල් නාඩුව තුළ ඔහු "මක්කල් සෙල්වන්" (ජනතාවගේ නළුවා) ලෙස ප්‍රචලිත ය.

ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කළ සේතුපති රංගන වෘත්තිය කෙරෙහි යොමු විය. ඔහු රංගන වෘත්තියට පිවිසියේ පසුබිම් නළුවකු ලෙස වසර පහකට අධික කාලයක් සුළු චරිත නිරූපණය කරමිනි.[3] ඔහු සිය ප්‍රථම ප්‍රධාන චරිතය නිරූපණය කළේ සීනු රාමසාමිගේ තේන්මේර්කු පරුවකාට්රු (2010) චිත්‍රපටයේ ය.[4] අනතුරුව සුන්දරපාණ්ඩියන් (2012) චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් නිරූපණය කළ ඔහු සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළේ පීසා (2012) සහ නාඩුවුල කොන්ජම් පක්කාත කානෝම් (2012) චිත්‍රපට තුළිනි.[5] අනතුරුව ඔහු සූදු කව්වුම් (2013), ඉදර්කුතානේ ආසෛපට්ටායි බාලකුමාරා (2013), පන්නෛයාරුම් පද්මිණියුම් (2014), නානුම් රෞඩි දාන් (2015), සේතුපති (2016),[6] කාදලුම් කඩන්දු පෝගුම් (2016), ධර්ම දුරෛ (2016), කාවන් (2017) සහ වික්‍රම් වේදා (2017) වැනි සාර්ථක චිත්‍රපට ගණනාවකම ප්‍රධාන චරිත නිරූපණය කළ අතර මේ සියල්ල ආර්ථික අතින් මෙන්ම ව්චාරක අතින් ද සාර්ථක විය. මෙය විජයි සේතුපති දෙමළ සිනමාවේ ජනප්‍රිය "ඉන්දියානු චිත්‍රපට තරුවක්" බවට පත්කළේ ය.[7][8]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "I was rejected even for the role of a junior artist". The Times of India. 17 December 2012. 2013-12-31 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-09-13.
  2. SUDHIR SRINIVASAN (29 June 2016). "'Facebook affected me as a human'". The Hindu.
  3. "The new Vijay on the block!, Vijay Sethupathy, Pizza". Behindwoods. සම්ප්‍රවේශය 10 May 2013.
  4. "Audio Beat: Naduvula Konjam Pakkatha Kaanom". The Hindu. 21 July 2012.
  5. IANS (February 4, 2013). "Not in hurry to sign films". The New indian Express.
  6. Sreedhar Pillai (29 June 2016). "After the success of 'Sethupathi', will Vijay stop doing 'offbeat' films". firstpost.com.
  7. Manigandan K R (January 23, 2016). "Vijay's Secrets to Success". The New indian Express.
  8. BARADWAJ RANGAN (April 9, 2013). "Bergman, who? Hello new-age directors!". The Hindu.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විජයි_සේතුපති&oldid=593358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි