විකිපීඩියා:තෝරාගත් ලිපිය/48

විකිපීඩියා වෙතින්
ගොනුව:Windows Movie Maker icon.png

වින්ඩෝස් මූවි මේක' යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් එම්ඊ, එක්ස්පී, සහ විස්ටා හී අන්තර්ගත කර ඇති විදෘශ්‍ය නිමැයුම්/සංස්කරණ මෘදුකාංග යෙදුමකි. ප්‍රයෝග, සංක්‍රමණ, සිරැසි/සම්මාණ, ශ්‍රව්‍ය ඛණ්ඩ, කාලපෙළ ආඛ්‍යානය, සහ ඔටෝ මූවි වැනි විශේෂාංග මෙහි අඩංගු වෙයි. නව ප්‍රයෝග සහ සංක්‍රමණ තැනීම සහ පවතින ඒවා වෙනස් කිරීම XML කේත භාවිතයෙන් සිදු කල හැක. වින්ඩෝස් මූවි මේක' මෙයට අමතරව මූලික ශ්‍රව්‍ය ඛණ්ඩ සංස්කරණ ක්‍රමලේඛයක්ද වෙයි. ශ්‍රව්‍ය ඛණ්ඩ සඳහා ක්‍රමෝද්දීපනය හා ක්‍රමාවදීපනය වැනි මූලික ප්‍රයෝග යෙදීමද එයට සිදු කල හැක. විදෘශ්‍ය ගොනුවක් වෙනුවට ශබ්ද ගොනුවක් ලෙසින් මෙම ශ්‍රව්‍ය ඛණ්ඩ පසුවිටෙක නිර්යාත කෙරුම සිදු කල හැක. වින්ඩෝස් Me සඳහා වූ පළමු අනුවාදය 2000 දී ද, අනතුරුව 2001 දී වින්ඩෝස් එක්ස්පී සඳහා වූවද, ඉනික්බිතිව අනෙකුත් එක්ස්පී සංස්කරණ සඳහා අනුවාදයන්ද එළිදැක්විණි.

වින්ඩෝස් විස්ටා එළිදැක්වීමෙන් අනතුරුව වින්ඩෝස් මූවි මේක' හි ප්‍රවර්ධනය අත්හැර දමන ලදි; එහි ආදේශනය වූ වින්ඩෝස් ලයිව් මූවි මේක’, වින්ඩෝස් ලයිව් වෙතින් ලබා ගත හැකි නිදහස් බාගැනුමක් වන වින්ඩෝස් ලයිව් අසෙන්ෂිල්ස් හි අඩංගු කර ඇත. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය