ලක්ෂ්මන් කදිර්ගාමර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කදිර්ගාමර්.jpg

පටුන

ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනයට පිවිසීම සහ ඒ සඳහා බලපෑ අභ්‍යන්තර හා බාහිර සාධක[සංස්කරණය]

පාර්ලිමේන්තුවට පිවිසීම.jpg

සැබෑ දක්‍ෂයෙක් ලෙස රටට සේවය කිරිමෙන් දේශපාලන ක්‍ෂෙත්‍රය තුළ විවිධ භූ තළ නිර්මාණය කළ දේශපාලනඥයෙක් ලෙස ලක්‍ෂමන් කදිර්ගාමර් හඳුනාගත හැකිය. දේශපාලනඥයෙකුට තිබිය යුතු සෑම අංශයකම දක්‍ෂතා ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව තිබිණි. එසේ කීමට හේතුව වන්නේ ඔහු ඉතා ඉහළ අධ්‍යාපනයක් ලද අයෙක් වීමයි. එමෙන්ම ඔහු අන්තර් ජාතික, රාජ්‍යය තානත්‍රික සබඳතා, ලෝක සාමය, ලෝක දේශපාලනය, ආර්ථිකය, අන්තර්ජාතික සංවිධාන ගැටුම් සහ ගැටුම් නිරාකරණය ආදී මේ සියල්ල පිළබඳ ඔහුට ප්‍රථුල අවබෝධයක් තිබිණි. ලක්‍ෂමන් කදිර්ගාමර් විදේශ අමාත්‍යය ධුරය ඔස්සේ දේශපාලන කාර්්‍යය ඉටු කිරිමේ දී දැවැන්ත දේශපාලන චරිතයක් ලෙස ගෙඩනැඟෙන්නේ ශ්‍රී ලංකාවට සාමය උදාකර ගැනීම සඳහා යා යුතු මඟ පිළිබඳව ඔහු සතුව තිබු නිවැරදි දැක්මත් ඒ උදෙසා ඔහු ගෙන ගිය නොපසුබස්නා අරගලයත් හේතුවෙනි. ඔහුගේ මුලික අරමුණ වුයේ ජනවාර්ගික අර්බුදයට තිරසාර විසදුමක් යුද්ධය වෙනුවට සාමය ඇරඹීම සහ සංවර්ධනය සඳහා මෙරටට හිතකර ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමයි. මෙය ඉටුකිරිම සඳහා වෙනස් ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත. නුතනවාදී රාජ්‍යයක් නිර්මාණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ නව ප්‍රායෝගික දැනුමක් නිර්මාණය කර ගැනීමට උත්සහ කළ බැවින් ඔහු ලංකාවට සුවිශේෂී පුද්ගලයෙක් විය. මේ නිසා මෙහු දේශපාලනයට පිවිසීම සඳහා වැදගත් වු සාධක සොයා බැලීමත් දේශපාලනයට ප්‍රවේශ විමෙන් පසු ඔහු විසින් සිදු කරන ලද සමාජ මෙහෙවර සොයා බැලීමත් වැදගත් වේ.

ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ළමා කාලය යාපනයේ ගත කිරීම, ප්‍රභූ පවුල් පසුබිමක්, විවිධත්වයකින් යුත් පවුල් පසුබිමක් තිබීමත් විශේෂයෙන් ඔහුගේ මවුපිය පාර්ශ්ව දෙක ඉතාමත් ධනවත් වට පිටාවක සිටින අය වීමත් නිසා ලක්‍ෂමන් කදිර්ගාමර් ලබා ගෙන ඇති අත්දැකීම් ඔහු දේශපාලනයට ප්‍රවේශ වීම සඳහා හේතු වූ බව කිව හැකිය. එමේන්ම තරුණ කාලය තුලදී ඔහුගේ දැනුම, නායකත්ව තුසලතා, සමාජ සම්බන්ධතා, ආදිය වර්ධනය වීම මඟින් ඔහුගේ දේශපාලන මාවතට අවතීර්ණ වීම පහසු වී ඇත. මේ නිසා ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනයට මැදිහත් වීම සඳහා ඉහත කරුණු වැදගත් බලපෑමක් කර ඇත. දේශපාලනය තුළ ව්‍යවස්ථාදායක‍යට පිවිසීම සඳහා වැදගත් වූ බාහිර හා අභ්‍යන්තර සාධක මෙහිදී සාකච්ඡා කරයි. එම සාධක තුළින් ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනය තුළ ප්‍රභල භූමිකාවක් ගෙන යාම දක්නට ලැබේ. ලක්‍ෂමන් කදිර්ගාමර් සිය අධ්‍යාපනය හමාර කිරීමත් සමඟ වෘත්තීය වශයෙන් ලඟාවූයේ ඔහුගේ පවුලටම සුපුරුදු වූ නීති වෘත්තිය වෙතටය. එම වෘත්තිය ඔස්සේද ඔහු ජාතික මෙන්ම ජාත්‍යන්තර නීති පිළිබඳව හසල දැනුමක් තිබූ බව ඔහුගේ වෘත්තීය සේවා සපයන ස්ථාන තුළින් පැහැදිලි වේ. ඔහු ළමා අවධිය හා තරුණ අවධිය හමාර කිරීමත් සමඟ ඔහුගේ දැනුම් සම්භාරයත් සමඟ ලංකාවට ඔහු සුවිශේෂී පුද්ගලයෙකු වී ඇත. මෙහිදී ඔහු ලක්‍ෂමන් කදිර්ගාමර් තමන්ගේ ළමා කාලය තුළ මෙන්ම තරුණ කාලය තුළ ද තමන්ගේ පෞරුෂය, කීර්තිය රඳවාගත් ආකාරය වැදගත් වේ. එම නිසා ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ දේශපාලන භූමිකාව ගොඩ නැගීම උදෙසා බලපෑ අභ්‍යන්තර හා බාහිර සාධක මොනවාදැයි සොයා බැලීම වැදගත් වේ.

ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනයට මැදිහත් වීම සඳහා බලපෑ අභ්‍යන්තර සාධක[සංස්කරණය]

ආගම[සංස්කරණය]

කිතුනුවකුව උපත ලැබූ ඔහු බුදු දහමින් හා හින්දු දහමින් තවදුරටත් පෝෂණය වී සෑම ආගමකම උගන්වන ඉවසීම හා මානව දයාව පදනම්කරගත නූතනත්වයට ගැලපෙන සර්ව ආගමික නියෝජනයේ සංකේතයකි. ලක්‍ෂමන් කදිර්ගාමර් පිළිබඳව දකින ඇතැමුන් ඔහුගේ ආගමික මනෝභාවය පිළිබඳව විස්තර කර ඇත්තේ එසේය. යාපනයේ සිට කොළඹට පැමිණි පසුව මහනුවර වැනි පරිසරයක අධ්‍යාපනය ලබමින් සංස්කෘතික විවිධත්වයක් සහිත රටේ ප්‍රධාන ස්ථාන කිහිපයක ආභාෂය ලැබීමට කදිර්ගාමර්ට හැකි විය. සිංහලකම තවමත් රුදී ඇතැයි පවසන මහනුවර වැනි ප්‍රදේශයක සිංහල-බෞද්ධ යන මානසිකත්වයක් ප්‍රජාව තුළ පවතින පරිසරයක තමන්ගේ අධ්‍යාපනය ලැබීම අභ්‍යන්තරික වශයෙන් කදිර්ගාමර්ට බලපෑම් කළ සාධකයක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම හින්දු මතවාද, චාරිත්‍ර සම්ප්‍රධායක් දැඩි ලෙස පවතින ප්‍රදේශයක් වූ යාපනයේ මහිපායි ප්‍රදේශයේ තම නෑ පරම්පරාව වාසය කිරීමත් තමන්ගේ නෑදෑයන්ගෙන් ඒ ලැඛෙන ආභාසයත් ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ මනෝ භාවයන් තීරණය වීමට බලපෑම් ඇති කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. නමුත් ඔහු උපතින් බැතිමතකු වුවද ඔහු බුද්ධාගම සහ හින්දු ආගමික සංකල්පයන් තමන්ගේ ජීව්තය සඳහා යොදවාගත් බව ලක්‍ෂමන් කදිර්ගාමර් මහතා ජීවත්ව සිටියදී නිතර යන එන පන්සලක් වූ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි පවසයි. එතුමා පෞද්ගලිකව සම්බෝධි විහාරයේදී හා සිය නිවසේදී ආගමික කටයුතු වල නිරත වෙද්දී දෙඅත් එක් කර ගෙන වැඳගෙන පන්සිල් සමාදන් වූ බව දක්වයි. ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව බුදුරජානන් වහන්සේ පිළිබඳව අසීමිත ගෞරවයක් තිබූ බව පෙන්වන අවස්ථාවක් වන්නේ බුදු රුවට අවමන් වන ආකාරයේ සිදුවීම් රටතුල සිදු වන විට ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පාර්ශව කරුවෙක් වෙමින් නඩු පැවරීමයි. කිතුනු බැතිමතකු වුවත් ඔහු බුදුදහම පිළිබඳ විශාරදයෙක් විය. ධම්ම පදය ගැනත්, භගවත් ගීතාව ගැනත්, බයිබලය ගැනත්, ශුද්ධ වූ කුරාණය ගැනත්, ලක්‍ෂමන් කදිර්ගාමර් මහතා තුළ තිබූ දැනුම විශිෂ්ඨය. ඔහු සේවය කළ කාර්යාල කාමරයේ බිත්ති හතරේ බුද්ධ ප්‍රතිමාවක්, හින්දු දේවරූපයක්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ඡායාරූපයක් හා මක්කම ශුද්ධ වූ දේවස්ථානයේ ඡායාරූපයක්ද එල්ලා තිබීම වැදගත් සිදුවීමකි. ඔහුගේ සර්ව ආගමික මනෝභාවය පිළිබිඹු වන තවත් අවස්ථාවක් වන්නේ 1963 වසරේ වියට්නාමයේ හටගත් බෞද්ධ-කතෝලික ආගමික අරගලයේ දී මෙම ප්‍රශ්නය ගැන විමර්ශණයට පත් කළ ජාත්‍යන්තර කොමිසමේ කොමසාරිස්වරයා වූයේ ලක්‍ෂමන් කදිර්ගාමර් වීමය. මේ මඟින් පෙන්වන තවත් කරුණක් වන්නේ, සර්ව ආගමික නියෝජනය ඔහු තුළ තිබූ බව ජාත්‍යන්තර ප්‍රජාවද දැන සිටීමයි. මේ ආකාරයට ලක්‍ෂමන් කදිර්ගාමර් ලංකාව තුල තිබූ සියළු ආගම් වළින් ආභාසය ලබමින් ඔහුට ආවේණික වූ ආගමික දැක්මක් සහිතව ජීවත් වූ පුද්ගලයෙකු වශයෙන් හඳුනාගත හැකිය. වර්ෂ 1955 දී නීති වෘත්තියට එක්වූ දා පටන් ඔහු නෛතික වශයෙන් මැදිහත් විය හැකි සෑම ආයතනයකටම සහ ක්ෂේත්‍රයකටම සම්බන්ධ වී ඇත.

වෘත්තීය අත්දැකීම්[සංස්කරණය]

ජාත්‍යන්තර නීති ආයතන ගණනාවකට ඔහු සේවය කර ලබාගත් සමාජ පිලිගැනීම අභ්‍යන්තරික වශයෙන් ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ චරිතය ගොඩනැගීම කෙරෙහි බලපෑ බව සඳහන් කළ හැකිය. තවද 1990 දී නීති ප්‍රතිසංස්කරණය පිළිබඳව උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද ඉදිකිරීම් කර්මාන්ත අංශයේ ඉහළ උපදේශන සේවා කමිටුවේ සභාපති ලෙසද විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශන කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද බුද්ධිමය දේපල පිළිබඳ උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඔහු 1991 වසරේදී ජනාධිපති නීතිඥ පදවියට පත්වීම. ඔහුගේ නෛතික දැනුම වෘත්තීමය තත්වයට පත් වීම සඳහා සාක‍ෂි දරන්නකි.

දේශපාලන ඥනය දේශපාලනයට වැදගත් වීම[සංස්කරණය]

ලක්‍ෂමන් කදිර්ගාමර් ලබාගෙන තිබූ නීති විශාරද බුද්ධිමත් ඥානය 1993-1994 වන විට දේශපාලන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී තිබූ බව පෙනේ. ඒ සඳහා ද හේතු ගණනාවක් පවතින අතර මෙහිදී ඔහු දේශපාලනයට මැදිහත් වීම සිදු වූයේ කෙසේ දැයි විමසා බැලීම වැදගත් ‍වේ. ලක්‍ෂමන් කදිර්ගාමර් ජීවිතයේ නව පිටුවක් ආරම්භ කරමින් වර්ෂ 1994 දී පාර්ලිමේන්තුවේ අමාත්‍යධූරයක් ලබා ගැනීමට හැකියාව ලැබුනේය. ජන්දයෙන් පත් නොවූ අතර ලක්‍ෂමන් කදිර්ගාමර් ඒ වන විට ලබා සිටි නීති විශාරද භාවය නිසා නාම යෝජනා මඟින් පාර්ලිමේන්තුවට පත්විය. නමුත් ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වීමට කිහිප අවස්ථාවකදීම උත්සහ කළ අතර ඒ සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොලැබු නිසා ඔහු එම අදහස අත්හැරගෙන ඇත.

සමාජ සබඳතා[සංස්කරණය]

1994 මේ ආකාරයට කදිර්ගාමර් දේශපාලනයට පත් වීම සඳහා පුරෝගාමී වූ කිහිපදෙනෙකි. ඉන් පලමු වැන්නා වන්නේ ලලිත් ඇතුලත් මුදලි ඇමතිවරයාය. ඔහු ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ සමීපතම හිතවතෙකු මෙන්ම කදිර්ගාමර්ට පසුව බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති හා ලේකම් තනතුර දරා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණේ සමහර නීති කටයුතු සඳහා ලක්‍ෂමන් කදිර්ගාමර් ලලිත්ට උදව් කලේය. ලලිත් ඇතුලත් මුදලි බණ්ඩාරනායක මැතිනිය හා අනෙක් දේශපාලන පක‍ෂ සමඟ සමීපව ක්‍රියා කළේය. නමුත් ලක්‍ෂමන් කදිර්ගාමර්, මැතිනිය දැන සිටියත් දේශපාලනයට ප්‍රවිශ්ඨ නොවීම වැදගත් කරුණකි. 1994 දී පොදු ජන එක්සත් පෙරමුණ පක‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් නීති විශාරදයෙකු ඇතුලත් කිරීමට අවශ්‍ය විය.

ලලිත් ඇතුලත්මුදලි.jpg

ඒ සඳහා අගවිනිසුරු සුප්පයියා ශර්වාන්නද පක‍ෂයෙන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය තීරණය කළාය. නමුත් මෙම තීරණය පිළිබඳව මැතිනියගේ සොයුරු බී. එස්. සී. රත්වත්තේ මෙම පත් කිරීම පිළිබඳව ඇයට උපදෙස් ලබා දුන්නේය. ඔහුගේ උපදේශය වූයේ එලෙස පාර්ලිමේන්තුවට පත් කිරීමට සුදුසුම නීති විශාරදයා වන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර් බවයි. රත්වත්තේ මෙසේ විශ්වාසවන්ත ලෙස රටේ භාර දූර කටයුත්තක් වෙනුවෙන් ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ නම යෝජනා කිරීමට හේතුව වී ඇත්තේ රත්වත්තේ සහ ලක්‍ෂමන් කදිර්ගාමර් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුන් වූ නිසා ඔවුනොවුන් එකිනෙකා දැන සිටීමයි. ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ජාත්‍යන්තර කීර්තිය ගැනත් අවංකභාවය පිළිබඳවත් රත්වත්තේ විනිසුරුවරයා තුල මහත් ගෞරවයක් තිබී ඇත. මේ ආකාරයට ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ වයස අවුරුදු 62 වැනි වියේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය යටතේ පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවිය ලබා ගැනීමට හැකි විය. මෙම පත්වීමේ විශේෂත්වය එම පදවියට පත්වූ දා සිටම ඔහු ශ්‍රී ලංකාව් විදේශ අමාත්‍ය ධූරය දැරීමයි.

චන්ද්‍රිකා කුමාරතුංග.jpeg

මෙසේ විදේශ කටයුතු අමාත්‍ය ධූරයට පත්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නීති දැනුම හා ඔහු සතුව තිබූ දේශපාලන බුද්ධිමත් භාවයයි. දේශපාලනයෙහි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබිය යුතු අන්යෝන්‍ය සබඳතාව ඔහු හොඳින් අවබෝධකර සිටි අයෙකි. එසේම නිදහසින් පසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව ගෙන ගිය විදේශ සබඳතා කුමනාකාරයෙන්ද යන්න ඔහු අවබෝධයෙන් සිටියේය. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ දැවැන්ත චරිතයක් ලෙස මධ්‍ය දේශපාලනය තුල ගොඩනැගීමට ඔහු සතුව තිබූ දේශපාලන ඥානය වැදගත් වී ඇත. ඊට අමතරව සර්ව ආගමික නියෝජනය, විවිධත්වයකින් යුත් පරිසරයක ආභාෂය කදිර්ගාමර් චරිතය දේශපාලනය තුල ගොඩනැගීමට අභ්‍යන්තරික ලෙස බලපා ඇත.

ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනයට මැදිහත් වීම සඳහා බලපෑ බාහිර සාධක[සංස්කරණය]

අභ්‍යන්තර මෙන්ම බාහිර වශයෙන්ද ලක්‍ෂමන් කදිර්ගාමර් චරිතය මධ්‍ය දේශපාලනයට ප්‍රවේශ වීම සඳහා බලපෑම් කළ සාධක ඇත. දේශපාලනයට ඔහු පැමිණෙන විට දේශපාලනය තුළ සකස් වෙමින් තිබූ වෙනස්කම් ලක්‍ෂමන් කදිර්ගාමර් වැනි දෙමළ නියෝජිතයින් මතුවීමට වැදගත් විය. විශේෂයෙන් දෙමළ නියෝජනය පිළිබඳ මතු වූ ගැටළු පිළිබඳ ලංකාවේ දේශපාලනය ඉතිහාසය දෙස බැලීමෙන් පෙනෙන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර් වැනි නියෝජිතයන්ගේ නියෝජනය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වැදගත් අවස්ථාවක් වු බවයි.

දෙමළ නියෝජනයේ ඉතිහාසය[සංස්කරණය]

නිදහසට පෙර තත්ත්වය[සංස්කරණය]

දෙමළ නියෝජනය ගැටළු සහගත තත්ත්වයක් ලෙස පළමු වරට ආරම්භ වන්නේ වර්ෂ 1908 දීය. ව්‍යවස්ථාදායකයට යායුතු උගත් ලාංකිකයා කවුද යන්න ප්‍රශ්නය මතු වූ අවස්ථාවක ජනතා ජන්දයෙන් පොන්ම්බලම් රාමනාදන් පත්කරගෙන ඇත. නමුත් මෙහිදී තවත් පිරිසක් එච්. ඇම්. ප්‍රනාන්දු ඒ සඳහා සුදුසු බව යෝජනා කලහ. වසර 1911 දෙසැම්බර් 13 උගත් ලාංකික නියෝජිතයා ලෙස පොන්නම්බලම් රාමනාදන් තේරී පත් විය. මෙම නියෝජනය පසු කාලීනව සිංහල, දෙමළ දෙපිරිස අතරින් වැඩිපිරිසක් තමන්ගේ කණ්ඩායමට ලබා ගැනීමට බි්‍රතාන්‍ය ආණ්ඩුවට යෝජනා කරමින් තරඟකාරිත්වයක් හා විරසක බවක්ද නිර්මාණය වන්නට හේතු වී ඇත.

නිදහසින් පසු තත්ත්වය[සංස්කරණය]

1948 නිදහස ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව තුළ සුළු ජාතික නියෝජනය 24% කි. මෙහිදී ඇමති පදවිය ලද්දේ විදුලි සංදේශ පදවිය ලත් සී. සින්නම්පලම් හා වානිජ වෙළඳ ඇමති පදවිය ලත් සුන්දරලිංගම්ට පමණය. මීලඟට සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ රටේ 81% ක් පමණ සිටි බහුතරයකගේ භාෂාව වූ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමයි. දෙමළ භාෂාව ජාතික භාෂාවක් හැටියට එහි සඳහන් නොවීම හේතු කොටගෙන ප්‍රබල විරෝධතා මතු වන්නට විය. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් මෙහිදී ආරක‍ෂා නොවේ යයි මතයක් පළ වූ බැවින් එය ආරක‍ෂා කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග විය යුත්තේ කැබිනට් මණ්ඩලයට සුළු ජාතික නියෝජනයක් ලබා දීමයි. වර්ෂ 1956 දක්වා ප්‍රධාන සුළු ජාතිකයන් වූ ද්‍රවිඩයන්ගේ නියෝජිතයෝ ද කැබිනට් මණ්ඩලයට පත්වූ නමුත් 1956 න් පසු සිංහල රජයේ භාෂාව කිරීම මඟින් එකද ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක් කැබිනට් මණ්ඩලයට ඇතුලත් නොවී ඇත. 1956 න් පසු බොහෝ අවස්ථා වලදී ආණ්ඩුපක‍ෂය පවා එකද ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක් නොසිටියේය.

1970 දශකයෙන් පසු තත්ත්වය[සංස්කරණය]

සිංහල දෙමළ වාර්ගික ගැටළු මතුවූ තවත් අවස්ථාවක් වන්නේ 1970 දශකයයි. 1970 දී පැවැත්වූ මැතිවරණය ඒ සඳහා විශේෂ වේ. ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය, ලංකා සම සමාජ පක‍ෂය හා ලංකා කොමියුනිස්ට් පක‍ෂය යන ආදී පක‍ෂයන්ගේ නායකත්වායන් යුත් සමගි පෙරමුණ ආසන 116 කින් යුත් 2රැ3 ක බහුතරයක් ලබාගනිමින් ජයග්‍රහණය කර ඇත. මෙයින් පසුව 1972 හඳුන්වා දෙන ලද නව ජනරජ ව්‍යවස්ථාව මඟින් ජාතික රාජ්‍ය සභාවේ සංයුතිය තුල සිටි මන්ත්‍රීවරු 157 දෙනාගෙන් 19 දෙනෙකු පමණක් දෙමළ මන්ත්‍රීවරු වූහ. දෙමළ නියෝජනය පිලිබඳ තවත් වැදගත් අවස්ථාවක් වන්නේ 1977 මැතිවරණයයි. මෙහිදී එක්සත් ජාතික පක‍ෂය 6/5ක බහුතරයක් ලබාගෙන විශාල ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ඡන්දයෙන් රටේ ජනාධිපති ලෙස ජේ. ආර්. ජයවර්ධන පත් වූ අතර පාර්ලිමේනතුවේ විපක‍ෂ නායක ධූරයට ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් පත්විය.

අමිර්තලිංගම්.gif

මෙයින් පසුව සිදුවූ තවත් වැදගත් සිදුවීමකි වර්ෂ 1983 අගෝසතු මස 03 වන දින පාර්ලිිමේන්තුව මඟින් සම්මත කරනු ලැබූ හත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එහිදී උද්ගත වූ ගැටළුව වූයේ උතුරු නැගෙනහිර ජනතාවට තමන් නියෝජනය කරන්නට මහජන නියෝජිතයින් නොමැති වීමයි. ඊට හේතුව වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උපලේඛය තුළ සඳහන් වූ දිවුරුම වූ රටේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට අදාළව කෙරෙන සියළුම කටයුතු වලින් ඉවත් වන බවට වූ ප්‍රතිඥාවයි. මෙම දිව්රුම් දීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට සහභාගි නොවී සිටීම නිසා සියල්ලන්ගේම මන්ත්‍රීධූර අහෝසි විය.

ලංකාවේ මානව අයිතිවාසිකම් කඩ වීම[සංස්කරණය]

වර්ෂ 1983 ජූලි 23 හමුදා භටයන් දහතුන් දෙනෙකු මරා දැමීමත් සෙබළු 13 දෙනාම සිංහල අය විමත් නිසා ජාතිවාදී දෙපිරිස අතර ගැටුම තව දුරටත් වර්ධනය විය. මේ සමඟ ආරම්භ වූ 1983 කළු ජූලිය ඉතාමත් බරපතල ආකාරයට මානව අයිතිවාසිකම් කඩවීම, සහ ස්ත්‍රී දූෂණ සිදුවී ඇත. අමානුෂික ලෙස සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ටිකෙන් ටික වර්ධනය විය. එම කලබල කාරී සීමාව තුළ මිනීමැරීම් 471 ක්ද, තුවාල සිදුකිරීම් 3769 ක්ද, ගිනි තැබීම් 8077 ක්ද, මංකොල්ලකෑම් 3835 ක්ද නිල වශයෙන් වාර්ථා වී ඇත. මෙහිදී අනාථ කඳවුරු වල ගොනු වී සිටි ද්‍රවිඩයන් සංඛ්‍යාව 133,000 පමණ විය. ඉන්දියාවට පළාගිය ද්‍රවිඩ සරණාගතයන්ගේ සංඛ්‍යාව 100,000 පමණ විය. ඉන්දියා සංඛ්‍යාලේඛන වලට අනුව මෙය 200,000-250,000 පමණ වේ. 1983 සර්ව පාක‍ෂික සමුළුව මඟින් ජාතිවාදී ගැටළුවට පිළියම් ලෙස බලය විමධ්‍ය ගත කිරීම පිළිබඳව එකඟත්වයකට පැමිණියද ඒ පිළිබඳව යොදා ගනු ලබන ඒකකය මතභේදයට තුඩු දෙන්නක් විය. 1985 ජූලි පැවති තිම්පු සාකච්ඡාවේද බලය විමධ්‍යගත කිරීම ප්‍රධාන ඉල්ලීම වී ඇත.

වර්ෂ 1987 ඉන්දු-ලංකා ගිවිසුම, ජාතිවාදී අරගල සඳහා ඉන්දියාව සමඟ පවත්වන මිත්‍රත්වය ඔස්සේ ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය විසඳීමට උත්සහ කරන ලදී. ගිවිසුමෙහි දෙවන වගන්තිය යටතේ නිර්දේශිත පළාත් සභා 1987 ආණ්ඩුක්‍රම වවස්ථාවට ගෙන එනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් 1987 අංක 42 දරණ පළාත්සභා පනත පිහිටුවන ලදී. මෙය එක අතකින් බණ්ඩාරණායක-චෙල්වනායගම් ගිවිසුම්, ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම් වලට වඩා බලය විමධ්‍යගත කිරීම සම්බන්ධව ප්‍රායෝගික විය. මේ ක්‍රමය යටතේ පළාත් 09 ක් පිහිටුවා 1988 මුල්ම පළාත්සභා මැතිවරණය පවත්වන ලදී. එහිදී උතුරු නැගෙනහිර පළාත් තුළ දෙමළ විමුක්ති සංවිධානයේ පළාතේ මහ ඇමති ලෙස වර්ධරාජා පෙරුමාල් පත් වි ඇත. ඔහු ඊලාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් පිහිටුවන බවට කළ ප්‍රකාශය සමඟ 1990 අංක 27 දරණ පනත මඟින් පළාත් සභාව අහෝසි කරන ලදී.

70 දශකයෙන් පසුව දෙමළ නියොජනය ව්‍යවස්ථාදායකයෙන් බැහැරවීමක් සිදුවන බව පෙනේ. එමෙන්ම 1976 පිහිටුවා ගනු ලබන දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය මඟින් ලංකාවේ දේශපාලනයට ඔහුන්ගේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බලපෑම් කිරීමට පටන්ගත්හ. වෙනම රාජ්‍ය සංකල්පය හඳුන්වාදීමට මහත් මෙහෙවරක් කළ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායකවූ අමිර්තලිංගම් 1989 ජූලි ඝාතනය කෙරින. මේ සඳහා වගකිවයුත්තා ලෙස දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සැක කරන ලදී. මේ ආකාරයට දෙමළ දේශපාලන නියෝජිතයන් ඝාතනය කිරීම මඟින් එම නියෝජිතයන්ගේ නැඟීසිටීම සඳහා බාධා මතු වේ. මේ මඟින් දෙමළ දේශපාලනයේ දියවී යාමක් මේ දශකයේ දී දක්නට ලැබේ. ජනාධිපති ජයවර්ධනගෙන් පසුව බලයට පත්වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ උතුරු-නැගෙනහිර ප්‍රශ්නය තව තවත් උත්සන්න තත්වයකට පත් වී ඇත. ඔහු මෙම ප්‍රශ්ණය හැසිරවූයේ ජේ. ආර්. ජයවර්ධනට වඩා වෙනස් ආකාරයකටය. ජනාධිපති ප්‍රේමදාස ඉන්දියාව සමඟ පසමිතුරුව මෙම ගැටළුව විසඳිය හැකි බවට විශ්වාස කර ඇත. නමුත් ජේ. ආර්. නිතරම ඉන්දියාව සමඟ මිතුරුව මෙම ගැටළුව විසඳීමට උත්සහ ගත් අයෙක් විය. කොටි සංවිධානය පාලනය කිරීම සඳහා ජේ. ආර්. ගෙන්වන ලද ඉන්දීය සාමසාධක හමුදාවට 1989 දී ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට ප්‍රේමදාස අණදුන් පසු ඔවුන් මෙරටින් පිටවීමත් සමඟ දෙවන ඊලාම් යුද්ධය 1990 ජුනි. මස නැගෙනහිර පළාතේ මඩකලපුව ප්‍රදේශයෙන් පටන් ගැනුනි. මෙයින් පසු ඝාතන රුසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කිරීමට සමත් වූහ. ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි, හිටපු යුධ හමුදාපති ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ තවත් හමුදාවේ ප්‍රධාන නිලධාරීන් රැසක් මේ ඝාතන රැල්ලට හසු විය. 1993 හිටපු ජාතික ආරක‍ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි ද එම වසරේම මැයි 01 වන දින ප්‍රේමදාස ජනාධිපතිද මරාගෙන මරෙන බෝමබ කරුවකුගේ ප්‍රහාරයකින් මරණයට පත් වූහ.

මෙම ඝාතන සංස්කෘතියත් සමඟ ලංකාවේ ජාතීන් අතර සාමය බොහෝ දුර බව ලාංකිකයින්ට පෙනුනි. ප්‍රේමදාස ඝාතනයෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපති වශයෙන් ඩී. බී. විජේතුංග පත් වූ අතර ඔහු සාම ප්‍රයත්නය පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වන ලදී. මේ වන විට එක්සත් ජාතික පක‍ෂයෙන් 17 වසරක පාලනයක් පැවතීම නිසා නව නායකත්වයක අවශ්‍යතාවය ජනතාව තුල මතුවෙමින් තිබුණ බව ඇතැමුන්ගේ අදහසයි.

1994 වන විට ශ්‍රී ලංකාවේ පක්‍ෂ අතර දේශපාලනය[සංස්කරණය]

1994 වර්ෂයේ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක‍ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල මූලික සංකල්පය වී ඇත්තේ යුද්ධය හමාර කර ගැනීම සඳහා ඔවුන්ගේ ඉදිරි දැක්මයි. ජනතා විමුක්ති පෙරමුණ 1994 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ හැටියටයි. මෙහිදී සුළු ජාතීන්ට ස්වයං පාලන බලතල ලබා දෙන බවට මැතිවරණ පොරොන්දු ලබා දෙමින් යුද්ධය හමාර කිරීමට දේශපාලන විසඳුම් සඳහා සිය නායකත්වය පෙනී සිටින බව ප්‍රකාශ කලහ. මේ ආකාරයට 1994 වන විට දේශපාලන වේදිකාව මත සාමය ඇතිකිරීම සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් තරඟවදින අපේක‍ෂකයන් දැක ගත හැකි විය. 1994 නොවැම්බර් පැවති ජනාධිපතිවරණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 62.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජනාධිපති ධූරයට පත් වූවාය. යුද්ධය සඳහා විසඳුම් දෙන බවට පොරොන්දු දුන් ඇයටද සාම මෙහෙවර සඳහා වෙහෙස වන්නට සිදුවිය. ඒ සඳහා ඇයට පාර්ලිමේන්තුව තුළ දේශපාලන සහ නෛතික බුද්ධිමත්භාවයක් ඇති නියෝජිතයෙක් අවශ්‍ය වීම සාධාරණ කාලීන අවශ්‍යතාවයක් ලෙස පෙන්වා දිය හැකිය. ඉහත දැක්වූ ආකාරයට ජාතික ලැයිස්තුවෙන් පත්වීමට මේ සඳහා සුදුස්සා වූයේ ලක්‍ෂමන් කදිර්ගාමර්ය.

ඉහත දක්වන ලද දේශපාලන ඉතිහාසය තුළ දෙමළ නියෝජනය දේශපාලනයේ පරිවාරයට සීමා වීමක් සිදු වන මොහොතක ලක්‍ෂමන් කදිර්ගාමර් වැනි දෙමළ නියොජිතයෙක් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සඳහා සහභාගිකර ගැනීම වැදගත් අවස්ථාවකි. විශේෂයෙන් ජාතිවාදී වශයෙන් දෙමළ අයගේ අයිතිවාසිකම් රජය විසින් පැහැර හැර ඇතැයි යන මතය දෙමළ ජනතාව අතර පවතින මොහොතක දෙමළ නියෝජිතයෙක් මේ ආකාරයට දේශපාලනයට සම්බන්ධ කර ගැනීම එම තර්කය බිඳ හෙලීමක් ලෙස දැකිය හැකිය. සාම ප්‍රයත්නය සඳහා මැතිවරණ පොරොන්දු දීම, ලක්‍ෂමන් කදිර්ගාමර් සිදු නොකල නිසා ඔහුට මෙම කාර්ය සඳහා නව ප්‍රවේශයකින් අවතීර්ණ වන්නට හැකි විය. ඒ සමඟ ඔහුට විදේශ කටයුතු අමාත්‍ය ධූරය ලබාදීමත්, ඒ වන විටත් ඔහු විසින් නිර්මාණය කරගෙන තිබූ ජාත්‍යන්තර සබඳතා ජාලයත් මෙම කර්තව්‍ය පහසු කිරීම සඳහා ඔහුට වැදගත් වන්නට ඇති බව පෙනේ. ලංකාවේ දෙමළ නියෝජනය දේශපාලනයේ පරිවාරයට යාම පිළිබඳව දෙමළ අයට තිබූ සවිඥානය වෙනස් කිරිම සඳහා කදිර්ගාමර්ගේ මෙම පත් කිරීම හේතුවන්නට ඇත. මේ අනුව පැහැදිලි වන්නේ, ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනඥයෙක් වශයෙන් ලංකාවේ දේශපාලනය තුළ වැදගත් වීම සඳහා දෙමළ නියෝජනය පිළිබඳ ඉතිහාසය බාහිර වශයෙන් බලපෑම් කළ බව කිව හැකිය. අනෙක් අතට ඔහුගේ දැනුවත් භාවය ජාතික හා ජාත්‍යන්තරව පැවති සබඳතා ජාලය නීතිය පිළිබඳව තිබූ විශේෂඥ ඥානය ව්‍යවස්ථාදායක කි්‍රයාවලිය තුළ ප්‍රබල භූමිකාවක් ගෙඩනඟා ගැනීමට බාහිර ලෙස ඔහුට බලපෑම් කර ඇත. ශ්‍රී ලංකාවේ ගැටලූ සම්බන්ධව ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව තිබු ඉදිරි දැක්ම සහ මැදිහත් ව්ම වසර 1994 දී දේශපාලනයට ප්‍රව්ශ්ඨ වු ලක්‍ෂමන් කදිර්ගාමර් ඒ වන ව්ට වඩා වැදගත් මාවතක් ලෙස පෙනී ගිය ව්දේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් වී ඇත. මෙම අමාත්‍ය ධුරය විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තරය අතර සබඳතාවය පවත්වන එක් මාධ්‍යයක් ලෙස හඳුනාගත හැකිය. මේ නිසා මෙම අමාත්‍ය ධුරයට පැවරෙන කාර්යය භාර්ය සුළුපටු නොවන්නකි.

ශ්‍රී ලංකාවේ ගැටලූ සම්බන්ධව ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව තිබු ඉදිරි දැක්ම සහ මැදිහත් ව්ම[සංස්කරණය]

ඇමරිකා සබඳතා.jpg

වසර 1994 දී දේශපාලනයට ප්‍රව්ශ්ඨ වු ලක්‍ෂමන් කදිර්ගාමර් ඒ වන ව්ට වඩා වැදගත් මාවතක් ලෙස පෙනී ගිය ව්දේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් වී ඇත. මෙම අමාත්‍ය ධුරය විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තරය අතර සබඳතාවය පවත්වන එක් මාධ්‍යයක් ලෙස හඳුනාගත හැකිය. මේ නිසා මෙම අමාත්‍ය ධුරයට පැවරෙන කාර්යය භාර්ය සුළුපටු නොවන්නකි. 1994 වන ව්ට ලංකාවේ පැවති ප්‍රධානතම ගැටලූව වු ජනවාර්ගික ගැටලූව සම්බන්ධව ජාතික හා ජාත්‍යන්තර ප්‍රවේශයන් ගණනාවක් ගැනීමට මෙම අමාත්‍ය ධුරය ඔස්සේ කළ හැකි වු බව ලක්‍ෂමන් කදිර්ගාමර්ට වැටහුන නිසා මෙම මාවත තෝරා ගන්නට ඇත. ඔහු සතුව තිබු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ව්ශේෂඥ දැනුම ඊට හේතු වන්නට ඇත. ඒ වන ව්ට ලංකාවේ තිබු ගැටලූ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා, පිළියම් සහ ඉදිරි දැක්ම මොනවාදැයි යන්න මෙහිදි සොයා බැලීම වැදගත් වේ. වසර 1994 වන ව්ට ලංකාවේ තිබු ගැටලූ හා අභියෝග ඉහත සඳහන් විය. 1994 වන ව්ට ශ්‍රි ලංකාව අභියෝග රැසකට මුහුණපා සිටි බව පෙනුනි. ඒවා මුලික වශයෙන් දේශපාලන අභියෝග ලෙස යමෙකුට පෙනුන නමුත් ඇතැම් ව්ට ඒවා රටේ සංවර්ධනය සම්බන්ධව, ආර්ථිකය සම්බන්ධව හා රටේ ජනතාව සම්බන්ධව බලපාන ලද ඒවා වුහ. මේ නිසා මෙම අභියෝග දේශපාලන මෙන්ම සමාජ හා ආර්ථික වශයෙන් ද දැකිය හැකිය. ලක්‍ෂමන් කදිර්ගාමර් ලංකාවේ තිබු ව්ව්ධ ගැටලූ සම්බන්ධයෙන් මැදිහත් ව් ඇත. උදාහරණ වශයෙන් ජනවාර්ගික ගැටලූව උදෙසා සාම ක්‍රියාදාමය,සිවිල් යුද්ධය ලංකාවේ සාමය වෙනුවෙන් නෝර්වේ සාම නියෝජිතයන්ගේ මැදිහත් වීම, සටන් විරාම ගිවිසුම පිළිබඳව, සුනාමි සහන මණ්ඩලය, සුදු නෙළුම් ව්‍යාපාරය සහ ඉන්දියාව හා ලංකාව අතර පවතින සම්බනධතා පිළිබඳ සිය මැදිහත් ව්ම දැක්ව්ය හැකිය.

ලංකාවේ ජනවාර්ගික ගැටලූව සම්බන්ධව ඔහු තුල තිබු ආකල්පය[සංස්කරණය]

වසර 1994 අගෝස්තු 25 වන දින ලක්‍ෂමන් කදිර්ගාමර් පළමු වරට පාර්ලිමේන්තුවට සහභාගි වෙම්න් පවසා ඇත්තේ රටේ පවතින ආරවුල් වලට සාමය ඇති කිරිමට උත්සහ කල යුතු බවයි. එහිදී මෙම වාර්ගික ගැටලූව ව්සඳීමට ව්ව්ධ ව්සඳුම් පවතින බවත්, ගැටුමකින් තොරව සාමකාම් ව්සඳුමක් ලබාගැනීමත් ඔහු අරමුණු කර ඇත. මේ අනුව පෙනෙන කරුණක් වන්නේ ඔහු දේශපාලනයට ප්‍රව්ශ්ට ව් ඇත්තේ පවතින ජනවාර්ගික ගැටලූවට සාමකාම් ව්සඳුමක් ලබා දීම සඳහා බවයි. ව්ශේෂයෙන් ඔහුගේ අදහස වුයේ ජනවාර්ගික යන වචනය පසු පසට දැම්ය යුතු බවයි. කළු ජුලිය වකවානුවේ ද සිංහල පවුල් බහුතරයක් දෙමළ පවුල් ආරක්‍ෂා කළ ආකාරයත්, නිදහස ලැබිම සඳහා කළ සටනේ දී දෙමළ සාමාජිකයන් ද එහි ප්‍රමුඛත්මයක් ගෙන තිබු නිසාත් වාර්ගිකත්වය ලංකාව තුළ දක්නට නොලැඛෙන බව ඔහුගේ අදහසයි. විශේෂයෙන් එවකට ජනාධ්පති චන්ද්‍රිකා කුමාරතුංගගේ අදහසට අනුව ද්‍රව්ඩ සුළු ජාතීයේ සාධාරණ දුක් ගැනව්ල්ලි සඳහාද දේශපාලන ව්සඳුමක් ලබා දීම පිළිබඳ ඉතාමත් පැහැදීමකින් සිටි බව පෙනේ. ම්ට හේතුවන්නට ඇත්තේ ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනයට ප්‍රවේශ ව්මට ප්‍රථම ද ඔහු මෙම අදහස් දැරීම විය හැකිය. හිටපු ජනාධ්පති චන්ද්‍රිකා කුමාරතුංග ගේ හැට වන උපන් දිනයට ප්‍රශංසාවක් ලෙස ලක්‍ෂමන් කදිර්ගාමර් කරන ලද කතාව "සාමය සඳහා නිර්භීත කම” මාතෘකා කර ගෙන ඇත. මෙම ජනාධ්පතිනියගේ යුගය සාමය සඳහා අලූත් ආරම්භයක් බව ඔහු එහිදී දක්වා ඇත. ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනඥයන් අතර වෙනස් තැනැත්තෙක් ලෙස හඳුනාගත හැක්කේ ඔහු ජාතික ලැයිස්තුවෙන් පත් ව්ම නිසාය. මන්ද ඡන්දයෙන් පත් වන අනෙක් පාර්ලිමේන්තු සාමාජිකයන්ට මෙන් ඡන්ද පොරොන්දු ඉටු කිරිම වැනි දේවල් මොහුට කිරීමට නොතිබිමයි. මේ නිසා ඔහු ජනාධිපතිනියගේ අදහස තව තවත් වර්ධිත මටිටමකට ගෙන ඒම සඳහා තමන් සතු නීතිමය ඥානය සහ ව්දේශ සබඳතා පිළිබඳ දැනුම මඟින් ඊට සහය දක්වා ඇත. සාම ක්‍රියාදාමය පිළිබඳව නිතරම කතා කල ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහස වුයේ දෙපාර්ශ්වයට එක හා සමානව රට ඛෙදිමකින තොරව දේශපාලන ව්සඳුමකින් සාමය ලඟා කරගත හැකි බවයි. ඒකීය ලංකාවක් තුළ සාම ක්‍රීයාදාමය සිදු ව්ය යුතු බව ලක්‍ෂමන් කදිර්ගාමර් ගේ අදහස ව් ඇත.

සාම ක්‍රියාදාමය ඔස්සේ ඔහු කතාබහට ලක් කල තවත් කරුණක් වන්නේ ප්‍රජාතාන්ත්‍රවාදී මානව අයිතීන් පිළිබඳවයි. ඔහු ඍජුවම සහ පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ ලංකාව තුළ සුළු ජාතීන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත වන බවයි. ඔහු එසේ ප්‍රකාශ කිරිමට හේතුව ලෙස දක්වන්නේ ‘දෙමළ ජන වර්ගයට’ අයත්ව ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබා මධ්‍ය දේශපාලනය තුළ ව්දේශ අමාත්‍ය ධුරය දරණ බැව්නි. තවද ඔහු කුලය, ජාතිය, ජනවර්ගය පිළිබඳව සැලකීමක් නොදක්වන ලදි. ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ විශ්වාසය වුයේ ප්‍රශ්ණ පිළිබඳව කතා කිරිමේ දි එය සිංහල හෝ දෙමළ ප්‍රශ්ණ ලෙස නොව එය පොදුවේ කතා කළ යුතු බවයි. ‍රටේ තිඛෙන මතයක් වු උතුරු නැගෙනහිර පළාත් ඒ ප්‍රදේශ වල සිටින ජනතාවගේ බව ලක්‍ෂමන් කදිර්ගාමර් ප්‍රතික්‍ෂෙප කර ඇත. මේ පිළිබඳම ඔහුගේ අදහස ව් ඇත්තේ සියලූ ජන කොටස් වල අයිතීන් නිදහස හා ආරක්‍ෂාව රටේ සියලූ තැනකදීම රජය විසින් ආරක්‍ෂා කර දිය යුතු බවයි. ලක්‍ෂමන් කදිර්ගාමර් නීතිඥ වරයෙකු මෙන්ම රජයේ සාම නිලධාරයෙකු වශයෙන් සුව්ශේෂී ක්‍රමවේදයක් හඳුන්වාදී ඇත. එය ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇත්තේ පහත පරද්දෙනි.

  1. රටේ ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර තලයේ අනුගමනය කල යුතු ඉදිරි උපාය මාර්ග ගවේශනය කිරීම.
  2. රටේ ජාතික ගැටලූව ව්සඳීම සඳහා තුළනාත්මක වු ද සාධාරණ වූද ප්‍රවේශයක් හඳුන්වා දීමයි.
  3. රටේ ජාතික අභිලාසයන් සාධනය කර ගැනීමටත් රටේ ප්‍රතිරූපය නංවා ලීමටත් අවශ්‍ය ශක්තිමත් ව්දේශ ප්‍රතිපත්තියක් ඇති කරලීමයි.


මේ අනුව රටේ සාම ක්‍රියාදිමය සම්බන්ධව ඔහුගේ ක්‍රමවේදය ද්ව්ත්වාකාර සහ ක්‍රමානුකූල වු බව පැහැදිලි වේ. සාම ක්‍රියාදාමය පිළිබඳ දේශපාලනික වශයෙන් පිළියම් සෙව්ම අතරවාරයේ යුද්ධය නිසා සාමාන්‍ය ජනතාවගේ ජන ජීව්තය අඩාල ව්ම මත අසරණ ඔවුන්ට සහන සැලැස්ව්මට පියවර ගැනීම ව්ශේෂත්වයකි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල වාසය කරන දෙමළ ජනයා යුද්ධයෙන් වැඩි වශයෙන් අසාධාරණයට පත් වන ජන කොටසක් ලෙස හඳුනාගත් ලක්‍ෂමන් කදිර්ගාමර් යුද්ධයේ කුරිරු බව, මරණය, දේපළ හානි සිදු ව්ම නිසා මානවහිම්කම් පිළබඳව ආරක්‍ෂක සේවයේ නියුක්ත වුවන් දැනුවත්කිරීමත්, අතුරුදහන් වුවන් පිළිබඳව සොයා බැලීමට කොම්සම් පත් කිරීමටත් මුලික ව් ක්‍රියකර ඇත. ජාතික හා මානව හිම්කම් කොම්සමක් පිහිටු ව්ම සඳහා පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම ඊට නිදසුනක් ලෙස ඉදිරිපත් කළ හැකිය.සාම ක්‍රියාදාමය සඳහා ජාත්‍යයන්තර වශයෙන් අවධානය දිනා ගැනීමට ලක්‍ෂමන් කදිර්ගාමර් ක්‍රියා කල අයෙකි. ඔහුගේ අදහස වුයේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කොටි ත්‍රසිතවාදීන්ට ව්රුද්ධව ආඥාවක් නිතුත් කල යුතු බවයි. මෙම ක්‍රියාදාමය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ අදහස් හා සහයෝගය ඉතාම වැදගත් සාධකයක් බව ලක්‍ෂමන් කදිර්ගාමර් දැඩිසේ විශ්වාස කළ අයෙකි. පෙර සඳහන් කල පරිදි 1994 වන ව්ට ජාත්‍යන්තරය තුළ ලංකාවේ ප්‍රතිරූපය එතරම් යහපත් වුවක් නොවේ. තවද එල්. ටි. ටි. ඊ සංවිධානය ප්‍රකාශ කළ පරිදි ද්‍රව්ඩ ජනයාට ඇති එකම සහනය වෙනම රාජ්‍යයක් පිහිටුව්ම බව මේ වන ව්ට ජාත්‍යන්තර ප්‍රජාවගේ අදහස වී තිබුණි. එම නිසා මෙම මතයන් දුර්මතයන් බවට පත්කිරිම සඳහා ලක්‍ෂමන් කදිර්ගාමර් රටින් රට ගොස් ව්ව්ධ සංව්ධාන සමඟ සාකචිඡා කොට එල්. ටි. ටි. ඊ සංව්ධානය පවසන තරම් සාධාරණ අදහස් ඇති සංව්ධනයක් නොවන බව ඔප්පු කර ඇත.

ලක්‍ෂමන් කදිර්ගාමර් සාමය උදාකර ගෑනිම සඳහා ඔහු සතු ජාත්‍යන්තර නීතිය පිළිබඳ දැනුම යොදා ගෙන ඇති අතර රටේ පරමාධිපත්‍ය බලයට සියලූ ජන කොටස් හවුල් කර ගනිම්න් නව නුතනවාදී රාජ්‍යයක් නිර්මාණය කරගන්නේ කෙසේද යන්න අලූත් ප්‍රායෝගික දැනුමක් නිර්මානය කර ඇත. මේ නිසා ශ්‍රී ලංකාමට සාමය උදාකර ගැනීම සඳහා යා යුතු මඟ පිළිබඳව ඔහු සතුව තිබු දැක්ම සහ ඒ සඳහා ඔහු ගෙනගිය නොපසුබස්නා අරගලය නිසා ඔහු දැවැන්ත දේශපාලනඥයක් ලෙස ගෙඩනැඟෙන්නට ඇත. නීලන් තිරුචිල්වම් ගේ අදහස් බොහෝ සෙයින් ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ සාම ක්‍රියාදාමය සඳහා බලපාන ලද බැව් පෙනේ. තිරුචිල්වම් පිළිබඳව අදහස් දක්වන ලද අවස්ථාවක දී කදිර්ගාමර් ප්‍රකාශ කර ඇත්තේ රජයේ උසස් තලයේ කාර්යාලයේ සහ අමාත්‍යංශයේ වැඩ කිරීමේ දී නිලන් ගේ අවවාද නිල නොවන මටිටම්න් ඔහුට වැදගත් වු බවයි. ව්ශේෂයෙන් තිරුව්ල්වම් ද ආරක්‍ෂාවක් ඇති දෙමළ ප්‍රජාවක් සිටින සුරක්‍ෂිත ඒකීය ලංකාවක් ව්ශ්වාස කර ඇත. ඛෙදුම්වාදයෙන් සාමය උදාකරගත නොහැකි බව ලක්‍ෂමන් කදිර්ගාමර් ද ව්ශ්වාස කර ඇත. එපමණක් නොව බලය ඛෙදීමේ ඒකකයක් වශයෙන් උතුරු නැගෙනහිර දෙමළ පළාත් දෙක සහමුලින් එක් ඒකකයකට ඒකරාශී කිරිම බරපතළ වරදක් බවද තිරුචිල්වම් මෙන්ම ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ද ව්ශ්වාසය ව් ඇත. මේ අනුව පැහැදිලි වන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහස් වෙත තිරුචිල්වම් ගේ අදහස් ද බලපාන්නට ඇති බවයි. ලංකාවේ සාම ක්‍රියාදාමය සම්බන්ධව ලක්‍ෂමන් කදිර්ගාමර් අදහස් මඟින් මධ්‍ය දේශපාලනය තුළ වැදගත් කාර්යය භාර්යක් කිරිමට හැකිව්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළබඳ ලක්‍ෂමන් කදිර්ගාමර් දැක්වු අදහස්[සංස්කරණය]

ජනවාර්ගික අර්බුදය නිමා කිරිමට හෝ එල්. ටි. ටි. ඊ සංව්ධානය පරාජය කිරීම යුධ අවි බලයෙන් කළ නොහැක්කක් බව තරයේ ව්ශ්වාස කළ ලක්‍ෂමන් කදිර්ගාමර් ඒ සඳහා දේශපාලන ව්සඳුමක අවශ්‍යතාවය අවධාරණය කර ඇත. ඒ අනුව උතුරු නැගෙනහිර දෙමළ ජනයා සඳහා දේශපාලනමය හා පරිපාලනමය වශයෙන් ස්වධින බවක් ලබා දිය යුතු බවට ඔහු යෝජනා කර ඇත. ජනවාර්ගික ප්‍රශ්නය ව්සඳීමේ අරමුණින් වසර 2000 දී පොදු පෙරමුණ රජය නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන ලදි. මේ පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහස වුයේ මෙම ජනවාර්ගික ප්‍රශ්නය ව්සඳීමේ උත්සහය අසාර්ථක වුවද ඒ මඟින් එම පක්‍ෂයේ කැප ව්ම හා අරමුණ පැහැදිලි වු අතර ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන ව්සඳුමක් ලබා ගැනීමේ සංවාදය ද නව වටයකට ප්‍රවේශ වු බවයි. ඇතැම් අවස්ථාවන්හිදී පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයේ සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් ඵලකරන ලදි. මේ වෑයම ත්‍රස්තවාදීන්ට හිතවාදී මාර්ගයක් බව ඔවුන්ගේ අදහස ව්ය. එහෙත් එම අදහස් පොදු පෙරමුණේ නිල ස්ථාවරය නොවන බව ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහසයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ ව්‍යුහයක් තුළ මෙවැනි අදහස් මතු ව්ම ස්වාභාවිකය. නමුත් ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහස් වුයේ මෙවැනි වාතාවරණයක් තුළදී වඩාත් වැදගත් වන්නේ නායකත්වයක් සහ නිල ප්‍රකාශනයන් නිකුත් කරන සිය පක්‍ෂයේ නිල ස්ථාවරයයි. මේ අකාරයට ලක්‍ෂමන් කදිර්ගාමර් එවකට පොදු පෙරමුණු පක්‍ෂයේ ජනවාර්ගික අර්බුදය පිළිබර්ව ස්ථාවරය පැහැදිලි කිරීමට ඉදිරිපත් ව් ඇති අතර 2000 ඉදිරිපත් වු ව්‍යවස්ථාව සම්බන්ධව කටයුතු කළ ප්‍රබල පුද්ගලයෙක් බවට පත් ව ඇත. මේ මඟින් ද පැහැදිලි වන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර් ලාංකීය දේශපාලන ධාරාව තුළ ප්‍රබල දේශපාලනඥයෙකු බවට පත් ව් ඇති බවයි.

ලංකාවේ සටන් ව්රාම ගිව්සුම[සංස්කරණය]

වසර 1995 ජනවාරි ඇතිකර ගන්නා ලද සටන් ව්රාම ගිව්සුම ආරම්භයේ දී ගත් වැදගත් පියවරක් ලෙස හඳුනාගත හැකිය. මෙහිදී නෛතික අතින් වැදගත් බුද්ධිමය මැදිහත් ව්මක් ලක්‍ෂමන් කදිර්ගාමර් සිදු කොට ඇත. ශ්‍රි ලංකා ආණ්ඩුව හා දෙමළ ඊළම් ව්මුක්ති කොටි සංව්ධානය ව්සින් නිශ්චිත කාල පරිචිඡේදයක් සඳහා එදිරිවාදිකම් අත්හිටු ව්ම පිණිස එකඟතාවයක් පළකර ඇත. ව්ශේෂයෙන් සටන් ව්රාම ගිව්සුම සකස් කිරීමේ දී රෙටි ස්වෛරී භාවයට අහිතකර ව්ය හැකි එහි බොහෝ වගන්ති පිළිබඳ පැහැදිලි කර ඇත්තේ ලක්‍ෂමන් කදිර්ගාමර් ය. මෙයින් පසු සාමය සඳහා ඇති වු තවත් ගිව්සුමක් වන්නේ වසර 1997 දී ඇති කරගත් ලියුම් පොක්ස් ගිව්සුමයි. ජනවාර්ගික ප්‍රශ්ණය ව්සඳීම පිළිබඳව මෙහිදී ඉදිරිපත් වු අදහසක් වන්නේ ශ්‍රි ලංකාවේ උදාව් රෙටි ජනතාවගේ සංවර්ධනයට දියුණුවක් හා සෞභාග්‍යයට මෙම ගිව්සුම හේතුවන බව ගිව්සුමේ දෙපාර්ශ්වය වු බ්‍රිතාන්‍ය සහකාර අමාත්‍යවරයෙක් වු ලියුම් පොක්ස් ගේ මැදිහත් ව්මෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා ව්පක්‍ෂනායක රනිල් ව්ක්‍රමසිංහ යන දෙදෙනාම තේරුම්ගත යුතු බවයි. මෙහිදී ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහස වුයේ අප රටේ පවතින ජනවාර්ගික ගැටලූව ව්සඳීමට පොදු ද්ව්පාර්ශ්ව්ක ප්‍රවේශයක් හා පක්‍ෂ සම්ම්ශ්‍රණ ප්‍රවේශයක් ඇතිකර ගැනීමේ අදහසින් ජනාධිපතිනිය හා ව්රුද්ධ පක්‍ෂයේ නායකතුමා ව්සින් යොදාගන්නා ලද මෙම පිළිවෙත් යහපත් ක්‍රියාවක් බවයි. නමුත් මෙම ගිවිසුම සාර්ථක නොවු අතර ගිව්සුමට සමාන්තරව යුද්ධය ද පැවතීම ඊට හේතුයි. ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ලංකාව සම්බන්ධව ඉදිරි දැක්ම පිළිබඳව සොයා බැලීමේ දී මෙම ගිව්සුම් තුළින් පැහැදිලි වන්නේ ගිව්සුම් ඇතිකර ගැනීමේදී සහ ක්‍රියාත්මක ව්මේ දි අවශ්‍ය දේශපාලන හා නෛතික මැදිහත් වීම ලක්‍ෂමන් කදිර්ගාමර් විසින් සිදු කර ඇති බවයි.


නොර්වේ සාම නියෝජිතයින්ගේ මැදිහත් ව්ම පිළබඳ ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ඉදිරි දැක්ම[සංස්කරණය]

නෝර්වේ රාජ්‍යය ලංකාවේ සාම නියෝජිතයන් ලෙස සටන් විරාම ගිව්සුමට සම්බන්ධ ව්ම පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව අදහස් තිබුණි. නෝර්වේ රාජ්‍යයේ කාර්යය භාර්ය පිළිබඳ විවෘත ඇසකින් බලා ඒ පිළිබඳව විග්‍රහ කිරීමට ලක්‍ෂමන් කදිර්ගාමර් ඉදිරිපත් ව් ඇත. මේ පිළිබඳ ඔහුගේ අදහස වුයේ සාම ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බවටත් එල් ටි ටි ඊ සංවිධානය සාකචිඡා අරබනු ඇති බවටත් මා සුබවාදී. තවමත් වෙන් වෙනම ක්‍රියාත්මක වන සටන් ව්රාමය නිල ගිව්සුමක් බවට පත්වනු ඇතැයි ද ව්දේශික නිරික්‍ෂකයන් ද ඊට ඇතුලත් වනු ඇතැයි ද මා උනන්දුවෙන් අපේක්‍ෂා කරනවා” ව්ශේෂයෙන් ඔහු මාස තුනක් පමණ නොර්වේ රාජ්‍යය සමඟ රහසිගතව සාකචිඡා පැවැත්ව්මේ ප්‍රතිඵලයක් ලෙස උතුරු නැගෙනහිර ප්‍රශ්ණය ව්සඳීමට ඉදිරිපත් ව් ඇත. එමෙන්ම නෝර්වේ සාම නියෝජිතයින්ගෙන් තමන් අපේක්‍ෂ කරන්නේ රජය හා එල් ටි ටි ඊ සංව්ධානය සාම සාකචිඡා මේසයට ගෙන ඒමට පහසුකම් සැලසීමක් පමණක් බව අවධාරණය කළ හෙතෙම එහි ක්‍රියාවන් සම්බන්ධයෙන් සෑම ව්ටම අවධානයෙන් සිට ඇත. මෙම වගකීම ව්පක්‍ෂයට යාමෙන් පසුව ද අත් නොහල හෙතෙම පසු කාලීනව ඔවුන් තම කාර්යය අභිබවා යන ව්ට ව්වෙචනය කිරීමට ද සිදු කර ඇත. නොර්වේ සාම නියෝජිතයන් අභිබවා ලංකාවට පැම්ණියේ සාම ක්‍රියාවලියට ආධාර කරන්නන් ලෙසිනි. ඊලඟට ඔවුන් මැදිහත් කරුවන්ගේ භූම්කාව දක්වා ඇත. දැන් ඔවුන් ඒ තත්ත්වය පසුකරමින් සාම ක්‍රියාවලිය තුළ බේරුම්කරුවන් බවට පත්ව තිඛෙනවා” ඒ අනුව පෙනෙන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර් රෙටි දැවැන්ත ප්‍රශ්ණයක් ව්සඳීම සඳහා ජාත්‍යන්තර මැදිහත්ව්මකට ඉඩ ප්‍රස්ථා සලසා දුනන ද රටට අවැඩක් ඒ තුළින් සිදුවන්නේ ද හෝ නොවන්නේ ද යන්න ගැටලූව සම්බන්ධව ඔවුන් දක්වන අනුග්‍රහය පිළිබඳව අවධානයෙන් සිටි බවයි. නෝර්වේ සාම නියෝජිතයින්ගේ කාර්්‍යය භාර්ය පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමර් දක්වා ඇත්තේ අයිතිවාසිකම් උසස් කිරීමට හා සාමය නිර්මාණය කිරීමට ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිසංස්කරණය කළ යුතු ක්‍රමයක් නිර්මාණය කළ යුතු බව ඔවුන්ගේන් අපේක්‍ෂිත අරමුණ වන බවයි. ඔහු වැදගත් දායකත්වයක් දරණ ලද කාර්යන් අතර මෙම සාම නියෝජිතයන්ගේ මැදිහත් ව්ම පිළබඳ මධ්‍ය දේශපාලනය තුළ නියෝජනය කරන්නන් දැනුවත් කිරිමේ කාර්ය ඔහු සතුව පැවැතී කාර්යන් අතර වැදගත් වේ. මේ නිසා ඔහු මධ්‍ය දේශපාලන තලය තුළ දැවැන්තයෙක් ලෙස නිර්මාණය වී ඇති බව කිව හැකිය.

ශ්‍රී ලංකා සබඳතා.jpg

අන්තර් පාලන යෝජනා පිළිබඳ ලක්‍ෂමන් කදිර්ගාමර් දැරූ අදහස්[සංස්කරණය]

දේශපාලනය තළ ජනවාර්ගික අර්බුදය ව්සඳම සඳහා යෝජනා වු සෑම යෝජනාවක් සඳහාම ඔහු අමාත්‍ය ධුරය දරණ ලද කාලය තුළ මැදිහත් ව් ඇත. එල් ටි ටි ඊ සංව්ධානය 2003 සාම කතාබහෙන් ඉවත් ව්මත් සමඟ 2003 ජුලි අන්තර් පාලන යෝජනාවලියක් සකස් කර රජයට බාර දෙන ලදි. නමුත් මේ යෝජනාවලිය පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමගේ දැක්ම වුයේ එල් ටි ටි ඊ යේ අන්තර්වාර ස්වයං පාලන අධිකාරිය පිළිබඳ යෝජනාව ඊළාම් රාජ්‍යය සඳහා පිඹුරු පතක් වන බවයි. එමෙන්ම ම්ට සමකාලීනව මේ පිළිබඳ ඇති වු මතයක් ව් ඇත්තේ මෙම අන්තර්පාලන ස්වයං පාලන අධිකාරිය රට ඛෙදීමක් හෝ පාවා දීමක් වශයෙනි. නිසැකයෙන්ම මෙම ඉල්ලීම වෙනම රාජ්‍යයකට අත්තිවාරම් දිම්මක් බව දක්වා ඇත. අන්තර් පාලන ස්වයං අධිකාරිය පිළබඳ මෙම සමස්ථ කරුණු ගෙන බැලීමේ දී පෙනෙන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර් ඒ පිළීබඳව ඉතා දැඩි අවධානයෙන් සිට එහි අවධානම් සහගත බව වටහා දීමට සමත් වුවෙක් බවයි. මේ නිසා ඔහු අන්තර්පාලන ස්වයං අධිකාරිය පිළිබඳ රජයට උපදෙස් දීම ඒ සම්බන්ධව කරුණු වටහා දීම මඟින් සාම ක්‍රියාදාමය සඳහා සක්‍රීයව දායක වී ඇති බව කිව හැකිය.

සුනාම් සහන මණ්ඩලය පිළිබඳ ලක්‍ෂමන් කදිර්ගාමර් ගේ ආකල්පය[සංස්කරණය]

වසර 2004 දෙසැම්බර් 26 වන දින හට ගත් සුනාම් ඛේදවාචකයේ තවත් ප්‍රතිඵලයක් වන්නේ අන්තර් පාලනය පිළිබඳ යෝජනාවයි. සුනාම්ය පැම්ණි පසුව ව්ව්ධ රටවල් උදව් උපකාර ලංකාවට කිරීමට ඉදිරිපත් වුහ. ඒ අතර ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංව්ධානය සහ ලෝක මහ බැංකුව එහි ප්‍රධාන තැනක් ගනි. ලෝක බැංකුවේ හානි තක්සේරුවට අනුව සුනාම්යෙන් වැඩිම හානි සිදු ව් ඇත්තේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට බවයි. මේ නිසා ඇමෙරිකවේ ජනාධිපතිගේ අදහස වුයේ සුනාම් සහන ඒකාබද්ධ යාන්ත්‍රණයක් ලංකාවේ ස්ථාපිත කල යුතු බවයි. මෙයට ව්රුද්ධව ජනතා පෙළපාළි රාශියක් ඊට සමකාලීනව ලංකාවේ දැක ගත හැකි ව්ය. මෙහිදී ලක්‍ෂමන් කදිර්ගාමර් සුනාම් සහන මණ්ඩලයක අවශ්‍යතාවය පෙන්වා දෙන අතරම එහි වු ඇතැම් අඩුපාඩුකම් ද පෙන්වා දීමට සමත් ව් ඇත. එමෙන්ම මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය මඟින් ජනවාර්ගික ගැටලූවට සාමයක් උදාකරගැනීමට යාම පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමර් නොසතුට පළ කර ඇත. දේශපාලලය තුළ මෙම සාමය ම්ත්‍යාවක් බව පවසම්න් ඒ පිළිබඳව අනාගත දිශානතීන් උදාකරගැනීමට යාම පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමර් නොසතුට පළ කර ඇත. දේශපාලනය තුළ මෙම සාමය ම්ත්‍යාවක් බව පවසම්න් ඒ පිළිබඳව අනාගත දිශානතීන් ගැන ඔහු සව්ඥානිකව සිට ඇත. ව්ශේෂයෙන් රජය තුළම කොන්දේසි ව්රහිතව පෙනී සිටින්නට පෞර්ෂයක් තිබු එකම දේශපාලනඥයා ව් ඇත්තේ ලක්‍ෂමන් කදිර්ගාමර්ය. ඊට හේතුව වන්නේ ජනාධිපතිනියගේ සිට පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන් මෙම ඛෙදුම්බදයට උපක්‍රම සඳහා එකඟ ව් ඇති අතර ඒ සඳහා එකම බාධකය ලෙස ලක්‍ෂමන් කදිර්ගාමර් පමණක් පෙනී සිටිම නිසා ය. ව්ශේෂයෙන් සුනාම් සහන මණ්ඩලය පිළිබඳ කාරණාවේදී ඔහු වඩාත් තීව්‍ර ලෙස ව්රෝධය දක්වා ඇත. ඔහුගේ නීති හා දේශපාලන දැනුවත්භාවය මඟින් ක්‍ෂේත්‍රය තළ ඇතිවන ප්‍රශ්න සම්මන්ධව මැදිහත් ව්ම බාහිර පාර්ශව මැදිහත් ව්මේ දී ඇති වන ගැටලූ හා එම ගැටලූ සම්බන්ධව ලංකාවේ පාලන ක්ෂේත්‍රයේ අය පවා ගනු ලබන තීරණ සම්බන්ධව එහි හරි වැරදි පෙන්වාදීම සඳහා ප්‍රබල චින්තනයක් ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව තිබි ඇත. ව්ශේෂයෙන් සුනාම් සහන මණ්ඩලයේ අවශ්‍යතාවය පෙන්වා දෙන අතරම එහි වු ඇතැම් අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දීමට ඔහු ඉදිරිපත් ව්ම ඊට නිදසුන් ලෙස සඳහන් කළ හැකිය. මේ නිසා ඔහු ව්‍යවස්ථාදායකය තුළ සකි්‍රයව නියෝජනය වීම සඳහා මෙවැනි ව්රෝධය පෑම් හා අවවාද දීම් වැනි කරුණු හේතු වු බව පැහැදිලි වේ.

ලක්‍ෂමන් කදිර්ගාමර් ඉන්දීය හිතවාදී පිළිවෙතක් අනුගමනය කිරිම[සංස්කරණය]

ලංකාව හා ඉන්දියාව අතර හොඳ හිත පළුදු ව්මක් බොහෝ කළක සිට තිබු බවයි. නමුත් මේ සඳහා වෙනත් ප්‍රවේශයකින් ම්ත්‍රත්වය වර්ධනය කර ගැනීම සඳහා ලක්‍ෂමන් කදිර්ගාමර් ලංකාවේ ව්දේශ අමාත්‍යවරයා වශයෙන් වැදගත් කාර්්‍යයක් සිදු කර ඇත. සාම කි්‍රයා පද්ධතිය මෙහෙය ව්ම හා ඉන්දියාව සමඟ ඇති සබඳතාව වර්ධනය කර ගැනීමේ කාර්යය පැවරී තිබුනේ ලක්‍ෂමන් කදිර්ගාමර්ටය20 එසේම අන්තර් ජාතික ක්‍ෂේත්‍රයේ ඔහු වඩාත්ම ඉන්දීය හිතවාදී පිළිවෙතක් අනුව කටයුතු කළ බවද රාජ්‍යය තානක අංශයද අවබෝධ කරගෙන සිට ඇත. ව්ශේෂයෙන් ඉන්දියාව සමඟ අනන්තයටම පිරිහි තිබු සම්බන්ධතා නැවත සුහද මටිටමකට වර්ධනය කර ගොඩනැඟීමට ලක්‍ෂමන් කදිර්ගාමර් සමත් ව් ඇත. මේ සඳහා ඉන්දියාව සම්ප බව පමණක් නොව ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ පවුලද ඉන්දියාව අතර සම්බන්ධතාවය ඉන්දියාව අතර සුහඳතාවය වර්ධනය කර ගැනීමට ලක්‍ෂමන් කදිර්ගාමර්ට බලපෑම් කරන්නට ඇති බව කිව හැකිය. තවද ඔහුගේ පියා වු ජේ. සී. කදිර්ගාමර් ඉන්දීය නිදහස් සටනේ පුරෝගාම්යෙකු වුු මහත්මා ගාන්ධි උතුම් කොට සැලකූවෙක් වු අතර ගාන්ධි දර්ශනයට ද ගෞවරව කළ අයෙකි. එමෙන්ම ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ඥාති සොහායුරන් දෙදෙනෙක් ඉන්දියාවේ සබර්මනි හා ගාන්ධි නිකේතනය තුළ ශිෂයන් ව්මත් කුඩා කළ සිටම ඉන්දියාව පිළිබඳව ඉන්දියාවේ සංස්කෘතික වටපිටාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි ව් ඇත.21 මේ නිසා නව අකාරයකට ඉන්දියාව පිළිබඳව ප්‍රවේශ ව්මට සබඳතා ගොඩනඟා ගැනීමට ඔහුට හැකිව් ඇත්තේ මෙවැනි පසුබිමක් ඔහු සතුව තිබු බැව්න් බව පෙනේ. ඉන්දියාව ලංකාව සමඟ ව්රසක ව්මට හේතු රාශියක් තිබු බව තුන් වන පරිචිඡේදයේ සඳහන් කර ඇත. ඒ සියල්ල සමථයකට පත් කිරිමටත් ලංකාවේ ජනවාර්ගික ගැටලූව ව්සඳීම සඳහා ඉන්දීය සහයෝගය දිනාගැනීම සම්බන්ධව ලක්‍ෂමන් කදිර්ගාමර් ප්‍රමුඛත්මයක් ගෙන කටයුතු කොට ඇත. ව්ශේෂයෙන් ලංකාවේ ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ඉන්දියාවේ වැදගත් කම දක්වා ඇත්තේ පහත පරද්දෙනි. "ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට අවසාන වශයෙන් ඇතිවන ව්සඳුම ඉන්දියාවට ප්‍රශ්ණයක් නොවන එකක් ව්ම වැදගත් ය. එසේ නොවුන හොත් එම ව්සඳුම කි්‍රයාත්මක කිරීමට නොහැකිය.”

මේ ආකාරයට ඉන්දියාව සම්බන්ධව ලංකාවේ තිබු මතවාද වෙනස් මාවතක් ඔස්සේ ගෙන යම්න් ලංකාවේ ජනවාර්ගික ගැටලූවට නව ප්‍රවේශයක් ව්වෘත කිරීමට ලක්‍ෂමන් කදිර්ගාමර්ට හැකි ව් ඇත. ඒ සඳහා ඉන්දියාවේ සහයෝගය ලබා දීම වැදගත් කොට සලකන බවත් ඒ සඳහා ඔවුන්ට බලපෑමක් නොවන අන්දමටත් පැහැදිලි කරම්න් දේශපාලනයේ නව මාවතක් ගැටලූ සම්බන්ධව ව්වෘත කිරීමට සමත් ව්ම මඟින් ඔහු දේශපාලනය තුළ නව දේශපාලන දර්ශනයක් ගෙන යාමට සමත් වු බව පෙනේ. ලංකාවේ ගැටලූ සම්බන්ධව ඉන්දියාවේ මැදිහත් ව්ම පිළිබඳව ඇතැමුන් අදහස් දක්වා ඇත්තේ මෙසේ ය.

"ඉන්දියාවේ කාර්්‍යය භාර්යය තීරණාත්මකයි. එයට ශි්‍ර ලංකාවේ සාමය ඇති කිරිමටත් නැති කිරිමටත් පුළුවන්. වන්නි වනාන්තරයේ දී ප්‍රභාකරන් හමුවු නෝර්වේජියානු නියෝජිතයා කියා සිටියා මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට පිළිතුරක් සෙව් යුත්තේ ශි්‍ර ලංකාවේ භෞම්ක අඛණඩතාව තුළ බව. එය ඉන්දියාව ද ඇතුළත්ව දකුණු ආසියාවේ තවත් ස්වධින රාජ්‍යයකට ඉඩ නැතය කියන තීරණයයි. ඒ නිසයි ඉන්දියාව ඉතා වැදගත් වෙන්නේ (සමහර ව්ට පාකිස්ථානයේදී හැර) ඉන්දියාව දකුණු ආසියාවේ තවත් වෙන්වු රාජ්‍යයකට සහාය දක්වනු ඇතැයි මා සිතන්නේ නැහැ.”

මෙවැනි මත ලංකාවේ ව්යතුන් අතරින් මතු වන ව්ට ඒ මතය ලක්‍ෂමන් කදිර්ගාමර් අනුගමනය කිරිම වැදගත් වන්නේ බොහෝ දෙනාගේ අදහස් නිරූපනය වන කැඩපතක් ආකාරයෙන් මොහු දේශපාලනය තුළ මතු ව්ම නිසාවෙනි. එපමණක් නොව ලක්‍ෂමන් කදිර්ගාමර් ව්දේශ අමාත්‍ය ධුරයට පත් ව් ඔහුගේ ප්‍රථම නිල සංචාරය ඉන්දියාවට ගොස් ඇති අතර එහිදි ලංකාවේ මෙම ජනවාර්ගික ගැටලූවට ඉන්දියාව සහයෝගය දක්වන ලෙස ඉන්දිය අග්‍රාමාත්‍ය රාඔී මුණගැසී පවසා ඇත. නමුත් ඉන්දීය සහයෝගය මුලදී ලබා ගැනීමට දුෂ්කර වු බවත් මෙය ලංකාවේ අභ්‍යන්තර ගැටලූවක් වන හෙයින් ජනතාව හා එක්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුකූලව රජය ව්සින් ව්සඳාගත යුත්තක් බවත් ලක්‍ෂමන් කදිර්ගාමර් අක්වා ඇත. ව්ශේෂයෙන් ලක්‍ෂමන් කදිර්ගාමර් ලංකාවේ ගැටලූ සම්බන්ධව නිරන්තරයෙන් දැනුවත් කිරීම මඟින් දෙරට අතර සබඳතාවය තව තවත් වර්ධනය කර ගැනීමට හැකි ව් ඇත. මේ ආකාරයට ලංකාවේ රජයට එතෙක් අපහසු ව් තිබු සේ පෙනුන ඉන්දීය සබඳතාවය වර්ධනය කර ගැනීම සඳහා නව කි්‍රයාමාර්ගයක් ලක්‍ෂමන් කදිර්ගාමර් යෝජනා කිරිමට සමත් ව් ඇත. ඒ මඟින් ව්‍යවස්ථාදායකය තුළ ලංකාවේ ඉන්දීය සබඳතාවය සම්බන්ධයෙන් ද නව දැක්මක් නව ප්‍රවේශයක් පෙන්වා දීමට ලක්‍ෂමන් කදිර්ගාමර් සමත් වු බව පෙනේ.

මෙලෙස ලාංකීය දේශපාලනය තලයට සකි්‍රයව දායක වු සුවිශේෂී දේශපාලනඥයෙක් වු ලක්‍ෂමන් කදිර්ගාමර් සිය දේශපාලන සහ සාම මෙහෙවර කිසිදු බියකින් තොරව පක්‍ෂග්‍රාහීත්වයකින් තොරව සිදු කිරීමට සමත් වුවද දෙමළ නියෝජනය ලංකාවේ දේශපාලනයෙන් දිය කර හැරීම අරමුණූ කරගත් එල් ටී ටී ඊ සංවිධානය විසින් සිදු කරන ලද සාහසික ඝාතනය හමුෙවි 2005 අගෝසතු මස 12 වන දින දැයෙන් සමු ගැනීමට මාවත සලසන ලදි.

සිහිකිරීම්[සංස්කරණය]

Lakshman Kadirgamar Stamp.jpg

ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා සිහිකිරීම පිණිස 2006 අගොස්තු 10 දිනදී ශ්‍රී ලංකා තැපැල් විසින් සමරු මුද්දරයක් නිකුත් කෙරිණි.

සාරාංශය[සංස්කරණය]

මේ අනුව පැහැදිලි වන්නේ, ලක්‍ෂමන් කදිර්ගාමර් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තුළ ප්‍රබල භූමිකාවක් ගෙන යාම සඳහා විවිධ සාධක බලපෑ බවයි. විශෙෂයෙන් ලක‍ෂ්මන් කදිර්ගාමර් ආගමක් වශයෙන් එක් ආගමක් තෝරා නොගෙන සර්ව ආගමික සංකේතයක් වශයෙන් නියෝජනය කිරීම, ඔහුට ආභාසය ලැබුණු විවිධ සංස්කෘතික මතවාද සහිත සමාජ වටපිටාවක අභ්‍යන්තර වශයෙන් ඔහුගේ මනෝභාව තීරණය වීමට බලපෑ බව කිව හැකිය. මේ අනුව පෙනී යන්නේ ලක‍ෂ්මන් කදිර්ගාමර් දේශපාලනයට මැදිහත් වී ප්‍රභල භූමිකාවක් ගෙන යාමට ඔහුගේ අභ්‍යන්තර සාධක බලපෑ බවයි. එමෙන්ම බාහිර වශයෙන් ඔහුගේ සමාජ සබඳතා ජාලය, දෙමළ නියෝජනය පිළිබඳව ඒ වන විට ලංකාවේ තිබූ තත්වය, බලපෑම් කළ බව පෙනේ. මේ ආකාරයට මෙහිදී සාකචිඡා කරනු ලැබු ජනවාර්ගික ගැටලූව සම්බන්ධව, සාම කි්‍රයාදාමයකට එළඹීමේ වැඩපිළවෙළ, සටන් ව්රාම ගිව්සුම පිළිබඳ දරන ලද ආකල්ප, නෝර්වේ රාජ්‍යයේ සාම නියෝජිතයන්ගේ මැදිහත් ව්ම, සුනාම් සහන මණ්ඩලය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඔහු සතුව තිබු ආකල්ප මඟින් පෙනී යන්නේ වෙනත් දෙමළ දේශපාලන නියෝජිතයෙකුට වඩා ලංකාවේ ගැටලූ සම්බන්ධව ලක්‍ෂමන් කදිර්ගාමර් වැදගත් මැදිහත් ව්මක් සිදු කර ඇති බවයි. ම්ට අමතරව ලංකාවේ සංවර්ධනය, ආර්ථිකය හා ආගම්ක වශයෙන් ද ව්ව්ධාකාරයේ දේශපාලන මැදිහත් ව්ම් සිදු කොට ඇත. මේ ආකාර ප්‍රමුඛ පෙළේ දේශපාලන මැදිහත් ව්ම් සිදු කිරිම මඟින් දේශපාලන ක්‍රියාකාරකම් රැසකට මැදිහත් වී ඇති බව අවසාන වශයෙන් කිව හැකිය.

ආශ්‍රිත මුලාශ්‍ර[සංස්කරණය]

  • Ganbewa, Lalith “Lakshman, kadiragamar,- a great son of Sri Lanka. srilankawatch
  • Jayasekara, Bandula. ‘lakshman kadiragamar- A true sri Lankan’2005,8(16). Intentblog
  • Jeyaraj,D.B.S. ‘Lakshman kadiragamar-(1932-2005)’. Tamilweek
  • Konng, Lisa. “Writing a historical biography” writing about a figure from the past.2009,7(26).
  • “Lakshman kadiragamar”(AFP), 2005,8(13). Khaleejtime
  • Marsh, James. “Is biography history” 2009,6(11).
  • Ministry of Foreign affairs, “Profile: Lakshman Kadiragamar” 2005,06(3).
  • Pieris, Hemal “Lakshman – a true Sri lankan”,2005,08(18).
  • Sambandan,V.S. “LTTE worried only about India ‘says kadiragamar”2003,08(23)
  • Sivanayagam, S “An open letter to Lakshman Kadiragamar” 2002,03(5).
  • Thennakoon, Thusitha. “First Lakshman Kadiragamar memorial lecture”.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

වැඩි දුර කියවීම්[සංස්කරණය]

  • පාර්ලිමේන්තු සැසි වාර්තා,1984 අගෝස්තු(කොළඹ: ශ්‍රි ලංකා රාජ්‍ය ප්‍රකාශන).
  • අබේගුණවර්ධන, ඩී. එල් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා තලවතුගොඩ: නව සමඟි මුද්‍රණාලය, 1994.
  • අයිවන්, වික්ටර් දෙමළ අභියෝග. කොළඹ: රාවය ප්‍රකාශකයෝ, 1989.
  • කුමාර, ආනන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මඟ සහ පක්‍ෂ ක්‍රමයේ ව්‍යාපතිය. කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1999.
  • ගුරුගේ, ලයනල් ශ්‍රී ලංකාවේ ජාතිකත්ව ගැටලූව සහ විසඳුම්. කොළඹ:විකල්ප ප්‍රත්පත්ති කේනද්‍රය,2004.
  • චන්ද්‍රසේකර, තිලක් සහ සතිස්චන්ද්‍ර, බී. එචි ආර්ථීක හා දේශපාලන ප්‍රශ්ණ පිළිබඳ සංවාදය මාර්ග ආයතනය: 1998.
  • ජයකොඩි, සිරිල් උතුරු නැගෙනහිර යුද්ධයේ මෙතෙක් කථාව. කොළඹ: හැමිල්ටන් මුද්‍රණ ආයතනය, 2002.
  • ජයවර්ධන, ඩබි. ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර සමාජය. කොළඹ:අභය මුද්‍රණ ශිල්පියෝ ,1998.
  • ජයසිංහ, රංජිත් ආනන්ද ඛෙදුම්වාදයේ ගමන් මඟ. කර්තෘ ප්‍රකාශනයකි, 2006.
  • ඩික්සිට්, ජේ. එන් කොළඹ භූමිකාව. කොළඹ: එස් ඇන් ජේ ප්‍රින්ටිර්ස්, 1998.
  • තිරණාගම, රාජිණි බිදුණු තල්රුක. කොළඹ:කරුණාරත්න සහ පුත්‍රයෝ
  • පෙරේරා, බී. සී ලංකාවේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, 1965.
  • ලියනගේ, සරත් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ. කෙළඹ: සිකුරු ප්‍රකාශකයෝ, 1999.
  • වෙල්ලගම, ජයන්ත ශ්‍රී ලංකෙවි මැතිවරණ. වැල්ලම්පිටිය: ලස්සන ප්‍රකා්‍රකයෝ, 1993.
  • ශ්‍රී ලංකාෙවි ජනවාර්ගික ගැටලූව පිළිබඳ ඉතිහාසය 1833-1990. විළුදු හැකියා ප්‍රවර්ධන මධ්‍යස්ථානය, 2006.
  • හර්ක්ස්, ජෝර්ජ් සහ ක්ලෙම්, බර්ට් (සංස) විවිධත්වයට ආමණ්ත්‍රණය. ක්ලිනජෙන්ඩාල් ජාත්‍යන්තර නෙදර්ලන්ත ආයතනය.
  • In search of peace – selected speeches and Interviews by the late foreign minister Lakshman kadiragamar,ministry of foreign affairs democratic socialist Republic of Sri lanka,2006.
  • Nissanka, H.S.S. Sri lanka foreign policy vikas pulishing (pvt)ltd,1984.
  • Rupasinghe, kumar Negotiating peace in Sri Lanka (Efforts, failures and lessons) Colombo: Gunarathne offset limited,1998.
  • Venkatachadan, M.S. Genocide in Sri Lanka”Glabal Protests”, Gain publishing House, 1987.
  • Wilson,Aj. Politics in Sri lanka : 1974-1973, London:billing and sons ltd,1974.
"http://si.wikipedia.org/w/index.php?title=ලක්ෂ්මන්_කදිර්ගාමර්&oldid=283397" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි