රුවන්ඩා කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීමේ සහයෝගීතා කමිටුව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
මෙම ලිපිය රුවන්ඩාවේ කෘෂිකර්මාන්තය පිලිබඳ වේ. 'Pearl'හි වෙනත් අරුත් සඳහා සඳහා, Pearl (disambiguation) බලන්න.
මෙම ව්‍යාපෘතිය රුවන්ඩාවේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා දියත්කල දිගු කාලීන වැඩසටහනකි. 1994දී ඇති වූ ජන අරගලයෙන් සහ සිවිල් යුදමය තත්වයෙන් ඇති වූ බලපෑම අඩු කරලීම ද මෙම වැඩසටහනෙහි විශේෂ අරමුණක් විය. ග්‍රාමීය ජනයා සමඟ එක් වී කෘෂිකාර්මික වැඩිදියුණුවත් වෙළෙඳපොල සඳහා ගැළපෙන නිෂ්පාදන නිපදවීමටත් මෙම ව්‍යාපෘතිය ඉවහල් විය. මෙම ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දීම සිදු කෙරෙණුයේ ඇමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය මඟින් ය. මිචිගන් පර්යේෂණායතනය, ටෙක්සාස් විශ්වවිද්‍යාලය, රුවන්ඩා විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක් එක්ව පර්යේෂණ කටයුතු පවත්වන අතර රුවන්ඩා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කගාලි විද්‍යා පීඨය,රුවන්ඩා කෝපි සංවර්ධන මණ්ඩලය වනි දේශීය ආයතනද මේ සඳහා දායක වේ. මෙහි වර්තමාන අධ්‍යක්ෂක ධූරය දරන්නේ තිමොති ශිව්ලින් මහතාය.
[සංස්කරණය] බාහිර පරිශීලක සබැඳුම්
- Official web site of PEARL project
- PEARL Webpage (Michigan State University)