රුවන්ඩා ජනරජය
| Republic of Rwanda
Repubulika y'u Rwanda
République du Rwanda |
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| උද්යෝග පාඨය: Ubumwe, Umurimo, Gukunda Igihugu "Unity, Work, Patriotism" |
||||||
| ජාතික ගීය: "Rwanda nziza" |
||||||
| අගනුවර (සහ විශාලතම නගරය) |
Kigali 1°56.633′S 30°3.567′E / 1.943883°S 30.05945°E |
|||||
| නිල භාෂාව(න්) | Kinyarwanda, French, English | |||||
| ජාති නාමය | Rwandan, Rwandese | |||||
| රජය | Republic | |||||
| - | President | Paul Kagame | ||||
| - | Prime Minister | Bernard Makuza | ||||
| Independence | from Belgium | |||||
| - | Date | July 1, 1962 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 26,338 කිමී2 (147th) 10,169 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 5.3 | ||||
| ජනගහණය | ||||||
| - | July 2010 ඇස්තමේන්තුව | 10,746,311[1] (74th) | ||||
| - | 2002 ජන සංගණනය | 8,162,715[2] | ||||
| - | ඝණත්වය | 401.4/කිමී2 (29th) 1,029.9/සතරැස් සැත |
||||
| GDP (PPP) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $11.260 billion[3] | ||||
| - | ඒක පුද්ගල | $1,148[3] | ||||
| GDP (නාමික) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $5.246 billion[3] | ||||
| - | ඒක පුද්ගල | $535[3] | ||||
| Gini (2003) | 41.1 (medium) | |||||
| HDI (2007) | ▲0.460 (low) (167th) | |||||
| ව්‍යවහාර මුදල | Rwandan franc (RWF) |
|||||
| වේලා කලාපය | CAT (UTC+2) | |||||
| - | ගිම්හාන (DST) | not observed (UTC+2) | ||||
| රිය පදවන්නේ | right | |||||
| අන්තර්ජාල TLD | .rw | |||||
| ඇමතුම් කේතය | 250 | |||||
| 1 Estimates for this country explicitly take into account the effects of excess mortality due to AIDS; this can result in lower life expectancy, higher infant mortality and death rates, lower population and growth rates, and changes in the distribution of population by age and sex. | ||||||
රුවන්ඩා සමුහාණ්ඩුව 'කඳු දහසකයේ භූමිය' වශයෙන් ද හඳුන්වන අතර, නැගෙනහිර මධ්‍යම අප්‍රිකාවේ ග්‍රේට් ලේන්ස් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ උගන්ඩා, බුරුන්ඩි, කොන්ගෝ සමුහාණ්ඩුව හා ටැන්සානියාවයි. නිරක්ෂයට ලංවු නමුත් එහි උස් පිහිටීම නිසා සිසිල් දේශගුණයක් පවතී. එහි බිම ඉහළ තණ බිම් හා මධ්‍යම කඳු වලින් සමන්විතය. විශාල වන සත්ව ගහනය සහ දුර්ලභ කඳු සංචාරක කර්මාන්ත කෙරෙහි බලපා ඇති අතර එය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි. 1994 දී සිදු වූ විශාල මනුෂ්‍යය සමුල ඝාතන හේතුවෙන් එරට දැඩි ලෙස විදේශ රටවල අවධානයට ලක් විය. එම ඝාතනයන්ගෙන් මිනිසුන් 800,000 පමණ මිය ගියහ. එතැන් සිට රට ක්‍රමයෙන් වර්ධනය වු අතර, වර්තමානයේ සංවර්ධනය වන රටවල්වලට ආදර්ශයක් වෙයි. 2009 වර්ෂයේ සී එන් එන් රූපවාහිනී නාලිකාවේ, අප්‍රිකාවේ විශාලතම සාර්ථකත්වය ලෙස රුවන්ඩාව තුල ඇති වු ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය සහ අන්තර් ජාතික අනුවර්තනය නම් කර ඇත. එහි පවතින රජය අප්‍රිකාවේ වඩා කාර්යක්ෂම හා අවංක රජය ලෙස කැපී පෙනෙයි.රුවන්ඩාවේ අගනගරය වන කිගාලි අප්‍රිකාවේ පළමු නගරය ලෙස එහි ඇති පිරිසිදු බව, ආරක්ෂාව, ග්‍රාමීය ආරක්ෂක සැලැස්මයන 'වාසස්ථාන සන්නස' සම්මානයට පාත්‍ර විය. 2008 වර්ෂයේ දී ලෝකයේ රටවල් තුලින් ස්ත්‍රීන්ගෙන් බහුතරයක් සැදුම් ලත් ජාතික ව්‍යවස්ථාදායකයක් පත් කර ගත් එකම රට ලෙස රුවන්ඩාව නම් කෙරුනි. 2009 නොවැම්බර් 29 වන දා රුවන්ඩාව පොදු රාජ්‍ය මණ්ඩලයේ 54 වන සාමාජිකයා ලෙස පත් විය. පොදු රාජ්‍ය මණ්ඩලය තුල අතීතයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් නොවු රටවල් 2 අතරින් එකකි රුවන්ඩාව.