රුධිර පරීක්ෂණ
| මෙම ලිපිය සත්යේක්ෂණය සඳහා අමතර උපන්‍යාසයන් අවශ්‍ය වේ. විශ්වසනීය ආශ්‍රිතයන් එක් කිරීමෙන් කරුණාකර මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උදවු වන්න. මූලාශ්‍ර විරහිත විෂය කරුණු අභියෝගයට ලක්වී ඉන්පසු ඉවත් කෙරිය හැක. (නොවැම්බර 2007) |
රුධිර පරික්ෂාවක් යනු, සාමාන්‍යයෙන්, කටුවක්, හෝ ඇඟිලිවිදිනයක් භාවිතයෙන්, අතෙහි ශිරාවකින් නිශ්කර්ශය කර ගන්නා රුධිර සාම්පලයක් පරික්ෂණාගාර විශ්ලේෂණයට ලක් කිරීමයි.
රුධිඅර පරික්‍ෂාවන් භාවිතා කරනුයේ, රෝග, ඛනිජ අන්තර්ගතය, ඖෂධ සඵලත්වය, සහ ඉන්ද්‍රියයන්හි ක්‍රියාකාරිත්වය වැනි කායික-විද්‍යාමය සහ ජෛවරසායනික තත්ත්වයන්, සමාපනය කිරීමටය. රුධිර පරික්‍ෂාව යන වදන භාවිත වුවද, බොහෝ චර්යානුගත පරික්‍ෂාවන්, ( රක්තවේදය සඳහා වුවන් හැර) සිදුකරනුයේ, රුධිර සෛල වෙනුවට, ප්ලාස්මා හෝ රුධිර ද්‍රවය කෙරෙහිය.
[සංස්කරණය] නිශ්කර්ශනය
ඉදිකටුවක් මගින් ශිරාවක් සිදුරුකොට විශ්ලේෂණය කිරීම සදහා රුධිරය ලබාගැනීම, රුධිර සෛල සහ රුධිර ප්ලාස්මය ලබාගත හැකි සාපේක්ෂව එතරම් වේදනාකාරී නොවන ක්‍රමයකි. සිරුර පුරාම ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය පරිවහණය කිරීමේ මාධ්‍යයක් ලෙස හා බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය අදාල අවයව වෙත පරිවහණය කිරීමේ මාධ්‍යක් ලෙස රුධිරය ක්‍රියාකරයි. රුධිරයෙහි සංයුතිය විවිධ රෝගි තත්ත්වයන් අනුව වෙනස් වේ. එම නිසා විවිධ රෝග අවස්ථාවන්හි දී රුධිරය පරීක්ෂාවට ගැනේ.