යොෂිහිකෝ නෝඩා
| The Right Honourable යොෂිහිකෝ නෝඩා 野田 佳彦 |
|
|---|---|
|
|
|
| Taking office 2 September 2011 |
|
| Monarch | Akihito |
| Succeeding | Naoto Kan |
|
|
|
| Incumbent | |
| Assumed office 8 June 2010 |
|
| Prime Minister | Naoto Kan |
| Preceded by | Naoto Kan |
| Succeeded by | TBD |
|
|
|
| In office 2009 – 8 June 2010 |
|
| Prime Minister | Yukio Hatoyama |
| Preceded by | Wataru Takeshita Masatoshi Ishida |
| Succeeded by | Motohisa Ikeda Naoki Minezaki |
|
|
|
| Born | 20 මැයි 1957 Funabashi, Japan |
| Political party | Democratic Party (1998–present) |
| Other political affiliations |
Japan New Party (1992–1994) |
| Alma mater | Waseda University |
| Website | Official website |
යොෂිහිකෝ නෝඩා මහතා ජපන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයෙකු වන අතර එරට ව්‍යවස්ථාදායකය වන ඩයට් සභාවේ, පහල මන්ත්‍රී මණ්ඩලයෙහි සාමාජිකයෙකි. හිටපු අගමැති නඔටෝ කාන් මහතා ඉල්ලා අස් වීමෙන් පසු නව අගමැතිවරයා ලෙස නෝඩා මහතා පත් වීමට නියමිත ය.
මුල් අවධිය [සංස්කරණය]
1957 මැයි 20 වනදා, චිබා ප්‍රාන්තයේ ෆුනබාෂි නගරයේ දී ජන්ම ලාභය ලද යොෂිහිකෝ නෝඩා සාමාන්‍ය ගොවි පවුලකින් පැවතෙන්නෙකි. ඔහුගේ පියා ජපන් ආරක්ෂක හමුදාවේ සාමාජිකයෙක් විය. වසේදා සරසවියෙන් 1980 දී දේශපාලන විද්‍යාව පිලිබඳ උපාධිය ලබාගත් ඔහු ඉනික්බිති මට්සුෂිටා පරිපාලන සහ කළමනාකරණ ආයතනයේ සේවයට බැඳුණි. 1987 දී නෝඩා චිබා ප්‍රාන්ත සභාවට තේරී පත් විය.
ඩයට් සභාවේ සාමාජිකයෙකු ලෙස [සංස්කරණය]
1993 දී, නෝඩා මහතා පළමු වතාවට ඩයට් සභාවේ පහල මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූයේ ය. ඒ දැනට අභාවයට පත්ව ඇති ජපන් නව පක්ෂය නියෝජනය කරමිනි. 1996 දී ඔහු පරාජයට පත් වූ අතර, 2000 වසරේදී යලි පහල මන්ත්‍රී මණ්ඩලයට පත් වූයේ ජපන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි.
2009 අගෝස්තු 30 වනදා පැවති මහා මැතිවරණයෙන් ජපන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විශිෂ්ට ජයක් ලබා ගත අතර, සැප්තැම්බරයේදී, නෝඩා එරට මුදල් උප ඇමති බවට පත් විය. 2010 ජූනි මාසයේදී, එවකට මුදල් ඇමතිවරයා වූ නඔටෝ කාන් මහතා අගමැති ධූරයට පත් වූ පසු නෝඩා මහතා මුදල් ඇමති ධූරයට පත් කරන ලදී.
කාන් මහතා 2011 අගෝස්තුවේ අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ පසු, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් නෝඩා මහතා ජය ලැබීය. මේ අනුව ඔහු ඊළඟ අගමැතිවරයා ලෙස පත් වීමට නියමිතය.
ප්‍රතිපත්ති [සංස්කරණය]
මුදල් ඇමති ලෙස ජපන් ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙර දරන අතර නෝඩා මහතා ස්වදේශ කටයුතු පිලිබඳ සාමාන්‍යයෙන් නිහඬ ප්‍රතිපත්තියක් දැරීය. කෙසේ වුවද, විදෙස් කටයුතු පිලිබඳ ඔහුගේ ඇතැම් ප්‍රකාශයන් අසල්වැසි රටවල, වෙසෙසින්ම චීනයේ සහ දකුණු කොරියාවේ දෝෂ දර්ශනයට හේතු විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුධ අපරාධවලට දඬුවම් ලැබූ ජපන් ජාතිකයන්, යුධ අපරාධ පිලිබඳ වරදකරුවන් නොවන බව වරක් ඔහු විසින් ප්‍රකාශ කිරීම එයට මූලික විය. එසේම, චීනයේ ආරක්ෂක වියදම් පිලිබඳ නෝඩා මහතා විසින් එරට රජය දැඩි ලෙස විවේචනය කරන ලදී.