ජපන් නව පක්ෂය

විකිපීඩියා වෙතින්

1992-1994 කාලයේ ක්‍රියාකාරී වූ ලිබරල්වාදී ජපන් දේශපාලන පක්ෂයකි. පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP)සාමාජිකයෙකු වූ මොරිහිරෝ හොසොකාවා විසින් මෙම පක්ෂය අරඹන ලදී. ඒ ඔහු LDPයට එල්ලවූ දූෂණ චෝදනා පිලිබඳ විරෝධය පල කොට එයින් ඉවත් වූ පසු ය.

පක්ෂය පිහිටුවා ගන්නා ලද වසරේදීම ජපන් ඉහල මන්ත්‍රී මණ්ඩලය සඳහා ඡන්ද විමසීම පැවතියේ ය. එහිදී ජපන් නව පක්ෂයට පත් කරගත හැකි වූයේ, හොසොකාවා ද ඇතුළුව, සාමාජිකයන් සිව් දෙනෙක් පමණි. කෙසේ වුවද 1993 මහා මැතිවරණයේදී මන්ත්‍රී වරුන් 32 දෙනෙකු එම පක්ෂයෙන් තේරී පත් වූ අතර ඉන් පසු එකතු වූ තිදෙනෙකු සමඟ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 35 දක්වා වැඩි විය. එම අගෝස්තුවේ හොසොකාවා LDP විරෝධී සභාග ආණ්ඩුවක අගමැති බවට පත් විය. එය 1955න් පසු LDP නොවන රජයක් ජපානයේ බලයට පත් වූ පළමු වතාව විය.

1994 අප්‍රේල් මාසයේදී හොසොකාවාට අගමැති ධූරය අහිමි විය. කෙටි කලකින් ජපන් නව පක්ෂය විසුරුවා හරින ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ජපන්_නව_පක්ෂය&oldid=469257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි