යූරී ගගාරීන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
යූරී ගගාරීන්
Юрий Гагарин
Gagarin Signature.svg
සෝවියට් සංගමය අභ්‍යවකාශගාමී
අභ්‍යාවකාශගතවූ පළමු මිනිසා
ජාතිකත්වය
රුසියානු
තත්වය නැසීගිය
උපත
9 මාර්තු 1934(1934-03-09)
ක්ලුෂිනො, සෝවියට් සංගමය
මරණය
27 මාර්තු 1968 (වයස 34)
නොවොස්යොලොවෝ, සෝවියට් සංගමය
අනෙකුත් රැකියා ගුවන් නියමු
නිලය
ක'නල් (Polkovnik), සෝවියට් ගුවන් හමුදාව
අභ්‍යවකාශගත කාලය
පැය 1යි විනාඩි 48
තෝරාගැනීම ගුවන් හමුදා කණ්ඩායම් අංක 1
මෙහෙයුම්
වොස්ටොක් 1
මෙහෙයුම් ලාංචනය
Vostok-1 patch.svg


යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින් (රුසියානු: Ю́рий Алексе́евич Гага́рин, උපත 1934 මාර්තු 9 –විපත 1968 මාර්තු 27) යනු සොවියට් අජටාකාශ ගාමියෙකි. 1961 අප්‍රේල් 12 වෙනි දින අභ්‍යාවකාශයට ගිය ඔහු,අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා සහ පොළොව වටා කක්ෂ ගතවූ පළමු මිනිසා බවට පත් විය. මොහු සෝවියට් සංගමයේ වීරයා(Hero of the Soviet Union) සම්මානය ලැබූවෙකි.

මුල් ජීවිත කාලය[සංස්කරණය]

යුරී ගගාරීන් 1934 මාර්තු 9 වන දින සෝවියට් සංගමයේ ක්ලුෂිනො ග්‍රමයේ උපත ලැබීය. ඔහුගේ පියා සහ මව සමූහ ගොවිපලක කම්කරුවන් දෙපලකි.‍හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන් වෙනියාවු යූරී ව රැකබලා ගැනීම වැඩිමහල් සොයුරිය ට හාර විය.

සොවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ කර්යභාරය[සංස්කරණය]

1960 දි යුරී සහ තවත් 19 දෙනෙකු සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහන සදහා තෝරා ගැනින. වොස්ටොක් 1 අභ්‍යාවකාශ වැඩසටහන යටතේ වර්ෂ 1961අප්‍රේල් 12 වන දින වොස්ටොක් 3KA-3 ‍යානයෙන් කක්ෂගත වූ යුරි අභ්‍යාවකාශයට ගමන් කල පළමු මිනිසා ලෙස ඉතිහාස ගත වූයේ ය. මෙම ගමනේ දී ඔහුව "සෙඩාර්"(Russian: Кедр) යන සංඥා නාමයෙන් හඳුන්වන ලදී.

පෘතුවිය නිල් පාටයි....කොච්චර පුදුමාකාරද?....හරිම ආශ්චර්යජනකයි.......

—ගගාරීන් ගෙන් පාලක මැදිරිය වෙත.[1]

අභ්‍යාවකාශ ගමනින් පසු යුරී ලොව පුරා ඉතා ජනප්‍රිය අයෙක් බවට පත් විය. ලෝ වටා සංචාරය අතරතුර වරක් ඔහු ශ්‍රී ලංකාවට ද පැමිණියේ ය.

මරණය හා මරණයෙන් පසු කාලය[සංස්කරණය]

1968 මාර්තු 29 දින, ප්‍රහාරක ගුවන් යනා පුහුනුවක් අතරතුර දි යුරි සහ ඔහුගේ සහායකයා ඔවුන් ගේ මිග්-15UTI වර්ගයේ යානය අනතුරට පත්වීමෙන් මියගියේය.

බාහිර සබැඳි[සංස්කරණය]

Wikiquote-logo-en.svg
Wikiquote has a collection of quotations related to:


මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Gagarin — son of a peasant, star of space". BBC News. 1998-04-01. http://news.bbc.co.uk/2/hi/special_report/1998/03/98/gagarin/71823.stm. Retrieved 2008-05-21. 

"http://si.wikipedia.org/w/index.php?title=යූරී_ගගාරීන්&oldid=268786" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි