මෝල්ටාවේ ආගම්

විකිපීඩියා වෙතින්

රෝමානු කතෝලික ධර්මයේ ශාඛාවක් වන මෝල්ටානු කතෝලික සභාව මෝල්ටාවේ ප්‍රධාන ආගම වේ. මෝල්ටානු ව්‍යවස්ථාව හරහා කතෝලික ධර්මය රාජ්‍ය ආගම ලෙස තහවුරු කර ඇති අතර මෝල්ටානු සංස්කෘතිය තුළ කතෝලික දහමේ ආභාෂයන් නිරන්තරයෙන් විද්‍යමාන වන ආකාරයක් දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෝල්ටානු සමාජය තුළ සමාජ අනුබලයක් හා අධ්‍යාත්මික ආයතනයක් කතෝලික සභාවට හිමි ව තිබූ පිළිගැනීම කෙමෙන් අහිමි වී යන බවක් පෙනේ. 2018 දී සිදු කරන ලද සමීක්ෂණයකට අනුව, සමස්ත මෝල්ටානු සමාජයම පාහේ කිතුනු දහම තම ආගම ලෙස පිළිගන්නා අතර (95.2%), ඉන් බහුතරය කතෝලිකයන් වුණි (93.9%).[1] එමෙන් ම 2021 සමීක්ෂණයකින් වාර්තා වුණේ සමස්ත ජනගහනයෙන් 82.6% ක් කතෝලික සභාවට අයත් බවයි. [2]

මෝල්ටාවේ අපෝස්තුළුවරුන් ලෙස සලකන්නේ ශාන්ත පාවුළු මුනිතුමා, ශාන්ත පබ්ලියස් මුනිතුමා හා ශාන්ත ඇගතා මුනිතුමිය යන අය වේ. මෝල්ටාවේ මව්තුමිය ලෙස හඳුන්වන ස්වර්ගාරෝපිත මරිය මව්තුමිය ද මෝල්ටා දූපත් හී සුවිශේෂී සාන්තුවරියක් ලෙස ගරු බුහුමන් ලබයි.

සටහන්[සංස්කරණය]

  1. Malta Today නැමැති වෙබ් අඩවියේ 2018 අප්‍රේල් මස 2 වන දින 'Kurt Sansone' විසින් රචිත "MaltaToday Survey | Maltese identity still very much rooted in Catholicism" නැමැති ලිපීයන් 2023 මාර්තු මස 7 වන දින උපුටා ගන්නා ලදි. "A whopping 93.9% of people still identify themselves as Catholic and any suggestion to remove Catholicism as the country’s official religion is bound to encounter resistance.The survey found that 88.8% of people were against the removal from the Constitution of Catholicism as Malta’s official religion. An even stronger majority was against the removal of the crucifix from public buildings such as schools."
  2. "ජන හා නිවාස සංගණනය 2021 අවසාන වාර්තාව: ආගම්, ඇදහිලි හා විශ්වාස සංරක්ෂණය කළ පිටපත 2023-02-19 at the Wayback Machine, පිටු 159-168" 2023 මාර්තු මස 7 වන දින උපුටා ගන්නා ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=මෝල්ටාවේ_ආගම්&oldid=593029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි