මුරගල
From Wikipedia
පටුන |
[edit] හැඳින්වීම
පූජනීය ස්ථානයකට, හෝ රාජකීය ස්ථානයකට පිවිසෙන දොරටු අභියස පියගැටපෙළ පාමුල සඳකඩපහන දෙපස පිහිටන මුරගල හෙළ කලාකරුවාගේ මා හැඟි නිර්මාණයකි. දිගු කලක් මුළුල්ලේ විකාශනය වූ මුරගල ආරක්ෂක ගල්, දොරටුපාල ගල් නමින්ද හැඳුන්වයි.
[edit] මුරගලෙහි ආරම්භය
ආරම්භයෙහි හුදු ගල් පතුරක් පමණක් ම වූ මුරගල, කොරවක්ගල සඳහා වූකූඤ්ඤයක්විය.උදාහරණ වශයෙන්
- නිතුලත් පහණේ මුරගල
- රාජාංගනයේ වටදාගෙයි මුරගල
- වෙස්සගිරියේ මුරගල
සඳහන් කළ හැකිය. පළමුවෙන් ගලෙහි උඩු අයින් අර්ධ කවාකාරව කපා එය විචිත්‍රකිරිම අරඹා ඇත. යටිකුරු පලිහ නමින් හැඳින්වෙන මෙබඳු මුරගල් බුත්තල කෝරළයේ ගල්බුදුන්තැන්නෙන් හමුවේ.
[edit] පුන්කළස සහිත මුරගල
දේශීය සංස්කෘතියේ අනන්‍යතාවය දනවන පුන්කළස මුල්කාලීනව මුරගලට එක් විය. සෞභාග්‍යය, සශ්‍රීකත්වය, දියුණුව හොබවන පුන්කළස ප්‍රථම භාගයේ රේඛාවකින් සටහන්ව ක්‍රමයෙන් විසිතුරු විය.
- වෙල්ගම් වෙහෙර
- මඟුල් මහා විහාරය
- මිහින්තලේ කළුදිය පොකුණ
- අනුරාධපුරයේ නෙළුවිල
ඇති මුරගල් මීට උදාහරණ වේ. මින් විශිෂ්ට මුරගල වන්නේ නෙළුවිල මුරගලයි.
[edit] වාමනයා සහිත මුරගල
හාස්‍ය රස දනවන බහිරවයා සහිත මුරගල මුරගලෙහි දෙවන අවස්ථාවයි. බහිරව මුරගල ප්‍රධාන කොටස් දෙකකිසංඛ හාපද්ම නම් වන මෙබඳු මුරගල් බහුලවේ. කුවේරයාගේ පරිවාර ජනයා මෙනම් වූ බව සෙනෙරත් පරණවිතාන මහතාගේ අදහසයි.
- අභයගිරිය
- මිහින්තලේ රාජගිරිගලෙන
මෙබඳු මුරගල් දක්නට ලැබේ. තොලුවිල දක්නටැති මුරගල් ඉන්දීය කැටයම් ආභාෂය ලබා ඇති බව පෙනේ.
[edit] නා රුව සහිත මුරගල
නා රුව සහිත මුරගල්, මුරගල් වශයෙන් නොසැලකෙන බව චාල්ස් ගොඩකුඹුර මහතාගේ අදහසයි. කෙසේ වෙතත් මේ යුගයේ බහිරවවිමානයටනාගයකු රිංගා ගැනීමට දැරෑ උත්සාහයක් මුරගලේ විකාශනය තුළ අපට පෙනේ.
- පොළොන්නරුවේ තිරියායෙන්
- කුට්ටම් පොකුණෙන්
මෙබඳු මුරගල් හමුවේ. මේ මුරගල් ජලය සංකේතවත් කළ බවට විශ්වාසයක් පවතී.
[edit] නාරජු සහිත මුරගල
මුරගලේ විශිෂ්ටතම අවස්ථාව නාරජු සහිත මුරගලයි.එතෙක් මුරගලෙහි ආ සියළුම අංග නාරජු සහිත මුරගල තුළ දක්නට ලැබේ.
- අනුරාධපුරයේ රත්න ප්‍රාසාදයේ මුරගල
මීට හොඳම උදාහරණයයි. පස් වන සියවසට අයත් මේ මුරගල මිහිඳු රජ දවස නිමවූවක් බව හොරාකොට් මහතාගේ අදහසයි. දුටුවන් මන බඳනා රාගී හැඟීම් ඉස්මතු කළ නා රජ රුව තාරුණ්‍යයෙන් පිරිපුන් ය. රත්න ප්‍රාසාදයේ මුරගල භාරතයේ තෙලිසා මන්දිරයේ ඇති දානපති යුවල නම් මුරගලට සමාන වේ.
[edit] ෙම් ලිපියත් බලන්න
[edit] ආශ්‍රිත ග්‍රන්ථ
- ගුණරත්න බණ්ඩාර,ජී.ආර්. මහරච්චිමුල්ලේ : අපේ සංස්කෘතික දායාද
- මද්දුමගේ ,මිල්ටන් :චිත්‍ර කලා අධ්‍යයනය


