මළවුන්ගේ දිනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අපරදිග ක්‍රිස්තියානි ධර්මයෙහි, මළවුන්ගේ දිනය සිහිකරනුයේ ප්‍රධාන වශයෙන් කතෝලික සභාවෙහි වන අතර, එංගලන්ත සභා එකමුතුවෙහි සමහරක් සභාවන් සහ පැරණි කතෝලික සභාවන් විසින්ද එය සිහිකරනු ලැබේ. පෙරදිග ඕර්තඩොක්ස් සභාව විසින් වසරක් තුල මළවුන්ගේ දින කිහිපයක් සමරනු ලැබේ.

රෝමානු කතෝලික සභාවෙහි රෝමානු සම්ප්‍රදායයීය ජන වන්දනාව පරිදි මෙම සැමරීමෙහි නිල නාමය "මෙලොවින් නික්ම ගිය සියලු ඇදහිලිවතුන්ගේ ස්ම‍රණෝත්සවය" වෙයි.

අපරදිග පිළිවෙත් පරිදී මළවුන්ගේ දිනයෙහි මංගල්‍යය පැවැත්වෙන්නේ නොවැම්බර් 2 වනදා වන අතර  සියළු සාන්තුවරයන්ගේ දිනයට පසුදින වෙයි.

"http://si.wikipedia.org/w/index.php?title=මළවුන්ගේ_දිනය&oldid=251638" වෙතින් නැවත ලබාගන්නා ලදි