මහා කාශ්‍යය මහා රහතන් වහන්සේ
මහා කාශ්‍යප හෙවත් කාශ්‍යප රහතන් වහන්සේ මගධයේ උපන් බ්‍රාහ්මණ වංශිකයෙකි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයෙකු වන අතර පළවන ධර්ම සංඝායනාව, රැස්කිරීම හා මෙහෙයවීම සිදුකළේ ද උන්වහන්සේය. බුදුරජාණන් වහන්සේ මුල් කාලීන ශ්‍රාවකයන් අතුරින් ඉතාමත් ගෞරවනීය ලෙස සළකන අතර ප්‍රතිමා නෙලීමේදී උන්වහන්සේ ආනන්ද තෙරුන් සමඟ බුදුරජාණන් වහන්සේ එක් පසකින් සිටින පරිදි දක්වයි.
සෙන් බුදු දහමේ ශ්‍රාවකයාගේ දාෂ්ටිය, ශාක්‍යමුනි බුදුරාජාණන් වහන්සේගේ පුෂ්ප දේශනාවේ අදහස්වලට සමාන අරමුණක් වෙත යොමු කරයි. එහිදී බුදුරජාණන් වහන්සේ සුදු මලක් අතට ගෙන එය දෙස බලා සිටින විට මහා කාශ්‍යප තෙරුන් මද සිනාවක් පෑ සේක. එවිට බුදුරජාණන් වහන්සේ, තමාව නිවැරදි ලෙස අවබෝධ කර ගත් ශ්‍රාවක ලෙස උන්වහන්සේව නම් කර, තම අනුප්‍රාප්තිකයා ලෙස පත්වීමට සුදුස්සා ලෙස දැක්වීය.
බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප තෙරුන් වෙත කරන ලද දේශනාව පහත වේ.
"මම සත්‍ය ධර්මය, නිර්වාණයේ විශ්මය, අරූපී භාවයේ නියම ස්වරූපය හා වචනයෙන් හෝ ලිවීමෙන් නියම ලෙස අවබෝධ කරවිය නොහැකි, සියුම් ධර්ම අවබෝධ කරගෙන සිටිමි. මෙය මම මහා කාශ්‍යප වෙත භාර දෙමි"
ඒ අනුව තාර්කික ඇඳහීම් හා ධර්ම ග්‍රන්ථ කියවීමෙන් නොව තමා විසින්ම අත්දැකීමෙන් අවබෝධ කර ගැනීමේ ක්‍රමයක් බුදුදහමේ ඇතිවිය. සෙන් බුදුදහම භාවනාමය ආගමක් වන අතර එය මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ක්‍රමයට අනුව මිනිසුන්ට නිර්වාණය අවබෝධ කරවයි.
Yongjia Xugajue (665 - 713) (චැන් බුදුදහමේ 6 වන නිකාය ප්‍රධානියා වන Hujneng ගේ ප්‍රධාන ශ්‍රාවකයෙකි) සම්බුද්ධ ගීතයේ සඳහන්ව ඇත්තේ ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වන මහා කාශ්‍යප මහරහතන් වහනසේ චැන් බුදුදහමේ පළමුවන නිකාය ප්‍රධානියා වන අතර, උන්වහන්සේගෙන් පැවත එන බෝධි ධර්ම චැන් බුදුදහමේ 28 වන මුලිකයා වේ.
චීන ජන ප්‍රවාදයකට අනුව Ji Gong භික්ෂුව මහා කාශ්‍යප රහතන් වහන්සේගේ (මකරා හීලෑකර රහතන් වහන්සේ ලෙසද හැඳින්වේ) පුනරුප්පත්තියකි.