මරියතුමියගේ නිර්මල පිළිසිඳීම

විකිපීඩියා වෙතින්
මරියතුමියගේ නිර්මල පිළිසිඳීම
ගරු කරනු ලබනුයේරෝමානු කතෝලික සභාව
සමහරක් පෙරදිග ඕර්තඩොක්ස් සභා
ඉස්ලාම් ආගම, ඇංග්ලිකානු සංසදය
මංගල්‍යය දිනදෙසැම්බර් 8

නිර්මල පිළිසිඳීමයනු, [Notes 1] එතුමියගේ පිළිසිඳගැනීමෙහි මොහොතෙහි පටන්, කන්‍යා මරියතුමිය ජන්ම පාපයෙන් නිර්දෝෂ වූ බවට දැක්වෙන කතෝලික සභාවෙහි දෘෂ්ඨියකි.

දෙවියන් වහන්සේ ලෝකය මවා මිනිසාට බාරදුන් පසු මිනිසා දෙවියන් වහන්සේට විරුද්ධව පවක් කළා. ඒ පව තමයි දෙවියන්වහන්සේගේ වචනයට පිටුපෑම. ඒ පාපය නිසා තමයි ලෝකයට පාපය උරුම උනේ. ඒ පාපයටම තමයි අපි ජන්ම පාපය කියලා කියන්නේ. ආදී මවුපියන්ගෙන් පසු උපදින හැම කෙනෙක්ටම නිතැතින්ම ඒ පාපය උරුම වෙනවා. ජේසු මනුබව ගෙන මේ ලෝකයට එන්නේ ඒ පාපයෙන් අපිව නිදහස් කරන්න. මොකද ඒ පාපය නිසා මිනිසා හා දෙවියන් අතර තිබුණු ගැඹුරු සබඳතාවය පලුදු වෙලා තිබුනේ. නමුත් මිනිසාට තනිවම මේ පාපය ගෙවලා ඉවර කරන්න බැරි කම දෙවියන් වහන්සේ දැන සිටියා. උන්වහන්සේ මිනිසා කෙරෙහි ඇති අපිරිමිත ආදරය නිසා මේ ලෝකයට මිනිස් වෙසින් ඇවිත් ඒ පාපය අප වෙනුවෙන් ගෙවා යලිත් පරණ සබැඳියාව ඇති කරන්න තීරණය කළා. එතකොට දෙවියන් වහන්සේ උපදින්නට යන්නේ මිනිස් දියණියකගේ කුසින්. මම අර කියපු කාරනාව නිසා උපදින සියලුම මිනිසුන් පවට වහල් වෙලයි සිටියේ. මරිය තුමිව දෙවියන් වහන්සේ ඇය උපදින්නට පෙර මේ කාරිය සඳහා තෝරාගත්තා. ඒ නිසා කිසිම මිනිසකුට නොදුන් වරමක් ඇයට දෙවියන් දුන්නා. ඒ තමයි ජන්ම පාපයෙන් තොරව උපදින්න. ඇය ඇයගේ මවගේ, ඒ කියන්නේ ශාන්ත ආනා මුනිවරියගේ කුසයේ පිලිසින්දගත්ත මොහොතේම උන්වහන්සේ ඇයව ජන්ම පාපයෙන් නිදොස් කළා. මොකද ගැලවුම් කරුවාණන් උපදින්නට යන්නේ ඇයගෙ පිරිසිඳු කුසේ නිසා. මෙය තමයි නිර්මල පිලිසිදීමේ මංගල්‍ය කියන්නේ. නොදන්නා අය මෙය ජේසුගේ පිලිසින්දීම කියලා වැරදියට හිතාගෙන ඉන්නවා. මේ මංගල්‍ය ණය මංගල්‍යක්. දෙසැම්බර් 08.

සටහන්[සංස්කරණය]

  1. එතුමියගේ මවගේ ගර්භය තුල මරියතුමියගේ නිර්මල පිළිසිඳීම යන්න, කන්‍යාවක් වෙතින් ජේසුස්තුමාගේ උපත තුලදී මරියතුමියගේ නිර්මලත්වය හා සමගින් පටලවාගත යුතු නොවෙයි. බ්‍රොමීලි (1995), පි.272. බලන්න