පෘථිවියෙහි භ්‍රමණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පෘථිවියෙහි භ්‍රමණය පෙන්වන සජීවිවනයක්.

පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා ඝන පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.

භ්‍රමණ කාලාවර්තය [සංස්කරණය]

පෘථිවියෙහි ආක්ෂක ඇලය (හෝ ඇල බව) සහ භ්‍රමණ අක්ෂයට සහ කක්ෂයෙහි තලයට එය දක්වන සබඳතාවය මාර්තු විෂුවය තුලදී සූර්යයා සි‍ට නැරඹුවහොත් නිරික්ෂණය වන අයුරු.
පෘථිවිය වැනි ප්‍රක්‍රමණ ග්‍රහලොවක් මත, තාරීය දවස සූර්ය දවසට වඩා කෙටිය. කාලය 1 හිදී, සූර්යයා හා යම්කිසි දුර තාරකාවක් යන දෙකම මුදුන්ගතව පිහිටයි. කාලය 2 හිදී, ග්‍රහලොව 360° භ්‍රමණය වී ඇති අතර දුර තාරකාව නැවතත් මුදුන්ගතව පිහිටියත් සූර්යයා එලෙස නොපිහිටයි (1→2 = එක් තාරීය දවසක්). මෙයට ටික වේලාවක් පසුවන, කාලය 3, වන තුරු සූර්යයා නැවත මුදුන්ගත නොවෙයි (1→3 = එක් සූර්ය දවසක්).

සූර්යයාට සාපේක්ෂව ‍පෘථිවියෙහි භ්‍රමණ කාලාවර්තය (සැබෑ දහවල සිට සැබෑ දහවල දක්වා) යනු එහි සැබෑ සූර්ය දවස හෝ දෘශ්‍ය සූර්ය දවස වෙයි. එය වේලා සමීකරණයෙහි ව්‍යුත්පන්නය වන බැවින් පෘථිවි කක්ෂයේ විකේන්ද්‍රිකතාවය සහ පෘථිවි අක්ෂයෙහි ඇලය (ඇල බව) මත රඳා පවතියි. මේ දෙකම වසර දහස් ගණනක් පුරා පැතිර පවත්නා විචල්‍යයක් අත්විඳින බැවින් [1] සැබෑ සූර්ය දවසෙහි වාර්ෂීක විචල්‍යයද වෙනස් වෙයි. සාමාන්‍යයෙන්, එය වසරකට දෙවරක් සාමාන්‍යය සූර්ය දවසට වඩා දිගු වන අතර වසරකට දෙවරක් ‍ සාමාන්‍යය සූර්ය දවසට වඩා කෙටි වෙයි.[n 1] සූර්ය සමීපකය කිට්ටුවදී, සාමාන්‍ය පමණට වඩා වැඩි කෝණයක් ගනිමින් හා එම ගමනට තත්පර 10 පමණ වැඩිපුර ගනිමින්, සූර්යයාගේ දෘශ්‍ය චලිතය ක්‍රාන්තිවලය හරහා සිදු වන විට, සැබෑ සූර්ය දවස දිගු වීමට ප්‍රවණතාවයක් ඇත. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන්, සූර්ය දුරකය සමීපයෙහිදී එය තත්පර 10 පමණ කෙටිය.



[2]

සටහන් [සංස්කරණය]

  1. පෘථිවියෙහි විකේන්ද්‍රිකතාව 0.047 වඩා වැඩි වුවහොත් සහ සූර්ය සමීපකය සුදුසු විෂුවයක හෝ නිවෘත්තියක හෝ පිහිටයි නම්, එක් උපරිමයක් සහිත එක් කාලාවර්තයක් පමණක් උපරිම දෙකක් සහිත අනෙකුත් කාලාවර්තයක් සමතුලිත කරයි.[2]

ආශ්‍රිත [සංස්කරණය]

  1. කාල සමීකරණය ව්‍යුත්පන්න කිරීම
  2. 2.0 2.1 Jean Meeus, Mathematical astronomy morsels (Richmond, Virginia: Willmann-Bell, 1997) 345–6.