බේස්බෝල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බේස්බෝල්
Wrigley field 720.jpg
The baseball diamond at Wrigley Field, Chicago
පළමුව ක්‍රීඩා කලේ Mid-18th century or prior, England (early form)
June 19, 1846, Hoboken, New Jersey (first recorded game with codified rules)
ගුණාංග
කණ්ඩායම් සාමාජිකයෝ 9
වර්ගීකරණය Bat-and-ball
උපකරණ Baseball
Baseball bat
Baseball glove
ඔලිම්පික් 1992–2008

ක්‍රීඩකයින් නව දෙනෙකුගෙන් සමන්විත පන්දුව හා පිත්ත භාවිතයෙන් කණ්ඩායම් දෙකක් අතර කෙරෙන ක්‍රීඩාවක් ලෙස බේස් බෝල් ක්‍රිඩාව හැඳින්විය හැකිය. අඩි අනූවක චතුරස්‍රාකාර හෝ දියමන්ති හැඩයට තැනූ පිටියක කඩයිම් (නැවතීම්) හතරක් සම්පූර්ණ කරමින් සිය දිවීම් වාරය සම්පූර්ණ කළ යුතුයි. පන්දුවට පහර දෙන කණ්ඩායම අතර මෙම තරඟයේදී කෙසේ හෝ පිතිකරුවන් දවා ගැනීම පන්දු රකින කණ්ඩායමේ උත්සාහයයි. පිතිකරු කඩයිම් හතරෙන් කොතනක හෝ නැවතිය හැකිය. පිතිකරුවන් තිදෙනෙකු දැවුණු අවස්ථාවේ දී කණ්ඩායම් මාරුවක් සිදු කළ හැකිය. එනම් පිතිකරු පිළ පන්දු රැකීමටත්, පන්දු රකිනා පිළි පිතිකරු පිළ ලෙසටත් ය. වෘත්තීමය බේස් බෝල් තරඟයක දී ඉනිම් නවයක් පවත්වන අතර වැඩිම ලකුණු ලබා ගත් පිළ ජයග්‍රාහී කණ්ඩායම වේ. අත්දැකීම් බහුල වැඩිහිටි සේම තරුණයන් අතර ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් වන මෙම ක්‍රීඩාව උතුරු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව, දකුණු ඇමරිකාවේ සමහර රටවල්, කැරිබියන් දූපත්, නැගෙනහිර ආසියාව, හා ගිණිකොණ ආසියා යන රටවල් අතර ප්‍රචලිතව ඇත. 18 වන ශත වර්ෂයෙන් ඇරඹුණු නූතන බේස් බෝල් ක්‍රීඩාවේ ආරම්භය උතුරු ඇමරිකාවයි. අනෙකුත් පන්දු ක්‍රීඩා සේම බ්‍රිතාන්‍යය සංක්‍රමනයන්ගෙන් ඇමරිකාවට ලැබුණු දයාදයකි මෙම ක්‍රීඩාව. 19 වන ශත වර්ෂයේ දී එම ක්‍රීඩාව එක්සත් ජනපදයේ ජාතික මට්ටම දක්වා නැංවුණු අතර එම ක්‍රීඩාව උතුරු ඇමරිකානු ප්‍රධාන පෙළේ බේස් බෝල් කණ්ඩායම් ප්‍රධාන වශයෙන් කණ්ඩායම් 2කට ඇතුළත් වේ. එනම් National League (NL) සහ American League (AL) යනුවෙනි. මෙම සෑම කණ්ඩායමක්ම නැවත නැගෙනහිර බටහිර හා මධ්‍යම ලෙස අනු කොටස්වලට බෙදේ. ශූරතා තරඟාවලියේ දී කොට්ඨාශ කණ්ඩායම් තුනක් ද කොට්ඨාශ නොවන කණ්ඩායමක් ද ඇතුළත් වේ. කොට්ඨාශ නොවන තරඟ අතර “wild card” කණ්ඩායම ඉහළ වාර්තා තබා ඇත. ජාතික කණ්ඩායමේ සම්ප්‍රදායික (league) නීතිරීතිවලට අනුව පන්දු යවන්නා ද පන්දුවට පහර දිය යුතු අතර ඇමරිකන් කණ්ඩායමේ නීතිරීති අනුව දසවැනි ක්‍රීඩකයකු ඉන්නා අතර ඔහු පන්දු යවන්නා වෙනුවෙන් පන්දුවට පහර දෙයි. ප්‍රධාන ක්‍රීඩා සමාජයට අනුගතව ඇති කුඩා කණ්ඩායම් සිය කුඩා ක්‍රීඩා සමාජවල තරඟකරුවන් ප්‍රතිවාද කණ්ඩායමට මුහුණ දිය යුතු ආකාරය නියමාකාරයෙන් පුහුණු කරනු ලබයි.

00000000002.JPG
"http://si.wikipedia.org/w/index.php?title=බේස්බෝල්&oldid=249460" වෙතින් නැවත ලබාගන්නා ලදි