බුලත් හා සිංහල සමාජය

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
400px‎

හැදින්වීම. සිංහලයාගේ ජන ජීවිතය සමඟ විවිධ උත්සව සම්බන්ධ වේ. එකී සෑම උත්සවයකදීම බුලතට වැදගත් ස්ථානයක් හිමි වේ. මංගල අවමංගල උත්සවවලදී පමනක් නොව වැඩිහිටියත්, ගුරුවරුන්,භික්ෂුන් පිදීමේදී.බුලත් භාවිතා වනු පෙනේ සිංහල සංස්කෘතියෙහි පමණක් නොව ඉන්දියාව,බුරුමය,පිලිපිනය,පකිස්ථානය,බංගලාදේශය යන වෙනත් රටවලද බුලත් කැමට පමනක් නොව වෙනත් විවිධ අවස්ථාවලදි ද එය භාවිත කරයි. මෙහිදි අපගේ අවධානය යොමු වනු ලබන්නේ සිංහල සමාජය හා බුලත් අතර ඇති සම්බන්ධය පිළිබඳ කෙටි විමසුමකි.එම විමසුමේදි සිංහල සමාජය බුලත් යනු විට කැමට ගන්නා කොළ විශේෂයක් පමනක් නොව ඊට වඩා ගැඹුරු අර්ථ ගෙන දෙන දෙයක් බව පෙන්නුම් කෙරේ.

පටුන

[සංස්කරණය] බුලතේ උපත

බුලතේ උපත පිළිබදව විමසිමට මේ ලිපිය දිශාගත නොවුන ද ඒ පිළිබදව යම් අදහසක් හෝ දැන සිටිම වැදගත්ය. බුලත් ඉන්දියා සංස්කෘතියෙන් අපට ලැබුනක් සේ සලකති. හින්දු විශ්වාසයට අනුව බුලත් දිව්‍ය ලෝකයෙන් ලැබුනක් වේ. එය මනු ලොවට ගෙන ලද්දේ "අර්ජුන්" නම් දිව්‍ය කුමාරයෙකු විසිනි. නමුත් සිංහලයාගේ විශ්වාසයට අනුව බුලත් නාග ලොවේ සිට ලැබුනකි. එය නාගයන් විසින් මනු ලොවට මුකයෙන් අල්ලා රැගෙනවිත් ඇත. ඒ නිසා බුලත් සැපිමේදි කොළයේ අග්ගිස්ස කඩා දමනු ලබන්නේ නයි විෂ දුරු විම සදහාය. අතිත කැලණි ප්‍රදේශයේ සිංහලයා මෙම ජනප්‍රවාදයට ගරු කරනු බුලත් කොටුවකින් ලබා ගන්නා මුල්ම බුලත් කොළ ටික පුවක් මලක් සමඟ කැලණි වෙහෙරට පුජා කර ඇත. "දළු මුර උපත " නම් ශාන්ති කර්මයේදි ද සිංහල තොවිල් කවි වලින්ද බුලතේ උපත ගැන කියවේ.කෙසේ වෙතත් බුලත් නිවර්තන කලාපීය ශාඛයකි.ලංකාවේ සෑම ප්‍රදේශයකම බුලත් වගා කළ හැකිය.මේ නිසා අතීතයේ සිටම සෑම සිංහල නිවසකම බුලත් වැලක් පුවක් ගස් කිහිපයක් සිටුවා ගැනීම සිදුකෙරේ.ගෙමිදුල මැද සාරවත් බුලත් කොටුවක් තිබීම උතුම් සිංහල කරුණක් ලෙස සලකා ඇත. බුලත් හරුල්ලක් හෙවත් බුලත් අතකට පහත රට ප්‍රදේශවල කොළ 40ක් ගනු ලැබේ.නමුත් උඩරට ප්‍රදේශවලදි ගොන්නක් හෝ මිටියක් වශයෙන් ගෙන බුලත් අත පිළිගැන්වීම සිදුවේ.බුලත් අතට කොළ 40ක් යොදා ගැනීම පිළිබඳව විවිධ මත පවති.චුලෝධර මහෝධර ගැටුම සමථයකට ලත් කිරිමේදි දෙපාර්ශවයම නියෝජනය වන පරිදි බුලත් කොළ 20 බැගින් ගෙන ඇත.එක් පාර්ශවයකින් බුලත් 20ක් ගනු ලැබුවේ අතේ ඇඟිලි 10 , පාදවල ඇඟිලි 10 එකතු වීම පදනම් කරගනිමිනි.ඒ අනුව චුලෝධර මහෝධර යන ප්‍රධානින් දෙදෙනාගේ අත් පාවල ඇඟිලි ගණන බුලත් කොළ 40 මඟින් පෙන්නුම් කරයි.ඒවා එකට තැබීමෙන් සමගිය හා සහජීවනය සංකේතවත් කරයි.

[සංස්කරණය] බුලත් වර්ග

සිංහලයා විසින් බුලත් වර්ගීකරණයකට ද ලක් කර තිබේ. ඔවුන් ට අනුව ප්‍රධාන වශයෙන් බුලත් වර්ග 10කි.

  1. නාගවල්ලී
  2. මහ මානේරු ( කහ මානේරු)
  3. රටදළු බුලත් ( රට බුලත්)
  4. ගල්දළු බුලත්
  5. වැල් බුලත්
  6. මැටි පලා බුලත්
  7. කහ කීරිය බුලත්
  8. ගැට කෝටු බුලත්
  9. ගස් බුලත්(ගස් දළු බුලත්)
  10. ගැරඬි මානේරු


[සංස්කරණය] සිංහල ආහාර රටාව හා බුලත

මහාවංශයට අනුව සිංහල ආහාර රටාවේ අමතක කල නොහැකි අංශයක් වනුයේ බුලත් කෑමය.පෙර පටන් පැවති චාරිත්‍රයක් වු බුලත් කෑම රජුගේ සිට සාමාන්‍ය වැසියා දක්වාම ප්‍රචලිත වුවකි.වැඩෙහි යෙදෙන අතර මෙන්ම විවේකීව සිටින විටෙක සිංහලයා ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව බුලත් නිරතව ඇත. වැඩිහිටියන්ගේ බුලත් කෑමේ සිරිත එවක පරපුරෙන් පරපුරට මෙරට තුළ පැවති ඇත. ආහාර අනුභවයෙන් පසුව බලත්,පුවක්,හුණු,දුම්කොළ සමඟ කට සුවඳ කරන කුළුබඩු වර්ග ද හැපිමට පුරුදුව වි ඇත. නමුත් මහියංගනය බිම් තැන්න වැනි දුෂ්කර වියළි කළාපීය පදේශවල ජනතාව බුලත් කෑමට අවශ්‍ය දව්‍ය සපයා ගැනීමේ අපහසුතාව නිසා බුලත් කොළ වෙනුවට රට හිගුරු කොළද පුවක් වෙනුවට කහට පොතුද ඊට අමතරව තලා කොළ පන්නන් නැටි ගිනි හැලි දෙමට ගෙඩි යනාදි යත් භාවිතා කර තිබෙ.


[සංස්කරණය] බුලත් හා සිරිත් විරිත්

වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම, ගුරු දෙගුරුන්ට ආචාර කිරීම, බුලත්දීම, සමාව ඉල්ලීම, සමාව දීම, බොහෝ චාරිතු වාරිත්‍ර අතර ප්‍රධාන තැනක් ගනියි.
සිරිත් විරිත් වලදී බුගත් අත ප්‍රබල තැනක් ගන්නා දෙයකි. දුම්කොළයක් සහිත බුලත් දෙවිස්සක් දී ගුරුන් දෙගුරුන් නැමදීම, සමාව ගැනීම, එදා පටන්ම පැවැතුණු සිරිතකි. පින්කමට භික්ෂූන්වහන්සේට ආරාධනා කිරීමට පෙරටු කොට ගන්නේ බුලත් පසයයි. මඟුල්තුලා වලට, ගෙට ගෙවැදීමට, ආරාධනා කිරීමට උපයෝගී කරගත්තේද බුලත් හෙප්පුවයි.


[සංස්කරණය] බුලතට වෙනත් නම්

මල් බුලත්, නාගවල්ලි, ගැටතවාලු, හීන් තවාලු, දලු බුලත්, කොරිකං ආදී නම් වලින් ගැමියෝ බුලත් හඳුන්වති.


[සංස්කරණය] බුලත් පිළිගැන්විමේ ක්‍රම

Mainpic.jpg

බුලත් පිළිගැන්විමේ රටාවන් කිහිපයක් දක්නට ලැබේ.

  • බුලත් කොළයේ නැට්ට කොටස පිළිගනු ලබන්නා දෙසට හරවා පිළිගැන්වීම

මෙම ක්‍රමය අනුගමනය කරනු ලබන්නනේ උතුමන්ට වියතුන්ට හා වෙනත් ගෞරවනීය පුද්ගලයන්ට බුලත් පිරිනැමිමේදිය.භික්ෂුවක් , වෙදමහතෙක්, මුලාදෑන්වරයෙක් , ගුරුවරයෙක් , වැඩිහිටි ඥාතියෙක් හෝ වෙනත් ප්‍රභූවරයෙකුට බුලත් දිමෙදි මේ ක්‍රමය අනුගමනය කරයි.

  • බුලත් කොළය හරහට තබා පිළිගැන්වීම

මෙම ක්‍රමයට බුලත් පිළිගන්වනු ලබන්නනේ වයසින් සමකාලීන හෝ වෙනත් කරුණකින් සමාන අය සඳහාය.බුලත් කොළය හරහට තැබිමෙන් සමාන්තර බව කිය වේ.

  • බුලත් කොළයේ වලිගය නැතහොත් සිහින් කොටස පිළිගනු ලබන්නා දෙසට හරවා පිළිගැන්වීම

මෙම ක්‍රමයට බුලත් පිළිගන්වනු ලබන්නනේ තමන්ට වඩා කුලයෙන් අඩු අයටය.


බුලත් පිළිගැන්විමේ මෙම රටාවන් 3 පිළිබඳ පහත ජන කවියෙන්ද ප්‍රකාශ වේ.

බුලත් දීම දෙන් පෙර සිරිත අනුවම මහත්මනට දෙන් නැටි කොණ හරවාම සමත් අයට බුලතේ හරහටම පහත් අයට දෙන් වලිගය හරවාම

[සංස්කරණය] මංගල ආරාධනාව හා බුලත්

සිංහලයා තම ඥාති හිත මිත්‍රාදින්ට විවාහ මංගල්‍යයන්ට ආරාධනා කරනු ලැබුවේද "බුලත් දීම" මඟින්ය.

[සංස්කරණය] ඇවැස්ස විවාහ හා බුලත්

සිංහල සමාජයෙහි ඥාති ක්‍රමය අනුව මස්සිනා නැනා විවාහය සිදුවෙයි.නැනා අයිති මස්සිනාටය.ඒ නිසා පිටස්තර පුද්ගලයෙක් තම නැනා විවාහ කර ගනීනම් මස්සිනාගෙන් කැමැත්ත ගත යුතු වේ. ඒ සඳහා කඩුලු බුලත් වශයෙන් බුලත් ලබා දීම සිදුවෙයි.

නාග ලොවේ වද බුලත් උපන්නේ

නා රජුහුය ඒ ගෙනවිත් දුන්නේ

ඇවැස්ස මස්සිනා මමයි බොලන්නේ

කඩුලු බුලත් මට දීලයි යන්නේ


[සංස්කරණය] බුලත් හා රොබට් නොක්ස්

රොබට් නොක්ස් බුලත් මෙසේ හඳුන්වයි. "අන් සැම දෙයකටම වඩා ඔවුහූ බුලත් හැපීමට ආශා ඇත්තෝය. නින්දට යන විට බුලත් විටකින් කට පුරවාගන්නා ඔවුහූ අවදි වන විටත් එහි හපය සුරැකිව මුව තුළ අඇත්දැයි පරික්ෂාකාරීව බලති. නොකා නොහැඳ සිටියත් බුලත් විටක් නොකා නම් සිටින්නට නොහැකිය යනු ඔවුන්ගේ කතාවකි."


[සංස්කරණය] බුලතින් ආ ආම්පන්න

බුලත් කෑමට ලාංකිකයන් ඇබ්බැහිවීම නිසා එදා අමුතු උපකරණ නිපදවිණි. බුලත් හෙප්පුව, හුණු කිල්ලෝටය, ගිරය, පඩික්කම, මේ අතර වේ. නිවසක සාමාන්‍යයෙන් තිබෙන බුලත් හෙප්පුව ලීයෙන් තැනූ පෙට්ටියකි. පිත්තලෙන් තැනූ ඉලත් තට්ටුද දැකිය හැකිය. පඩික්කමක් නිර්මාණය වූයේද මේ බුලත්විට කෑම නිසාය.


[සංස්කරණය] බුලත් විට

වර්තමානයේ අංග සම්පූර්ණ බුලත් විටකට බුලත්, පුවක්, හුණු, දුම්කොළ තිබිය යුතුවේ. එහෙත්, පුරාණ සිංහලයෝ දුම්කොළ භාවිතා නොකළහ. ලන්දේසින් මෙරටට දුම්කොළ ගෙන ඒමෙන් පසුව බුලත් විටට දුම්කොළ එකතු විය.
පුවක්, කරදමුංගු, ඉඟුරු පියළි, වැල්මී, හුණු, කස්තුරි යන මේවා එදා ආර්‍ය්‍යයන් බුලත් සැපීමේදී භාවිතා කල බව පෙනේ. බුලත් විටට එනතුවූ තවත් විශේෂාංගයක් නම් කයිප්පුය.
බුලත් විටක් කෑමෙහිදී උදේ වරුවේ වැඩිපුර පුවක් සමගද, මද්දහනේ කයිප්පු වැඩි කොටසක් සමගද, රාත්‍රී කාලයේදී හුණු වැඩිපුර ද සංයෝගය කොට බුලත් සැපිය යුතු බවට භාව ප්‍රකාශනයේ සඳහන්ව තිබේ.
යෝග රත්නකාරයේ සඳහන් වන පරිදි බුලතට එක්වූ පස් පලවන මෙසේය. සාදික්කා, තකුල්, හීන් එනසාල්, අරළු, සහ පුවක්ය. තකුල් යනු කපුකිනිස්සය.
කයිප්පු සාදන්නේ රත්කීරිය අරටු කකාරා ගත් ජලය උණු කිරීමෙන්ය. පසුව ඒවා හිඳවනු ලැබේ.

[සංස්කරණය] මේ අඩවියත් බලන්න