සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍ර

විකිපීඩියා වෙතින්
(මංගල චාරිත්‍ර වෙතින් යළි-යොමු කරන ලදි)

සාම්ප්‍රදායික සිංහල විවාහ මංගල්‍යය අනෙක් සෑම මංගල අවස්ථාවකට ම වඩා වෙනස් හෙළ කුල සිරිතට අනුව ඉෂ්ට සිද්ධ වන්නා වූ උත්සවයකි. එහි ඉටු කරන චාරිත්‍ර අතුරින් මංගල පෝරුවට හිමි වන්නෙ සුවිශේෂි ස්ථානයකි.

සාම්ප්‍රදායික සිංහල විවාහ මංගල උත්සවයක්

නැකැත් පත්‍රය[සංස්කරණය]

මනාලයාගේ පාර්ශවය විසින් මංගල දිනයට ප්‍රථමව මනාලියගේ පාර්ශවය වෙත මංගල දින‍යේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් රැගෙන යනු ලබයි.එය නැකැත් පත්‍රයයි.

ආරාධනා කිරීම[සංස්කරණය]

නැකැත් දීමෙන් විවාහය ගිවිස ගත් පසු උත්සවයට සතියකට දෙකකට පමණ කලින් දෙපාර්ශවයේ අය තම නෑයන්ගේ ගෙවල්වලට ගොස් මඟුල් කෑමට එන ලෙසට වැඩිහිටියෙකු ලවා ආරාධනය කෙරේ. පිත්තල හෙප්පුවක හෝ රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සු‍වකින් වසා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතය. [1]

මංගල පෝරුව[සංස්කරණය]

පෝරුව හා බැඳුණු පැරණි මත[සංස්කරණය]

පෝරුවේ උපත කවදා කොතැනක දී සිදු වීද යන්නට පැහැදිලි සාක්ෂි නොමැති හෙයින් ඒ පිළිබඳ විවිධ මත පළ වී ඇත. මහ සම්මත රජ දවස සි‍ට පෝරුව පැවත එන බවත් මහ සම්මත රජු සහා මැණික්පාල කුමරිය නොහොත් මුතුකෙලී කුමරියගේ විවාහ මංගල්‍යය සඳහා චන්දගිරි පර්වතයේ වෙසෙන විස්කම් දිව්‍යරාජෝත්තමයන් නරලොවට පැමිණ ප්‍රථම මංගල පෝරුව නිර්මාණය කළ බව සඳහන් වන අතර නෙළුම් පත්මයක ඕපපාතිකව උපන් පත්මාවති කුමරිය බරණැස් රජුට සරණ පාවා දුන් තැන් සිට පෝරුව පැවත එන බවත් පත පොතේ සඳහන් වේ.

සිද්ධාර්ථ - යශෝධරා කුමරියගේ විවාහ මංගල්‍යයේ පටන් පෝරුව පැවත එන බවට ද මතයක් පවතී. පෝරුව යුවතිපති දෙපළට සෙත් ශාන්තියක් උදා කරන තැනකි. පොළවට මඳක් ඉහළින් සකස් කරන ලද පුවරුව පෝරුව යන්නෙන් හඳුන්වන අතර මල් ලියකම්වලින් එය අලංකාර කර ඇත. පුරාණයේ නම් කිරිබත්, කැවුම්, කෙසෙල්, තැඹිලි ආදිය පෝරුව මත තැන්පත් කරන ලද බව සඳහන් වන අතර වත්කමේ හැටියට රන්, රිදි, මුතු, මැණික්, පස්ලො කාසි ඒ මත ඇතිරූ බවට ද කියැවේ.

මංගල පෝරුව චාරිත්‍ර සඳහා අවශ්‍ය දව්‍ය[සංස්කරණය]

  1. සුදු රෙදි යාර 3
  2. සුදු හාල් කිලෝ 1
  3. ලදපස් මල් පැකට් 1
  4. පඬුරු 21
  5. බුලත් අත් 7
  6. පිරිත් නූල් කැබැල්ලක්
  7. කෙන්ඩියක් හෝ සංඛයක්
  8. පැන් වැඩිමට භාජනයක්
  9. පොල් මල් 4
  10. පොල් ගෙඩියක්
  11. මැ‍ටි පහන් 4
  12. පහන් තිර පැකට් 1
  13. පොල් තෙල් බෝතල් 1/2
  14. කැත්තක්


මනාලයා විසින් ගෙන ආ යුතු කළමනා[සංස්කරණය]

  1. හඟල හුරැලු සඳහා බුලත්
  2. කච්චි හේලය (මනාලියගෙ මෑණියන්ට පිදිමට)
  3. මංගල මුදු
  4. තැල්ල
  5. පිළි (‍දෙවැනි ගමන සඳහා )


පෝරුවේ චාරිත්‍ර[සංස්කරණය]

ප්‍රථමයෙන් සුභ මූර්ති චාරිත්‍රයන් උදෙසා නව ජයම්පතින් පෝරු මස්තකාරූඪ කරනු ලැබේ.

1.සතර වරම් දෙවියන් උදෙසා පහන් දැල්වීම[සංස්කරණය]

පෝරුව සිව් කොනෙහි ධෘතරාෂ්ට, විරෑඬ, විරෑපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දිව්‍යරාජෝත්තමයන් උදෙසා පුන් කලස් මත පහන් දැල්වීම.

2.ත්‍රිවිධ රත්න නමස්කාරය[සංස්කරණය]

ත්‍රිවිධ රත්න නමස්කාර‍යෙන් සහ සර්වදේව අවසරයෙන් පසුව හෙළ සංස්කෘතික ‍පෞඨත්වය විදහාපාමින් මංගල බෙරසක් හඬ මැද දකුණු පාදය පෙරට තබා නව ජයම්පතින් පෝරු මස්තකාරූඪ කරනු ලැබේ.

3.දළු මුර පිදීම[සංස්කරණය]

බුලත් හුරැල්ලක් මත පඬුරක් තබා යුවළගේ අතට දී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දිව්‍යරාජෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදයත් ලබා ගනි. බුලත් කොළ 40කින් සමන්විත වේ.

4.භූම දිව්‍යරාජෝත්තමයන්ගෙන් අවසර ලබා ගැනීම[සංස්කරණය]

බුලත් හුරැල්ලක් යුවළගේ අතට දී දිව්‍ය රාජෝත්තමයන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ ස්තෝත්‍ර ගායනා කිරීමත් සමඟ බුලත් හුරැල්ල පෝරුව මත පතිත කළ යුතු ය.

ස්තෝත්‍ර ගායනා කරන අවස්ථාව

5.තැල්ල හා පිළි ඇන්දවීම[සංස්කරණය]

පිළි ඇන්දවීමේ අවස්ථාව


පිළි ඇන්දවීමේ අවස්ථාව

6.අත් කවුතුක බැඳීම[සංස්කරණය]

යුවළගේ දකුණු අතේ දෙසුළැඟිලි පිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබේ.

7.පැන් වැඩිම[සංස්කරණය]

පිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබු යුවළගේ දකුණු අතේ දෙසුළැඟිලි පියාණන් අතින් පැන් වැඩිම සිදු කරයි. තමන්ට අයිති වස්තුවක්අන් අයෙකුට පවරා දීමේ දී මෙසේ පැන් වඩා භාර දුන් බව ඉතිහාසය සාක්ෂි දරයි.

පැන් වැඩීමේ අවස්ථාව

8.ජය මංගල ගී ගායනය[සංස්කරණය]

විවාපත් යුවලට ආශිර්වාද පිණිස නව යොවුන් තරුණියක් (හෝ පිරිසක්) විසින් [[ජයමංගල ගාථාා]] ගායනා කෙරේ.

යව්වනියන් විසින් ජයමංගල ගාථා ගයනා කරන අවස්ථාව

9.හඟල හුරුළු පිදීම[සංස්කරණය]

හත්මුතු පරම්පරාවක් සිහිපත් කිරීම උදෙසා බුලත් හුරැළු 7ක් පෝරුව මත පතිත කිරීම කරනු ලැබේ.

10.බුලත් හුරැළු ගෙන නව ජයම්පතින්ට සුභ පැතීම[සංස්කරණය]

11.කිරිකඩ හේලය පිදීම[සංස්කරණය]

මේ කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය හෙවත් කච්චි කිරිකඩ මනාලියගෙ මෑණියන්ට පෝරුවේ දී පිදීම ඉතා ගෞරවනීය ලෙස ඉටු කළ චාරිත්‍රයකි. සිය මනාලියට මනාලියගෙ මෑණියන් පෙවූ කිරිවල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ හේලය පිදු බව කියැවේ. මෙයට ඇතැම් පළාත්වල කිරිකඩ කච්චිය හෝ ගෙටදෙන සේළය යැයි ද කියති. ඇතැම් පළාතක කච්චි කිරිකඩක් සමග ගිරයක් හා හුණු කිල්ලෝටයක් ද දෙනු ලැබේ.

12.දෑවැද්ද දීම[සංස්කරණය]

මනාලියගේ පියා විසින් මනාලයාට තෑගි දෙන ක්‍රමයක් ද තිබේ. කැත්තක්, උදැල්ලක්, රිදී හවඩියක් ද මේ තෑගි අතරට අයත් ය.

13.පෝරුවෙන් බැස්සවීම[සංස්කරණය]

විවාහ යුවල පෝරුවෙන් බස්වන අවස්ථාව එම අවස්ථාව ඉතා දුර්ලබයි

මෙම ලිපිත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ශ්‍රී ලංකා‍වේ විවාහ චාරිත්‍ර-සේනාරත්න,පී.ඇම්.
  • සිරිකත පුවත් පත 2006 ජනවාරි 12