බිපාශා බාසු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
tiny globe
බිපාශා බාසු 2009 අප්‍රියෙල් හි ෆිල්ම් ෆෙයාර් කවර නිකුතුව දියත් කීරිමකදි ය.
උපත 1979 ජනවාරි 7(වයස31)
නව දිල්ලිය,ඉන්දියාව
රැකියාව නිරුපිකාවකි,නිළියෙකි.
ක්‍රියාකාරි වර්ෂයන් 2001-වර්තමාන
සහකරු ජෝන් ඒබ්‍රහම්(2002-වර්තමාන.)

බිපාශා බාසු (1979 ජනවාරි 7 වන දින උපත ලැබූ) ප්‍රධාන වශයෙන් නිළියක් වන අතර, නිරූපිකවක් ලෙසටත් කටයුතු කලාය. 1996 දි,"ෆෝර්ඩ්'ස් ගොඩ්‍රිජ් සින්තෝල් සුපර් මොඩෙල්" තරඟයෙන් ජය ගත් ඇය ඉන්දියාවේ සිටින ප්‍රධාන නිළියන්ගෙන් අයෙකි.

පෙර ජීවිතය

ඇය නව දිල්ලියේ උපත ලැබු බෙන්ගාලි හින්දු පවුලකට අයත් තැනැත්තියකි. දියණියන් තිදෙනාගෙන් දෙවනියා ඇය වන අතර,වැඩිමහල් සොයුරිය "බිදිශා" වන අතර නැගණිය "විජෙයතා" ය. නව දිල්ලියේ උපත ලැබුවද,පසුව ඔවුන් කල්කටාවට පැමිණීයහ. පළමුව වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට අදහස් කල ඇය, පසුව නිරූපනයට හා රඟපෑමට ආවේ අහම්බෙනි. බාසු,12 ශ්‍රේනිය දක්වා විද්‍යාව "භවාන් ගන්ගාබ්ක්ස් කනෝරියා විද්‍යාමන්දිර් හි" ඉගෙන ගත් අතර, පසුව "භවානිපූර් ගුජරාතී එඩුයුකේශන් සොසිටි විදුහලින් ව්‍යාපාර අධ්‍යනය හදාරන ලදී. ඇය කල්කටා විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගත්තාය. කල්කටාවේ දි ඇය අමතරව නිරූපනයට හා වැඩසටහන් වලටද පෙනි සිටියාය. ඉහත සඳහන් කල පරිදි ඇයට වෛද්‍යවරියක වීමට ඕනෑ වුව ද, විච්ඡේදන වලට ඇති අකමැත්ත නිසාවෙන් ඇය ගිනුම්කරණය සඳහා යොමු විය. 1996 දි,ඇය ප්‍රසිද්ධ නීරූපිකවක් වන "මෙහෙර් ජෙසියා " මුන ගැසුණු අතර ඇයගේ ඉල්ලීමකට අනූව බාසු "ගොඩ්‍රිජ් සින්තෝල් සුපර්මොඩෙල්" තරගයට ඉදිරිපත් වි ජයග්‍රහණය කලාය.

සටහන[සංස්කරණය]

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Bipasha_Basu

"http://si.wikipedia.org/w/index.php?title=බිපාශා_බාසු&oldid=250315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි