පෞද්ගලික පරිගණකය

විකිපීඩියා වෙතින්
පෞද්ගලික පරිගණකය
නවීන මාදිලියේ ඩෙස්ක්ටොප් පරිගණකයක සිතුවමක්

පෞද්ගලික පරිගණකය යනු තනි පාවිච්චිය සඳහා ප්‍රයෝජනවත් වන ලෙස මිල, ප්‍රමාණය හා පහසුකම් සහිත පරිගණක මෙහෙයවන්නෙකුගේ සහයෝගයෙන් තොරව තනි පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිගණකයකි.

නූතනයේදී ඩෙස්ක්ටොප් පරිගණක හෝ ටැබ්ලට් පරිගණක පෞද්ගලික පරිගණක ලෙස භාවිතා කරයි. වඩාත් ප්‍රචලිත පරිගණක මෙහෙයුම් පද්ධති වනුයේ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් වන අතර වඩාත් ප්‍රචලිත මයික්‍රොප්‍රොසෙසර වනුයේ x86 සහ පවර් පීසී ඊපීයූය. පෞද්ගලික පරිගණකවල භාවිතාවන මෘදුකාංග අතර වචන සකසන, පැතුරුම්පත්, පරිගණක ක්‍රීඩා සහ විශේෂ අරමුණූ සඳහා සැකසුණු මෘදුකාංග හා පෞද්ගලික නිපැයුම් සඳහා වූ මෘදුකාංග ආදිය වේ. නවීන පෞද්ගලික පරිගණකවල අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති අන්තර්ජාලය‍ට සම්බන්ධ විය හැකි අධිවේගී හෝ අංකන සම්බන්ධතා ඇත.

පෞද්ගලික පරිගණකයක්, ගෘහස්ත පරිගණකයක් හෝ පෙදෙසි ක්ෂේත්‍රඑල ජාලයක් එකකට සම්බන්ධ වී ඇති කාර්යාලවල පවතින පරිගණකයක් හෝ විය හැක. මෙම පරිගණකවල පැහැදිලි ගුණාංගයක් නම් වරකට එක් පුද්ගලයෙක් විසින් මූලිකව භාවිතා කළ හැකි වීමයි. මෙය විශාල පිරිසක් විසින් එකම වේලාවකදී භාවිතා කළ හැකි විශාල මිල අධික පරිගණක පද්ධති හෝ කාර්යක්ෂමව ක්‍රීයාකිරීමට විශාල කණ්ඩායමක් අවශ්ය කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් විශාල කණ්ඩායමක් අවශ්‍ය කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් වේ.

මුල් PC අයිතිකරුවන් හට සාමාන්‍යයෙන් යම් කාර්යක් ඉටුකර ගැනීම සඳහා තමන් විසින්ම ක්‍රමලේඛණ සැකසීමට තිබුණු අතර වර්තමානයේ භාවිතා කරන්නන් සඳහා නොමිලයේ හා මිලදී ගත හැකි පහසුවෙන් පිහිටුවිය හැකි මෘදුකාංග විශාල ප්‍රමාණයක් පවතී. සමාන පහසුකම් මෙහෙයුම් පද්ධති ක්‍රමලේඛ හා සමාන උපාංග සහිත පෞද්ගලික සංඛ්‍යාංක උපකාරක (PDA), ජංගම දුරකථන හා පාවිච්චි කළ පරිගණක වෙළඳ පොලේ සිදුවන ඒකරාශීවීම හා විශාල උපකරණවලට ගොඩනැගෙන ප්‍රතිරෝධය මෙම උපාංගද පෞද්ගලික පරිගණක ලෙස හැඳින්වීම තීරණය කරනු ඇත.

ඉතිහාසය[සංස්කරණය]

විද්‍යුත් පරිගණක හදුන්වාදීමත් සමග පෞද්ගලික පරිගණකවල (PC) හැකියාවේ විශාල වෙනසක් සිදුවිය. 1970 දශ‍කයේ දී අධ්‍යාපනික සහ පර්යේෂණ ආයතනවල පුද්ගලයින්ට පරිගණකයක් තනිව භාවිතා කිරීමේ අවස්ථාව හිමි වුණි ද ඒ වන විටත් එම පරිගණක තනි පුද්ගලයෙකුට අයිති කර ගැනීමට නොහැකි තරම් අති මිළ අධික විය. 1975 පමණ වන විට මයික්‍රොප්‍රොසෙසරයේ හඳුන්වා දීමත් සමඟ විශාල රාක්කවල පිහිටා තිබූ පරිපථ තනි චීපයකට ගොනු කළ හැකි වූ අතර ඉන් පුද්ගලික පරිගණක නිශ්පාදනය ප්‍රායෝගික කළ හැකි විය. මුල් පෞද්ගලික පරිගණක සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර පරිගණක (micro computer) ලෙස හැදින්වෙන පරිගණක මෙවලම් ආකාරයෙන් හා සීමිත ප්‍රමාණවලින් නිතරම අලෙවි වූ අතර විනෝදාංශකරුවන් හා තාක්ෂණික ශිල්පීන් අතර වඩාත් ජනප්‍රිය විය. 1970 පසු කාලයේ දී පෙර එකලස් කළ පරිගණක වෙළද පොළ පුළුල් පරායක වූ මිනිසුන්ට පරිගණක භාවිතා කිරීමට ඉඩ සලසණු ලැබුවේ විශාල මෘදුකාංග භාවිත‍ෙයන් හා ප්‍රොසෙසර් දෘඩාංග (hardware) සංවර්ධනය අඩුවෙන් ඉලක්ක කරමිනි.

1970 හා 1980 අතරතුර ගෘහ පරිගණක ගෘහස්ථ ප්‍රයෝජන සදහා සංවර්ධනය කරනු ලැබූයේ පෞද්ගලික භාවිත කාර්යක්ෂමතාව, ක්‍රමලේඛ හා ක්‍රීඩා ඉදිරිපත් කරමිනි. සමහර විශාල හා වඩා මිළ අධික පද්ධති (මධ්‍යය පරිගණක හා මහා පරිගණක හා සසඳන විට මිළ පහත් වුවද) කාර්යාල හා කුඩා ව්‍යාපාරවල භාවිතය ඉලක්ක කරමින් නිපදවීය. Work Station (සාමාන්‍ය පරිගණක)වල විශේෂ ලක්ෂණ වනුයේ අධික ක්‍රියාකාරී ප්‍රොසෙසර හා රූපක තිර සංදර්ශක , විශාල දෘඪ තැටි , ජලකරණ හැකියාව බහු ඉලක්ක මෙහෙයුම් පද්ධති යටතේ ධාවනය වීමයි. පරිගණක භාවිතා කර සැලසුම් , ඇදීම හා ඇසීම , විශාල විද්‍යාත්මක හා ඉංජිනේරු ගණනය කිරීම් සිදු කිරීම , අනුරූප සැකසීම , වාස්තු විද්‍යාත්මක මෝස්තර නිර්මාණය හා රූපවල දෘෂ්‍යය චලනයන් (animation and visual effects) වැනි කාර්යයන් සදහා සාමාන්‍ය පරිගණක තවමත් භාවිතා කරයි.

අවසානයේ වෙළඳ කණ්ඩායමක්ම තාක්ෂණය හමුවේ අභාවයට ගමන් කරයි. ව්‍යාපාර පරිගණකවලට එක සමාන සාමාන්‍ය පරිගනක හා සැසඳීමේ දී චිත්‍රක හා මතක හැකියාවක් තිබිණි. ව්‍යාපාර පරිගණක සඳහා නෙට්වර්ක් (LAN) භාවිතා කර මිළ අධික දෘඩ තැටි උපාංග වැනි දෑ අනිකුත් පරිගණක අතර බෙදා ගැනීමේ හැකියාව තිබූ අතර අද එය ගෘහස්ථ පරිගණකවල ද සාමාන්‍ය අංගයක් බවට පත්ව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පෞද්ගලික_පරිගණකය&oldid=623699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි