පොරොන්දම්
පොරොන්දම් යනු පුද්ගලයන් දෙදෙනෙකු ගේ සිතුම් පැතුම්, චර්යා ආදිය ගැලපේද යන්න ජ්‍යෝතිශ්ෂාස්ත්‍රානුකූලව නිමානය කිරීමයි.
[සංස්කරණය] පොරොන්දම් ගැලපීම
පොරොන්දමක් යනු පුද්ගලයන් දෙදෙනෙකු ගේ හඳහනේ ඇති ග්‍රහ පිහීටීම් අනුව ඒ දෙදෙනාගේ ගැලපීම එකේ සිට තුන දක්වා (හෝ එකේ සිට පහ දක්වා) පරිමාණයකට සංඛ්‍යාත්මකව ගනනය කිරීමයි. අවසානයේදී බලනු ලබන පොරොන්දම් වල ගැලපීම එකතු කර පොරොන්දම් ගනනෙන් බෙදා සාමාන්‍යය ගනු ලැබේ. මෙය බොහෝ විට ප්‍රතිශතයක් ලෙසද දක්වයි. සාමන්‍යයෙන් 50% ට වැඩි ගැලපීමක් පොරොන්දම් ගැලපීමක් ලෙස සලකයි.
[සංස්කරණය] චන්ද්‍රයා
පොරොන්දම් ගැලපීමේදී බොහෝවිට බලන්නේ චන්ද්‍රයාගේ පිහිටීමයි. ගැලපීම පරීක්ෂා කරන හඳහන් දෙකෙන් පුරුශයාගේ ජන්ම කේන්ද්‍රයෙහි චන්ද්‍රයා පිහිටන නැකත සහ ඊට සාපේක්ශව ස්ත්‍රියගේ ජන්ම කේන්දයෙහි චන්ද්‍රයා පිහිටන නැකත දක්වා ඇති නැකත් ගනන අනුව බොහෝමයක් පොරොන්දම් පදනම් වී ඇත.
[සංස්කරණය] පොරොන්දම් විස්ස
- නක්ශත්‍ර පොරොන්දම
- ගන පොරොන්දම
- මහේන්ද්‍ර පොරොන්දම
- ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
- යෝනි පොරොන්දම
- රාශි පොරොන්දම
- රාශ්‍යාධිපති පොරොන්දම
- වශ්‍ය පොරොන්දම
- රජ්ජු පොරොන්දම
- වේධ පොරොන්දම
- වෘක්ශ පොරොන්දම
- ආයුශ පොරොන්දම
- පක්ශි පොරොන්දම
- භූත පොරොන්දම
- ගෝත්‍ර පොරොන්දම
- වර්ණ පොරොන්දම
- ලිංග පොරොන්දම
- නාඩි පොරොන්දම
- දින පොරොන්දම
- ග්‍රහ පොරොන්දම
[සංස්කරණය] නක්ශත්‍ර පොරොන්දම
පුද්ගල සබඳතා, ජීවිත අරමුනු සහ ආකල්ප ගැන කියැවෙයි.
[සංස්කරණය] ගන පොරොන්දම
පෞර්ශත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව ආදිය ගැන කියැවෙයි.
ගණ පොරොන්දම පිළිබඳ විමසා බැලීමේදී,
1. දේව ගණය 2. මනුෂ්‍ය ගණය 3. රාක්‌ෂ ගණය වශයෙන් ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් ගණ වර්ග 3ක් පිළිබඳ කතා කරයි. මෙම ගණ පොරොන්දම අපේ යුග දිවියට බලපාන්නේ මෙසේය. එනම්,
දෙදෙනාම එකම ගණයේ නම් ඉතා ශුභයි. ප්‍රීතිය සතුට ඇතිවේ.
දේව - මනුෂ්‍ය ගණ දෙකක නම් මධ්‍යමයි.
දේව - රාක්‌ෂ ගණ දෙකක නම් අශුභයි
මනුෂ්‍ය - රාක්‌ෂ ගණ දෙකක නම් මාරක තරම් අගුණයි
ස්‌ත්‍රී රාක්‌ෂ ගණයේ සහ පුරුෂයා මනුෂ්‍ය ගණයේ නම් ඉතා ඉක්‌මනින් මරණය හෝ ධන හානිය ඇතිවේ.
ස්‌ත්‍රී මනුෂ්‍ය ගණයේ සහ පුරුෂයා රාක්‌ෂ ගණයේ නම් ඉතාම අශූභයි.
තමන්ගේ සහකාරිය හෝ සහකරු රාක්‌ෂ ගණයේ යන්න සමාජයේ ප්‍රචලිතව ඇත්තේ ඔහු හෝ ඇය රාක්‌ෂයෙකු හෝ රාක්‌ෂණියක ලෙසයි. නමුත් මෙහිදී "රාක්‌ෂ" යන්නෙන් අදහස් වන්නේ රැකවරණය නැතහොත් ආරක්‌ෂා කිරීම යන්නයි.
[සංස්කරණය] මහේන්ද්‍ර පොරොන්දම
මෙය විවිධ කරුනු ගැන කියන සංයුක්ත පොරොන්දමකි.
ස්‌ත්‍රී උපත් නැකතේ සිට පුරුෂයා උපන් නැකත, 4, 7, 10, 13, 16, 19, 22, 25 යන නැකතක් වී නම් ඉතාම ශුභයි. විවාහයෙන් පසු දරු සැප හා දීර්ඝායුෂ ලැබීමට හේතුයි. 5, 8 ආදී වශයෙන් අන්‍ය නැකතක් වී නම් අශුභයි.
[සංස්කරණය] ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, දබර ඇති වේද යන්න ගැන කියයි.
පෘථග්ජන ස්‌ත්‍රිය හෝ පුරුෂයා අතරින් ස්‌ත්‍රිය වනාහි වඩාත් සතුටට පත්වීමට කැමැත්තක් දක්‌වන්නා වූ පාර්ශ්වයකි. මෙහිදී පුරුෂයාට ස්‌ත්‍රිය සතුටට පත්කර ගැනීමට නොහැකි වීමෙන් විවාහ ජීවිතයේ ගැටලු ඇතිවේ.
ස්‌ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයාගේ නැකත 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන මෙයින් එකකට අසුවේ නම් අශුභයි. එවිට පුරුෂයාට එම ස්‌ත්‍රිය සතුටු කිරීමට නොහැකි වේ. එහිදී ස්‌ත්‍රිය සමඟ ගැටීම්, මතභේද ඇතිවේ.
10, 11, 12, 13 යන මේවායින් එකකට අසුවේ නම් උපක්‍රමයෙන් ස්‌ත්‍රිය සතුටු කිරීමේ හැකියාව ඔහුට ලැබේ.
14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27 යන නැකතකට අසුවේ නම් ඉතාම ශුභයි. ඉක්‌මනින් ස්‌ත්‍රිය සතුටු කිරීමට හැකිවේ. එම හේතුවෙන් එම පවුල් ජීවිතයේ කිරි ඉතිරේ.
[සංස්කරණය] යෝනි පොරොන්දම
ජන්ම පුරුදු නිසා ගැටුම් ඇතිවේද යන්න ගැන කියයි.
ලිංගික තෘප්තිය ගැන මින් සලකා බලනු ලැබේ
මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යොතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සතෙකුගේ යෝනියක් හා සම්බන්ධ කර ගනිමිනි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක් වේ.
අපි දැන් මෙම යෝනි පොරොන්දම ඔබේ යුග ජීවිතයට ශුභ/අශුභ ඵල ගෙන දෙන්නේ කෙසේද කියා විමසා බලමු.
එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක් ලෙස පුරුෂයා අශ්ව, ස්‌ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්‌ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියට පිහිටීම - ඉතා ශුභ වේ.
එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ.
එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි.
මෙම යෝනි පොරොන්දම ගැලපීමේ දී වෛර යෝනි වලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ ලිංගිකත්වය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක් පොරොන්දම් ගැළපුනද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්‌තරා මට්‌ටමක පසුබෑමකට ලක්‌වීමට හේතුවේ.
අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරයක් පවතින සතුන් ලෙස අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැක. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි.
ඉහත දක්‌වන ලද මහා වෛර යෝනිවලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්‌ත්‍රී යෝනියක ස්‌ත්‍රිය ඉපිද තිබේ නම් එය ද ශුභයි.
දෙදෙනාම අන්‍යෝන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි.
දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි.
දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි.
එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි.
එසේ ම දෙදෙනා ම මහා වෛර ස්‌ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි.
[සංස්කරණය] රාශි පොරොන්දම
බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ.
මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී වශයෙන් ඔබ හොඳින් දන්නා රාශි 12ක් ජ්‍යොතිෂයේ සඳහන් වේ.
මෙහිදී ලග්න දෙකට වඩා ලග්න දෙකේ චන්ද්‍රයා සිටින රාශි දෙක ගැළපීම බැලිය යුතුය.
දෙදෙනාම එකම ලග්න හෝ එකම චන්ද්‍ර රාශි නම් ඉතාම ශුභයි.
දෙදෙනාම වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ස්‌ත්‍රී රාශි වලින් දෙකක් උපන්නේ නම් ශුභයි.
ස්‌ත්‍රී රාශියෙන් 7 (තුලා), 9 (ධනු), 10 (මකර), 11 (කුම්භ) වැනි රාශියක් පුරුෂයාට හිමි වී නම් එය ද ශුභයි.
මෙම රාශී 12 ස්‌ත්‍රී, පුරුෂ වශයෙන් කොටස් දෙකකි. ස්‌ත්‍රී රාශියක් ස්‌ත්‍රියට, පුරුෂ රාශියක් පුරුෂයාටත් හිමි වී නම් ශුභයි.
ස්‌ත්‍රී රාශියෙන් 3 (මිථුන), 4 (කටක), 8 (වෘශ්චික) 12 (මීන) යන රාශියක් පුරුෂයාට හිමි වී නම් මධ්‍යමයි.
ස්‌ත්‍රී රාශියෙන් 2 (වෘෂභ), 5 (සිංහ) , 6 (කන්‍යා) වැනි රාශියක් පුරුෂයාට වී නම් අශුභයි.
දෙදෙනා ම පුරුෂ රාශි වීම මධ්‍යමයි.
[සංස්කරණය] රාශ්‍යාධිපති පොරොන්දම
බාහිර සමාජය සමඟ සබඳතා ගැන කියැවෙයි.
[සංස්කරණය] වශ්‍ය පොරොන්දම
එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය ගැන කියැවේ.
[සංස්කරණය] රජ්ජු පොරොන්දම
මව ගැන කියැවෙයි.
[සංස්කරණය] වේධ පොරොන්දම
අඩ දබර ඇතිවේද, නොවේද යන්න ගැන කියයි.
[සංස්කරණය] වෘක්ශ පොරොන්දම
දරු ඵල ගැන කියැවේ.
කිර වෘක්ෂ දෙකක් එකට සම්බන්ධ වේනම් ඉක්මනින් හොද දරැවන් ලැබේ කිරි නැති ගස් දෙකක් නම් දරුවන් හිගවේ