පොන්නයියා සෙල්වනායගම්

විකිපීඩියා වෙතින්
පොන්නයියා සෙල්වනායගම්
උපත
මියගිය දිනය2014 අප්‍රියෙල් 10 (වයස අවුරුදු 31)
නැදුන්කර්ණි, පදවිය, ශ්‍රී ලංකාව

පොන්නයියා සෙල්වනායගම් (ගෝපි, ගෝබි) යනු වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මරණින් පසු ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් විමුක්ති කොටි නායකයා ලෙස කටයුතු කල ත්‍රස්තවාදියා වේ.[1]

මතුවීම[සංස්කරණය]

ශ්‍රී ලංකාව තුල එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ප‍්‍රතිසංවිධානය කිරීමේ කටයුතු වල නිරිත වන බව හෙළිවීම හේතුවෙන් පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි, ශ්‍රී ලංකා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට අවශ්‍ය සැකකරුවෙකු බවට පත්ව තිබිණි. ඒ අනූව 2014 මාර්තු 13 වැනිදා පොලීසිය, ඔවුන්ට ලැබී තුබූ තොරතුරක් මත පදනම්ව ගෝපි සොයා කිලිනොච්චිය - ධර්මපුරම් ප‍්‍රදේශයේ මෙහෙයුමක් දියත් කල අතර, එම අවස්ථාවේදී ගෝපි එම පොලිස් කණ්ඩායමට වෙඩි තබා පළා යන ලදී.[2] කෙසේ නමුත් ගෝපී සම්බන්ධව තවදුරටත් ක්‍රියාත්මක වූ පොලීසිය, ඔහුට උදවු ලබා දුන් තවත් නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් නම් 36 හැවිරිදි තැනැත්තෙකු පිළිබඳවත් හෙළිදරවු කර ගත් අතර, ගෝපි සිටිනා තැනක් ගැන ඔත්තුවක් සපයන්නෙකුට රුපියල් ලක්ෂ 10 ක් ලබාදෙන බවත් ප්‍රකාශ කරන ලදී.[3]

ඝාතනයට ලක්වීම[සංස්කරණය]

එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ප‍්‍රතිසංවිධානය කිරීමට මූලිකත්වය ගෙන කි‍්‍රයාකරන සාමාජිකයන් පිරිසක් රැදී සිටින බවට 2014 අප්‍රියෙල් 10 වැනිදා සිවිල් වැසියෙකුගෙන් ලත් ඔත්තුවක් මත, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා පදවිය නැදුන්කර්නි වනයේ මෙහෙයුමක් දියත් කල අතර,[4] එම මෙහෙයුම අතරතුරදී, ආරක්ෂක හමුදා සමග ගැටුමක් ඇතිවීම හේතුවෙන්, මෙහෙයුමේ ප්‍රධාන සැකකරුවා වූ ගෝපි සහ ඔහුට සහය දුන් තේවියන් හා අප්පන් නැමැති දෙදෙනෙකුද නැදුන්කර්නි වනයේදී ජීවිතක්ෂයට පත්විය.[5]

අවශ්‍යම මොහොතකදී ඝාතනය සිදුවීම[සංස්කරණය]

පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි විනාශයට පත්වීම අවශ්‍යම මොහොතකදී සිදුවූ දෙයක් යැයි, මේ සම්බන්ධව අදහස් දක්වමින් ආචාර්ය රොහාන් ගුණරත්න මහතා විසින් පසුව විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණි. ගෝපි මෙරට ඉහළ පෙලේ දේශපාලන නායකයෙකු ඝාතනය කිරීමට සූදානම්ව සිටි තැනැත්තෙකු බව, ගුණරත්න මහතා විසින් එහිදී වැඩිදුරටත් හෙළිදරවු කොට තුබුණි.[6]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://dinamina.lk/2014/04/12/_art.asp?fn=n1404121, ප්‍රතිෂ්ඨාපනය 2014-04-12 
  2. "ගෝපි සොයා තවදුරටත් උතුරේ මෙහෙයුම්". හිරු නිව්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
  3. "හිටපු කොටි සාමාජික ගෝපි ගැන තොරතුරකට රුපියල් ලක්ෂ 10 ක්". හිරු නිව්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
  4. "ගෝපි සහ තේවියන්ගේ සිරුරු ඥාතීන් හඳුනා ගනී". හිරු නිව්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
  5. "ගෝපි, අප්පන් සහ තේවියන් සමඟ කොටි සංවිධානය පණ ගැන්වීමට තැත් කළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට". හිරු නිව්ස්්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
  6. "ගෝපිගේ සැළසුම වූයේ ප‍්‍රබල නායකයෙකු ඝාතනය කිරීමලූ". හිරු නිව්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2014.