පියංගල ආරණ්‍ය සේනාසනය

විකිපීඩියා වෙතින්
පියංගල රජ මහා විහාරය
විහාරයේ වූ නව ස්ථූපය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

පියංගල ආරණ්‍යය සේනාසනය ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගලතැන්න ප්‍රදේශයේ පිහිටි පුරාණ ආරණ්‍ය සේනාසනයක් වේ. එය අම්පාර-මහියංගනය මාර්ගයේ, අම්පාර සිට කිලෝ මීටර 27ක් පමණ දුරින් පිහිටා ඇත. විහාරය ක්‍රි. පූ. පළමු සියවසේ ඉදිකරන ලද්දක් සේ සැළකේ.

ඉතිහාසමය සාධක[සංස්කරණය]

ලෙන් ලිපි සහිත ගුහාවක්

පියංගල ආරණ්‍යය සේනාසන පරිශ්‍රය තුල ගල්ලෙන් 50කට වඩා වැඩි ප්‍රමාණයක් දැකගත හැකි අතර ඉන් කිහිපයක හෙළිදරවු කරගත් බ්‍රාහ්මීය අක්ෂරයෙන් නිර්මිත ලෙන් ලිපි කිහිපයක් දැකගත හැකිවේ.

එල්ලාවල මේධානන්ද හිමියන්ට අනූව පියංගල විහාරයේ වූ ලිපි කිහිපයක් ඉතිහාසමය වශයෙන් වඩා වැඩි වටිනාකමක් දක්වයි.[1] ඉන් එක් ලිපියක දුටුගැමුණු රජතුමාගේ දේවියක වූ රාජිතා නම් බිසවක් සම්බන්ධයෙනුත්, තවත් ලිපියක් දුටුගැමුණු රජුගේ දියණියක සම්බන්ධයෙනුත් තොරතුරු හෙලි කරයි.[2] දුටුගැමුණු රජු වෙනුවෙන් පැහැදිලි ඉඩකඩක් වෙන්කොට ඇති මහාවං‍ශයේ පවා දුටුගැමුණු රජුගේ බිසව් සහ දරුවන් (සාලිය කුමරු හැරුණු විට) සම්බන්ධව පැහැදිලි සටහනක් නොතිබීම මීට හේතුව වී තිබේ.

ගැලරිය[සංස්කරණය]

විහාර ලෙන්

මූලාශ්‍ර[සංස්කරණය]

  1. මේධානන්ද, ඊ. (1984). අප්‍රකට බ්‍රාහ්මී සෙල්ලිපි හා පුරාවස්තු. ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය. p. 4-5.
  2. "පියංගල ආරණ්‍ය සේනාසනය". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 22 ජූලි 2023.
"https://si.wikipedia.org/w/index.php?title=පියංගල_ආරණ්‍ය_සේනාසනය&oldid=568409" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි