පාෂාණීය ධාතු විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Geological time spiral.png

පාෂාණීය ධාතූ විද්‍යාව යනු ශාක හා සත්ත්ව පොසිල පරීක්ෂා කිරීම හරහා පෘතුවිය මත ඇති ප්‍රාග් ඓතිහාසික ජීවි ආකාර පිළිබද අධ්‍යයනයයි. මෙයට වස්තු පොසිල, පථ, බෙන, ඉවත් කළ කොටස්, පොසිල ගත වුණු මල හා රසායනික අවශේෂ පිළිබද අධ්‍යයන ඇතුළත් වෙයි. ප්‍රාග් ඓතිහාසික මනුෂ්‍යයන්, ඔවුන්ගේ සංස්කෘතිය හා ඔවුන්ගේ හැසිරීම පිළිබද අධ්‍යයනය, පුරා විද්‍යාව හා පාෂාණීය ධාතු මනුෂ්‍ය විද්‍යාව යන විෂය පථයන්ට අයත් වෙයි.

පාෂාණීය ධාතු විද්‍යාවේ පසුබිම[සංස්කරණය]

නූතන පාෂාණ ධාතු විද්‍යාව මඟින්, විශ්ව භූ විද්‍යා පාෂාණ ධාතු විද්‍යාවේ භෞතික වෙනස්වීම් හා පාෂාණ ධාතු දේශගුණය කොතරම් දුරට ජීවිත පරිණාමනය කෙරෙහි බලපෑම් ඇති කර ඇත්ද යන්න, පරිසර පද්ධති මෙයට මෙම වෙනස්වීම්වලට ප්‍රතිචාර දක්වා ඇති ආකාරය හා ග්‍රහලෝක පරිසරය යොදා ගන්නා ආකාරය හා ජෛව විවිධත්වයේ නූතන රටාවට මෙම ප්‍රතිචාර දැක්වීම කෙසේ බලපා ඇත්ද යන්න අධ්‍යයනය කිරීම තුළින් ඉපැරණි ජීවිතය එහි සන්ධර්භය තුළ තබයි. මේ නිසා පාෂාණීය ධාතු විද්‍යාව ජීවී ආකාර සමඟ හා ඒවා අන්තර්ක්‍රියාකාරී වන ආකාරය අනුව සැලකෙන ක්ෂ්‍ත්‍රෙය වන භූ විද්‍යාව (පාෂාණ හා පාෂාණ නිර්මාණය පිළිබඳ කරන අධ්‍යයනය), උද්භිද විද්‍යාව, ජීව විද්‍යාව, සත්ව විද්‍යාව හා පරිසර විද්‍යාව සමඟ අතිච්ඡාදනය වේ.

පාෂාණීය ධාතු විද්‍යාවේ ප්‍රධාන උප ඒකකවලට පාෂාණීය ධාතු සත්ව විද්‍යාව (සතුන්) , පාෂාණීය ධාතු උද්භිද විද්‍යාව (ශාක) හා ක්ෂද්‍ර පාෂාණීය ධාතු විද්‍යාව (ක්ෂද්‍ර පොසිල) ඇතුළත් වේ. පාෂාණීය ධාතු සත්ව විද්‍යාඥයෙකුගේ මනුජ පොසිල (පාෂාණීය ධාතු මානව විද්‍යාව) ඇතුළත්ව කොඳු ඇට පෙළක් නැති සතුන් සමඟ කටයුතු කරන හා කොඳු ඇට පෙළක් සහිත සතුන්ගේ පොසිල සමඟ කටයුතු කරන අපෘෂ්ටවංශී පාෂාණීය ධාතු විද්‍යාවේ විශේෂඥ විය හැක. ක්ෂුද්‍ර පාෂාණ ධාතු විද්‍යාඥයින් කාබනික බිත්ති සහිත ක්ෂුද්‍ර පොසිල ඇතුළත්ව අන්වීක්ෂීය පොසිල අධ්‍යයනය කරන අතර ඔවුන්ගේ අධ්‍යයනය පැලිනොලොජි ලෙස හඳුන්වයි.

වර්තමානයේ දී පාෂාණීය ධාතු ජීව විද්‍යාවේ, පාෂාණීය ධාතු පරිසර විද්‍යාව, ඉච්නොලොජි (අඩි සටහන් හා බෙන පිළිබඳ කරන අධ්‍යයනයකි.) හා ටැෆොනොමි (පටක කල් ඉකුත් වීමෙන් පසු ඒවාට සිදු වන දේ ගැන කෙරෙන අධ්‍යයනය) වැනි ක්ෂේත්‍ර විශේෂඥ වෙමින් පවතී. අධ්‍යයනයේ ප්‍රධාන කොටස් අතරට පාෂාණ ස්ථර ඒවායේ භූ විද්‍යාත්මක අවධිය සමඟ ඇති සහසම්බන්ධය හා ජීවී ආකාරය පරිණාමනය පිළිබඳ අධ්‍යයනය ඇතුළත් වේ.

පාෂාණීය ධාතු විද්‍යාව භාවිතා කරන්නේ 18 වන සියවසේ ‍මැද භාගයේ ස්වීඩන ජෛව විද්‍යාඥයෙකු වූ කාලස් ලිනායස් විසින් ගොඩ නංවන ලද ජීවී ද්‍රව්‍යවල ජීව විද්‍යාවේ සඳහා විවිධත්වයට පත් කර ඇති එම සම්භාව්‍යය, ද්වීමය නාමකරණ ක්‍රියා පටිපාටියම වන අතර එමඟින් වර්තමානය වන විටත් විවේචනයට බඳුන්වන තාක්ෂණික ක්‍රමයක් වන සත්ව ලෝක අධයයනය යොදා ගෙන ඔවුන්ගේ එකිනෙකට සැබැඳීමට ඇති කැමැත්තේ ප්‍රමාණය පෙන්වමින් එම ජීවී විශේෂ ජාන විද්‍යාත්මක සැකිලි රාමුවක පිහිටුවයි.

පාෂාණීය ධාතු විද්‍යාවේ මූලික ආර්ථික විද්‍යාත්මක වැදගත්කම රැදී තිබෙන්නේ ඒවා අඩංගු පාෂාණවල හෝ උඩින් පිහිටි ස්ථර හෝ යටින් පිහිටි ස්ථරවල වයස හා ස්වභාවය තීරණය කිරීම සඳහා පොසිල යොදා ගැනීමෙහිය. මෙම තොරතුර පතල් කර්මාන්තයේ දී හා විශේෂයෙන් පෙට්‍රෝලියම් කර්මාන්තයේ දී අතිශයින් වැදගත් වේ. පාෂාණයක් තුළ අඩංගු පොසිල නිරීක්ෂණය, එම පාෂාණයෙහි වයස පැවසීමේ වඩාත් වේගවත් හා කාර්යක්ෂම ක්‍රමවලින් එකක් වේ. පොසිල ආදි කාලීන මිනිසුන් විසින් දැන සිටි අතර සමහරක් විට ඉපැරණි ජීවී ආකාරවල අවශේෂ ලෙස නිවැරදිව හඳුනාගනු ලැබීය. පාෂාණීය ධාතු විද්‍යාව සංවිධානාත්මකව අධ්‍යයනය කිරීම ආරම්භ කරනු ලැබුවේ 18 වන සියවසේ සිටය. වඩා සම්පූර්ණ ඓතිහාසික දළ විශ්වලේෂණයක් සඳහා පාෂාණීය ධාතු විද්‍යාවේ ඉතිහාසය යන ලිපිය බලන්න.


පාෂාණීය ධාතු විද්‍යාඥයෝ[සංස්කරණය]

ඉතිහාසයේ ප්‍රසිද්ධ පාෂාණ ධාතු විද්‍යාඥයින් කිහිපදෙනෙක් සිටියහ. චාල්ස් ඩාවින් විසින් බීගල්හි කළ සවාරියක දී දකුණු ඇමරිකානු ක්ෂීරපායී‍න්ගේ පොසිල එකතු කළ අතර පැටගෝනියාවේ ප‍ාෂාණිගත වූ වනාන්තර පරීක්ෂා කරන ලදී. මැරී ඇනින් ද සැලකිල්ලට භාජනය වන මුල් කාලයේ පාෂාණ ධාතු විද්‍යාඥයෙකි. ඇය ඇයගේ ඉපදුනු නඟරය වූ ලයිම් රෙගිස් තිබී වැදගත් පොසිල කිහිපයක්ම සොයා ගන්නා ලදී. තනිවම ඉගෙන ගත්තත් ඇය අතිශයින් ක්‍රමානුකූල ක්‍රමයකට ඒවා එකතු කර විස්තර කරන ලදී. විලියම් බක්ලන්ඩ්, රිචඩ් ඔවෙන්, ගයිඩියන් මැන්ටල්. ජේජස් කුවියර් හා තෝමස් හක්ස්ලේ පාෂාණ ධාතු විද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් මුල්කාලීන නියමුවන් වූහ. තෝමස් ජෙෆර්සන් මැමත්වරුන්ගේ අස්ථි ගැන විශාල උනන්දුවක් දැක්වීය. 19වන සියවසේ දී එඩ්වර්ඩ් ඩ්‍රින්කර් කෝක් සහ ඔත්නියල් චාල්ස් මාෂ් අතර Bone wars (අස්ථි යුද්ධය) යනුවෙන් හැඳින්වුණු දැඩි තරඟකාරී ස්වභාවයක් හටගත් අතර එහි දී උතුරු ඇමරිකාවේ ස්වභාවික ඉතිහාසය සහ පෘෂ්ටවංශික පාෂාණ ධාතු විද්‍යාව පිළිබඳ වූ දැනුම විශාල ලෙස වර්ධනය වීම සිදු විය. කෙසේ නමුත් මෙම තරඟකාරී සමය තුළ දී භාවිතා වූ ඇතැම් ක්‍ර‍මවේද පිළිගත හැකි මට්ටමේ ඒවා නොවීය. වර්තමානයේ ඌටා හි පිහිටා තිබෙන ජාතික ‍ඩයින‍සෝර ස්මාරකය මඟින් ආරක්ෂිත පොසිල කැනුම් ස්ථානය ආරම්භ කරන ලද්දේ පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි කානවී විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අර්ල් ඩග්ලස් විසිනි. මහාචාර්ය ඩග්ලස් විසින් මතු කරගන්නා ලද වර්තමානයේ ස්වභාවික ඉතිහාස‍ය පිළිබඳ කෞතුකාගාර ගණනාවක දැක ගත හැක. මේ අතර ජෛව පුරා විද්‍යාවෙහි පුරාගාමියෙකු වූ බැරන් ෆ්‍රාන්ස් නොප්ස්කා ඉදිරිපත් කළ මතයට අනුව ‍ඩයිනෝසෝරයන් උණුසුම් ලේ ඇති සත්ව කොට්ඨාශයක් වූ අතර පක්ෂීන්ගේ මුතුන්මිත්තන් වේ. ක්ෂීරපායී දත් පිළිබඳ විශ්ලේෂණය කිරීමක් පෙන්ගුයින් සැකිලි සම්බන්ධ කැනීම් කටයුතු සිදු කිරීමත් හැරුණු විට ජෝර්ජ් ගේලෝඩ් සිම්සන් ජීව විද්‍යාව, පාෂාණ ධාතු විද්‍යාව සහ ජාන විද්‍යාව යන ක්ෂේත්‍රවලින් අදහස් එකතු කොට ජෛව පරිණාම විද්‍යාවේ නව අදහස් නිර්මාණය සඳහා විශාල දායකත්වයක් දැක්වීය. ඔහු විසින් රචනා කරන ලද “Tempo and Mode” නම් ග්‍රන්ථය මෙම ක්ෂේත්‍රයෙහි ඉතා ප්‍රචලිත ග්‍රන්ථයක් වේ. අපෘෂ්ටවංශී පාෂාණ ධාතු විද්‍යාව හා සම්බන්ධ වැදගත් පුද්ගලයින් අතරට ස්ටීවන් M. ස්ටැන්ලි, ස්‍ටීවන් J. ගෝල් , ඩේවිඩ් රවුප් , රොසී H. ‍ෆ්ලවර් සහ ජැක් සෙප්කොස්කි යන අය අයත් වේ. මොවුහු පෘථිවිය මත ජීවයෙහි පරිණාම‍ෙය් දිගු කාලීන රටාවන් පිළිබඳ අප සතු දැනුම ඉහල නැංවීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. පුරා මානව විද්‍යා ක්ෂේත්‍රයෙහි පතාක යෝධයන් අතරට ලුවිස්, මේරි සහ රිචඩ් ලීකි, රේමන්ඩ් ඩාර්ට් , රොබට් බෲම්, C.K. බොබ් ‍බ්‍රේන්, කෙනෙත් ඕක්ලි, රොබට් ආඩ්‍රි සහ ඩොනල්ඩ් ජොහැන්සන් යන අය අයත් වේ. වඩාත් නුතනව මොංගෝලියානු පාෂාණ ධාතු විද්‍යාඥ රින්චන් බාස්බෝල්ඩ් ඩයිනසෝර සහ පක්ෂි පරිණාමය සම්බන්ධව අප සතු දැනුම පුළුල් කිරීම සඳහා දැඩි මෙහෙවරක් ඉටු කරන ලදී. මේ හැරුණු විට චිකාගෝ විශ්ව විද්‍යාලයේ පෝල් සෙරේනෝ විසින් සහරා කාන්තාරය වැනි පොසිල ගවේෂණ කටයුතු බහුලව සිදු නොවූ ප්‍රදේශ කිහිපයකින් ඩයිනෝසරයන් සම්බන්ධ වැදගත් සොයා ගැනීම් කිහිපයක් සිදු කර ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Paleontology

"http://si.wikipedia.org/w/index.php?title=පාෂාණීය_ධාතු_විද්‍යාව&oldid=276745" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි