පළමු ප්‍රංශ ජනරජය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ප්‍රංශ ජනරජය
රිපුබ්ලික් ෆ්‍රොන්සේස්

1792–1804

ධජය

ආදර්ශ පාඨය
ලිබර්ටේ, එගැලිටේ, ෆ්‍රාටර්නිටේ, ඔ ලා මෝ!
නිදහස, සමතැන, සහෝදරත්වය, හෝ මරණය!
ගීය
ලා මාසිලේස්[1]
පළමු ප්‍රංශ ජනරජය (1800 පමණ)
අගනුවර පැරිස්
භාෂාව(න්) ප්‍රංශ
රජය ජනරජය
මන්ත්‍රණ සභාව
 - 1792–1795 ජාතික සම්මේලනය
මැක්සිමිලියන් රොබෙස්පියෙර් සම්මේලනයේ නායකත්වය දරමින්
 - 1795–1799 අනුඥාතය
පොල් බරාස් අනුඥාතයට නායකත්වය දෙමින්
 - 1799–1804 කොන්සල් ධූරය
නැපෝලියන් බොනපාට් එහි පළමු කොන්සල්වරයා ලෙසින්
ව්‍යවස්ථාදායක ජාතික සම්මේලනය
ප්‍රංශ අනුඥාතය
ප්‍රංශ කොන්සල් ධූරය
ඉතිහාසය
 - බැස්ටීලයට කඩා වැදීම සහ ප්‍රංශ විප්ලවය 14 ජූලි 1789
 - 16වන ලුවී රජ බලයෙන් නෙරපීම 21 සැප්තැම්බර් 1792
 - මහජන ආරක්ෂණ කමිටුව සහ භීෂණ සමය 5 සැප්තැම්බර් 1793 සිට
28 ජූලි 1794
වහල් සේවය අහෝසි කිරීම 4 පෙබරවාරි 1794.
 - තර්මිඩෝරියන් ප්‍රතිචාරය 24 ජූලි 1794
 - ඩීස්විට් බ්හූමේර් කුමන්ත්‍රණය 9 නොවැම්බර් 1799
 - සෙනෙට් සභාව විසින් නැපෝලියන් බොනපාට් අධිරාජයා ලෙසින් ප්‍රකාශ කිරීම 18 මැයි 1804
ව්‍යවහාරික මුදල ප්‍රංශ ෆ්‍රෑන්ක්


ලුවී කැපිටේන් (1800) විසින් සකස් කෙරුණු ප්‍රංශයේ සිතියම

අභිනවයෙන් පිහිටුවුනු ජාතික සම්මේලනය විසින් 1792 සැප්තැම්බර් 22 දිනදී පළමු ප්‍රංශ ජනරජය (ප්‍රංශ: පෘමියර් රිපුබ්ලික් ෆ්‍රොන්සේස්) ස්ථාපනය කෙරුණි. 1804 දී පළමුවන නැපෝලියන් රජ යටතේ පළමු ප්‍රංශ අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කෙරෙන තුරු පළමු ජනරජය පැවතිණි. මෙම කාලසීමාවෙහි ගුණාංග වූයේ, රාජාණ්ඩුව බිඳවැටීම, ජාතික සම්මේලනය පිහිටුවීම සහ නින්දාසහගත භීෂණ සමය, අනුඥාතය පිහිටුවීම සහ තර්මිඩෝරියන් ප්‍රතිචාරය, සහ අවසන් වශයෙන්, කොන්සල් ධූරය ඇතිකිරීම සහ නැපෝලියන්ගේ බල ප්‍රාප්තියයි.

ප්‍රංශයේ රාජාණ්ඩුවේ අවසානය[සංස්කරණය]

පළමු ජනරජය ප්‍රකාශයට පත් කිරීමට පෙර බලයේ පැවැති, ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව යටතේ, ප්‍රශියාව සහ ඕස්ට්‍රියාව හා සමගින් ප්‍රංශය යුද්ධයකට එළඹ සිටියාය. ඕස්ට්‍රියා–ප්‍රශියානු යුද්ධ හමුදාවේ ආඥාපති, බ්‍රන්ස්වික් හී ආදිපාදවරයා, 1792 ජූලි මාසයේදී, බ්‍රන්ස්වික් ප්‍රකාශනය නිකුත් කරමින් තර්ජනය කර සිටියේ, දහසයවන ලුවී රජුට කිසියම් අනතුරක් වූයේ නම්, පැරිසිය විනාශ කරන බවයි. ප්‍රංශ විප්ලවය මධ්‍යයේ ප්‍රංශයේ පැවති දේශපාලන ආරාවුල තවදුරටත් තීව්‍ර කිරීමට මෙම විදේශ තර්ජනය හේතුකාරකවූ අතර විවිධ කණ්ඩායම් වෙත තුබූ බල තණ්හාව හා අවශ්‍යතාව තවත් ගැඹුරු කර ලීමටද එය සමත් විය. 1792 අගෝස්තු 10 දිනදී සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් තුලදී, ට්යුලරි මාලිගය තුලට කඩාවැදුනු පුරවැසියෝ, රජුගේ ස්විට්සර්ලන්ත ආරක්ෂක භටයෝ හයසිය දෙනෙකු මරාදැමුවේ රජු ඉවත් කරන මෙන් බල කර සිටිමිනි. [2]

විප්ලව-විරෝධි ක්‍රියාවන් ඇතිවේය යන බිය යළිපණගැන්වෙත්ම, ප්‍රචණ්ඩත්වය තවත් උත්සන්න වී, 1792 සැප්තැම්බර් පළමු සතියෙහිදී, පැරිසියානුවන් කලහකාරී පිරිස් ලෙසින් කල්ලි ගැසී, නගරයේ සිපිරි ගෙවල් වලට කඩා වැදී, සිරකරුවන්ගෙන් අඩක් පමණ ඝාතනය කලහ. මෙසේ මරා දමන ලද වුන් අතර, වංශාධිපතියන්, පූජකයන්, සහ දේශපාලන සිරකරුවන්ද වූ අතර, ගණිකාවන් සහ සුළු සොරුන් වැනි බොහෝ සාමාන්‍ය අපරාධකරුවන්, සිර මැදිරි තුලම ඝාතනය කෙරුණේ, දූෂණය කිරීමෙන්, ඇනීමෙන් හා කැපීමෙන් මරණයට පත් කිරීමෙනි. මේවා හැඳින්වුනේ සැප්තැම්බර් සංහාර යනුවෙනි.[3]

පහත මාතෘකාව පිළිබඳ ලිපි මාලාවක කොටසකි
ප්‍රංශයේ ඉතිහාසය
ජාතික ලාංඡනය
Portal icon ප්‍රංශය ද්වාරය

ආශ්‍රිත[සංස්කරණය]

  1. මෝල්ඩ්, මයිකල් (2011). The Routledge Dictionary of Cultural References in Modern French. නිව්යෝර්ක්: ටේලර් ඇන්ඩ් ෆ්‍රැන්සිස්. පිටුව. 147. ISBN 978-1-136-82573-6. http://books.google.com/books?id=x-FNTmUwfpEC&pg=PA147. Retrieved 23 නොවැම්බර් 2011. 
  2. සෙන්සර්, ජැක් ආර්. සහ හන්ට්, ලින්. ලිබර්ටි, ඉක්වැලිටි, ෆ්‍රටර්නිටි: එක්ස්ප්ලෝරිං දි ප්‍රේන්ච් රෙවලූෂන්. යුනිවර්සිටි පාක්, පෙන්සිල්වේනියා: පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයීය මුදුණාලය, 2004.
  3. ඩෙයිලි, විලියම්. දි ඔක්ස්ෆර්ඩ් හිස්ට්‍රි ඔෆ් ද ෆ්‍රෙන්ච් රෙවලූෂන්. ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1989. පිටු 191–192.
"http://si.wikipedia.org/w/index.php?title=පළමු_ප්‍රංශ_ජනරජය&oldid=254103" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි