පර්යේෂණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

පර්යේෂණ යනු කරුණක් තහවුරු කිරීම පිණිස දැණුම ගවේශනය කිරීම හෝ ක්‍රමානුකූල විමර්ශනයක් කිරීම ලෙස අර්ථ දැක්විය හැක.

[සංස්කරණය] පර්යේෂණ විධික‍්‍රම

පර්යේෂණාත්මක මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන්නේ ජර්මානු ජාතික මනෝ විද්‍යාඥයකු වූ 'විල්හෙල්ම් මැක්සිමිලියන් වන්ඞ්ට' ය.

මනෝ විද්‍යාවේ පර්යේෂණ ක‍්‍රම වනාහී, ගුණාත්මක චර්යා විද්‍යාව සහ ප‍්‍රමාණාත්මක සංඛ්‍යානය යන විද්‍යාත්මක ක‍්‍රමයන් දෙකෙහි සංකලනයකි. එමගින් එය මනෝ විද්‍යාත්මක සංසිද්ධීන්ට අදාළ විස්තරාත්මක උපන්‍යාස ගොඩනංවයි. දෙන ලද පර්යේෂණ කේෂ්ත‍්‍රය ආචාර ධර්ම හා වර්ධනීය තත්ත්වයන් ඉඩ දෙන විට, සමපරීක්ෂණ මගින් ද කරුණු සොයා බැලිය හැකිය. මනෝ විද්‍යාව තුළ සංසිද්ධීන් විග‍්‍රහ කිරීම සඳහා අනෙකුත් ක්ෂේත‍්‍රවල විද්‍යාත්මක දැනුම ද උපයෝගී කර ගනී. ගුණාත්මක මනෝ විද්‍යා පර්යේෂණ තුළ ක‍්‍රියාකාරී පර්යේෂණ, චර්යා විභාගය, ගවේෂණාත්මක සංඛානය, ව්‍යුහගත සම්මුඛ සාකච්ඡා සහ සහභාගීත්ව නිරීක්ෂණ ආදී වූ පුළුල් සම්භාව්‍ය නිරීක්ෂණ ක‍්‍රම උපයෝගී කර ගනි. එමගින් සම්භාව්‍ය පර්යේෂණ තුළ ළඟා කර ගත නොහැකි සාරවත් තොරතුරු ළඟා කරගත හැකිය. මානවවාදී මනෝ විද්‍යාව තුළ සිදුවන පර්යේෂණ සාමාන්‍යයෙන් මානව වංශික, ඓතිහාසික හා ලේඛනගත ඉතිහාසය යන ක‍්‍රමවේදයන් අනුගමනය කරයි.

සමකාලීන මනෝ විද්‍යාවේ වැදගත් අංගයක් නම් මනෝ විද්‍යාත්මක ක‍්‍රියාවක වෙනස් වූ කෝණයන් අත්හදා බැලීමයි. මනෝ මිතික සහ සංඛ්‍යානමය ක‍්‍රම වේදයන්, එනම්, විවිධාකාර ප‍්‍රමිතිගත අත්හදා බැලීම් සහ අදාළ සිදුවීමට අවශ්‍ය ලෙස නිර්මාණය කරන ලද අත්හදා බැලීම් මෙහි වඩාත් බහුල ය.

ශාස්ත‍්‍රාලීය මනෝ විද්‍යාඥයින් හුදෙක්ම අවධානය යොමු කරන්නේ නිශ්චිත කලාපයක් තුළ මනෝ විද්‍යාත්මක අවබෝධය පුළුල් කරන පර්යේෂණ හා න්‍යායන් කෙරෙහිය. අනෙකුත් මනෝ විද්‍යාඥයින් එම දැනුම ප‍්‍රායෝගික යහපත උදෙසා භාවිත කරනු වස් ව්‍යවහාරික මනෝ විද්‍යාව කෙරෙහි උනන්දු වෙති. කෙසේ වුවත්, මෙම ප‍්‍රවේශයන් අන්‍යේන්‍යය වශයෙන් පටහැණි නොවන අතර, බොහෝ මනෝ විද්‍යාඥයින් තම වෘත්තීය තුළ පර්යේෂණ කිරීම හා ඒවා ප‍්‍රායෝගිකව අදාළ කිරීම යන දෙකම භාවිත කරති. මනෝ විද්‍යාවේ අනෙකුත් බොහෝ අංශ අතර සායනික මනෝ විද්‍යාව ඉලක්ක කර ගන්නේ පර්යේෂණ හා අත්හදා බැලීම් ඇසුරින් ප‍්‍රතිකාර කරන මනෝ විද්‍යාඥයින් බිහි කිරීමයි. ඔවුන් මනෝ විධ්‍යාත්මක ගැටළු සහිත පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීමේ දී එම දැනුම යොදා ගන්නා අතර, එමගින් එය වර්ධනය වේ.

මෙම ක්ෂේත‍්‍රය සඳහා විශේෂිත පුහුණුව හා දැනුම අවශ්‍ය වන අතර, විශේෂයෙන්ම ප‍්‍රායෝගික ක්ෂේත‍්‍රය තුළ මනෝ විද්‍යාත්මක සංවිධාන සාමාන්‍යයෙන් පුහුණු කළමනාකරණය කිරීම සඳහා පාලන අධිකාරියක් ලෙස කටයුතු කරයි. එමෙන්ම, මනෝ විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල උපාධි සඳහා ද නිශ්චිත අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු අතර, එමගින් සිසුන්ට විවිධ කලාප තුළ දැනුම වර්ධනය කරගත හැකිය. මීට අමතරව, මනෝ විද්‍යාඥයීන් අන් අයට ප‍්‍රතිකාර කරන්නා වූ ප‍්‍රායෝගික මනෝ විද්‍යාව තුළ රජයේ පාලනයට යටත් බලපත‍්‍ර ලබා ගැනීමක් ද අවශ්‍ය විය හැකිය.


[සංස්කරණය] සටහන්

Psychology - Research Methods
"http://si.wikipedia.org/w/index.php?title=පර්යේෂණ&oldid=206893" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්