නුවරඑළිය තැපැල් කාර්යාලය

විකිපීඩියා වෙතින්
නුවරඑළිය තැපැල් කාර්යාලය

ශ්‍රී ලංකාවේ නුවරඑළිය පිහිටි තැපැල් කාර්යාලය මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් වේ.

ඉතිහාසය[සංස්කරණය]

මෙරට යටත් විජිත අවධියේ බ්‍රිතාන්‍ය පාලකයින් විසින් 1894 වර්ෂයේදී මෙම තැපැල් කාර්යාලය ඉදි කල බවට තොරතුරු සඳහන් වේ.[1] ගොඩනැගිල්ල වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘතිය අනූව යමින් සම්පූර්ණ රතු ගඩොලින් නිමවා තිබේ. ගොඩනැගිල්ලට සම්බන්ධව නිර්මාණය කොට ඇති ඔරලෝසු කණුව මෙහිලා විශේෂයෙන් කැපී පෙනේ.[2]

2012 වර්ෂයේදී මෙම තැපැල් කාර්යාලයේ ඉහල මහල රුපියල් මිලියන 5.4 ක පමණ වියදමින් සංචාරක නවාතැන්පලක් ලෙස සංවර්ධනය කරන ලදී.[3]

මුද්දර[සංස්කරණය]

ලෝක තැපැල් දිනයට සමගාමීව නිකුත් කරන ලද මුද්දරයක් සඳහා නුවරඑළිය තැපැල් කාර්යාලය යොදා ගෙන තිබේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "නුවරඑළිය පෝස්ට් ඔෆිස් ටු බී අ හොළිඩේ බංග්ලෝ". ගොසිප්ලංකානිව්ස්. 2014. සම්ප්‍රවේශය 2015-04-24.
  2. "පාර්ට් ඔෆ් නුවරඑළිය පෝස්ට් ඔෆිස් ෆෝර් ටුවරිස්ම්". අයිලන්ඩ්. 28 මාර්තු 2012. සම්ප්‍රවේශය 24 අප්‍රේල් 2015.
  3. "පෝස්ටල් හොළිඩේ බංග්ලෝ ඉන් නුවරඑළිය". සන්ඩේ ඔබ්සවර්. 18 නොවැම්බර් 2012. සම්ප්‍රවේශය 2015-04-24.

බාහිර සබැදි[සංස්කරණය]