නිවුටන් (ඒකකය)

විකිපීඩියා වෙතින්

නිවුටන් (සංකේතය: N) යනු, සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාව වෙනුවෙන් ඔහු සිදු කල කාර්යභාරය අගයමින් අයිසෙක් නිවුටන් අනුව යමින් නම් කෙරුනු බලය සඳහා SI ව්‍යුත්පන්න ඒකකය වේ.

අර්ථදැක්වීම[සංස්කරණය]

නිවුටනය යනු SI ක්‍රමය තුල බලය සඳහා ව්‍යුත්පන්න ඒකකය වේ; එය තුල්‍ය වන්නේ, කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තත්පරයට තත්පරයට මීටර එකක සීඝ්‍රතාවකින් ත්වරණය කිරීමට අවශ්‍ය බලයටය. මාන විශ්ලේෂණයෙහිදී, F=ma, m (කිග්‍රෑ) යන්න a (මී/තත්2) වෙතින් ගුණකිරීමට භාජනය වෙන බැවින්, නිවුටන්1 ඒකකයක මාන:[1]

නිදසුන්[සංස්කරණය]

  • 1 N යනු, 102 ග්‍රෑ (​19.81 කිග්‍රෑ) (කුඩා ඇපල් ගෙඩියක පමණ) ස්කන්ධයක් ඇති වස්තුවක් කෙරෙහි, පෘථිවියෙහි ගුරුත්වය ඇති කරන බලයයි.
  • පෘථිවි පෘෂ්ඨයෙහි දී, කිග්‍රෑ  1 ක ස්කන්ධයක්, දළ වශයෙන් 9.8 N [පහළට] (හෝ 1.0 කිලෝග්‍රෑම්-බලය; 1 කිග්‍රෑබ=9.80665 N අර්ථදැක්වීම ප්‍රකාර) බලයක් ඇති කරයි. කිග්‍රෑ  1 ක් 10 N වෙතට සංගත වෙන බවට සන්නිකර්ෂණය කෙරුම එදිනෙදා ජීවිතයෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහිදී ආනුභූතික රීතියක් ලෙසින් භාවිතා කෙරේ.
  • ‍කිග්‍රෑ  70 ස්කන්ධයක් ඇති මානවයෙකු මත පෘථිවියෙහි ගුරුත්වය ඇති කරන බලය දළ වශයෙන් 686 N පමණ වේ.
  • බලයෙහි සහ විස්ථාපනයෙහි තිත් ගුණිතය නිපැයන්නේ යාන්ත්‍රික කාර්යය වේ. එබැවින්, SI ඒකක වලදී, 1 N බලයක් 1 මී දුරක් යෙදවූ කල 1 N•m කාර්යයක් සිදු කෙරේ. කාර්යය-ශක්තිය ප්‍රමේයය දක්වන්නේ යම් වස්තුවක් මත සිදුකෙරෙන කාර්යය එම වස්තුවෙහි ශක්තිය වෙනස් වීමට සමාන බවයි. 1 N•m = 1 J (ජූල්), එනම් ශක්තිය සඳහා SI ඒකකය.
  • බලය කිලෝනිවුටන් හෝ kN වලින් දැක්වීම සුලභ වන අතර, 1 kN = 1,000 N වේ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Table 3. Coherent derived units in the SI with special names and symbols". The International System of Units (SI). International Bureau of Weights and Measures. 2006.
"https://si.wikipedia.org/w/index.php?title=නිවුටන්_(ඒකකය)&oldid=250356" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි