නිකොලා ටෙස්ලා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නිකොලා ටෙස්ලා
උපත 1856 ජුලි 10
මරණය 1943 ජනවාරි 7 (වයස 86 )නිව්යෝර්ක් නගරය
පදිංචිය ප්‍රංශය, ඇමරිකාව
ක්ෂේත්‍ර භෞතික විද්‍යාව, කාර්මික ඉංජිනේරු , විදුලි ඉංජිනේරු
ප්‍රචලිත සොයා ගැනිම්, ප්‍රත්‍යාවර්තන ධාරාව, ප්‍රේරණ මෝටරය,විද්‍යුත්
චුම්බන සහ රැහැන් රහිත තාක්ෂණය
සම්මාන එඩ්සන් සම්මානය , (AICE 1916) ඉලියම් ත්‍රෙසන් රන් සංවිධානය (1893),
ජෝන් ස්කොට් සම්මානය 1934

නිකොලා ටෙස්ලා ඔස්ට්‍රියන් අධිරාජ්‍යයේ ස්මිල්ජාන් හි උපත ලදහ. ඔහු ස්වදේශීය සර්බි වු අතර පසුව ඇමරිකන් පුරවැසිභාවය ලැබීය. මෙල්සා ප්‍රසිද්ධ වී ඇත්තේ 19 හා 20 වන ශත වර්ෂවල දී විදුලිය හා කාන්දම් ක්ෂේත්‍රයට සිදු කල විශාල දායකත්වයටය .මොහුගේ නිර්මාණ අතර ප්‍රත්‍යාවරත්න ධාරාව හා (AC පද්ධතිය) AC මෝටර්ය ප්‍රධාන වේ. මෙම සොයා ගැනිම් ඇමරිකාව තුළ විශාල වැදගත්කමක් ඇති කල අතර ටෙල්සාගේ නාමය ද මේ වකවානුවේ එරට විශාල වශයෙන් ප්‍රසිද්ධ විය. නමුත් ඔහුගේ ස්වදේශීය පෙනුම හා විවිධ අවස්ථාවන් වලදී කල ආන්දෝලනාත්මක පර්යේෂණ හා පැහැදිළි කිරීම් හේතුවෙන් වරක මොහු උන්මත්තකයෙකු ලෙස නම් කෙරුණි. මේ හැරුණු කොට ටෙල්සා රොබෝ විද්‍යාව, දුරස්ථ පාලක, රේඩාර් සහ පරිගණක විද්‍යාවට දායක ව ඇත. නෂ්ටික විද්‍යාව හා න්‍යායාත්මක භෞතික විද්‍යාවේ වර්ධනයට දායක වී ඇත. 1943 ඇමරිකානු ශ්‍රේෂ්ඨ අධිකරණය මොහුව රේඩියෝව නිර්මාණ කළ පුද්ගලයා වශයෙන් ඇගයීමට ලක් කළේය. මොහු සර්බියා හා ත්‍රෝට්ෂියා සම්මාන වලින් පුදනු ලද අතර චෙක් සමුහාණ්ඩුව විසින් වයිට් ලයන් සම්මානයෙන් පුදනු ලැබීය.

"http://si.wikipedia.org/w/index.php?title=නිකොලා_ටෙස්ලා&oldid=289590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි