ඉන්දියානු සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(දෙමළ සාහිත්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉන්දියානු සාහිත්‍යය
ඇසෑමීය
බෙංගාලි
බෝජ්පුරි
ගුජරාටි
හින්දි
කන්නඩ
කාෂ්මීර
මලයාලම්
මනිපුරි
මරාති
නේපාල
ඕරියා
පන්ජාබි
රාජස්තානි
සංස්කෘත
සින්ධි
දෙමළ
තෙළිඟු
උර්දු

ඉන්දියානු සාහිත්‍යය යන්නෙන් අදහස් වෙන්නේ 1947 දක්වා ඉන්දීය උප මහාද්වීපයෙහි සහ ඉන් ඉක්බිතිව ඉන්දීය ජනරජයෙහි ප්‍රභූත සාහිත්‍යය වෙයි. ඉන්දීය ජනරජය තුල නිල වශයෙන් පිළිගත් භාෂා 22 ක් වෙති.

ඉන්දියානු සාහිත්‍යයෙහි ආදිතම කෘතීන් වාචිකව සම්ප්‍රේෂණය කෙරිණි. සංස්කෘත සාහිත්‍යය ඇරඹෙනුයේ 1500–1200 ක්‍රි.පූ කාලසීමාවට කාලනිර්ණය කොට ඇත්තාවූ පූජනීය භක්ති ගීතිකා සමුච්චයක් වන සෘග් වේදය වෙතිනි. රාමායනය සහ මහා භාරතය යන සංස්කෘත වීර කාව්‍යය එළිදැක්වුනේ ක්‍රි.පූ පළමුවන සහස්‍රකය අවසානයට වන්නටය. සම්භාව්‍ය සංස්කෘත සාහිත්‍යය මෙන්ම දෙමළ සංගම් සාහිත්‍යය, සහ පාලි ත්‍රිපිටකයද සමෘද්‍ධ වූයේ ක්‍රියු පළමුවන සහස්‍රකයෙහි පළමු සියවස් කිහිපය තුලදීය .

මධ්‍යතන යුගයෙහිදී, කන්නඩ සහ තෙළිඟු භාෂාවන් හි සාහිත්‍යය එළිදැක්වුනේ පිළිවෙලින් 9වන සහ 11වන සියවස් තුලදීය.[1] පසුව, මරාති, බෙංගාලි, හින්දියෙහි විවිධ උපභාෂාවන්, පර්සියානු සහ උර්දු යන භාෂාවන්හී සාහිත්‍යයද එළිදැකීමට පටන් ගති. 20වන සියවසෙහි මුල කාලයෙහිදී, ඉන්දියාවෙහි පළමුවන නොබෙල් ත්‍යාගලාභියා බවට පත්වීමට බෙංගාලි කිවි රබින්ද්‍රනාත් තාගෝර් සමත්විය. නූතන ඉන්දියානු සාහිත්‍යයෙහි, සාහිත්‍යක සම්මාන දෙකක් ඇත; ඒවා නම් සාහිත්‍ය ඇකඩමි අධිශිෂ්‍යත්වය සහ ඥාන්පිත් සම්මානය වෙති. හින්දි සහ කන්නඩ එක එකක් වෙනුවෙන් සතක් බැගින්ද , බෙංගාලි වෙනුවෙන් පහක්ද , මලයාලම් වෙනුවෙන් සතරක් සහ ගුජරාටි, මරාති සහ උර්දු වෙනුවෙන් තුනක්ද වශයෙන් ඥාන්පිත් සම්මානයන් ප්‍රදානය කොට ඇත.[2][3]

පෞරාණික ඉන්දීය භාෂාවල ඉන්දියානු සාහිත්‍යය[සංස්කරණය]

වේද සාහිත්‍යය[සංස්කරණය]

වේදික සංස්කෘත භාෂාවෙන් සිදු කළ අතීත නිර්මාණයන් අතර වේද හා උපනිෂද් ග්‍රන්ථ වැනි ශුද්ධ වූ හින්දු ලේඛණ අයත් වේ. වෙනත් උදාහරණ අතරට ජ්‍යාමිතියේ පැරණිතම ලේඛණ අතරට අයත් වන සුල්බා සූත්‍රයන් ගිනිය හැක.

සංස්කෘත වීර කාව්‍ය සාහිත්‍යය[සංස්කරණය]

ව්‍යාසාගේ මහාභාරතය හා වාල්මිකීගේ රාමායණය සංස්කෘත භාෂාවෙන් රචිත අතර ඉන්දියාවේ ශ්‍රේෂ්ටතම වීර කාව්‍යයන් ගණයට ගැනේ.

සම්භාව්‍ය සංස්කෘතික සාහිත්‍යය[සංස්කරණය]

ප්‍රසිද්ධ කවියෙකු හා නාට්‍ය රචකයෙකු වූ කාලිදාසයන් විසින් "රඝුවංශ" (රජුගේ රජපෙළපතා) හා "කුමරසම්භව" (කුමාර් කාතික්‍යගේ උපත ) යන මහා කාව්‍ය රචනා කරන ලදී. ඒවා රචනා කිරීමේදී සම්භාව්‍ය සංස්කෘතිය භාවිතා කර ඇති අතර මහාකාව්‍ය සංස්කෘතිය භාවිතා කර නැත. "පානිනීගේ අශ්ඨධ්‍යාය", සම්භාව්‍ය සංස්කෘතියෙන් ලියන ලද තවත් කෘතියක්වේ. එහි අඩංගු ධ්වනි විද්‍යාව හා ව්‍යාකරණ විධිය සම්භාව්‍ය සංස්කෘතියට ප්‍රමිතියක් ගෙනදේ. "මානු නීති" යනු හින්දි දර්ශනයේ එන වැදගත් පාඨයකි. සම්භාව්‍ය සංස්කෘතියේ උසස්ම නාට්‍ය රචකයා ලෙස කාලිදාසයන් සලකනු ලබයි. ඔහු ප්‍රකට සංස්කෘතික නාටකයන් වන "ශකුන්තලාගේ ප්‍රත්‍යභිඥානය" සහ "මේඝධූත" රචනා කළේය. ඉංග්‍රීසි සාහිත්‍යයේ ශේක්ස්පියර් සඳහා හිමිවන ස්ථානය, සංස්කෘතික සාහිත්‍යයේදී ඔහුට ලැබේ. ශුද්‍රක රචනා කල "ම්‍රිචකඨික", භාෂා රචනා කළ "ස්වප්න වසවඩත්තම" හා ශ්‍රී හර්ෂ විසින් රචනා කරන ලද "රත්නමාලී" යනු තවත් ප්‍රසිද්ධ නාටක කිහිපයකි. ජයදේවා විසින් රචිත "ගීතා ගෝවින්දා" පසුකාලීන සාහිත්‍යාත්මක කෘතියකි. චානක්‍යගේ "අර්ථශාස්ත්‍ර" සහ වත්ස්‍යායන ගේ "කාම සූත්‍ර" යනු තවත් ප්‍රසිද්ධ කෘතීන් අතරින් කිහිපයකි.

ප්‍රාකෘක සාහිත්‍යය[සංස්කරණය]

වඩාත් අවධානයට ලක්වන ප්‍රක්රිට් භාෂාව වන්නේ පාලිය. අශ්ඝෝෂගේ බොහොමයක් නාට්‍යය ශවුර්සෙනි ප්‍රක්රිට්වලින් ලියා ඇත. ශවුනි වලින් ලියන ලද තවත් විශාල සාහිත්‍යය අංගයක් වන්නේ කවමංජාරීය. කාලිදාස, හර්ෂ හා හාල් ඔවුන්ගේ සමහරක් නාට්‍යය හා පද්‍යය වලදී මහාරාෂ්ටීය රාකි භාවිතා කරන ලදී. ශෙම්බාර් ජේන්ගේ බොහොමයක් කටයුතුද මහාරාෂ්ට ප්‍රක්රිට්වලින් ලියා ඇත. බොහොමයක් නාට්‍යය ( අශ්වඝෝෂගේ වැනි ) හා ජේන්ගේ කාර්යන් ආර්ද මගඩි ප්‍රක්රිට් මගින් ලියා ඇත.

පාලි සාහිත්‍යය[සංස්කරණය]

පාලි ශාස්ත්‍රයේ ඇත්තේ බොහෝ දුරට ඉන්දීය සම්භවයකි. පසු කාලීන පාලි සාහිත්‍යයන් ඉන්දීය උප මහද්වීපයේ ප්‍රධාන භූමියෙන් පිටත දී ඇති වුණ අතර ඊට ශ්‍රී ලංකාව හා නිරිත දිග ආසියාව අයත් වේ.

පාලි සාහිත්‍යයට අන්තර්ගත වන්නේ බෞද්ධ දාර්ශනික කටයුතු පද්‍යයන් හා ඇතැම් ව්‍යාකරණමය කටයුතුය. ප්‍රධාන පාලි ලේඛණ අතර ජාතක කතා, ධම්ම පදය, අට්ඨ කතා හා මහාවංශය අයත් වේ. ප්‍රධාන පාලි ව්‍යාකරණ ශිල්පීන් අතර කච්ඡායනා, මොග්ල්ලාන හා වරාරුසී (ඔහු ප්‍රක්රිත් ප්‍රකාශ් ලිවීය) අයත් වේ.

පොදු ඉන්දීය භාෂාවල ඉන්දියානු සාහිත්‍යය[සංස්කරණය]

හින්දි සාහිත්‍යය[සංස්කරණය]

මධ්‍යතන යුගයේ දී අවාදි හා බ්‍රිජ් වැනි උප භාෂාවන්ගේ දාර්ශනිකමය පද්‍යයන් හා ආගමික නිර්මාණයන් තුළින් හින්දි සාහිත්‍යය ආරම්භ විය. යුගයේ වඩාත් ප්‍රචලිත චරිත වන්නේ කබීර් හා තුල්සිදාස්ය. නූතන කාලයේ කාදි උප භාෂාව වඩාත් ප්‍රමුඛ වී ඇති අතර සංස්කෘත භාෂාවෙන් ද විවිධාකාර සාහිත්‍ය නිර්මාණයන් නිම වේ. Chandrakanta, Devaki Nandan Khatri, විසින් රචිත නිර්මාණයක් වන අතර ප්‍රථම හින්දි ගද්‍ය නිර්මාණය ලෙස සැලකේ. Munshi Premchand යනු වඩාත් ප්‍රසිද්ධතම හින්දි නවකතාකරුවාය. The chhayavadi පද්‍ය නිර්මාණකරුවන් අතරට Suryakant Tripathi 'Nirala', Jaishankar Prasad, Sumitranandan Pant, සහ Mahadevi Varma අයත් වේ. වෙනත් සුප්‍රසිද්ධ කවීන් අතරට Ramdhari Singh 'Dinkar', Maithili Sharan Gupt, Agyey, Harivansh Rai Bachchan, සහ Dharmveer Bharti අයත් වේ.

කන්නඩ සාහිත්‍යය[සංස්කරණය]

සාමාන්‍යයෙන් පස්වන හෝ සයවන හෝ සියවසට කාලනිර්ණය කෙරෙන හල්මිඩි ශිලාලේඛනය, ලිඛිත කන්නඩ සඳහා ආදිතම නිදසුන වෙයි.[4]
1994 වසර සඳහා ඥාන්පිත් සම්මානය දිනාගත් කන්නඩ ලේඛක, යූ. ආර්. ආනන්දමූර්ති


ත්‍රීපාදි වෘත්තයෙන් ලියැවුණු දැනට ඉතිරිව තිබෙන පැරණිම කන්නඩ කාව්‍ය සාහිත්‍ය වාර්තාව කප්පෙ අරබත්ත නම් වූ (ක්‍රි.ව.700) ලේඛණයයි. නෘපතුංග අමොගවර්ෂ (850) විසින් රචිත කවිරාජ මාර්ග කෘතිය කන්නඩ භාෂාවෙන් ලියැවුනු දැනට ඉතිරිව තිබෙන මුල්ම ශාස්ත්‍රීය වර්ගයේ කෘතියයි. එය ලියැවි තිබෙන්නේ ශාස්ත්‍රීය විවේචනය සහ කාව්‍යමය කරුණු ගැනයි. කලින් ශතවර්ෂ වල කන්නඩ උප භාෂා වලින් ලියන ලද විවිධ සාහිත්‍ය කෘති ප්‍රමිතිකරණය කිරීමද එම කෘතියේ අරමුණකි. 6 වෙනි සියවසේ දුර්විනීත රජු සහ රවී කීර්ති වැනි මුල් කාලීන ලේඛකයින් විසින් කරන ලද කන්නඩ කෘතින්ට ද එම ලේඛණයෙන් අවධානය යොමු කරවයි. දැනට දක්නට ලැබෙන මුල් කාලීන ගද්‍ය කෘතියක් වූ ශිව කොටියාචාර්ය (ක්‍රි.ව.900) විසින් රචිත වද්දරධාන (Vaddaradhana) නම් ග්‍රන්ථයෙහි ශ්‍රවණබෙලගෝලා හි භද්‍ර බාහු ගේ ජීවිතය පිළිබඳ අලංකාර විස්තරයක් දක්වා ඇත. දැනට ඉතිරිව පවත්නා මුල්ම කන්නඩ කෘතිය කන්නඩ ව්‍යාකරණය සහ සාහිත්‍ය ශෛලීන් එක්කිරීමට මගපෙන්වීම ආදි කරුණු අරභයා ලියා තිබීමෙන් පෙනී යන්නේ කන්නඩ සාහිත්‍යය සියවස් ගණනාවකට ඉහත සිට ආරම්භ වන්නට ඇතැයි යනුවෙනි. මධ්‍යතන යුගයේ කෘතින් වලට මුල් වී ඇත්තේ ජෛන සහ හින්දු මූලධර්මයන්ය. “වචනා” යනු එම කාලය තුල සමාජ, ආගමික සහ ආර්ථික තත්වයේ සංක්ෂිප්ත විස්තරයකි. “වචනා” සාහිත්‍යයේ වැදගත් ලේඛකයින් අතර බසවන්නා, අල්ලමා ප්‍රභූ සහ අක්කා මහා දේවි යනාදී අය වූහ. කර්නාට භාරත කටමංජරි ලියු කුමාර ව්‍යාස පහළොස්වෙනි සියවසේ වඩාත් ප්‍රසිද්ධ සහ බලවත් කන්නඩ ලේඛකයා විය. පහළොස්වෙනි සියවසේදි පමණ භක්ති ව්‍යාපාරය දාස සාහිත්‍යය ප්‍රාණවත් කළේය. මෙයින් වර්තමානයේ පවතින ආකාරයට කර්ණාටක සංගීතයේ පරිනාමයට සැළකිය යුතු දායකත්වයක් ලැබුනේය. මෙම කාලය පුරන්දරදාස වැනි මහා හරිදාස්වරු දක්නට ලැබුනේය. කනකදාස, ව්‍යාසතිර්ථ සහ විජයදාස නම් වූ අය කර්ණාටක සංගීතයේ පුරෝගාමියා ලෙස හඳුන්වනු ලැබු පුරන්දරදාස වැනි මහා හරිස්දාවරු වූහ. විසිවෙනි සියවසේ නවීන කන්නඩ භාෂාව ප්‍රධාන වශයෙන් නවෝද්යා, නව්‍ය, නවෝත්තර, දලිතා සහ බන්ධයා වැනි බොහෝ ව්‍යාපාර වලින් ආභාෂය ලැබීය. සමකාලීන කන්නඩ සාහිත්‍යය සමාජයේ සියලු පන්ති වල ජනතාව කරා ළඟා වීමේදි බොහෝ සාර්ථක විය. කන්නඩ සාහිත්‍ය කෘතින් ඥාන්පිත් සම්මාන හතක් දිනා තිබුනේය. මෙය අනිකුත් ඉන්දියන් භාෂා සමග සැසඳූ විට ඉහළම ස්ථානයයි. මෙම සාහිත්‍යය, සාහිත්‍ය ඇකඩමි සම්මාන හතලිස් හතක්ද ලබා ගෙන ඇත.

ඕරියා සාහිත්‍ය[සංස්කරණය]

ඕරියාවට 13 වන සියවස තෙක් දිවෙන පොහොසත් සාහිත්‍ය උරුමයක් ඇත. 14 වන සියවසේදී ජීවත් වු සරලා දාස ඔරිස්සාහි වයිසා ලෙස හැදින්වේ. ඔහු මහා භාරතය කොරියානු භාෂාවට පරිවර්ථනය කරන ලදී. එමෙන්ම මහා භාරතය, රාමායනය හා ශ්‍රීමත් භාග්‍යභගම් වැනි සම්භාව්‍ය සංස්කෘතික ලේඛන පරිවර්ථනය කිරීමේ ක්‍රියාවලිය තුලින් එම භාෂාව සම්මත කරණයට පත් විය. ජගන්නාත් ඩෑස් විසින් ශ්‍රීමත් භගභතම් කෝරියාවල්ට පරිවර්ථනය කළ අතර ඔහුගේ පරිවර්ථනය තුලින් භාෂාවේ ලිවීම් ආකාරය සම්මත කරණයට භාජනය විය. කොර්යා රාජ්‍යයට පද්‍ය පිලිබදව බලවත් සම්ප්‍රදායක් ඇත. (විහේෂයෙන් ආගමික භක්තිය පිලිබද පද්‍ය) වෙනත් ප්‍රසිද්ධ පුරාථන ඔරියා කවීන් අතරට කබි සම්රන් උපේනද්‍ර බන්ජා හා කබි සුර්යයා බාලා දේවි රතා ඇතුළත්ය.

19 වන සියවසේ දී කොරියානු සාහිත්‍යයේ ගද්‍ය හා පද්‍ය ලිවීමේ සුප්‍රසිද්ධ පුද්ගලයන් වුයේ ෆකිර් මෝහන් සේනාපති (1843 – 1918), ගෞරි ශන්කර් රේ, ගෝපාල් චන්ද්‍ර ප්‍රහාරාජ්, පණ්ඩිත් නිල්මානි විද්‍යාරත්න, කබිබාර් රාධානාත් රේය. 20 වන සියවසේ ඔරියානු සාහිත්‍ය හා ඔරියානු භාෂාවට වටිනාකමක් ලබාදුන් පුද්ගලයන් අතරට ගොඩ භාෂි මොහොප්පත්‍රා, කාලිංග චරණ පණිභ්‍රහි, ඛණ්හු චාරන් මොහන්ති (1906 – 1997), ගොපිනාත් මොහන්ති, සචින්ද නන්ද රෞද්ද්‍රි, සුරේනද්‍ර මොහන්ති, මනෝජ් දාස්, ක්‍රිෂෝරි චරන්දාස්, සීත කාන්තා මොහොප්පත්‍රා , රාමකාන්ත රාත්, බිනපානි මොහන්ති, ජගදිස් මොහන්ති, සරෝජනි සචෝ, රාජේන්ද්‍ර ක්‍රිෂෝර් පාණ්ඩ, පද්මජ් පාල්, රාම චන්ද්‍ර බිහේරා හා ප්‍රතිබා සත්පති අයත්ය.

බෙංගාලි සාහිත්‍යය[සංස්කරණය]

බෙන්ගාලි සාහිත්‍යයේ ප්‍රථම සාක්ෂි චර්යා පාද හෝ චර්යාගීති ලෙස හැදින්වෙයි. ඒවා 8 වන සිය වසේ සිට වු ‍බෞද්ධ ගීතිකා විය. චර්යා පාද බෙන්ගාලි භාෂාවෙන් ලියන ලද පැරණිතම ලිවීම් ආකාරය වෙයි. ප්‍රසිද්ධ බෙන්ගාල වාග්වේදී හර්ෂ ප්‍රෂාද් ශාස්ත්‍රි 1907 දී නේපාලයේ රෝයල් කෝට් පුස්තකාලයේදී චර්යා පාදයේ තල් කොළයක ලියන ලද අත්පිට පත සොයන ලදී. අන්තර්ජාතිකව වඩාත් ප්‍රසිද්ධ බෙන්ගාල ලේඛකයා වන්නේ නොබෙල් සාහිත්‍ය ලාභි රබීන්ද්‍රණාත් තාගෝර්ය. ඔහු ඔහුගේ ගීතාංජලි ග්‍රන්ථය සදහා 1913 දී සාහිතය සදහා වු නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු විසින් ඉන්දියාවේ හා බංගලා දේශයේ ජාතික ගීතය ලියන ලද අතර පිලිවෙලින් නම් වශයෙන් ඒවා ජානා ගානා මානා හා අමාර් සෝනාර් බංගාලා නම් වේ. ඔහු නොබෙල් ත්‍යාගයක් දිනා ගන්නා ලද ප්‍රථම ආසියාතිකයා වේ. රවින්ද්‍රණාත් විසින් පද්‍ය, ගීත, වාක්‍ය රචනා, නව කතා හා නාට්‍ය හා කෙටි කතා‍ විශාල ප්‍රමාණයක් ලියා තිබේ. ඔහුගේ ගීත අදටත් ජනප්‍රිය අතර අදටත් බෙන්ගාලයේ බහුලව ගායනයට ලක්වෙයි.

එක් පරම්පරා බාල වෙනත් පද්‍ය කරුවෙක් මේ හා සමානවම ජනප්‍රිය, වටිනා හා බලපෑම් ඇති කරවන නමුත් ඔහු වෙනත් රටවල එතරම් ප්‍රසිද්ධියක් නොවුසුලයි. ඔහු නමින් කාසි නස්රුල් ස්ලාම් නම් වේ. ‍අනෙකුත් ප්‍රසිද්ධ ඉන්දියානු බෙන්ගාල ලේඛකයන් වන්නේ ශරත් චන්ද්‍ර චටෝපාදියයි, බන්කිම් චන්ද්‍ර චටෝපාදියයි හා මයිකල් මදුසුදාන් දත් ය. ඉන්දියාවේ දෙවෙනියට වඩාත් බහුලවම කතා කරන භාෂාව වන්නේ බෙන්ගාලියයි. 19 වන හා 20 වන සියවස්වල බෙන්ගාල පුනරුදයේ ප්‍රතිඵල ලෙස ඉන්දියාවේ බොහෝමයක් ප්‍රසිද්ධ හා සාපේක්ෂව නූතන සා‍හිත්‍ය, පද්‍ය හා ගීත බෙන්ගාලි බසින් ලියවී ඇත.

ඉංග්‍රීසි සාහිත්‍ය[සංස්කරණය]

පසුගිය ශත වර්ෂයේදී ඉන්දියානු රචකයන් කිහිප දෙනෙකු සාම්ප්‍රදායික භාෂා වලින් ඔබ්බට ගොස් ඉංග්‍රීසි භාෂාවෙහි දීද සමත්කම් දක්වන ලදී. ඉන්දියවේ එකම සම්භාවනීය රචකයා වුයේ බෙන්ගාලි ජාතික ලේඛක රවින්ද්‍රණාත් තාගෝර්ය. ඔහු ඇතැම් ලේඛන කෙලින්ම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු අතර ඇතැම් ඒවා ඔහු විසින් බෙන්ගාලි භාෂාවෙන් ලියු මුල්කෘති වලින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදී. ඉන්දීය තේමාවන් වලින් අභාෂය ලබා ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛන කටයුතු කළ ඉන්දීය හෝ ඉන්දියන් සම්බවයක් සහිත ලේඛකයන් අතර R. K. Narayan, Vikram Seth, Salman Rushdie, Arundhati Roy, Raja Rao, VS Naipaul, Amitav Ghosh, Rohinton Mistry, Vikram Chandra, Mukul Kesavan, Raj Kamal Jha, Vikas Swarup, Khushwant Singh, Shashi Tharoor, Nayantara Sehgal, Anita Desai, Kiran Desai, Ashok Banker, Shashi Deshpande, Jhumpa Lahiri, Kamala Markandaya, Gita Mehta, Manil Suri, Ruskin Bond හා Bharati Mukherjee ප්‍රමුඛ‍වේ.

1950 ගණන් වලදී ලේඛකයෙකු හා කවියෙකු P ලාල් විසින් කල්කටාවේදී ලේඛක වැඩ මුළුවක් පවත් වන ලදී. ඒ ඉන්දීය ලේඛන ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීමට හා‍ප්‍රකාශයට පත් කිරීමටය. Pritish Nandy, Sasthi Brata ඒ සදහා මූලිකව ක්‍රියා ක‍ෙළ්ය. එය අද දක්වාම අඛණ්ඩව පවතින අතර ඉන්දීය ඉංග්‍රීසි ලේඛන සදහා සන්දර්භයක් සපයයි.

මෑත අවුරුදු වලදී ඉන්දීය රචකයන්ගේ ඉංග්‍රීසි ලේඛන බටහිර රටවල් වල සීඝ්‍රයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

VS Naipaul, Salman Rushdie, Arundhati Roy හා Kiran Desai විසින් Man Booker ත්‍යාගය, දිනා ගන්නා ලදී. with Salman Rushdie ලේඛකයන්ගෙත් ලේඛකයා සම්මානය දිනා ගත්තේය.. VS Naipaul සාහිත්‍ය සදහා නොබෙල් ත්‍යාගය දිනා ගත්තේය.

දෙමළ සාහිත්‍යය[සංස්කරණය]

දෙමළ සාහිත්‍යයට වසර 2000 කටත් වඩා පැරණි පොහොසත් හා දිගු සාහිත්‍ය සම්ප්‍රදායක් ඇත. වර්ථමානයේ දක්න‍ට ඇති පැරණිතම දෙමළ සාහිත්‍ය අංගය ලෙස සැලකෙන්නේ ටොල්කාපියම් ය. දෙමළ සාහිත්‍ය ඉතිහාසය තමිල් නාඩුවේ ඉතිහාසය අනුගමනය කර එමගින් එහි විවිධ කාලාන්තර වල සාමාජීය හා දේශපාලනකි ප්‍රවනතා සමීපව අනුගමනය කරන ලදී. මුල් කාලීන සංගම් පද්‍ය වල අගාරික ස්වභාවය මධ්‍යතන යුග අතර තුරදී වු ආගමික හා උපදේශාත්මක ස්වභාවයන්ගේ කාර්යය වලට මගපාදයි. තිරුක්කුලාල් යනු මිනිස් හැසිරීම් හා දේශපාලනික අදහස් පිලිබදව වු කටයුතු වලට හොදම උදාහරණක් වෙයි. ආගමික පුනර්ජීවන රැල්ල සාහිවයිට් හා වයිශ්නවිට් ලේඛකයන්ගෙන් අතිවිශාල සාහිත්‍ය ප්‍රතිදානයක් ලබාදීමට හේතු පාදක විය. මද්‍යතන යුගය අතරතුර වු ජේන් හා‍බෞද්ධ ලේඛකයන් හා පසුව මුස්ලිම් හා යුරෝපිය ලේඛකයන් දෙමළ සාහිත්‍යයේ දියුනු වීම් වලට තම දායකත්වය සපයන ලදී.

දෙමළ සාහිත්‍යයේ පුණර්ජීවනයේ අරමුණු 19 වන සියවසේ අගභාගයේ සිටය. එම කාලයේදී අගමික හා දාර්ශණික වටපිටාවකින් යුත් කටයුතු සාමාන්‍ය මහජනයාට පහසුවෙන් රසවිදිය හැකි ආකාරයේ රටාවකින් ලීවීම සදු කරන ලදී. ජාතිවාදි කවීන් මහජනයාට බලපාන අයුරින් පද්‍යයේ බලය පාවිච්චි කිරීම ආරම්භ කළහ. තවද මේ කාලයේදී කෙටි කතා හා නව කතා ද ක්‍රමක් ක්‍රමයෙන් ඇරඹුනි. දෙමළ සිනමාවේ ජනප්‍රියත්වය නූතන දෙමළ කවීන්ට මතුවීමට ඉතා හොද අවස්ථාවක් සපයයි.

තෙළිඟු සාහිත්‍යය[සංස්කරණය]

ඉන්දියාවේ භාවිතා වන තෙවනියට විශාල භාෂාව වන තෙළිඟු සාහිත්‍යමය සම්ප්‍රධායන් වලින් පොහොසත් වූ එහි මුල්ම ලිවීම් 7 වන සියවස දක්වා ඈතට දිව යයි. මහා කාව්‍යය සාහිත්‍යය සම්ප්‍රධාය තෙළිඟු හි ආදි කවි ලෙස හඳුන්වන නානයියා විසින් ආරම්භකතරන ලදී. ඔහු අයත් වන්නේ 10 වන හෝ 11 වන සියවසටයි. 14 වන සියවසේ ජීවත් වූ වෙමානා පොදු ජනයාගේ භාෂාව ලිවීම සිදුකරන ලදී ඔහු සරල රටාවකින් පද්‍යය ලියන ලදී. ඔහු ඔහුගේ පද්‍යවල දී පවතින මිථ්‍යා අදහස් හා සම්මුති හා ආගමික චාරිත්‍ර සාකච්ඡාවට බඳුන් කරන ලදී. ඔහුගේ දර්ශනය ඔහුව ස්වාධීන පද්‍යය කරුවෙකු බවට පත් කරන ලදී. සාම්ප්‍රධායික නමුත් නිර්මාණශීලී සාහිත්‍යයක් සහිත විශ්වනාද සත්‍යයනාරායන් තෙළිඟු සඳහා ජනන්පිත් සම්මානය ලබා ගැනීමට වරම් ලද ප්‍රථම පුද්ගලයා වූ අතර ඉන්පසු C . නාරායන රෙඩි , අන්නාමයා, ගුරජඩ අප්පා රාවෝ,කන්දුකුරු , ශ්‍රී ශ්‍රී , දෙව්ලපල්ලි, ජෂුවා උන්නාවා ලක්ෂ්ම් නාරායන , බුච්චිබාබු , ට්‍රිපුරානෙනි ගෝපිචන් හා තෙළිගු මත යමු බලපෑමක් ඇති කළ බොහෝ දෙනෙක් මෙම සම්මානයට පාත්‍ර විය‍.

විදේශීය භාෂාවල ඉන්දියානු සාහිත්‍යය[සංස්කරණය]

ඉන්දු පර්සියානු සාහිත්‍ය[සංස්කරණය]

මුල් කාලීන මුස්ලිම් කාලය අතරතුරදී පර්සියානු භාෂාව උප මහද්වීපයේ ප්‍රධාන භාසාව වු අතර බොහෝමයක් උගතුන් හා රජ්‍යයන් විසින් භාවිතා කරන ලදී. පර්සියාවේ තිබු පර්සියානු සාහිත්‍ය එහි ප්‍රසිද්ධ අතර ඉන්දියානුවන් කිහිප දෙනෙක් ප්‍රධාන පර්සියානු පද්‍ය කරුවන් බවට පත් වෙයි. ඔවුන් අතරට අමීර් කෘසෝ හා නූතන කාලයේ අලාමා ඉබ්බාල් ඇතුළත් වෙයි. පැරණි සංස්කෘත සාහිත්‍ය බොහෝමයක් ද පර්සියානු භාෂාවට පරිවර්ථනය කරන ලදී. යම් කාලයක් පුරාවට එය මෝගල් අධිරාජ්‍යයේ අධිකරණ භාෂාව ලෙස තිබු අතර පසුව එය උර්දු භාෂාව මගින් ප්‍රතිස්ථාපනය ‍විය. උර්දු වල ව්‍යාප්ත වීම නොසලකා හරිමින් පර්සියානු භාෂාව තවමත් එහි තත්ත්වය ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයේ මුල් කාලීන වර්ෂ දක්වා ආරක්ෂා කර ගෙන සිටී. බොහෝමයක් බ්‍රිතාන්‍ය නිළධාරීන්ට ඉන්දියාවට පැමිණීමේදි පර්සියානු භාෂාව ඉගෙනීමට සිදු වු අතර ඔවුන්ගේ සාකච්ඡා පර්සියානු භාෂාවෙන් සිදු කිරීමට සිදු විය. කෙසේ නමුත් 19 වන සිය වසේ මුල් භාගයේදී බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ගේ බලපෑම ව්‍යාප්ති කිරීමේ උත්සාහයක් ලෙස පර්සියානු භාෂා භාවිතය නැවැත් වීමට රාජ්‍ය නීතියක් පැනවු අතර ඒ වෙනුවට ඉංග්‍රීසි භාෂා භාවිතය හදුන්වා දෙන ලදී. මේ නිසා උප මහද්වීපයේ ප්‍රධාන භාෂාවලෙස වු පර්සියානු භාෂාවේ පසු බැසීම ආරම්භ වු අතර එහි ස්ථානය ඉංග්‍රීසි භාෂාව විසින් හිමි කරගන්නා ලදී. බොහෝමයක් නූතන ඉන්දියානු භාෂා තවමත් අධික පර්සියානු බලපෑමේ සලකුණු පෙන්වයි. (වඩාත් විශේෂිතව උර්දු හා හින්දු)



අධෝසටහන්[සංස්කරණය]

  1. "Kannada literature", Encyclopædia Britannica, 2008. Quote: "The earliest literary work is the Kavirajamarga (c. AD 850), a treatise on poetics based on a Sanskrit model."
  2. "Awardees detail for the Jnanpith Award". Official website of Bharatiya Jnanpith. Bharatiya Jnanpith. http://jnanpith.net/laureates/index.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-06-29. 
  3. "Kunwar Narayan to be awarded Jnanpith". Times of India. Nov 24, 2008. http://www1.timesofindia.indiatimes.com/Delhi/Kunwar_Narayan_to_be_awarded_Jnanpith/articleshow/3752703.cms. Retrieved 2008-11-25. 
  4. බලන්න හල්මිඩි ශිලාලේඛනය සොයාගැනුම හා එහි කාලනිර්ණය.