දිවෙහි රාජ්ජේ
| මාලදිවයින් ජනරජය
ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ
(දිවෙහි රාජේය්ගේ ජුම්හෝරියා) |
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| ගීය: ක්වාමි සලාම් "ජාතික ආචාරය" |
||||||
| අගනගරය | මාලේ 4°10′N 73°30′E / 4.167°N 73.5°E |
|||||
| නිල භාෂාවන් | දිවෙහි | |||||
| ජනවාර්ගික කණ්ඩායම් | ≈100% දිවෙහිවරුන් [1][2][3] (විදේශිකයන් හැර) | |||||
| ජාති නාමය | මාලදිවයානු | |||||
| රජය | ජනාධිපති ජනරජය | |||||
| - | ජනාධිපති | මොහමඩ් නශීඩ් | ||||
| - | උප ජනාධිපති | ආචාර්ය. මොහමඩ් වහීඩ් හසාන් | ||||
| - | මජිලිස්හී කථානායක | අබ්දුල්ලා ෂහිඩ් | ||||
| - | අග විනිසුරු | අහමඩ් ෆයිස්[4] | ||||
| නිදහස | ||||||
| - | එක්සත් රාජධානිය වෙතින් | 26 ජූලි 1965 | ||||
| වර්ගඵලය | ||||||
| - | සම්පූර්ණ | 298 කිමී2 (206වන) | ||||
| - | ජලය (%) | ≈100% (භූමිය සැලකිය යුතු නොමැති තරම්) | ||||
| ජනගහණය | ||||||
| - | 2010 ඇස්තමේන්තුව | 396,334[5] (176වන1) | ||||
| - | 2006 සංගණනය | 298,968[6] | ||||
| - | ඝණත්වය | 1,036.9/කිමී2 (11වන) 2,866.9/වර්ග සැත |
||||
| දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව | |||||
| - | මුළු | $2.734 බිලියන[7] | ||||
| - | ඒක පුද්ගල | $8,541[7] | ||||
| GDP (නාමික) | 2010 ඇස්තමේන්තුව | |||||
| - | මුළු | $1.870 බිලියන[7] | ||||
| - | ඒක පුද්ගල | $5,841[7] | ||||
| මාසංද (2010) | ▲0.602[8] (මධ්‍යස්ථ) (107වන) | |||||
| ව්‍යවහාර මුදල | මාලදිවයානු රෆියා (MVR) |
|||||
| වේලා කලාපය | (UTC+5) | |||||
| රිය පැදවුම් පැත්ත | වම | |||||
| අන්තර්ජාල TLD | .mv | |||||
| ඇමතුම් කේතය | 960 | |||||
දිවෙහි රාජ්ජේ (si=මාලදිවයින් ජනරජය. en=Republic of Maldives) යනු දකුණු ආසියාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවලට එපිට ඉන්දීය සයුරේ පිහිටි දූපත් සමූහයකින් සැදුනු කුඩා රටකි. ඉස්ලාමීය රටක් වන මෙය ව.කි.මී.298ක් තරම් වන අතර ජනයා 221,000ක් 1991දී විසූහ. අගනුවර: මාලේ. රජ බස: දිවෙහි බස (සිංහල බසට හුරු බසකි).
මාලදිවයින නොහොත් මාලදිවයින් දුපත් නිළ වශයෙන් ඉන්දියානු සාගරයේ පිහිටි දුපත් රාජ්‍යයකි. එහි උතුරු හා දකුණු දෙසට විහිදුන දුපත් 26 ක් ඇත. ඉන්දියානු ලන්ගඩ්වීප් දුපත් හා මිනිනෝයි දුපත් හා ඩාගෝස් අතිපිලාගෝ දුපත් ඒ අතර වේ. එය මාලදිවයිනේ පාලන ප්‍රදේශයන්ගෙන් එකකි. සාම්ප්‍රදායිකව එය රජුගේ දිවයින වු අතර එය පැරණි මාලදිවයින් රාජකීය බලය හා මාලිගාව තිබු ස්ථානයයි.(මෙහි වාසය කරන්නන්ට ඉස්ලාම් ආගම ඇදහීම අනිවාර්ය කර ඇත)
මාලදිවයින ජනගහනය හා වර්ග ප්‍රමාණය අනුව ආසියාවේ කුඩාම නගරයයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1.5 (4' 11") උසින් හා ලෝකයේ පහලින්ම පිහිටි රටයි. එය ලෝකයේ උසින් පහළම ස්ථානය (මීටර් 2.3) (7' 7") ඇති රටයි.
[සංස්කරණය] පක්ෂ දේශපාලනය
ජනාධිපති මොහමඩ් නෂීඩ්ගේ නව රජය මුහුණපාන ප්‍රශ්න අතර 2004 සුනාමියට පසුව ඇතිවූ හා මවුමූන් පාලනයෙහි අවසාන කාලයේහිදී සිදුවූ අධිවියදම (රුෆියා මුදල් නෝට්ටු අවශ්‍ය පමණට වැඩියෙන් මුද්‍රණය කිරීමෙන්) හා බැඳි ආර්ථික අවපාතය ප්‍රත්‍යර්පණය කිරීම, ගෝලීය උණුසුම විසින් දිවයින්හි පැවැත්ම වෙත ඇතිකරන බලපෑම , විරැකියාව, රාජ්‍ය දූෂණය, සහ විශේෂයෙන් තරුණ පරපුර අතර මත්ද්‍රව්‍ය භාවිතය පැතිරීම ගැන අවධානය යොමු කිරීම යන දේ ප්‍රමුඛ ස්ථානය ගනිති. 10 නොවැම්බර් 2008 හිදී, නෂීඩ් විසින් ප්‍රකාශයට පත් කලේ දේශගුණික වෙනස්වීම හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යෑම නිසා දිවයින් සමූහය ජලයෙන් යටවුවහොත් අවතැන් වන මාලදිවයින් ජනයා වෙනත් තැනක පදිංචි කරනු වස් අන් තැන් වලින් භුමිය මිලදී ගැනීමට හැකි වන පරිදී සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම භාවිතයෙන් ස්වෛරී මූලධන අරමුදලක් පිහිටුවීමෙහි යෝජනාවයි. වාර්තාවන අන්දමට, දේශගුණික සමානතාවය නිසාවෙන්, ඉන්දියාවෙහි සහ ශ්‍රී ලංකාවෙහි ස්ථාන වෙතද ඕස්ට්‍රේලියාවෙහි තරම් ඈත පිහිටි ස්ථාන කෙරෙහිද රජය විසින් අවධානය යොමු කර ඇත.[9]
[සංස්කරණය] ඔබ දන්නවාද?
මාලදිවයිනේ ජාතික වෘක්ෂය - පොල් ගස
මාලදිවයිනේ ජාතික පුෂ්පය - රෝස මල
[සංස්කරණය] ආශ්‍රිත
- ↑ ඩේවිඩ් ලෙවින්සන් (1947). එත්නික් ගෘප්ස් වර්ල්ඩ් වයිඩ්: අ රෙඩ් රෙෆරන්ස් බුක්. ඔරික්ස් ප්‍රකාශකයෝ. http://books.google.mv/books?id=uwi-rv3VV6cC&q=maldives. Retrieved 2011-02-01.
- ↑ http://www.iias.nl/iiasn/iiasn5/insouasi/maloney.html
- ↑ http://www.maldives-ethnography.com/
- ↑ "කන්ස්ටිට්යුෂනල් ඩිසාස්ටර් ඇවර්ටඩ් ඈස් පාලිමන්ට් ඇප්‍රෑස් සුප්‍රීම් කෝට්". Minivannews.com. http://minivannews.com/politics/constitutional-disaster-averted-as-parliament-approves-supreme-court-10233. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-12-30.
- ↑ CIA පොපියුලේෂන් ඩිවිෂන් (2010) (.html). CIA වර්ල්ඩ් ෆැක්ට් බුක්. 2010 අනුවාදය. US. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/mv.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-09-14.
- ↑ "ටේබ්ල් PP 1: සෙන්සස් පොපියුලේෂන් බයි සෙක්ස්, සෙක්ස්- රේෂියෝ ඇන්ඩ් ඉන්ට-සෙන්සල් වේරියේෂන් ඔෆ් පොපියුලේෂන්, 1911 - 2006". Planning.gov.mv. http://www.planning.gov.mv/publications/census2006_island_level_tables/population/population/PP_01.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-12-30.
- ↑ 7.0 7.1 7.2 7.3 "මෝල්ඩිව්ස්". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. http://www.imf.org/external/pubs/ft/weo/2011/01/weodata/weorept.aspx?sy=2008&ey=2011&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=556&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=36&pr.y=9. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-04-21.
- ↑ "හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් 2009. හියුමන් ඩිවලප්මන්ට් ඉන්ඩෙක්ස් ට්‍රෙන්ඩ්ස්: G වගුව". එක්සත් ජාතීන්. http://hdr.undp.org/en/media/HDR_2009_EN_Complete.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-10-05.
- ↑ CNN (11 නොවැම්බර් 2008). "සින්කින් අයිලන්ඩ් නේෂන් සීක්ස් නිව් හෝම්". http://www.cnn.com/2008/WORLD/asiapcf/11/11/maldives.president/index.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-11-12.BAT