Jump to content

දකුණු ආසියානු ගල් යුගය

විකිපීඩියා වෙතින්

දකුණු ආසියානු ගල් යුගය වෙතින් ආවරණය කරන විෂය පථය වන්නේ, දකුණු ආසියාවෙහි පුරාශිලා, මධ්‍යශිලා සහ නවශිලා යුගයන් වෙති. දකුණු ආසියාවේ විසූ අතිශයින් පුරාතන සහ ව්‍යවච්ඡේදක වශයෙන් නූතන හෝමෝ සේපියන්වරු පිළිබඳ සාක්ෂි ශ්‍රී ලංකාවෙහි බටදොඹලෙන සහ බෙලිලෙන යන් තැන්හී ලෙන් අඩවි වෙතින් හමුවී ඇත. [1] වර්තමානයෙහි බටහිර පකිස්තානයෙහි පවතින මේර්ගාහී, නවශිලා යුගය ඇරඹී ඇත්තේ කිපූයු 7000 දී පමණ වන අතර ක්‍රිපූයු 3300 එනම් ලෝකඩ යුගයේ පළමු ඇරඹුම වන තුරු පැවතී ඇත. දකුණු ඉන්දියාවෙහි මධ්‍යශිලා යුගය ක්‍රිපූයු 3000 වන තුරු පැවති අතර, නවශිලා යුගය ක්‍රිපූයු 1400 වන තුරු පැවතී, එයින් පසුව සංක්‍රාන්ති මහාශිලා යුගයක් පැවතියේ ලෝකඩ යුගය බෙහෙවින් මග හරිමිනි. උතුරු සහ දකුණු ඉන්දියාවෙහි යකඩ යුගය දළ වශයෙන් එක්වරම පාහේ ක්‍රිපූයු 1200 සිට 1000 දක්වා පමණ කාලයේදී ඇරඹුණි (පේන්ටඩ් ග්‍රේ වෙයාර් සංස්කෘතිය, හල්ලූර්).

නිම්නයෙහි සොයාගත් සාක්ෂි අනුව යමින් බොහෝ ලෙසින් ඵලෝත්පාදක පුරාශිලා සංස්කෘතික ප්‍රදේශ ලෙසින් නිමානය කල හැකි දකුණු ඉන්දියාවෙහි මධ්‍ය ක්‍රිෂ්ණා-තුන්ගභද්‍ර නදී නිම්නයෙහි ප්‍රාග් ඓතිහාසික අඩවි
භීම්භේතක බිතු සිතුවම්, මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව.
ඉන්දියාවේ, කේරලයෙහි, එඩක්කල් ගුහාවල ගල් යුගයෙහි ලියවීලි.
කේතවරම් බිතු සිතුවම්, කර්නූල් දිස්ත්‍රික්කය, ආන්ද්‍රා ප්‍රදේශ්

හෝමෝ එරෙක්ටස්

[සංස්කරණය]

පකිස්තානයෙහි ඉහළ පන්ජාබයේ සෝන් නදිය ඔස්සේ (වර්තමාන රාවල්පින්ඩි අසල) පොතෝහාර් සානුවෙහි ප්ලයිස්ටොසීන අවධියෙහිදී හෝමෝ එරෙක්ටස් ජීවත් වූහ. වර්තමානයෙහි ඉන්දියාව, පකිස්තානය සහ නේපාලයට අයත් වන සිවලික් ප්‍රදේශයෙහි සෝනියානු අඩවි හමු වෙයි. [2] දෙමුහුණත් අත්පොරෝ සහ මහපිහි සම්ප්‍රදායයන් මධ්‍ය ප්ලෙයිස්ටොසින් යුගය තුල ඇරඹෙන්නට ඇත. [3]

සටහන්

[සංස්කරණය]
  1. ^ කෙනඩි, කේ. ඒ. ආර්.; දැරණියගල, එරස්. යූ.; රොඅර්ට්ජෙන්, ඩබ්. ජේ.; චිමන්ට්, ජේ.; ඩිසොටෙල්, ටී. (අප්‍රේල් 1987). "අපර් ප්ලෙයිස්ටසීන් ෆොසිල් හොමිනිඩ්ස් ෆ්‍රොම් ශ්‍රී ලංකා". ඇමරිකන් ජර්නල් ඔෆ් ෆිසිකල් ඇන්ත්‍රොපොලොජි. 72 (4): 441–461. doi:10.1002/ajpa.1330720405. PMID 3111269.
  2. ^ පාර්ත් ආර්. චවුහාන්. ඩිස්ට්‍රිබියුෂන් ඔෆ් අෂූලියන් සයිට්ස් ඉන් ද සිවලික් රීජන්. ඇන් ඕවර්විව් ඔෆ් ද සිවලික් අෂූලියන් ඇන්ඩ් රීකන්සිඩරින් ඉට්ස් ක්‍රොනලොජිකල් රිලේෂන්ෂිප් විත් ද සෝනියන් – අ තියරටිකල් පර්ස්පෙක්ටිව්.
  3. ^ කෙනඩි 2000, p. 136.